අනුන්ට හොද කරාම

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    අනුරාද රා දාපු ත්රෙඩ් එක දැකලා මේක කියන්න හිතුනේ කුකුලොහ්. මගේ ජීවිතේ මම දැකපු දෙයක්. මේකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගනින්.

    මම මුල්ම ජොබ් එකට ගියපු දවස්වල අපේ junior batch එකේ මල්ලි කෙනෙක් මගෙන් උපදෙස් ඇහුවා හොද ජොබ් එකක් ගොඩ දාගන්න. මම එහෙමකට පොරක් නිසා නෙමෙයි ඌ මාත් එක්ක ෆිට් නිසා (අපේ ගෙවල් පැත්තේ). කොහොමහරි මට හිතුනා මට පුලුවන් උපරිමෙන් අවංකවම ඌට හොදම තැනකට යන්න අවශ්‍ය උපදෙස් දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි කැමති නෑනේ අපිට වඩා කෙනෙක් අපිව අභිභවා යනවට. ඒත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු strong mentality එකක්.

    කොහොමහරි මම ඌට දීපු උපදෙස් එක්ක ඌ out වෙන්නත් කලින්ම හොදම company එකක ජොබ් එකක් සෙට් වුනා. ඌ මුලින්ම මට තමයි කතා කරලා කිව්වේ ගෙදරට කියන්නත් කලින්. :love:
    මට දැනුනු සතුට කියාගන්න බෑ. දැන් මේක ටයිප් කරද්දිත් ඒ සතුට මට දැනෙනවා. ඒක තමන්ගේ සාර්තකත්වය නිසා දැනෙන සතුටටත් වඩා පට්ටම උසස් සතුටක්. ඇත්තටම ඒ වෙනකොට මම ඌ තරම් සාර්තක නෑ.

    පස්සේ මම ඌට දුන්නු උපදෙස් මගේ ජීවිතේට සම්බන්ද කර ගත්තා. මට මතකයි මම ඌට කියපු වචනයක් ගානේ. ඒ දේවල් මම මගේ ජොබ් එක තුලත් ගොඩ නගා ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒකෙ ප්‍රතිපල ලැබෙන්න ගත්තා. දැන් ඌත් ගොඩ මාත් ගොඩ.

    කාටහරි බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්. ජොබ් එකේ සාර්තක වෙන්න කරන්න පුලුවන් පුන්චි පුන්චි කරුනු ගැන මම ඌට කියපු දේවල්ම අන්තිමේ මටත් වැඩ කලා මගේ සාර්තකත්වයට. ඒ පිනත් මට ලැබෙන්න ඇති. ඒ වගේම අරූගේ සාර්තකත්වය දැක්කම අදටත් මට සතුටුයි. ඒ සතුට මැරෙනකම්ම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් දෙයක්.

    ගන්න දෙයක් තියෙනව නම් ගනින්, නැත්නම් just ignore :)
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් එහෙම තමා හැමෝටම පුළුවන් විදිහට උදවු කරනවා. පොලිසියේ එකෙක් ඇවිල්ලා නඩුවක් ඉල්ලුවම. එකෙක්ට ලොකේෂන් තියලා පොලිස් කාරයට ගිහිං කුදලන් යන්න කියනවා. ♥️
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    ow oka jiwithe experience karanna puluwan pattama emotion ekak.

    duka kiyanne godak ewun eka yanthwath experience karala na,

    mokada hama welema manussayekta udawwak karoth eka mathaka thiyan aruta man mehema kara arehema kara kiyala hithe thiyan inna purdu wela handa,.
     
    • Love
    Reactions: KrishanL89

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    api nan udaw kloth 90% kma kamri wada apita wenne. dan nan sahena adui mokektawath udaw karnawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    මාත් එහෙම තමා හැමෝටම පුළුවන් විදිහට උදවු කරනවා. පොලිසියේ එකෙක් ඇවිල්ලා නඩුවක් ඉල්ලුවම. එකෙක්ට ලොකේෂන් තියලා පොලිස් කාරයට ගිහිං කුදලන් යන්න කියනවා. ♥️
    සක්කිලි වැඩ ඉතිං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    අනුරාද රා දාපු ත්රෙඩ් එක දැකලා මේක කියන්න හිතුනේ කුකුලොහ්. මගේ ජීවිතේ මම දැකපු දෙයක්. මේකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගනින්.

