අවලාද ..මඩ ...අපහාස ...තාවකාලිකයි ...!
ජනතා විමුක්ති පෙරමුණට අවලාද හා මඩ ගසන බොහෝ අය මෙරට නිර්ධනයින් වීම සුවිශේෂී කරුණකි. එක්කෝ කම්හලක සුළු සේවකයෙකු හෝ කාර්යාලයක සුළු රැකියාවක් කරන අය මේ අතර ඉහලින්ම සිටී. එවැනි දේ සිදු වන විට අප උපේක්ෂාවෙන් බලා සිටිය යුතුය. මන්ද මෙරට ජන සමාජය මේතාක් නිවැරදිව තම පන්තිය පිළිබඳව නිසි අවභෝදයක් නැතිකම නිසා මෙවැන්නක් තව දුරටත් සිදු විය හැකි නිසාය. ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ සමාජයේ වඩා හොඳ කොටස නිවැරදි තක්සේරුවක් කර ඇති මෙවන් යුගයක, අද දවසේ අපගේ කාර්ය විය යුත්තේ බහු ජනතාව දිනා ගැනීම උදෙසා පළල් ජන සංවාදයකට මුල පිරීමය.
ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ 1965 සිටම මේ දක්වාම ප්රතිගාමී මාධ්‍ය මෙන්ම වාම විරෝධී වමේ සළු පිලි ඇඳ ගත් පිරිස අතින් ලියවී ඇත්තේ මඩ පච හා අවලාද පමණි. මෙරට ධනපති දේශපාලන පක්ෂ සිය දේශපාලනය ආරම්භයේදී පටන් කල එකම කට යුත්ත වුයේ ජනතාව රැවටීමය. ඒ වෙනුවෙන් බොහෝ පුද්ගල චරිත වරප්‍රසාද හා දොළ පිදේනි දීමෙන් මානාන ලදී. මෙයට දිය හැකි කදිම උදාහරණය නම් දයාන් ජයතිලකය. ඔහු ධනපති පක්ෂ දෙකම විසින් ප්රතිවිප්ලවීය සටනේ පෙරගමන් කරු ලෙස භාවිතයට ගැනුනි. තමන්ට ඇති එකම විවෘත අභියෝගය වන ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් වියුක්ත කිරීම වෙනුවෙන් දශක ගණනාවක් ඔස්සේ වපුරා ඇති බේගල් මේ වන විට අප සමාජය වසා පැතිරී ඇත. පක්ෂය වෙනුවෙන් නිවැරදි මතවාදයක් ගෙන ඒමට ඇති සියලු දොර කවුළුද වසා ඇත්තේ සත්‍ය එලිවීම තුල තම පරාජය ස්ථීර වන නිසා බව අප දන්නෙමු.
ඉතිහාසය තුල ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය පිළිබඳව අනාගතය ස්ථීර ලෙසම නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි අපි දනිමු.
තම පෞත්ගලික අරමුණු අපේක්ෂා වෙනුවට මුළු මහත් සමාජය කෙරෙහි වූ ලෙන්ගතු බැඳීමකින් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට ක්‍රියාත්මක වූ මිනිසුන් අප දුටුවේ ජවිපෙ තුලය. ඒ වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කලේද ජවිපෙ ය. තම මරණය අනාගත ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් යයි සිතන මිනිසුන් බිහි වුයේ ජවිපෙ තුලය. තම දරුවා ගේ මෙන්ම තවත් සුවහසක් දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතුයැයි සිතන මව්වරුන් පියවරුන් ගොඩ නැගුනේ ජවිපෙ දේශපාලනය තුලය. පෞද්ගලික පටු සීමාවන්ට කොටු කරන ලද දිරායන ධනේශ්වර ක්‍රමය විසින් නරා වලට තල්ලු කර දමා සිටි මිනිසුන් වෙනුවට පොදු වුවමනාවන් වෙනුවෙන් පෙරට එන , ඒ වෙනුවෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන , ඒ වෙනුවෙන් අරගල කර අවැසි නම් තම ජීවිතය වුවද පුද දෙන අව්‍යාජ මිනිසුන් බිහි කලේද ජවිපෙය. මේ අසම සම කැප කිරීම් වල ප්‍රතිපල මුළු මහත් සමාජයටම අඩු වැඩි වශයෙන් ලැබුණු බව අප පක්ෂයට එරෙහි වන්නට වුවද බැහැර කල නොහැකි සත්‍යකි.
මෙන්න මේ කටුක කර්කෂක සත්‍ය නිවැරදිව අවබෝධ වන තුරු අපට ගහන්න..! අවලාද නගන්න..! අප මරා දමන්න..! එහෙත් සත්‍ය හා යුක්තිය මිය නොයන බව පමණක් සිතට ගන්න ...!! ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක මෙරට ජනතාව තනිකර නැත. අභියෝග දහසක් හමුවේ වුවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ජනතාවට ජයග්‍රහණය ගෙන එන්නෙමු ..!
Source - FB