අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6
ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ පෙළහර ගැන ලියවෙන ලිපි පෙලේ 6 වන ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඩා වින්චි ගුවන ජය ගැනීමේ අරමුණින් සැලසුම් කල නිර්මාණ කිහිපයක් ගැනයි.
ලියනාඩෝ ඩා වින්චි තම ජීවිතය අවසන් වන්නට පෙර පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු තබාගෙන සිටින්නට ඇති.ඔහු නිරන්තරයෙන් තමන්ගේ මුල් නිර්මාණවල කටු සටහන් වැඩිදියුණු කරන ලදි.වවුලන්ගේ සහ පක්ෂීන්ගේ පියාඹීම ඔහුගේ සිත් වශී කරන්නට සමත් වූ බවට සාක්ෂි ලෙස පිටු සියගණනක් පුරා ඇදි පක්ෂීන්ගේ පියාපත්වල සහ පියාපත්වල චලන ඉරියව්වල කටුසටහන් දැක්විය හැක.
ලියනාඩෝ තමන් ජීවත්ව සිටි කාලයට වඩා ශතවර්ෂ ගණනාවක් දුර සිතූ අයෙක් බව ලෝකයාට ප්රත්යක්ෂ කල නිර්මාණයක් වූයේ මෙම හෙලිකොප්ටරයේ සැලැස්මයි.එය හෙලිකොප්ටරයකට සමාන යන්ත්‍රයක් සැලසුම් කල පළමු අවස්ථාවයි.පුරාණ චීනයේ උණුසුම් වායු බැලූන සහ ගිනිකෙළිවල උපකාරයෙන් ගුවන් ගත විය හැකි යාන්ත්‍රයක් අත්හදා බැලුවද එය හෙලිකොප්ටරයට සමාන නොවීය.
ඩා වින්චි ඇදි හෙලිකොප්ටරයේ කටු සටහන
මෙම සැලසුම නිර්මාණය කර තිබෙන්නේ 1493 වසරේය.එනම් හෙලිකොප්ටරයක් සාර්ථකව ගුවන් ගත කිරීමට වසර 450කට පෙරය.එහි ප්‍රධාන තල දෙක මීටර් 2කක විශ්කම්භයක් සහිත වූ අතර ඒවා ප්‍රධාන ව්‍යුහය සමග බට යොදාගෙන සම්බන්ධ කර තිබිණි.
ඩා වින්චිගේ හෙලිකොප්ටර් සංකල්පය මේපල් ගසේ බීජ මත පදනම්ව නිර්මාණය කරන්නට ඇති.මෙම බීජ ඉහල සිට බිමට පතිත වන විට පාවී යන ස්වභාවය ඩා වින්චිගේ අවදානයට ලක්වන්නට ඇති.එසේම එම සංකල්පයට ආකිමිඩීස් ඉස්කුරුප්පුවද පදනම් කරගන්නට ඇති.මෙම ඉස්කුරුප්පු පොම්පය පුරාතන ග්‍රීසියේ විසූ ආකිමිඩීස් නම් ලියනාඩෝට සමාන තවත් ප්‍රාඥයෙක් විසින් සොයාගන්නා ලදි.
ඩා වින්චිගේ හෙලිකොප්ටරය සැලසුම් කර තිබෙන්නේ මිනිස්බලයෙන් ක්‍රියා කරන පරිදිය.නමුත් අවාසනාවට ඒ සමයේ එන්ජින් සොයාගෙන නොතිබුණි.ඒ සමයේ තමන් පවා ගුරුත්වයට එරෙහිව ඉහලට ඔසවන්න ප්‍රමාණවත් බලයක් නිපදවීමේ හැකියාවට තරමක් භෝ මිනිසා ලංව නොතිබුණි.
