බාස්ලට බුලත් විටකුයි බීඩි දෙකකුයි ගේන්න ගියා
කඩේ නංගිගෙන් මම ඉල්ලුවෙ බිලත් විටකුයි සුරුට්ටු දෙකකුයි දෙන්න කියල
මං බැලුව හිනා වෙන්නෙ මොකද කියල
නංගි කිව්වට පොඩි කෙනෙක් නෙමේ ඉතිං. මට වඩා අවුරුදු 5 ක්ද කොහෙද බාල
සුරුට්ටු නෙමේනෙ බීඩිනෙ
බීඩියක් 10 යි
අත්උදව්වට එන කෙනෙක්ට. ඌ කියනව සිගරට් බොන්න පුරුදු වුණොත් සිගරට් බොන්නම හිතෙනව කියල
ඉතිං සල්ලි නැති එවුන් බීඩි බොනව
තව එකෙක් ඉන්නව ඌට බුලත් විට දැක්කොත් ඉන්නම බෑ. කනව කනව කනව ඉවරයක් නෑ. තාත්තගෙ බුලත් වට්ටිය ඉවර කරනව
ඊට පස්සෙ කොන්ත්‍රාත් ගත්තු ලොකු බාස් ගේ පිටිපස්සෙන් ඇවිත් කියනව. බුලත් වට්ටිය ඉස්සරහින් තියන්න එපා. මම පිටිපස්සෙන් ඇවිත් පොඩි විටක් කාල යන්නං කියල

නැත්තං අරු බුලත් වට්ටිය ඉවර කරනව කියල
ඒ බාස් කැමති නෑ එයාගෙ ගෝලයො ගෙදර මිනිස්සුන්ට කරදර කරනවට