උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ
මොකද ඌ සමහර වෙලාවට බලාගෙන ඉන්නෙ සර්පයින් දිහා
අපි අර සත්තුන්ට කන්න දෙන්නෙ ගේට්ටු කණුව උඩ, එතනට ලේන්නු ගිරව් මයිනො එනව
මේ පූසි කොයි වෙලේත් ගේට්ටු කනව දිහා බලං ඉන්නව
අද අඹ ගහේ ලේනෙක් කෑගහනව
මට සැක හිතුණ ගිහින් බැලින්නං පූසි ගේට්ටු කනුව ගාව බිම විපරං කරනව
එතන අපි ලොකු සිමෙන්ති කෑලි වගේ ඒව ලස්සනට ගොඩ ගහල බැම්මක් වගේ තියල තියෙන්නෙ
ඒ සිමෙන්ති කෑලි ඇතුලට පූසිට යන්න බෑ
ඌ වටේ කැරකෙනව
අස්සෙන් ලේනෙක් කෑගහනව ඇහුණ මට
මං කරපු වැඩේ පූසිව උස්සගෙන ගිහින් කූඩෙට දාල ලොක් කෙරුව
උන් ඒ වෙලාවට අතින් පනින්න මාර හයියෙන් දගලන්නෙ.
හයියෙන් අල්ලගන්න ඕනෙ. නැත්තං විදිල්ල වගේ පැනල ගිහින් ලේනව හොයනව
ලේනව චප්ප නොවෙන්න සිමෙන්ති කැටේ අත් දෙකෙන්ම උස්සල ගත්ත
අස්සෙ ඉන්නව බඩු කෑල්ල
ලේන මිදුල දිගේ දුවගෙන ගිහින් අඹ ගහට නැග්ග
කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි