ඔය මොන තර්ක, පොරොන්දු අනාවැකි කිව්වත් ලංකාවේ අති මහත් බහුතරය ඡන්දෙ දෙන්නෙ රැල්ලට. උන්ට ඕනෙ දිනයි කියලා හිතන එකාට ඡන්දෙ දීලා තමනුත් ඒකට දායක උනා කියලා ඔටෝ චූන් එකක් ගන්න. ඒ අතර කැපුවත් අරක මේක කියන තව මෝඩ හරක් රැලක් ඉන්නවා උන් මොනා කළත් දෙන්නෙ ඒකටමයි.
ඉතින් විචාර බුද්ධියෙන් තර්කයෙන් මේ රටේ ජනාධිපතිලා මන්ත්රීලා බිහිවෙන්නෙ නෑ.
රැල්ල හැරුනට පස්සෙ ඒක කඩන්න බෑ මොන කතා කිව්වත්. විරුද්ධ කතාවක් ආවත් ඒක තමුන්ගේ වාසි ඇහෙන් තමයි බලන්නෙ. මිනිස්සු තේරුම් ගන්නෙ හරිදේ නෙමෙයි තමුන් තේරුම් ගන්න කැමති දේ. ගිය ඡන්දෙදි උනත් ගෝටා මබ්බදයෙක් බව පෙනි පෙනි ඌට ප්රශ්නෙකට උත්තර දීගන්න බැරි බව පෙනි පෙනී, 'අපිට ඕනෙ කතා කරන නායකයෙක් නෙමෙයි වැඩ කරන නායකයෙක්' කියලා ඡන්දෙ දුන්නනෙ.
දැන් රැල්ල අනුරට හැරිලා ඉවරයි. ඊටපස්සෙ මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නෙ.