අනාගතය දුටු මහා ප්‍රාඥයා-10
ලියනාඩෝ ඩා වින්චිගේ නිපැයුම් සහ සැලසුම් පෙළහර ඔබට සමීප කරන ලිපි පෙලේ 10වන දිගහැරුමටයි මේ පිවිසෙන්නට සූදානම් වන්නේ.මෙතෙක් කාලයක් ඩා වින්චි සැලසුම් කල යුද යන්ත්‍රණ,ගුවන් යන්ත්‍රණ ගැන කතා ඔබට මතක ඇති.මෙම ලිපියේ පටන් ගෙන එන්නේ ඔහුගේ අනෙකුත් යාන්ත්‍රික සැලසුම් සහ සොයාගැනීම්ය.da vinci's demons කතා මාලාවේ 3වන අධියරයත් විකාශනය වෙනවා කියලා ආරංචියක් තියෙනවා.ටිකක් විතර 18+ දර්ශන අඩංගු වුනාට බලන්න වටින කතා මාලාවක්.
ඩා වින්චි සතුවූ යාන්ත්‍ර විද්‍යා දැනුම කොපමණද කිව හොත් ලොව ප්‍රථම රොබෝව,ලොව ප්‍රථම තනිවම ගමන් කල හැකි රථය සහ ලොව පළමු වයින් කල හැකි ඔරලෝසුව ආදිය ඔහු විසින් සැලසුම් කර තිබේ.ඔහුගේ සංකීර්ණ ගියර් පද්ධති සහ කාච/දර්පණ මුවාහත් කල හැකි යන්ත්‍රය ආදිය ඔහු යාන්ත්‍රික විද්‍යා ක්ෂේත්රයට කොතරම් ඇලුම් කල අයෙක්ද යන්න පෙන්වා දෙයි.
ලියනාඩෝ ඩා වින්චි බෝල බෙයාරිම් ක්‍රි.ව.1498-1500 අතර කාලයේදී නිර්මාණය කර තිබේ.මෙය නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ හෙලිකොප්ටරය වෙනුවෙන්ය.නමුත් ඔහුගේ හෙලිකොප්ටරය කවදාවත් පියාසර නොකලේ ගුරුත්වය අභිබවා යන්නට තරම් එය ප්‍රමාණවත් බලයක් ජනනය නොකල නිසාය.
බෝල බෙයාරිම් වල ඉතිහාසය
බෝල බෙයාරිම් වලට සමාන උපාංගයක් පළමුවරට නිපද වූයේ රෝම අධිරාජ්‍යය සමයේය(ක්‍රි.ව.40 පමණ )මෙය කැරකවෙන මේසයකට සවිකල එකකි.මේසය කැරකවීමෙන් එහි තිබෙන විවිධ ආහාර සහිත භාජන අසලට නොයා එක තැනක සිට ඒවා ලබා ගත හැකිවන පිණිස එය නිර්මාණය කර තිබිණි.ඉන්පසු ඉතිහාසයේ සඳහන්වන එකම බෝල බෙයාරිම ඩා වින්චි සැලසුම් කල මෙම නිර්මාණයයි.ඉන්වසර 100කට පමණ පසු ගැලීලියෝ ගැලීලි බෝල බෙයාරිමේ හැඩය සඳහන් කලද එය නිපදවන්නේ ඉංග්‍රීසි ජාතික පිලිෆ් වැග්න්ය.ඒ ක්‍රි.ව.1791 වසරේදීය.
