මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ. [FONT="]පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම පහරදීම සිදු කර ඇති අතර පොලීසියටද ඔවුන් පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසේ.[/FONT]
[FONT="]එයින් තුවාල ලැබූ සිව් දෙනෙකු මේ වනවිට හමුවී අති බවත් ඔවුන් රඹුක්කකන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි. තුවාල කරුවන් රෝහල් ගතකිරිමට පවා මැරයන් ඉඩ ලබා දී නැති අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට සිදු වූ බවද වාර්තා වේ.[/FONT]
[FONT="]තුවාල කරුවන්ගෙන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවත් ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
[FONT="]මේ වනවිටත් කඩු, පොලු සහිත තියුණු ආයුධ අතැතිව මැරයන් [/FONT][FONT="]100කට අධික පිරිසක් රඹුක්කන නගරයේ සැරිසරන බවත් තවත් තුවාල කරුවන් ඇත්දැයි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
[FONT="]රඹුක්කන පොලීසියට තුවාල කරුවන් රැගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් එම රෝහල් මන්සන්දියේද මැර කණ්ඩායම් රැකවල්ලාගෙන සිටින බවත් ඒ අසල පොලීසියද රැඳී සිටින බවත් වාර්තා වේ.[/FONT]
[FONT="]lanka truth
[/FONT]