[FONT="]අනත්ත[/FONT] ලක්ඛණ
[FONT="]නාම - රූප...., ලක්ෂණ අනාත්ම විදියට හඳුන ගැනීම අනත්ත ලක්ඛණ ලෙසට හැඳින්වෙනවා. අනත්ත ගැන සලකද්දී මුලින්ම බලන්න වෙන්නේ අත්ත කියන්නේ මොකද්ද කියලයි. සාමාන්‍ය භාවිතයේදී අත්ත කියන්නේ හරයක් තියෙන දෙයක්, ඒ කියන්නේ යමක් තියෙනවා කියන එකයි. [/FONT]
[FONT="]දැන් අපි බලමු උදාහරණයක් විදියට, මැටි ඇතිළියක හරය තමයි පස (පරමත්ථ සත්‍යය). ඇතිළිය කියන්නේ පසට කියන නමක් නෙමෙයි. නමුත් කිසියම් හඳුනගත්ත චිත්රමය අදහසකට (සන්තන පඤ්ඤති) කියන නමක්. ඉතින් මේ චිත්රමය අදහස හරයාත්මක නැති දෙයක්. නමුත් පසට හරයක් තියෙනවා. කව්රු හරි ඇතිළිය කියලා දෙයක් පවතිනවාද කියලා ඇහුවොත් සම්මුති හා පරමත්ථ සත්‍යයන්ගේ වෙනස නොදන්න කෙනෙක් උත්තර දෙන්නේ ඇතිළිය පවතිනවා කියලායි. එතකොට ඒ කෙනාට ඇතිළියක් පෙන්නලා මේ ප්රශ්නය අහන්න. එතකොට එයා ඇතිළිය පෙන්වලා මේ තියෙන්නේ ඇතිළියක් නෙමේද කියලා අහාවි. නමුත් ඒ කෙනා පසට ඇතිළිය කියලා කියන එක වැරදි දෙයක් බව ධර්මය ගැන වැටහීමක් තියෙන අයට පෙනේවි. ඒක වැරදි කථාවක්. ඇයි වැරදි කථාවක් වෙන්නේ? සරලවම ගත්තම පස හරයාත්මක දෙයක්. ඒක පරමත්ථ සත්‍යයක්. (මෙතනදි පඨවි කියන එකයි) නමුත් ඇතිළිය එහෙම හරයක් තියෙන දෙයක් නෙමෙයි. ඒක සංකල්පයක්, හරියට අවකාශය වගේ හිස්. ඉතින් මෙහෙම වෙද්දි තියෙන පොළොව ඇතිළිය වෙනවා. නැති ඇතිළිය පොළව වෙනවා. එතකොට පොළොව තියෙන දෙයක් නිසා අත්ත වෙනවා. එතකොට ඇතිළියයි පොළොවයි එකක් වෙනවා. එකක අනන්‍යතාවය අනෙකේ අනන්‍යතාවය පටලවනවා. ඒ නිසායි මේක අපි වැරදි කථාවක් කියලා කියන්නේ. [/FONT]
[FONT="]මේ උදාහරණයේ පොළොව අපි අනුගත කරමු පංචස්කන්ධයට. ඒ තුලින් ඇති වෙන නාම රූප ආදිය අපි අනුගත කරමු ඇතිළියට. මේ නාම රූප සංකලනය තමයි මිනිහා, සතා ආදී විදියට හඳුන්වන්නේ. තවත් කියනවානම් පංචස්කන්ධයෙන් හටගන්නා දේ නිසා අපි කියනවා මිනිස්සු, සත්වයා ආදී විදියට. අපි පොළොවට ඇතිළිය කියලා කියනවා වගේ මිනිසුන් ඇතුළු සතුන්ගේ හරය වන පංචස්කන්ධය අත්ත වෙනවා සත්වයන් පංචස්කන්ධය කියලා කියද්දී. මේ තමයි අත්ත කියන එකේ සරල තේරුම. [/FONT]
[FONT="]එතකොට අනත්ත කියන්නේ? දැන් ඇතිළිය කියන දේ ගත්තම කෙනෙක්ට පුළුවන් වෙනවානම් පොළොව කියන්නේ එකක් ඇතිළිය කියන්නේ තව එකක් කියලා වෙන් කරලා අඳුනගන්න, පොළොව කියන්නේ පරම සත්‍යයක්ය ඇතිළිය කියන්නේ මනසේ ඇති වුන සංකල්පයක්ය, පොළොව ඇතිළිය නෙමේ ඇතිළිය පොළොව නෙවේ කියලා, ඒ වගේම ඇතිළියට පොළොව කියන එකත් පොළොවට ඇතිළිය කියන එකත් වැරදිය