මිනිසුන් දෙදෙනෙක් මෙම යන්ත්‍රයේ වක්රාකාර කොටසේ සිට එහි තිබෙන දැවයෙන් තැනූ දණ්ඩ ග්‍රහණය කරගෙන මධ්‍යයේ වූ දණ්ඩ වටා ගමන් කල යුතුව තිබිණි.එවිට යන්ත්‍රයේ තිබෙන තල භ්‍රමණය වෙමින් ඉහළට ගෙනයයි.නමුත් මිනිසුන් දෙදෙනාගේ බර උසවන්නට තරම් ඔවුන් සැපයූ ඉපිලුම් බලය ප්‍රමාණවත් නොවේ.මේ සඳහා එම කාලයේ යොදාගත හැකිව තිබූ සැහැල්ලුම අමුද්‍රව්‍ය වන්නේ තල සඳහා කැන්වස් රෙදි,සැකිල්ල වෙනුවෙන් පයින් දැවද යොදාගන්නට ඇති.මෙම අමුද්‍රව්‍යවල බරත් එහි ක්‍රියාකරුවන්ගේ බරත් එසවීමට තරම් ඩා වින්චිගේ හෙලිකොප්ටරයට ප්‍රමාණවත් බලයක් නිපදවීමට නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
නමුත් ඩා වින්චිගේ මෙම සැලැස්ම පරිකල්පනයේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ලෙස තවමත් පිලිගැනේ.මෙවැනි යන්ත්‍රයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එන්ජින් නිර්මාණය වන්නේ 1800 සියවසේ අවසන් කාලයත් 1900 සියවසේ මුල් කාලයත් අතරය.නමුත් වාෂ්ප එන්ජින් සොයාගත් සමයේ ඒවා ගුවන් යානා ආදිය යොදා ගැනීමට යෝග්‍ය නොවූයේ අධික බර(ඉන්ධනත් සමග) නිසාය.තවද වාෂ්ප එන්ජින් වලට හුමාලය නිපදවීමට ජලයද විශාල වශයෙන් අවශ්‍ය විය.වර්තමානයේදී හෙලිකොප්ටර් සැහැල්ලු ලෝහයක් වන ඇලුමිනියම් යොදාගෙන නිර්මාණය කරයි.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ඩා වින්චි විසින් සැලසුම් කල පියාඹන යන්ත්‍ර සහ පියාසැරියට අවශ්‍යවන සමහරක් යාන්ත්‍රණයන් කිහිපයක් පහත දැක්වේ.ඉදිරි ලිපි ඔස්සේ ඒවා සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.
හෙලිකොප්ටර් සංකල්පය
ග්ලයිඩරය
පැරෂූටය
ගොඩබැස්වීමට අවශ්‍ය ගියරය
ග්ලයිඩරය
පැරෂූටය
ගොඩබැස්වීමට අවශ්‍ය ගියරය
ඩාවින්චිගේ හෙලිකොප්ටරය
ලියනාඩෝ තමන් ජීවත්ව සිටි කාලයට වඩා ශතවර්ෂ ගණනාවක් දුර සිතූ අයෙක් බව ලෝකයාට ප්රත්යක්ෂ කල නිර්මාණයක් වූයේ මෙම හෙලිකොප්ටරයේ සැලැස්මයි.එය හෙලිකොප්ටරයකට සමාන යන්ත්‍රයක් සැලසුම් කල පළමු අවස්ථාවයි.පුරාණ චීනයේ උණුසුම් වායු බැලූන සහ ගිනිකෙළිවල උපකාරයෙන් ගුවන් ගත විය හැකි යාන්ත්‍රයක් අත්හදා බැලුවද එය හෙලිකොප්ටරයට සමාන නොවීය.
ඩා වින්චි ඇදි හෙලිකොප්ටරයේ කටු සටහන
මෙම සැලසුම නිර්මාණය කර තිබෙන්නේ 1493 වසරේය.එනම් හෙලිකොප්ටරයක් සාර්ථකව ගුවන් ගත කිරීමට වසර 450කට පෙරය.එහි ප්‍රධාන තල දෙක මීටර් 2කක විශ්කම්භයක් සහිත වූ අතර ඒවා ප්‍රධාන ව්‍යුහය සමග බට යොදාගෙන සම්බන්ධ කර තිබිණි.