    මම මුල්ම ජොබ් එකට ගියපු දවස්වල අපේ junior batch එකේ මල්ලි කෙනෙක් මගෙන් උපදෙස් ඇහුවා හොද ජොබ් එකක් ගොඩ දාගන්න. මම එහෙමකට පොරක් නිසා නෙමෙයි ඌ මාත් එක්ක ෆිට් නිසා (අපේ ගෙවල් පැත්තේ). කොහොමහරි මට හිතුනා මට පුලුවන් උපරිමෙන් අවංකවම ඌට හොදම තැනකට යන්න අවශ්‍ය උපදෙස් දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි කැමති නෑනේ අපිට වඩා කෙනෙක් අපිව අභිභවා යනවට. ඒත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු strong mentality එකක්.

    කොහොමහරි මම ඌට දීපු උපදෙස් එක්ක ඌ out වෙන්නත් කලින්ම හොදම company එකක ජොබ් එකක් සෙට් වුනා. ඌ මුලින්ම මට තමයි කතා කරලා කිව්වේ ගෙදරට කියන්නත් කලින්. :love:
    මට දැනුනු සතුට කියාගන්න බෑ. දැන් මේක ටයිප් කරද්දිත් ඒ සතුට මට දැනෙනවා. ඒක තමන්ගේ සාර්තකත්වය නිසා දැනෙන සතුටටත් වඩා පට්ටම උසස් සතුටක්. ඇත්තටම ඒ වෙනකොට මම ඌ තරම් සාර්තක නෑ.

    පස්සේ මම ඌට දුන්නු උපදෙස් මගේ ජීවිතේට සම්බන්ද කර ගත්තා. මට මතකයි මම ඌට කියපු වචනයක් ගානේ. ඒ දේවල් මම මගේ ජොබ් එක තුලත් ගොඩ නගා ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒකෙ ප්‍රතිපල ලැබෙන්න ගත්තා. දැන් ඌත් ගොඩ මාත් ගොඩ.

    කාටහරි බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්. ජොබ් එකේ සාර්තක වෙන්න කරන්න පුලුවන් පුන්චි පුන්චි කරුනු ගැන මම ඌට කියපු දේවල්ම අන්තිමේ මටත් වැඩ කලා මගේ සාර්තකත්වයට. ඒ පිනත් මට ලැබෙන්න ඇති. ඒ වගේම අරූගේ සාර්තකත්වය දැක්කම අදටත් මට සතුටුයි. ඒ සතුට මැරෙනකම්ම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් දෙයක්.

    ගන්න දෙයක් තියෙනව නම් ගනින්, නැත්නම් just ignore :)
    උඹ ඕක බලන විදිය වැරදි මම හිතන විදියට. උඹ කරපු වැරැද්ද තම කකුලුවා වගේ පැටව් ටිකට කෙලින් යන්න කියලා ඇදේ ගිය එක. ඒත් උඹත් කෙලින් යන්න ගත්තට පස්සෙ තමා හරි ගියෙ. උඹ ඌව හදන්නෙ යන්නෙ නැතුව ඒ ටිකම පිලිපැද්දානම් ඔය ටිකම වෙනවා.

    මිනිසුන්ට උදව් කරපන්, එපා කියන්නෙ නෑ. ඒත් කවුරු කිව්වත් "මුකුත් බලාපොරොත්තු වෙන්න එපා මචන්" කියලා, අපේ හිත අනිවා බලාපොරොත්තු වෙනවා පොඩි දෙයක් හරි, උදා: පොඩි හෙල්ප් එකක්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ return එක උන් දෙන්නෙ නෑ. උන් මහ අරිනව. අන්න එදාට උඹට හිතෙනවා අපරාදෙය් උන් වෙනුවෙන් වැය කරපු කාලේ කියලා. ගොඩක් වෙලාවට තදටම වදින්නෙ out of the way ගිහින් උදව් කරපු උන් ඔහොම කලාම. බැරිම තැන උදව් ඉල්ලලා බෑ කියපු උන් ඉන්නවා අනන්තවත්.

