ela thanks machan ....
+++

+++
චගු;23982200 said:උඹල දෙන්න විතරක් නම් යන්නෙ .. උදේ පාන්දර පිටකොටුවෙන් බස් එක අනුරාධපුර හරහා වවුනියා - 4:50 AM (?) ) .
තේ බොන්න කලුවරගස්වැව දි පොඩ්ඩක් වෙලා නතර කරනවා.
බස් එකේ ගියාම උදේ 10 වගේ වෙද්දි අනුරාධපුරේ මචන්.. එතකොට ටිකක් ඇවිදින්න එහෙම වෙලාව තියෙනවා.
බස් එකට වඩා සැපට යන්න ඕනි නම් කෝච්චියෙ සීට් බුක් කරල පලයන්.
රත්නමාලි එකේ කාමර හොඳයි.
http://www.rathnamalipilgrimsrest.lk/
රත්නමලි එකේ කෑම නෑ.. ඒත් CeyBank rest එක තියෙන්නෙ ඒකට අල්ලපු වැටේ.. එතන උදේ දවල් , දවල් බුෆේ තියෙනවා.
Ceybank Rest එකේ කාමරත් සුපිරි.. ඒත් ගණන්
පුශ්පදාන විශ්‍රාම ශාලාව තියෙන්නෙ ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ මළුව කිට්ටුව මයි.. ඒත් මේකෙ කමර පහසුකම් නම් ටිකක් පරණයි
අටමස්ථානය බලන්න බස් එකක් තියෙනවා..
ඊට අමතරව සමහර ත්‍රිවිල් ඩයල් ඉන්නවා ගයිඩ් ටුවර්ස් කරන.. ටිකක් ගණන්.
උඹල එක රැයයි නම් ඉන්නෙ.. අටමස්ථානෙ වෙනුවට ස්වර්ණමාලි මහ සෑය, ජයශ්‍රී මහ බෝධීන්වහන්සේ වන්දනා කරල.. ථුපාරාමය, ජේතවනාරාමයට පයින් පලයන්.. අභය වැව ලඟ පොඩි පික්නික් එකක් දාන්න පුලුවන් .. (කුණු එහෙම දාල එනව නෙවෙයි ඔන්න )
හොඳට කන්න එහෙම ඕනි නම් මචන් ටවුමෙ තියෙනව Family Super / Casserole එකක්. ඒකෙ නම් කෑම හොඳයි.
නයිට් කඩයක් නම් හොයන්නෙ (රෑ 10:30න් වගේ පස්සෙ..) සිංහ කණුව හෝටලේ තමා.. ඒකෙ පිරිසිඳුකම ගැන උඹල ම බලා ගනින්.