භ්‍රමණය වන ඕනෑම යන්ත්‍රයක අද වන විට බෝල බෙයාරිම් අඩංගුය.ඔබ දැන් භාවිතා කරන පරිගණකයේද බෝල බෙයාරිම් තිබෙන බව දන්නවාද(සිසිලන පංකාවල ).සුලභම උදාහරණය පාපැදියයි.දෙවන ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ජර්මනියේ බෝල බෙයාරිම් නිෂ්පාදනාගාරවලට බෝම්බ දැමුවේ නාසි යුද යන්ත්‍ර අඩපණ කිරීම සඳහාය.අද වන විට ඔරලෝසු සහ දුරස්ථ පාලක හෙලිකොප්ටර් ආදියේ මිලිමීටරයෙන් දහසෙන් එකක් තරම් කුඩා බෝල බෙයාරිම් යොදා ගැනේ.
පරිගණකයේ සිසිලන පංකාවල බෝල බෙයාරිම් අඩංගු කර තිබෙන අයුරු
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ලියනාඩෝ ඩා වින්චිගේ යාන්ත්‍රික සොයාගැනීම්
ඩා වින්චි සතුවූ යාන්ත්‍ර විද්‍යා දැනුම කොපමණද කිව හොත් ලොව ප්‍රථම රොබෝව,ලොව ප්‍රථම තනිවම ගමන් කල හැකි රථය සහ ලොව පළමු වයින් කල හැකි ඔරලෝසුව ආදිය ඔහු විසින් සැලසුම් කර තිබේ.ඔහුගේ සංකීර්ණ ගියර් පද්ධති සහ කාච/දර්පණ මුවාහත් කල හැකි යන්ත්‍රය ආදිය ඔහු යාන්ත්‍රික විද්‍යා ක්ෂේත්රයට කොතරම් ඇලුම් කල අයෙක්ද යන්න පෙන්වා දෙයි.
මෙම ලිපි පෙල ඔස්සේ ඉදිරියේදී ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් ඩා වින්චිගේ නිර්මාණ සම්බන්ධවයි.
බෝල බෙයාරින්
සදාකාලිකව චලනය වන යන්ත්‍ර
දර්පන මුවාත් කිරීමේ යන්ත්‍රය
ඩා වින්චිගේ කාරය
සදාකාලිකව චලනය වන යන්ත්‍ර
දර්පන මුවාත් කිරීමේ යන්ත්‍රය
ඩා වින්චිගේ කාරය
ඩා වින්චිගේ බෝල බෙයාරින්
ලියනාඩෝ ඩා වින්චි බෝල බෙයාරිම් ක්‍රි.ව.1498-1500 අතර කාලයේදී නිර්මාණය කර තිබේ.මෙය නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ හෙලිකොප්ටරය වෙනුවෙන්ය.නමුත් ඔහුගේ හෙලිකොප්ටරය කවදාවත් පියාසර නොකලේ ගුරුත්වය අභිබවා යන්නට තරම් එය ප්‍රමාණවත් බලයක් ජනනය නොකල නිසාය.
ඩා වින්චිගේ බෝල බෙයාරිමේ කටු සටහන
බෝල බෙයාරිම් වල ඉතිහාසය
බෝල බෙයාරිම් වලට සමාන උපාංගයක් පළමුවරට නිපද වූයේ රෝම අධිරාජ්‍යය සමයේය(ක්‍රි.ව.40 පමණ )මෙය කැරකවෙන මේසයකට සවිකල එකකි.මේසය කැරකවීමෙන් එහි තිබෙන විවිධ ආහාර සහිත භාජන අසලට නොයා එක තැනක සිට ඒවා ලබා ගත හැකිවන පිණිස එය නිර්මාණය කර තිබිණි.ඉන්පසු ඉතිහාසයේ සඳහන්වන එකම බෝල බෙයාරිම ඩා වින්චි සැලසුම් කල මෙම නිර්මාණයයි.ඉන්වසර 100කට පමණ පසු ගැලීලියෝ ගැලීලි බෝල බෙයාරිමේ හැඩය සඳහන් කලද එය නිපදවන්නේ ඉංග්‍රීසි ජාතික පිලිෆ් වැග්න්ය.ඒ ක්‍රි.ව.1791 වසරේදීය.
බෝල බෙයාරිමේ පරිහරණය