අනත්ත ලක්ඛණ

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]අනත්ත[/FONT] ලක්ඛණ


[FONT=&quot]නාම - රූප...., ලක්ෂණ අනාත්ම විදියට හඳුන ගැනීම අනත්ත ලක්ඛණ ලෙසට හැඳින්වෙනවා. අනත්ත ගැන සලකද්දී මුලින්ම බලන්න වෙන්නේ අත්ත කියන්නේ මොකද්ද කියලයි. සාමාන්‍ය භාවිතයේදී අත්ත කියන්නේ හරයක් තියෙන දෙයක්, ඒ කියන්නේ යමක් තියෙනවා කියන එකයි. [/FONT]

[FONT=&quot]දැන් අපි බලමු උදාහරණයක් විදියට, මැටි ඇතිළියක හරය තමයි පස (පරමත්ථ සත්‍යය). ඇතිළිය කියන්නේ පසට කියන නමක් නෙමෙයි. නමුත් කිසියම් හඳුනගත්ත චිත්‍රමය අදහසකට (සන්තන පඤ්ඤති) කියන නමක්. ඉතින් මේ චිත්‍රමය අදහස හරයාත්මක නැති දෙයක්. නමුත් පසට හරයක් තියෙනවා. කව්රු හරි ඇතිළිය කියලා දෙයක් පවතිනවාද කියලා ඇහුවොත් සම්මුති හා පරමත්ථ සත්‍යයන්ගේ වෙනස නොදන්න කෙනෙක් උත්තර දෙන්නේ ඇතිළිය පවතිනවා කියලායි. එතකොට ඒ කෙනාට ඇතිළියක් පෙන්නලා මේ ප්‍රශ්නය අහන්න. එතකොට එයා ඇතිළිය පෙන්වලා මේ තියෙන්නේ ඇතිළියක් නෙමේද කියලා අහාවි. නමුත් ඒ කෙනා පසට ඇතිළිය කියලා කියන එක වැරදි දෙයක් බව ධර්මය ගැන වැටහීමක් තියෙන අයට පෙනේවි. ඒක වැරදි කථාවක්. ඇයි වැරදි කථාවක් වෙන්නේ? සරලවම ගත්තම පස හරයාත්මක දෙයක්. ඒක පරමත්ථ සත්‍යයක්. (මෙතනදි පඨවි කියන එකයි) නමුත් ඇතිළිය එහෙම හරයක් තියෙන දෙයක් නෙමෙයි. ඒක සංකල්පයක්, හරියට අවකාශය වගේ හිස්. ඉතින් මෙහෙම වෙද්දි තියෙන පොළොව ඇතිළිය වෙනවා. නැති ඇතිළිය පොළව වෙනවා. එතකොට පොළොව තියෙන දෙයක් නිසා අත්ත වෙනවා. එතකොට ඇතිළියයි පොළොවයි එකක් වෙනවා. එකක අනන්‍යතාවය අනෙකේ අනන්‍යතාවය පටලවනවා. ඒ නිසායි මේක අපි වැරදි කථාවක් කියලා කියන්නේ. [/FONT]

[FONT=&quot]මේ උදාහරණයේ පොළොව අපි අනුගත කරමු පංචස්කන්ධයට. ඒ තුලින් ඇති වෙන නාම රූප ආදිය අපි අනුගත කරමු ඇතිළියට. මේ නාම රූප සංකලනය තමයි මිනිහා, සතා ආදී විදියට හඳුන්වන්නේ. තවත් කියනවානම් පංචස්කන්ධයෙන් හටගන්නා දේ නිසා අපි කියනවා මිනිස්සු, සත්වයා ආදී විදියට. අපි පොළොවට ඇතිළිය කියලා කියනවා වගේ මිනිසුන් ඇතුළු සතුන්ගේ හරය වන පංචස්කන්ධය අත්ත වෙනවා සත්වයන් පංචස්කන්ධය කියලා කියද්දී. මේ තමයි අත්ත කියන එකේ සරල තේරුම. [/FONT]

