![]()
දිනය :සෙනසුරාදා (ඊයේ)
වේලාව :සවස 4:30 පමණ
සවස් කාලයේ වෙනද වෙලාවට මදක් කලින් මා රැකියා ස්ථානයෙන් හදිසියේම නික්මුනේ ගෙදර සුරතලයට ඇති කරන මාලුන්ට කෑම ටිකක් රැගෙන යන අදහසින්... කඩවතින් බස් රියෙන් බැස ගත් මා සුරතල් මසුන් විකුණන කඩයට ගොඩ උනේ අවශ්‍ය මාලු කෑම වර්ගය රැගෙන රෑ බෝ වීමට ප්‍රථම ගෙදර යාම සඳහා යළිත් හනික බස් රථයක එල්ලෙන්න බලාපොරොත්තුව ඇතුවයි..
ඒත් කාලෙක පටන් සොය සොය හිටිය මාලු ටැංකි සඳහා භාවිත වන වතුර පෙරණයක් (ෆිල්ටර්) නිසා මා හට තවත් විනාඩි ගණනක් වැඩිපුර වැය විය.. ඒ අතරතුර මාගේ ගමනාන්තය බලා දිවෙන බසයක්ද මග හැරුණි... මා මේ කියන්නට දඟලන කතාව දිග හැරෙන්නේ එතැන් සිටයි...
පෙනි පෙනී බස් රථය මග හැරුණු පසුතැවිල්ලත් සමගම, මම සීරුවෙන් කහ ඉර මාරු වී බස් නවත්වන ස්ථානය වෙත පැමිණියෙමි. ඒ කඩවත නගරයයි...
ෆිල්ටරයත් ෂොපින් බෑගයක් එල්ලාගෙන, උරහිසේ රැඳි ගමන් මල්ලත් සමග ඈතින් එන බස් දිහා බලන මගේ දෙනෙත් නිරන්තරයෙන් අත බැඳි ඔරලෝසුව වෙතම යොමු වෙයි.. නිවෙස වෙත යා හැකි බසයක් ඒමට තවත් පැය කාලක් පමණ ගත වනු ඇත...
දෙසවන පුරා ඇසෙන්නේ මහ පාරේ ඝෝෂාවත් වාහනවල නලා හඬත්, මගීන් පිරි බස් රත වලට තව තවත් සෙනග පිරවීමට යටි ගිරියෙන් කෑ ගසන කොන්දොස්තර වරුන්ගේ නොහික්මුණ රළු ඝෝෂාවත් පමණි. ඒ අතර ප්‍රෂ්න පිරුණු හිස් ගිණි ගත් මිනිසුන් එහෙ මෙහෙ දිව යන හැටිද මට පෙනේ...
කාර්යබහුල නගරය මැද මිනිසුන් අතර අතරමංව සිටි මගේ දෙසවන් පිරී යන්නේ කන්කලු වස්දඬු නාදයකිනි.. වාහනවලින් නැගෙන ඝෝෂාව අභිබවා පදික වේදිකාවේ හුන් මිනිසෙකු සිය වස් දඬුවෙන් හුරු පුරුදු පැරණි ගීයක් තාලයකට වයයි..
මම අතරමංව සිටි ලෝකෙයෙන් මිදී මොහොතක් ඒ දෙස බලා සිටියෙමි...ඔහුගේ කමිසයේ උඩ සාක්කුවේ තවත් වස්දඬු කිහිපයකි.. ඒව විකිණීම පිනිස විය හැක.. පැළඳ සිටින කලු පැහැ කණ්නාඩියෙන් කියවෙන්නේ ඔහු අන්ද බවය... ඔහුගේ කුඩා දියණිය ද පසෙකින් සිටී.. ඕ වයස අවුරුදු 9ක 10ක පමණ කුඩා දැරිවියකි.. ඇය නිරතරයෙන් සිය පියා වයන ගී නාදයට බාධා කරමින් ඔහුගේ අතෙහි එල්ලෙයි කනට කර මොන මොනවදෝ පවසයි... ඔහුද හිස පහත් කොට ඇයට කන් දෙයි.. යළිත් තාලෙට ගීය වයයි...