ඩා වින්චිගේ හෙලිකොප්ටර් සංකල්පය මේපල් ගසේ බීජ මත පදනම්ව නිර්මාණය කරන්නට ඇති.මෙම බීජ ඉහල සිට බිමට පතිත වන විට පාවී යන ස්වභාවය ඩා වින්චිගේ අවදානයට ලක්වන්නට ඇති.එසේම එම සංකල්පයට ආකිමිඩීස් ඉස්කුරුප්පුවද පදනම් කරගන්නට ඇති.මෙම ඉස්කුරුප්පු පොම්පය පුරාතන ග්‍රීසියේ විසූ ආකිමිඩීස් නම් ලියනාඩෝට සමාන තවත් ප්‍රාඥයෙක් විසින් සොයාගන්නා ලදි.
මේපල් ශාකයේ බිජයක් සහ එය පොලොවට වැටෙන අයුරු
ආකිමිඩීස්ගේ ඉස්කුරුප්පුව සහ ආකිමිඩීස්
හෙලිකොප්ටර් සංකල්පය ක්රියාවේ යෙදවීම
ඩා වින්චිගේ හෙලිකොප්ටරය සැලසුම් කර තිබෙන්නේ මිනිස්බලයෙන් ක්‍රියා කරන පරිදිය.නමුත් අවාසනාවට ඒ සමයේ එන්ජින් සොයාගෙන නොතිබුණි.ඒ සමයේ තමන් පවා ගුරුත්වයට එරෙහිව ඉහලට ඔසවන්න ප්‍රමාණවත් බලයක් නිපදවීමේ හැකියාවට තරමක් භෝ මිනිසා ලංව නොතිබුණි.
මිනිසුන් දෙදෙනෙක් මෙම යන්ත්‍රයේ වක්රාකාර කොටසේ සිට එහි තිබෙන දැවයෙන් තැනූ දණ්ඩ ග්‍රහණය කරගෙන මධ්‍යයේ වූ දණ්ඩ වටා ගමන් කල යුතුව තිබිණි.එවිට යන්ත්‍රයේ තිබෙන තල භ්‍රමණය වෙමින් ඉහළට ගෙනයයි.නමුත් මිනිසුන් දෙදෙනාගේ බර උසවන්නට තරම් ඔවුන් සැපයූ ඉපිලුම් බලය ප්‍රමාණවත් නොවේ.මේ සඳහා එම කාලයේ යොදාගත හැකිව තිබූ සැහැල්ලුම අමුද්‍රව්‍ය වන්නේ තල සඳහා කැන්වස් රෙදි,සැකිල්ල වෙනුවෙන් පයින් දැවද යොදාගන්නට ඇති.මෙම අමුද්‍රව්‍යවල බරත් එහි ක්‍රියාකරුවන්ගේ බරත් එසවීමට තරම් ඩා වින්චිගේ හෙලිකොප්ටරයට ප්‍රමාණවත් බලයක් නිපදවීමට නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
නමුත් ඩා වින්චිගේ මෙම සැලැස්ම පරිකල්පනයේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ලෙස තවමත් පිලිගැනේ.මෙවැනි යන්ත්‍රයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එන්ජින් නිර්මාණය වන්නේ 1800 සියවසේ අවසන් කාලයත් 1900 සියවසේ මුල් කාලයත් අතරය.නමුත් වාෂ්ප එන්ජින් සොයාගත් සමයේ ඒවා ගුවන් යානා ආදිය යොදා ගැනීමට යෝග්‍ය නොවූයේ අධික බර(ඉන්ධනත් සමග) නිසාය.තවද වාෂ්ප එන්ජින් වලට හුමාලය නිපදවීමට ජලයද විශාල වශයෙන් අවශ්‍ය විය.වර්තමානයේදී හෙලිකොප්ටර් සැහැල්ලු ලෝහයක් වන ඇලුමිනියම් යොදාගෙන නිර්මාණය කරයි.
මිනිසා අවධානය යොමුකරන ඕනෑම ක්ෂේත්රයක විශිෂ්ඨත්වය පෙන්වන බවට ඩා වින්චිගේ හෙලිකොප්ටරය හොඳම උදාහරණයකි.
ඊළඟ ලිපියෙන් ඩා වින්චිගේ ග්ලයිඩරය ගැන සාකච්ඡා කරමු.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-