[FONT=&quot]එතකොට අනත්ත කියන්නේ? දැන් ඇතිළිය කියන දේ ගත්තම කෙනෙක්ට පුළුවන් වෙනවානම් පොළොව කියන්නේ එකක් ඇතිළිය කියන්නේ තව එකක් කියලා වෙන් කරලා අඳුනගන්න, පොළොව කියන්නේ පරම සත්‍යයක්ය ඇතිළිය කියන්නේ මනසේ ඇති වුන සංකල්පයක්ය, පොළොව ඇතිළිය නෙමේ ඇතිළිය පොළොව නෙවේ කියලා, ඒ වගේම ඇතිළියට පොළොව කියන එකත් පොළොවට ඇතිළිය කියන එකත් වැරදිය කියලා දකින්න ඔන්න දැන් පොළොව ඇතිළියේ අත්ත වෙනවා වෙනුවට අනත්ත වෙනවා වගේම ඒ එක්කම ඇතිළියත් අවකාශය වගේ හිස් බවට පත් වෙනවා, මොකද ඒක සංකල්පයක් පමණක් වෙන නිසා. මේ තත්වයම ඇති වෙනවා පංචස්කන්ධය හා ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන දකින්න කෙනෙක්ට පුළුවන් වුනාම. ඒ කියන්නේ පංචස්කන්ධය පරම දෙයක්ය, මිනිස්සු සත්තු කියන්නේ ඒ තුළින් ඇතිවන ආකෘතීන්ගේ සහ නොකැඩවී සිදු වන දේ තුලින් ඇති වන සංකල්පයක්ය, ඉතින් මේ සංසිද්ධිය සත්වයෙක් නොවෙනවා වගේම සත්වයා සංසිද්ධියක් නොවේය ආදී විදියට ඔන්න මේ සංසිද්ධිය අනත්ත වෙනවා. [/FONT]
[FONT=&quot]ඒ වගේම අනිත්‍යතාවයේ ලක්ෂණ වගේම දුකේ ලක්ෂණත් අනාත්මතාවයේ ලක්ෂණ විදියටම ගන්නත් පුළුවන්. ඒ කොහොමද? සත්වයා ගැන තියෙන අදහස් ‍(පඤ්ඤති) මේ භවයේ වගේම ඊළග භව වලදිත් සනාතනතික, සදාකාලික විදියටයි සැලකෙන්නේ. ඒත් අනිත්‍ය ලක්ෂණයට අනුව බලද්දි සත්වයා සම්බන්ධ සංසිද්ධීන්, ඇති වෙනවා නැති‍ වෙනවා. මේ කරුණු විපරිණාම හා අඤ්ඤතාභාව කියලා දැක්වෙනවා. මේ ගැන මන් තව ලිපියක දක්වලා ඇති. කැමති ඇත්තෝ බලා ගනිත්වා.
[/FONT]