හුරු බුහුටි හැඩකාර කෙළි පැටික්කියක් නොවුනත් ඉතා අහිංසක රූපයක් ඈ සතු විය... මුවෙහි නිතරම සිනාවකි.. පාරේ යන එන අය ඈ වෙත මුදල් දිගු කරයි.. සිහින් සිනාවකින් ඈ එම මුදල අතෙහි ගුළි කර ගනියි...
බස් රථයට දීම සඳහා පසුම්බියෙන් ගෙන අතේ ගුලි කර ගත් රුපියල් 50 ඇයට දීමට මට සිතේ.. එහෙත් මට එය මදිය...
නිරන්තරයෙන් කුඩා ළමුන් කර පින්නාගෙන එන යාචකයන් ළඟ මේ තරම් දරුවන් කෙරෙහි බැදීම නැත.. ඒ දරුවන් අනුන්ගේ නිසාය.. දරුවන් ඔවුන්ගේ ජීවත් වීමේ මාර්ගය පමණි.. එහෙත්, මෙය ඊට හාත්පසින් වෙනස් සිදුවීමකි.. පියා සහ දියණියගේ බැඳීම මට හොඳ හැටි පසක් වී හමාරය.. මේ ඇත්තටම පියා සහ දියණිය විය යුතුමය...
අතේ ගුලි කර ගත් රුපියල් 50 ද රැගෙන මම තව ටිකක් ඔවුන් වෙත ලං වීමි.. මම විනාඩි කිහිපයක් පියා සහ දියණියගේ හැසිරීම දෙස පසෙක සිට බලා සිටියෙමි..
කුඩා දැරිය අසළ හුන් පදික වෙළෙඳෙක් වෙත දිව ගියාය.. ඔහු ළඟ ඇති විසිතුරු බඩු සියල්ලම කුඩා දරුවන් වෙනුවෙන් අලෙවි වන ඒවාය... ඔහුගේ වෙළඳ බඩු අතර හුරුබුහුටි ලස්සන අත් බෑගයන්ය.. බූල් බූල් සහිත ඒවා රෝස පැහැතිය.. දැරිය ඒවා දෙස බලයි.. හිමින් අත ගා බලයි...
කුඩා දැරියගේ වයසේ ළමයින් ඒවා කරේ එල්ලාගෙන උජාරුවෙන් පාරේ යන හැටි මමද දැක ඇත්තෙමි.. පදික වෙළෙන්ඳාත් ඈ සමග වචනයක් දෙකක් කතා කරන සැටි ඈතින් හුන් මට පෙනේ... එහෙත් ඇගේ, දෙනෙත් නොපෙනෙන පියාට මේ කිසිවක් නොපෙනෙයි...
මොහොතකින් ඈ පියා වෙත දිව එයි.. අතෙහි එල්ලී යළිත් මොනවදෝ පවසයි... පියාද හිස පහත්කොට ඈ හට යමක් පවසයි.. සමහර විට ගෙදර යන විට බෑගයක් අරන් දෙන පොරොන්දුව විය හැක.. ඇගේ අහිංසක සිනහව නිසා මම එසේ සිතුවෙමි..
ඔව්න් සිටින තැනම පදික වේදිකාව පිටුපස ඇති සඳලු තලයකින් කටහඬක් ඇසේ..
ඒ තරුණ පිරිසකි.. ඔවුන් අර දැරිවියට කතා කරයි..ඔවුන්ද මාගේ වයසේම විය හැක..
දැරිය උඩ බැලූ පසු යමක් ඇගේ අතට දීමට සැරසෙයි... ඔවුන් සඳලු තලයේම සිට එය පහළට හෙලූහ.. ඒ ගුලි කරන ලද රුපියල් සියයකි.. දැරියගේ අතේ ඒ වන විට රුපියල් 10 - 20 නොට්ටු කිහිපයක් තිබෙණු මම දුටුවෙමි... නමුත් දැන් රුපියල් 100ක්ම ඈ වෙත ලැබී ඇත.. තරුණයින් දෙස අහිංසක් බැල්මක් හෙලූ ඕ පියාගේ අතෙහි එල්ලී කනට කර යමක් කීවාය...