    ඒ නිසා මම දැන් කරන්නෙ ලිමිට් එකක් තියන් ඒකටත් අඩුවෙන් උදව් කරන එක. සමහර වෙලාවට මොලේට යන්න කලින් කටින් "OK" කියන වෙලාවල් තිබ්බා ඉස්සර, දැන් නම් මම ආසවටත් "බෑ" කියනවා. එහෙම කිව්වාම මිනිස්සුන්ගෙ නියම ස්වරූපය හොයාගන්න පුලුවන්. "බැරිනම් කියපන් මචන්, යාලුකම තමා වටින්නේ මේවා නෙවී. ඒ නිසා තරහක් නෑ" කියපු උන්, බෑ කිව්වාම හොයන්න නෑ.

    2022 ඉඳන් මගේ guiding principal එකක් තමා" Find the balance between been selfless and selfish" කියන එක.

    තව දෙයක් තමා, පුක නොදීම බැරිනම් ගනුදෙනු විදියට කරපන්. උදා: උඹ හෙල්ප් එකක් දීපන්, අනිත් පැත්තට මොකක්හරි ඉල්ලපන්, ඌ satisfactory response එකක් දුන්නොත් ඊලඟ පාර මොකක්හරි ඉල්ලුවාම වැඩිපුර කරපන්, නැත්තන් ඌට සේවා සපයන ලිමිට් එක වැඩි කරපන්. ඔය ලිමිට් එක වැඩි වෙන්නේ ඌගෙ positive feedback එක උඩ. එහෙම උනාම දවසක "යකෝ මූට මෙච්චර කරලත් මූ මට මෙහෙම කලානේ" කියලා හිතින් අඬන්න ඕන නෑ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මිනිසුන්ට උදව් කරපන්, එපා කියන්නෙ නෑ. ඒත් කවුරු කිව්වත් "මුකුත් බලාපොරොත්තු වෙන්න එපා මචන්" කියලා, අපේ හිත අනිවා බලාපොරොත්තු වෙනවා පොඩි දෙයක් හරි, උදා: පොඩි හෙල්ප් එකක්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ return එක උන් දෙන්නෙ නෑ. උන් මහ අරිනව. අන්න එදාට උඹට හිතෙනවා අපරාදෙය් උන් වෙනුවෙන් වැය කරපු කාලේ කියලා.
    menna meka 100%k aththa machan. Kochchara na kiwwath api aduma gaane respect ekakwath balaporoththu wenawa ape subconscious eken hari. Mata methana emphasize karanna one wune machan mama mage adupaadu andura gaththe aruwa goda daanna hithagena uta goda yanna hari path eka analyse karaddi. Eka antime utath wada magema success ekata paara kapuwa. Pina kiyanne anna ekata wenna athi ban. honda deyak karaata passe ape mind process eka honda paththata harena eken apitama anith paththata hondak wenawa.

    Kaata hari kelawanna try karaddith ekamai anith paththata aapahu enne.
     
    හොඳ කලාම හොඳ වෙනවා කියන එකට උඹ වැරදි example එක අරන් තියෙන්නෙ බන්. උඹ කම්මැලි නොවී උඹ ගැන හිතුවානම් ඔය process/path එක උඹේ ඔලුවට යනවා. උදව් කලා කියලා හැම එකාටම හරියන්නෙ නෑ බන්. මම දැකලා තියෙනවා සමහර උන් උඩ පැනගෙන හෙල්ප් කරන්නෙ, ඒත් උන්ගෙ ජීවිත අන්ත අසරනයි. අනිත් පැත්තට බලපන්, ලොවෙත් එකෙක්ටවත් හොඳක් නොකර ඒත් හරියන උන් නැද්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    අනුන්ට හොන්ද කරොත් අනිවා ඔවා කැරකිලා එනවා.

    ලොවෙත් එකෙක්ටවත් හොඳක් නොකර ඒත් හරියන උන් නැද්ද?
    Sri lankan parliament
    ------ Post added on Apr 27, 2025 at 7:31 PM