[FONT=&quot]බෞද්ධ ධර්ශනයට අනුව දේවල් තුනක් සදාතනිකයි, සදාකාලිකයි කියලා හඳුන්වනවා. ඒ තමයි පඤ්ඤති, ආකාශ සහ නිබ්බාණ. ඒ කියන්නේ අදහස් (සංකල්ප), අවකාශය සහ තණ්හා, ද්වේෂ මෝහ ආදී සම්පූර්ණයෙන්ම ඉවත් වුන අවස්ථාව (මෙතනදි නිර්වාණය ගැන තමන්ට තෙරෙන විදියට දකින්න) . මේවායේ පැවතීම ඇතිවීම කාලය එක්ක සම්බන්ධ වෙන්නේ නෑ කියලායි සැලකෙන්නේ. ඒ වගේම කාලය නිසා සීමා වෙන්නෙත් නෑ කියලා සැලකෙනවා. මේවාට කාලයේ අදාලත්වයක් නෑ. ඇති වීම නැති වීම සම්බන්ධ නීතිය මේවාට හැර අන් සියළු දේට අදාල වෙනවා. ඒ වගේම මේවා බොහෝම ස්වාධීනවයි පවතින්නේ. මේ අතුරින් නිබ්බාණ අනෙක් දෙකට වඩා වෙනස් කරලා දක්වන්න අවශ්‍යයි. ඒ නිබ්බාණයේ තියෙන ශාන්ත ගතිය (ශාන්ත ලක්ඛණ) නිසා. බලන්න සත්වයා සම්බන්ධයෙන් ඇති අදහස් (පඤ්ඤති) වල විපරිණාම සහ අඤ්ඤතභාව දකින්න ලැබෙන්නේ නෑ. එහෙම දකින්න ලැබෙනවා නම් යම් විදියකට ඒ අදහසුත් ඉපදීම, ජරාව, මරණය කියන දේවලට අදාල වෙනවා. ඒක චක්‍රාකාරයෙන් සිදු වෙනවා. නමුත් මේ දේවල් අදහස් වල දකින්න ලැබෙන්නේ නෑ. අපිට මේ ලක්ෂණ දකින්න පුළුවන් වෙන්නේ නාම - රූප ධර්ම සංසිද්ධියේදී විතරයි. මේ නිසා ඇති වෙන නිගමනය තමයි නාම රූප ධර්ම සත්වයාගේ හරය විදියට දකින්න බැහැ කියන එක. ඉතින් මේ විදියට අනත්ත ලක්ෂණ අනිත්‍යය ලක්ෂණ තුලින් දකින්න පුළුවන් (අසාරකත්තේන අනත්ත) වෙනවා. [/FONT]
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    "අත්තාහි අත්තනෝ නා තෝ" කියන්නේ තමාගේ පිහිට තමාටමය කියලනේ? එතකොට අත්ථ කියන්නේ තමාට නම් අනත්ථ කියන්නේ තමාගේ නොවෙයි කියල නේද?
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    [FONT=&quot]කොහොමද දුක්ඛ ලක්ෂණ අනත්ත ලක්ෂණ විදියට දකින්න පුළුවන් වෙන්නේ? දුකේ ලක්ෂණයන්ට කිසිම කෙනෙක් කැමති ‍නෑ. කව්ද කැමති ලෙඩ වෙන්න, ජරාවට පත් වෙන්න, මැරෙන්න. හැමෝම කැමති සැපවත්ව, සතුටින් ජීවත් වෙන්න. ඉතින් සත්වයාගේ හරය නාම රූප සංසිද්ධිය නම් මේ සංසිද්ධියයි සත්වයයි එකයි වෙන්න ඕනා. එහෙම නම් මිනිස්සුන්ගේ ආශාවල් කියන්නේත් මේ නාම රූප සංසිද්ධියම වෙන්න ඕනා. ඒත් එහෙම වෙන්නේ නැත්නම් මේ දේවල් වෙන වෙනම තියෙන්න ඕනා නේ. මෙතනදි මිනිසුන්ගේ ආශාව විදියට හැදින්වූයේ ලෝභයයි, ඡන්දයයි. සංසිද්ධිය කියද්දි හේතුව අනුව ඇති වෙන ඵලය අනුවයි අදහස් කරන්නේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්වයන්ගේ මූලිකම ස්වභාවයන් තමයි කායික සහ මානසික සැපයට ලෝභ කිරීම. සංසිද්ධීන්ගේ ස්වභාවය තමයි ඒවා ඇති වීම නැති වීම ස්වභාව කරන් තියෙන එක. ඒක මිනිහෙක්ගේ ආශාව එක්ක සම්බන්ධ නෑ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ රශ්නය නම් නිකන් රශ්නය ඇති වෙන්නේ නෑනේ අපි රශ්නය ඇති කරවන දෙයක් කරන්න ඕනා. අපිට අවශ්‍ය ශීතල නම් නිකන්ම ශීතල ඇති වෙන්නේ නෑ නේ අපි ශීතල ලැබෙන දෙයක් කරන්න ඕනා. අපිට හො[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot] නිරෝගී සහ දිගු කාලීන ජීවිතයක් අවශ්‍යනම් ඊට හේතු වෙන සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම් ඇ[/FONT][FONT=&quot]ඟ[/FONT][FONT=&quot]ට ලබා දෙන්න ඕනා. කවදාවත් දිගු කල් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කලාට විතරක් එහෙම වෙන්න ලැබෙන්නේ නැති නිසා. දිව්‍ය ලෝකයක නැත්නම් ඊට ඉහල ලෝකවල ඉපදෙන්න ප්‍රාර්ථනා කරලා විතරක් මදි. ඒකට අවශ්‍ය වෙන දේවල් කරන්න ඕනා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සමහරු හිතනවා තමන්ට සල්ලි බාගේ, හොඳ ඇඟක් මේ ආත්මෙදි ලැබිලා තියෙන්නේ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වීම නිසා කියලා. ඒත් ඒ අය හිතන්නේ නෑ තමන් මේ ආත්මේ මේ භුක්ති විඳින්නේ තමන් කලින් ආත්ම වලදී, අතීතයේදී කරපු කියපු හිතපු දේවල ප්‍රතිඵල කියලා. ඇත්තටම තමන් ජීවත් වන ලෝකය දිහා ඇස් ඇරලා බැලුවම කරන්න තියෙන වැඩ, සම්බන්ධතා ආරක්ෂා කරගන්න විඳින්න වෙන මහන්සිය ආදිය සලකලා බලද්දි ඒ දේවල් දිහා මනසින් බලන්න පුළුවන් නම් එයා දකිනවා සංඛාර දුක්ඛ එනම් සංඛාර එක්ක බැඳිලා පවතින දුක කොයි තරම් නම් විශාලද ප්‍රභලද කියලා. ඉතින් මේ විදියට දුක් ඇති වෙන්නේ තමන් හිතන පතන දේවල් ඒ විදියට නොවෙද්දි, තමන්ට ඕනා විදියට අනිත් ‍අය ඉන්නේ නැති වෙද්දි ආදී දේ හේතුවෙන්. ඉතින් සංඛාර දුක්ඛ එක්ක බැලුවම හොඳට පේනවා මිනිසුන්ගේ ආශාවන් වෙනම දෙයක්ය සංසිද්ධීන් වෙනම දෙයක්ය කියලා. එතකොට ඒවා ඒවායේ හරයන් නෙමේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මේ විදියට ජාති දුක්ඛ, ජරා දුක්ඛ සහ අනිකුත් දුක්ඛයන් ගැනත් හිතලා බලන්න. මේ විදියට පුළුවන් දුක්ඛයේ අනත්ත ලක්ඛණ දකින්න.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ත්‍රිලක්ෂණය ගැන අවශ්‍ය දැනීම / ප්‍රඥාව සම්පූර්ණයෙන්ම ඇති කර ගැනීම හඳුන්වන්නේ තීරණ පඤ්ඤා කියලා. මේ ප්‍රඥා වන්නේ
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    1. [FONT=&quot]අනිච්ච විපස්සනා ඥාණ [/FONT]
    2. [FONT=&quot]දුක්ඛ විපස්සනා ඥාණ
      [/FONT]
    3. [FONT=&quot]අනත්ත විපස්සනා ඥාණ [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ තුනෙන් අන්තිමට දක්වපු ඥාණය මුලින් ඇති කරගන්න අවශ්‍යයි. ඒ ඒ මගින් ආත්මය ගැන තියෙන වැරදි දැනීම නැති කර ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඒ අන්තිමට දක්වපු ඥාණය ඇති කර ගන්න පළමුවෙන් කියපු ඥාණය ටිකක් හඳුන්වලා දෙන්න ඕනා. මුල එක දැක්කොත් අන්තිම එක ලේසියෙන් දකින්න පුළුවන්. දෙවැන්න ගැන වෙනකොට මුල එක ඇති කර ගත්තා කියලා ඒක කූටප්‍රාප්ත වෙන්නේ නෑ. ඒක ටිකක් හිතන්න ඕනා. ඒකට සතර ආකාරයේ මාර්ගය දකින්න වගේම ආශාව, මාන්නය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනා. ඉතින් බෞද්ධයෙක්ට කරන්න තියෙන වැදගත්ම දේ තමයි තමන් සම්පූර්ණයෙන්ම අපායගාමීත්වයෙන් මිදෙන විදියට වැඩ කටුයුතු කරන එක. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ලෝකයෙන් තුරන් වෙලා ගියාට පස්සේ අපායගාමීත්වයෙන් මිදෙන්න අපිට ලේසියෙන් පුළුවන් වෙන්නේ නෑ. අපාය දුකෙන් මිදෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙන එකයි, දුරාචාරයෙන් වැලකෙන එකයි. ඉතින් මිථ්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙනවා කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් ඈත් වෙන එකයි. මේ නිසා මේ භවයේ අපි හුඟක් වාසනාවන්තයි කුසල් රැස් කරන් තියෙනවා මොකද කියනවා නම් අපිට බුදු බණ අහන්න ලැබෙනවා. භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මය ඉගෙන ගන්න ලැබෙනවා. ඇත්තටම හුඟක් දේවල් අපිට ලැ‍බිලා තියෙනවා.
    [/FONT]
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    [FONT=&quot]මෙතනදි සඳහන් කල යුතු දෙයක් තියෙනවා මෙන්න මේ විදියට.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනිච්චසන්නිනො මේඝිය අනිච්චසඤ්ඤා සන්තති අනත්තසඤ්ඤිනො සමුග්ගනම් පපුඤති දිට්ඨීවා ධම්මා නිබ්බාණං