සමහර විට ඒ "අපිට අර අයියලාගෙන් රුපියල් 100ක් ලැබුණා" කියා විය හැක.. සිගරට්ටුවකට මුදල් අලු නොකර මේ වගේ උපකාරයක් හෝ හැකි මොහොහතක ඉටු කිරීම ගැන මමද තරුණ පිරිසට හිතින් පින් දුනිමි.... පියාගේ බෑගයට සියයේ නෝට්ටුව දාමූ ඕ ඔහුගේම බාහුවට පසෙකින් යළිත් අර වෙළෙන්දා දෙස හොරෙන් බලයි...
මගේ හිත දැන් හොඳටම නොසන්සුන්ය.. මටත් හොරෙන් එහෙ මෙහේ දිව යයි...
මට ඒ මොහෝතේම අර බෑගය මිලදී ගෙන ඇයට දීමට සිතේ... එවිට ඔවුන්ගේ සුලු මුදලක් හෝ ඉතිරි වනු ඇත..
නමුත් මිනිසුන් නොමිනිසුන් වී ඇති යුගයක මගේ සිතට පුංචි බයක් දැනුනි... ළදරුවන් දූෂණය කරන යුගයක, ටොෆියක් දී ළමයින් රවටාගෙන ගොස් අතවර කර මරා දමන පාපතර මිනිසුන් සිටින කලක, කෙනෙකු දෙස අපද බලන්නේ සැකයෙනි.. ඒ සැකයට මටද විහින් භාජණය විය නොහැක... මගේ සිත දැන් හොඳටම අවුල් වී ඇත...
මා වැනි අයෙකු සෑහෙන වෙලාවක් බලා සිට එක වරම ඇයට කුඩා බෑගයක් දුන්නොත් කුමක් වෙයිද..? අන් අයගේ අනවශ්‍ය අවධානයකට මාව ලක් වේවිද..? සමහර විට ඇගේ අන්ද පියා ද ඉන් කලබල වනු ඇත... දියණියට කුමක් හෝ අරන් දුන්නේ කවුද? ඒ මොන අරමුණකින්ද..? කියා ඔහුටද කුකුසක් ඇතිවනු ඇත.. ඒ අපේ රටේ අසන්න දකින්න ලැබෙන පොළව නුහුලන අපරාධ නිසාය... සේයාගේ කතාව පවා මගේ ඔලුවේ කැකෑරෙයි... අර පාසල් සිසුවා විඳපු ගැහැට මගේ මතකයට නැගේ...
ගෙදර යන මා අනවශ්‍ය ප්‍රශ්න පටලවා ගත යුතු නොවේ..
මගේ මවුතුමිය මෙහි සිටියානම් කොපමණ අගේදැයි මට සිතුණි.. ඈ සිටියානම් මෙවැනි වෙලාවක වහා ක්‍රියාතමක වන බව දනිමි.. ඒ කාටවත් පේන්න හෝ, කැපී පෙනීමට නොවේ... ඒ ඈගේ හැටිය.. එහෙනම් අර දැරිවියට කුඩා බෑගයක් මගෙ මව්තුමිය විසින්ම තෑගි කරනු ඇත..
මම මේ දකින දර්ශන පෙළ නිවසට ගොස් ඈ හා කියන හැටි තනිවම සිතින් මැව්වෙමි..
හිත දැඩි කරගෙන, දැරියට උපකාර කරන අදහස අත් හළෙමි..
බස් රථයට දීමට ගත් රුපියල් 50 කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන, යළිත් පසුම්බිය හැරියෙමි.. එහි ඇත්තේ තවත් සුලු මුදලක් පමණි.. ඒ හදිස්සියේ මිලට ගත් ෆිල්ටර් අටමගලය නිසාය.. සුරතලයට ඇති කරන මාලුන්ට වියදම් කළ මුදල් ඇයට දීමට ලැබුණානම්..?
නැවත ඔවුන් වෙනුවෙන් රුපියල් 100ක් අතට ගතිමි.. ඒ සමගම අර විසිතුරු බඩු වෙළෙන්ඳා ළදැරියට හඬ ගැසීය.. දැරිය එය වහා සිය පියාට සැළ කර ඔහු වෙත දිව ගියාය..
