සෑබෑ ආදරය වෙනුවට හුදු ආශ්වාදය පමනක් සොයා යන දෙදෙනෙක් ගෑන ලියවුනු අපූරු නිර්මානයක්!
අගේ ඇති කවක් අයියන්ඩි..
ජයෙන් ජය...!!!
EΜΙFΞXΛ;7287036 said:ලස්සන නිර්මාණයක් තුල සන්ගවපු සත්‍යතාවක්![]()
මම කීප සැරයක්ම නිර්මානය කියෙව්වා අයියේ. මට හිතුනා අර්ථයන් දෙකක්. මම දෙකම කියන්නම්. අයියා කියන්න මම හරිද වැරදිද කියලා.
පලවෙනි එක තමයි අයියා කියන්න හදන්නෙ ජයන්ත චන්ඩ්රසිරිගේ "අග්නි දාහය" වගේ කතාවක්. මිනිස්සුන්ගෙ සරළ අවශ්‍යතාවයක් වන ලිංගික අවශ්‍යතාවයන් ගැන අයියා කතා කරන්නෙ සමහරවිට ඒ හැගීම් සදාචාරය වගේ සංකීර්ණ සමාජ සම්මුතීන් පවා ඉක්මවා යා හැක යන පණිවිඩයත් සමගින්. එය හරිද වැරදිද කියන තීරණය හරිම පුද්ගලානුශ්රිතයි. ඒ නිසා එ ගැන මම කතා කරන්නෙ නැහැ.
අනෙක් අදහස, ඇත්තටම ඒක පලවෙනි එකේම දිගුවක්. මමත් පාරේ තොටේ යනකොට හිතන කාරණයක්. ඒ යාචකයන්ගේ ජීවන රටාවන් ගැන. එ අයට ඉන්න හිටින්න වහලක් නැතිව කොහොමද පුද්ගලිකත්වයක් ආරක්ෂා කරගන්නෙ කියලා ඒ මනුස්සයෙක්ගෙන්ම අහන්න ඕනේ කියලා මට වෙලාවකට හිතිලත් තියෙනවා. ජීවන තත්ත්වය කොච්චර පහත් උනත් ඒ අයත් මිනිස්සු. ඒ අයටත් අර මං කලින් කිව්ව මූලික අවශ්‍යතාවයන් තියෙනවනේ.
මම හරිද දන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් වෙනස් ආකාරයක නිර්මානයක් අයියේ. අයියට ජය !
Lassanama lassana nirmanayak ayyia