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මේඝිය, යමෙක් අනිත්‍යතාවය අවබෝධ කර ගනීද එමගින්ම අනාත්මතාවය අවබෝධ කර ගනී. අනාත්මතාවය අවබෝධ කරගත් තැනැත්තා පංචස්කන්ධයෙන් ඇති වන මම යන්න නැති කර ගන්නා අතර මේ භවයේදීම නිවනට පත් වේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]විපස්සනා පුහුණුව සමථ භාවනාවක් කරන කොට හුදකලාව අවශ්‍ය වෙනවා වගේ හුදකලාවේදී වගේ විතරක් නෙමේ ඕනාම තැනකදි පුහුණු කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ පරිණත ප්‍රඥාව විතරයි. ඉතින් ප්‍රඥාව මේරුවට පස්සේ ධර්ම දේශනාවක් අහද්දි නැත්නම් ගෙදොර දොර වැඩක් කරමින් ඉඳිද්දි අනිත්‍යතාවය අවබෝධ කර ගන්න පුළුවන්. ප්‍රඥාව දියුණු කෙනාට තමන්ගේ ඇඟ වගේම වෙනත් ඇඟක්, තමන්ගේ ගෙදර වගේම වෙන ගෙදරක් වගේ ඕනාම දෙයකදි, තැනකදි වේවා ඕනාම අරමුණකදි අනිත්‍යතාවය දැකලා වර්ධනය කරගන්න පුළුවන්. නමුත් එහෙම නැති අය මහන්සි වෙන්න ඕනා ඒ තත්වයට පත් වෙන්න. මේ පුහුණුවේදි අවශ්‍ය වෙන්නේ සන්තති විපරිණාම සහ සන්තති අඤ්ඤතභාව ගැන සැලකීමයි. ඒ කියන්නේ තමන් පුද්ගලිකව දකින දේ අත්විඳින දේ ගැන විමසිලිමත්ව සිටීමයි. ඒ නිසා තමයි ධර්මය පොත් වලින් දකින්න බෑ කියලා කියන්නේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙතනදි මුලින්ම රූපයේ අංග වන සතර මහා භූතයන් ගැන සැලකීම හොඳයි. මොකද ඒවා ලේසියෙන් පේන නිසා. නාම ධර්ම දකින්න ටිකක් අමාරුයි. නමුත් නාමයන් හා බැඳුන ධර්මතා හයත් දකින්න අපි උත්සහ කරන්න ඕනා. අනික විපස්සනාව සම්පූර්ණ වෙන්න ඒ දේවලුත් දකින්න වෙනවා. ඉතින් කෙනෙක්ට පුළුවන් නම් එක් දිනකදිවත් අනන්ත වාරයක් සිදු වෙන සතර මහ භූතයන්ගේ ඇති වීම නැති වීම දකින්න, ඉතිරි දේවලුත් ඒ කියන්නේ උපාදරූප ආදිය දකින්නත් පුළුවන්. මේ විදියටම හිතේ ඇති වෙන සිහිය වෙනස් වෙන හැටි දකින්න පුළුවන් නම් ඉතිරි දේවලුත් දකින්න පුළුවන්. ගඳ, රස, රූප, ශබ්ද වශයෙන් අපිට ලැබෙන මේ හැම දෙයක්ම පුළු පුළුවන් විදියට අපි අපේ විපස්සනා පුහුණුවට යොදා ගන්න ඕනා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙතනදි මන් කථා කලේ අනාත්ම ගැන විතරයි. ත්‍රිලක්ෂණයෙන් එකක්. ත්‍රිලක්ෂණය පිළිබඳ තමන් සතු දැනීම තමන්ගේ අභ්‍යන්තර අවදි වීම සම්බන්ධයෙන් හොඳ මිණුමක්. තමන් රහත් වෙලා, සෝවාන් වෙලා කියලා හිතන අය තමන් ත්‍රිලක්ෂණය ගැන දන්නේ මොනවාද කියලා තමන්ටම අවංකව හිතලා බලලා නිගමනයක් ගන්න පුළුවන්. ඇත්තටම ත්‍රිලක්ෂණය අපේ ඇස් පනා පිටම තිබුනත් අපිට ලේසියෙන් දකින්න බෑ. ඒකට උත්සහය අවශ්‍යයි. අපි සංසාරේ තෙරක් නොපෙනෙන කාලයක් ති‍ස්සේ මේ විදියට ගමන් කරන්නේ නෑ ඒ ලක්ෂණ දැකලා තිබ්බා නම්. අපේ ප්‍රඥාව මෝරන්නේ කොතනදි කොහොමද කියන්න අපි දන්නේ නෑ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි දන්නේ නෑ අපේ පාරමිතා කොයි තරම් දැන් සම්පූර්ණ වෙලාද කියලා. ගෞතම බෝධිසත්වයන් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කලේ මන්ද්‍රී දේවිය දන් දුන්නට පස්සේ. ඒ බව සක්‍ර දෙවියෝ දැනුම් දෙනවා උන්වහන්සේට. බුදුහාමුදුරුවොත් ආර්ය ශ්‍රාවකයනුත් පාරමිතා සම්පූර්ණ කරලා තියෙන අය හොයන්න ගව් ගනන් පයින් ඇවිදලා තියෙනවා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් කොයි තරම් නම් වෙහෙසක් දරලා තියෙනවාද කියලා බලද්දි ඇස් වලට කඳුළු එනවා. අපේ පාරමිතා ශක්තීන් හරි ප්‍රභලයි. එකම දේ ඒවායේ ප්‍රමාණය, ප්‍රමිතිය අපි නොදැනීමයි. අතීත භව වල අපි කොයි තරම් දන් දුන්නද සිල් රැක්කද ඉවසීම පුරුදු කලාද කියන්න අපි දන්නේ නෑ. අනිත් අය කෙසේ වෙතත් මන් නම් දන්නේ නෑ. නමුත් මේ භවයේ දී අපි කරපු කියපු හිතපු දේ අපි දන්නවා. අපිට පුළුවන් දැන් ඉඳන් පාරමිතා සම්පූර්ණ කරන්න පටන් ගන්නවා කියලා හිතලා අධිෂ්ඨානයෙන් පාරමිතා සපුරන්න. ඒ තමයි එකම ක්‍රමය වෙන්නේ අපිට ගැලවෙන්න. මේ විදියට අපි පාරමිතා අපේ උරුමය අනුව සම්පූර්ණ කරද්දි ක්‍රම ක්‍රමයෙන් අපේ ප්‍රඥාව මෝරනවා. කව්රු මොන විදියට කිව්වත් හොඳින් මතක තියා ගන්න පාරමිතා සපුරන ප්‍රමාණයට තමයි අපේ ප්‍රඥාව මෝරන්නේ. අඩු තරමේ ඉදිරි බවයකදි වත් නිවන් දකින්න හැකියාව ලැබෙන්න ඒ දේවල යෙදෙන්න. [/FONT]