දැරියට වඩා කුතුහළය දැන් ඇත්තේ මටය...
දවස පුරාම කෑ ගසමින්, දුහුවිල්ලට ඔට්ටු වෙමින් ඉඳපු ඔහුගේ පෙනුම බොහොම වෙහෙසකර එකකි.. දුර්වර්ණ උන සරමයි කමිසයයි ඔහුගේ දුප්පත් කමට සාක්ෂි දරනු ඇත.. ඒත් ඔහු ලොකු පොහොසතෙක්..! ලොකුම ලොකුම ලොකු පොහොසතෙක්..!!
මොහොතක් ඈ සමග කතා කළ ඔහු විකිණීමට තිබුණු හුරුබුහුටි කුඩා බෑගයක් ඈ අත තැබීය... ඇගේ ඒ පුංචි අහිංසක සතුටු මුහුණ ඔබටත් දකින්නට ලැබුණානම් ඔබද මා මෙන්ම පිංවන්තය...!
සමහර විට ඔහුගේ දවසේ ලාභයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ බෑගය වෙනුවෙන් වැය කරන්නට ඇත.. ඒත් ඔහුගේ මුහුණෙ තිබුණේ හිනාවකි... පදික වෙළෙන්ඳා කෙරෙහි මගේ හිතේ ඇති උන ගෞරවය, ගැන ලියන්නට වචනද මදිය..!!
දූටි දැරිය දුවගෙන විත් නැවතත් පියාගේ අතේ එල්ලිණි.. පියාට සිය තෑග්ග ගැන කියනු මට පෙනේ... ඔහුගේ මුවද සිහින් සිනහවකින් එළිය වැටුණ හැටි මම හොඳින් බලා සිටියෙමි.. දෙඇස් නොපෙනෙන ඔහු දෙඅත් වලින් පරෙස්සමට පිරිමදිමින් දියණියගේ තෑග්ග දෙස බලන්නට උත්සහ කරන සැටි මට පෙනේ.. දියණියගේ මුහුණේ එක දිගටම හිනාවකි..
මාගේ දෑස් තෙත් වන ලකුණු මට දැන් දැනේ.. නමුත් ඒ ඇයි දැයි මට දැනුදු නොතෙරේ...
පදික වෙළෙන්ඳා සියල්ල දෙස ඈතින් හිඳ බලා සිටියි.. මගේ බලාපොරොත්තුව ඔහු විසින් ඉටු කළ බව ඔහු නොදනී..ඔහු කවදාවත් එය දැන නොගනු ඇත.. මා ඔහු දෙස මහත් ගෞරවයෙන් බලා සිටි බවවත් ඔහු දැන නොගනු ඇත...
පියාත් දියණියත් සිටි තැනට මදක් පිටුපසින් සිටියේ තරමක් වයසක පළතුරු වෙළෙඳෙකි.. ඔහු ද කුඩා සිලි සිලි බෑගයට දමා මොනවදෝ පළතුරු ටිකක් ඇයට දුන්නේය..
මට දැන් කිසිත් සිතා ගත නොහැක.. මේ අප අණක් ගුණක් නැතැයි කියන පේමන්ට් කරුවන්ය..
එහෙත් කුඩා දැරියක් සහ අන්ද පියෙක් වෙනුවෙන් ඔවුන්ගේ සුළු ලාභයෙන් කොටසක් දෙවරක් නොසිතා වැය කරපු හැටියක්..! දවසක් පුරාවට ගිණි අවුවට කර වුණ, දුහුවිල්ලෙහ් හෙම්බත් වුණ, දහදියෙන් තෙත් වුණ ඔවුන් ලඟ ඇත්තේ මහා පුදුම මනුස්සකමකි...
දැරිය නැවතත් පියා හා දොඩමළු වෙයි.. පියාද සිනහවෙන් වටපිට බැලුවත් ඔහුට කිසිත් නොපෙනේ එහෙත් ස්තූතිපූර්වක බැල්මකින් පිටුපස බලයි...