කියලා දකින්න ඔන්න දැන් පොළොව ඇතිළියේ අත්ත වෙනවා වෙනුවට අනත්ත වෙනවා වගේම ඒ එක්කම ඇතිළියත් අවකාශය වගේ හිස් බවට පත් වෙනවා, මොකද ඒක සංකල්පයක් පමණක් වෙන නිසා. මේ තත්වයම ඇති වෙනවා පංචස්කන්ධය හා ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන දකින්න කෙනෙක්ට පුළුවන් වුනාම. ඒ කියන්නේ පංචස්කන්ධය පරම දෙයක්ය, මිනිස්සු සත්තු කියන්නේ ඒ තුළින් ඇතිවන ආකෘතීන්ගේ සහ නොකැඩවී සිදු වන දේ තුලින් ඇති වන සංකල්පයක්ය, ඉතින් මේ සංසිද්ධිය සත්වයෙක් නොවෙනවා වගේම සත්වයා සංසිද්ධියක් නොවේය ආදී විදියට ඔන්න මේ සංසිද්ධිය අනත්ත වෙනවා. [/FONT]
[FONT="]ඒ වගේම අනිත්‍යතාවයේ ලක්ෂණ වගේම දුකේ ලක්ෂණත් අනාත්මතාවයේ ලක්ෂණ විදියටම ගන්නත් පුළුවන්. ඒ කොහොමද? සත්වයා ගැන තියෙන අදහස් (පඤ්ඤති) මේ භවයේ වගේම ඊළග භව වලදිත් සනාතනතික, සදාකාලික විදියටයි සැලකෙන්නේ. ඒත් අනිත්‍ය ලක්ෂණයට අනුව බලද්දි සත්වයා සම්බන්ධ සංසිද්ධීන්, ඇති වෙනවා නැති වෙනවා. මේ කරුණු විපරිණාම හා අඤ්ඤතාභාව කියලා දැක්වෙනවා. මේ ගැන මන් තව ලිපියක දක්වලා ඇති. කැමති ඇත්තෝ බලා ගනිත්වා.
[/FONT]
[FONT="]බෞද්ධ ධර්ශනයට අනුව දේවල් තුනක් සදාතනිකයි, සදාකාලිකයි කියලා හඳුන්වනවා. ඒ තමයි පඤ්ඤති, ආකාශ සහ නිබ්බාණ. ඒ කියන්නේ අදහස් (සංකල්ප), අවකාශය සහ තණ්හා, ද්වේෂ මෝහ ආදී සම්පූර්ණයෙන්ම ඉවත් වුන අවස්ථාව (මෙතනදි නිර්වාණය ගැන තමන්ට තෙරෙන විදියට දකින්න) . මේවායේ පැවතීම ඇතිවීම කාලය එක්ක සම්බන්ධ වෙන්නේ නෑ කියලායි සැලකෙන්නේ. ඒ වගේම කාලය නිසා සීමා වෙන්නෙත් නෑ කියලා සැලකෙනවා. මේවාට කාලයේ අදාලත්වයක් නෑ. ඇති වීම නැති වීම සම්බන්ධ නීතිය මේවාට හැර අන් සියළු දේට අදාල වෙනවා. ඒ වගේම මේවා බොහෝම ස්වාධීනවයි පවතින්නේ. මේ අතුරින් නිබ්බාණ අනෙක් දෙකට වඩා වෙනස් කරලා දක්වන්න අවශ්‍යයි. ඒ නිබ්බාණයේ තියෙන ශාන්ත ගතිය (ශාන්ත ලක්ඛණ) නිසා. බලන්න සත්වයා සම්බන්ධයෙන් ඇති අදහස් (පඤ්ඤති) වල විපරිණාම සහ අඤ්ඤතභාව දකින්න ලැබෙන්නේ නෑ. එහෙම දකින්න ලැබෙනවා නම් යම් විදියකට ඒ අදහසුත් ඉපදීම, ජරාව, මරණය කියන දේවලට අදාල වෙනවා. ඒක චක්‍රාකාරයෙන් සිදු වෙනවා. නමුත් මේ දේවල් අදහස් වල දකින්න ලැබෙන්නේ නෑ. අපිට මේ ලක්ෂණ දකින්න පුළුවන් වෙන්නේ නාම - රූප ධර්ම සංසිද්ධියේදී විතරයි. මේ නිසා ඇති වෙන නිගමනය තමයි නාම රූප ධර්ම සත්වයාගේ හරය විදියට දකින්න බැහැ කියන එක. ඉතින් මේ විදියට අනත්ත ලක්ෂණ අනිත්‍යය ලක්ෂණ තුලින් දකින්න පුළුවන් (අසාරකත්තේන අනත්ත) වෙනවා. [/FONT]