     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    "අත්තාහි අත්තනෝ නා තෝ" කියන්නේ තමාගේ පිහිට තමාටමය කියලනේ? එතකොට අත්ථ කියන්නේ තමාට නම් අනත්ථ කියන්නේ තමාගේ නොවෙයි කියල නේද?

    "Let us now see how two scholars, Ananda K. Coomaraswamy and I. B. Horner, already discussed briefly have mistranslated certain Pali terms to demonstrate that Buddha affirmed the existence of atta. They argue that Buddha did indeed claim that the five aggregates are not atta, but that He never directly denied the existence of atta. The five aggregates are not atta, but there is something apart from the five aggregates that we can call atta, self or soul, these scholars claim.”’ Whenever Coomaraswamy and Horner see the word atta, they try to imagine that it means eternal self or soul.

    One of the passages they point to is found in Dhammapada (verse I60): “Atta hi attano natho.” They translate is as “Self is the lord of self.” They say that it means that the big Self is the lord of the little self. Actually, it means, “One is one’s own lord or refuge,” or, “One is one’s own support.” The second line of the verse reads, “Ko hi natho paro siya,?” or “Who else can be the lord or refuge?” In Pali, the word atta can mean self, soul, or eternal self, in the Hindu sense, or it can simply be a part of a reflexive pronoun like himself, yourself, or myself. Thus when Buddha says “Atta hi attano natho, ko hi natho paro siya?” mean “One is one’s own lord or refuge; who else can be the lord or refuge”, it is clear that atta means oneself, not soul.