දියණියගේ දෝත පුරා අලුත් රෝස පැහැති බූල් බූල් බෑගයත්, කුඩා පළතුරු මල්ලත්ය... ඈ ඒවා පියාගේ බෑගයට සීරුවෙන් ඇතුළු කර යළිත් අර පළතුරු වෙළෙන්ඳා වෙත පිය මැන්නීය.. පළතුරු සීයා මොන මොනවදෝ පවසයි.. ඕ ලැජ්ජාවෙන් සිනාසෙයි.. යළිත් පියා වෙත පැමිණ අතෙහි එල්ලෙයි...
මගේ දැහැන බිඳී ගියේ විනාඩි 20 කට පමණ පසු නිවස වෙත යන බසයක් ඈතින් එනු දුටු පසුවය... මිට මොළවා ගත් රුපියල් 100 සිනහවෙමින් සිටි දැරියගේ අත්ලෙහි තැබූ මම නැවත පිටුපස නොබලාම බසයට ගොඩ වුනෙමි...
අපේ රට තාමත් විනාස වී නැත.. හොඳ මිනිසුන් බොහෝ සිටිති.. මනුස්ස කම දන්නා සංවේදී මිනිසුන් තවමත් සිටිති.. ඒත් ඔවුන්ව කාටත් නොපෙනෙති.. ඒ ඔවුන් සංවේදී වන්නේ කාටවත් පේන්න නොවන නිසාය.. ඔවුන් කෙනෙකු සතුටු කරන්නේ අඬබෙර ගසා හැමෝටම පෙනෙන ලෙස නොවේ... නියම මිනිසුන් යනු ඔවුහුය..!සැඟවුනු දෙවිවරු ඔවුහුය..!! මා මේ සිදුවීම අපහසුවෙන් වුවද වචන වලට පෙරලුවේ ඔවුන්ට උපහාර පිණිසය..
පසුගිය සෙනසුරාදා එනම් ඉයේ දිනයේ කඩවත නගරය පසු කළ ඔබත් සමහර විට මේ සිදුවීම හෝ.. මේ මිනිසුන් දකින්නට ඇත...
ඔවුන් වෙනුවෙන් අවශ්‍ය මොහෝතේ යමක් නොකිරීම ගැන ඇතිවුණ පසු තැවිල්ල තවමත් මගේ සිතෙහි කොනක රැඳී ඇත...
මීට ඔබේ හිතමිතුරු
"RichLife"
![]()
ඕවා ලියන උන් කියක් හරි දීලා හෙන රස කතාවක් සංවේදී විදියට ලියලා පත්තරේ දානවා ෆේස් බුක් දානවා?? ඇයි මචං අන්ද මිනිස්සු හිගකන්න ඕනි?? උන්ට වැඩක් පලක් කරන්න ගන්න බැරි නිසා ද?? එතකොට ලංකාවේ අභාදිත අයගේ ඉරණම තමයි හිගමන ?? එහෙමද හිතන්නේ බන් ?? පුළුවන් කාලේ කියක් හරි හොයාගෙන හම්බකරනන් කන්නයි නැති උනාම හිගා කන්නයි මේ රටේ මිනිස්සු මොකටද බන් රජයට ටක්ස් ගෙවන්නේ ?/ අම්තිලට පඩි ගෙවන්නේ මොකටද ?? ජනදිපතිට උන්ගේ කර්යමන්දට වලට පඩි ගෙවන්නේ අයි බන් ?? අපිට උන්ගෙන් වැඩක් නැහැනේ.
පොදුවේ කාටත් 100 50 දීලා මේක බවත්ත්න්න පුලුවන්ධ බන්//?? කිසියම් සුබසාධන වැඩක් හැදෙන්න ඕනි රජය මගින් ආභ්දිත හා ඒ ඖඅගේ පව්ල් වලට. ඒ ළමයිට අනිත් අයට වගේ ඉගනගන්න පුළුවන් වටපිටාවක් හදන්න ඔනි. එකයි වෙන්න ඕනි මචං. නැතුව අනේ පව් කියලා කියක් හරි දෙන එක නෙමයි.( සල්ලි දෙන්නන එපා කියල නෙමයි කියන්නේ. )
ඇස්වලට කදුලු ආවා මචන්
You must spread some Reputation around before giving it to richlife again.

