අන්ද ළමයා

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කවුද දන්නේ පාසල් කලේ සිංහල 6 ය වසර පොතේ තිබුන අන්ද ළමයා කවි පන්තිය..දන්නා කෙනෙක් උදවු වක් විදියට මෙතන දන්නා...නැත්තම් හොයලා දීපල්ලා ලොකු පිනක්...


    සිංහලයට ජය!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
    පෙනෙනවා දකිනවා කියනා ඒවා
    මොනවද අම්මෙ මම අහගන්නට ආවා
    තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

    මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
    ඒවා මොළොක් බව තේරෙනවා මටද
    එළියක් කියා මොකවත් හෙම තියෙනවද
    මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

    උණුසුම දැනේ දහවල මට රැයට වඩා
    වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
    මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
    ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

    ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
    මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
    පාට කියා ඇත්නම් ගතියක් මලෙක
    අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

    ලස්සන කියන දේ නැහැයට වත් කනට
    මගේ දිවට හරි මගෙ අත පය වලට
    නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
    ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

    ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
    නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පැටියා;17795517 said:
    මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
    පෙනෙනවා දකිනවා කියනා ඒවා
    මොනවද අම්මෙ මම අහගන්නට ආවා
    තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

    මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
    ඒවා මොළොක් බව තේරෙනවා මටද
    එළියක් කියා මොකවත් හෙම තියෙනවද
    මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

    උණුසුම දැනේ දහවල මට රැයට වඩා
    වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
    මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
    ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

    ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
    මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
    පාට කියා ඇත්නම් ගතියක් මලෙක
    අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

    ලස්සන කියන දේ නැහැයට වත් කනට
    මගේ දිවට හරි මගෙ අත පය වලට
    නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
    ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

    ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
    නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා


    ගොඩක් පින් සහෝ...කොහෙන්ද ගත්තේ?? හොයා ගත්තේ??
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17795644 said:
    :no: සාගර පලන්සූරිය

    ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ newei???

    මොනවද අම්මේ අකුරු ජාතියක් -Monawada amme akuru jathiyak
    මොනවද අම්මේ අකුරු ජාතියක්
    මල් පෙති වල කවුදෝ ලියලා
    කවුරුද අම්මේ මේවා ලියන්නේ
    පාට පාට ඉරි හැඩ ගහලා

    පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
    වනන්තරේ හරි වැඩ කෙරෙතී
    බෝසත්වරු බණ කතා කියද්දී
    වන දෙවඟනො මල් වල ලියතී

    මේ වගෙ ලස්සන පාට අපට නෑ
    කොතැනින් මේවා ගෙන එන්නේ
    කොහොමද අම්මේ මේව කියන්නේ
    මට නෑ මොකවත් තේරෙන්නේ

    ඉර පායන කොට ඉර බැස යන කොට
    පාට වළාකුළු ඇත අහසේ
    ඒවායින් මේ මල් පැහැ ගන්වයි
    ඒව කෙරෙන්නේ හොර රහසේ

    අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
    කිචි බිචි ගා මොනවද කියතී
    උන් දන්නව ඇති මේ මල් වල ඇති
    පුංචි අකුරු නිතරම බලතී

    ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
    කුරුළු ගීත වල රස මතුවේ
    එක එක තාලෙට කියන කියන දේ
    මල් කොළ වල තව තව ලියැවේ

    බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
    පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
    සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
    මල් ද කුරුල්ලන් කොහි යනවා

    බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
    කවදත් ඔහොමයි පුතුනි මගේ
    මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
    මල් කොළ වලටත් සතුට නැගේ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17795644 said:
    :no: සාගර පලන්සූරිය

    aaa sudo sudu liwwe eya thamayi. ANDHA LAMAYek innawane...


    "monawada amme" kavi tika gana mama liwwe... andha lamayekne