    Buddha urges people to rely on themselves, on their own effort, and not to rely on others in their spiritual practice. Another passage which is misinterpreted in the book by Coomaraswamy and Horner is from the Mahaparinibbana Sutta’: “Attadipa viharatha anannasarana.” The meaning is, “Dwell having yourself as an island, having yourself as a refuge and not anyone else as a refuge.” Here also they interpret atta to mean soul or eternal self.

    They claim that Buddha was instructing us to make the soul our island or refuge. But in the next line, Buddha says, “Dhammadipa viharatha dhammasarana anannasarana,” which means, “Dwell having the Dhamma (Buddha’s teachings) as an island, having the Dhamma as a refuge, nothing else as a refuge.” Buddha is instructing his followers to rely on their own effort and on the teachings, especially as He was soon to be gone from this earth.

    The idea of atta as soul is completely foreign to this passage. Moreover Buddha went on to say, “How is the monk to dwell making himself an island?” He then went on to describe the practice of the four foundations of mindfulness. The Buddha really meant that one should make Satipatthana meditation (contemplation of the body, feelings, mind, and dhamma objects) one’s refuge......

    It would be better to say that one does not believe in the anatra doctrine and that Buddha was wrong about it than to try to say that Buddha taught a religion with atta in it. It is not accurate to say that Buddha did not deny atta. In fact, there are many places in the Pali canon where atta is denied by Buddha. For example, Buddha once said, “I do not see a soul theory which, if accepted, does not lead to the arising of grief, lamentation, suffering, distress, and tribulations.” Buddha also said, “Since neither self nor anything pertaining to self can truly be found, is not the speculative view that the universe is atta wholly and completely foolish?”

    Buddha teaches that belief in atta is a wrong view (ditthi or miccha-ditthi) which will lead to misery. Wrong views must be rejected because they are a source of wrong and evil aspirations and conduct......

    I will conclude this section by explaining a very important statement found in Patisambhidamagga and in Majjhima Nikaya: “Sabbe sankhara anicca; sabbe sankhara dukkha (not in M.N.); sabbe dhamma anatta.” The first sentence means, "AII conditioned things are impermanent.” The second means, ‘All conditioned things are suffering.”

    The third sentence, however is different. Here, Buddha does not use the word sarckhara, but He uses dhamma instead. Dhamma here means all things without exception. So the third sentence means, ‘AII things, conditioned or unconditioned, are anatta, are void of self and soul.” This means that even Nibbana, which is asankhara, unconditioned, is not atta or is void of atta. This statement unequivocally denies atta of any kind, even in ultimate Truth and Enlightenment, even in Nibbana.