බම්ප් කරන්න මචන්![]()


heart toching story
tfs
lankawa kiyanne pin bimak
inna samaharu nisa eka wanasenawa
මරුසිරා;19106381 said:එක තමයි බන් ..බොරුකාරයෝ නිසා ඇත්තටම අසරණ මිනිස්සුන්ට උදව්කරන්නත් මි ඉස්සු දෙපාරක් හිතන්න වෙලා ...අද කාලේ කෙනෙක් දැක්ක පලියට ඔහු හෝ අය ගැන විශ්වාස කරන්න බෑ .තාමත් ලංකාවේ හොද මිනිස්සු ඉන්නවා .ප්‍රහ්නේ හොද මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු ඉන්න එකයි
අනික් පත්තර වල වැඩියෙන් දානෙත් ජරා මිනිස්සු ගැන ලොකු පොල්ගෙඩි අකුරෙන් ...මේවගේ මිනිස්සු ගැන දාන්නෙත් නැ දැම්මත් කුරුමිණි අකුරින් පොඩි කොටුවක මුල්ලක ..
රේප් දෙන්න බැලූ
උබත් අපේ පැත්තේ කොල්ලෙක් එහෙනං![]()



bump



bump


bump


bump


pau wade ban![]()


duk windina kenek ma thami aenk kenek ge duka danne.
TFS honda wadak kare umba.
+10 Rep


ඕවා ලියන උන් කියක් හරි දීලා හෙන රස කතාවක් සංවේදී විදියට ලියලා පත්තරේ දානවා ෆේස් බුක් දානවා?? ඇයි මචං අන්ද මිනිස්සු හිගකන්න ඕනි?? උන්ට වැඩක් පලක් කරන්න ගන්න බැරි නිසා ද?? එතකොට ලංකාවේ අභාදිත අයගේ ඉරණම තමයි හිගමන ?? එහෙමද හිතන්නේ බන් ?? පුළුවන් කාලේ කියක් හරි හොයාගෙන හම්බකරනන් කන්නයි නැති උනාම හිගා කන්නයි මේ රටේ මිනිස්සු මොකටද බන් රජයට ටක්ස් ගෙවන්නේ ?/ අම්තිලට පඩි ගෙවන්නේ මොකටද ?? ජනදිපතිට උන්ගේ කර්යමන්දට වලට පඩි ගෙවන්නේ අයි බන් ?? අපිට උන්ගෙන් වැඩක් නැහැනේ.
පොදුවේ කාටත් 100 50 දීලා මේක බවත්ත්න්න පුලුවන්ධ බන්//?? කිසියම් සුබසාධන වැඩක් හැදෙන්න ඕනි රජය මගින් ආභ්දිත හා ඒ ඖඅගේ පව්ල් වලට. ඒ ළමයිට අනිත් අයට වගේ ඉගනගන්න පුළුවන් වටපිටාවක් හදන්න ඔනි. එකයි වෙන්න ඕනි මචං. නැතුව අනේ පව් කියලා කියක් හරි දෙන එක නෙමයි.( සල්ලි දෙන්නන එපා කියල නෙමයි කියන්නේ. )
බම්ප්,,!

yakage hatiyatalu ne wimane ayye inna minissunge hatiyata thmai palakayonuth
rate moda minissu adu wenakam ithin dukama thamai![]()






අපේ රට තාමත් විනාස වී නැත.. හොඳ මිනිසුන් බොහෝ සිටිති.. මනුස්ස කම දන්නා සංවේදී මිනිසුන් තවමත් සිටිති.
rep +





මනුස්ස කම දන්නා සංවේදී මිනිසුන් තවමත් සිටිති.








පේමන්ට් වල බිස්නස් කරන්නේ හොඳ මිනිස්සු,
ලොකු කඩ තියෙන්නෙ සල්ලිකාරයන්ට








ඔහොම ස්තූතියි මචන් බෙදාගත්තට. ඒ ළමයට හොඳට ඉගෙනගන්න ලැබෙන්න කියල පතනවා.![]()


Good mchan hodta liyla tiyanwa..
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේව තාවන් වැනි මිනිසුන් ඇත.





Bump![]()


පෝස්ටුව ආයිත් කියවන්න. මේ හිගන්නෙක් ගැන නෙමේ කියල තියෙන්නෙ. තම හැකියාවකින් යම් මුදලක් හොයන අය. බටනලාවක්, ගිටාර් එකක්, ඩෝලයක්, ඕගන් එකක් ගහල සින්දුවක් කියම අය හිගන්නො වෙන්නෙ නෑ. තමන් හැකියාවක් තියෙන දේ කරල මුදලක් හොයනව. එහෙම බැලුවොත් service එකක් දෙන හැමෝම හිගන්නො.. ගුරු වෘතිය පවා.ඕවා ලියන උන් කියක් හරි දීලා හෙන රස කතාවක් සංවේදී විදියට ලියලා පත්තරේ දානවා ෆේස් බුක් දානවා?? ඇයි මචං අන්ද මිනිස්සු හිගකන්න ඕනි?? උන්ට වැඩක් පලක් කරන්න ගන්න බැරි නිසා ද?? එතකොට ලංකාවේ අභාදිත අයගේ ඉරණම තමයි හිගමන ?? එහෙමද හිතන්නේ බන් ?? පුළුවන් කාලේ කියක් හරි හොයාගෙන හම්බකරනන් කන්නයි නැති උනාම හිගා කන්නයි මේ රටේ මිනිස්සු මොකටද බන් රජයට ටක්ස් ගෙවන්නේ ?/ අම්තිලට පඩි ගෙවන්නේ මොකටද ?? ජනදිපතිට උන්ගේ කර්යමන්දට වලට පඩි ගෙවන්නේ අයි බන් ?? අපිට උන්ගෙන් වැඩක් නැහැනේ.
පොදුවේ කාටත් 100 50 දීලා මේක බවත්ත්න්න පුලුවන්ධ බන්//?? කිසියම් සුබසාධන වැඩක් හැදෙන්න ඕනි රජය මගින් ආභ්දිත හා ඒ ඖඅගේ පව්ල් වලට. ඒ ළමයිට අනිත් අයට වගේ ඉගනගන්න පුළුවන් වටපිටාවක් හදන්න ඔනි. එකයි වෙන්න ඕනි මචං. නැතුව අනේ පව් කියලා කියක් හරි දෙන එක නෙමයි.( සල්ලි දෙන්නන එපා කියල නෙමයි කියන්නේ. )


උඹ මේකේ කියන්න අදහස් කරන දේ තෙරුම් අරගෙන නෑ.මිනිස්සුන්ව දුප්පත්කමෙන් මුදාගන්න පුලුවන් වෙන්නේ සන්වර්ධනයෙන් විතරයි ඒක ගැන විවාදයක් නෑ.එත් මෙතන කතාවෙන්නේ තමන් දවස තිස්සේ මහන්සිවෙලා හොයාගත්ත මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් තමන් නොදන්නා පොඩි ලමෙයෙකුගේ සතුට වෙනුවෙන් වැය කරපු දුප්පත් හිත හොද මිනිසුන් කිහිප දෙනෙක් ගැන .
අනික මම හිතන්නේ මේක රිච්ලයිෆ්ම ලියපු එකක්.මීට කලිනුත් රිච්ලයිෆ් මේ වගේ කතාවක් ලියලා තිබ්බා
කිසිම දැක්මක් නැති දේශපාලකයින්ගෙන් පිරිලා තියෙන පාර්ලිමේන්තුවක් තියෙන රටක උඹ අන්තිම ජේදයෙන් කියලා තියෙන එක වෙයි කියලා හිතන එක හීනයක්
ඒත් maxboysl ගේ සමහර කාරණාවලට මමත් එකඟයි...

සහයෝගයට ගොඩක් ස්තූතියි..
පෝස්ටුව ආයිත් කියවන්න. මේ හිගන්නෙක් ගැන නෙමේ කියල තියෙන්නෙ. තම හැකියාවකින් යම් මුදලක් හොයන අය. බටනලාවක්, ගිටාර් එකක්, ඩෝලයක්, ඕගන් එකක් ගහල සින්දුවක් කියම අය හිගන්නො වෙන්නෙ නෑ. තමන් හැකියාවක් තියෙන දේ කරල මුදලක් හොයනව. එහෙම බැලුවොත් service එකක් දෙන හැමෝම හිගන්නො.. ගුරු වෘතිය පවා.![]()
