ඒ කාලෙ අපිට ඔය brick games, tv games අරං දුන්නෙ නෑ ගෙදරින්..
දවසක් ඉස්කෝලෙ ඇරිල එද්දී අයිය tv ගේමක් ගහනව.. ඒක යාළුවෙක්ගෙන් උස්සන් ඇවිත්..
ඉතිං ඒ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ duck hunt, contra මතක් වෙනව

duck hunt වලට වෙනම pistol එකකුත් ලැබුන මතකද
ඇට බෝල තුවක්කු නම් ඉස්සර කානිවල් කඩපොලවල් වල ගියාම ගන්නවමයි..
ඒ කාලෙ වලි කාරයො ඕවට බයිසිකල් බෝල දාල තියාගෙන ඉස්පිරිතාලෙ ඉන්නව
මේව මතකද?
තව ගොඩක් ජාති තිබුන.. origami පොතක් තිබ්බ ඒක බලාගෙන එක එක ඒව හදනව කඩදාසි වලින්..
රවුම් රවුම් සැකිල්ලක් ඇතුලෙ කරකවන දැතිරෝද වගේ පෙති වලට පෑනක් තියල ලස්සන රටා අදින්න පුළුවන් එකක් තිබුන
ඇයි අර තෙල් දාල පත්තුකරල යවන බෝට්ටු
පුංචිකාලේ ඉස්කෝලෙ ප්රොජෙක්ට් කියල ඔය දාල තියන රූප මාරු කරන tv gadget වගේ projector හැදුව
කාඩ්බෝඩ් වලින් පතොරමක් ඇඳලා ඒවට රෝද දාල dc motor සෙට් කරල සෙල්ලම් කාර් හැදුව
ඔය ගොඩක් දේවල් නැවතුනේ computer පාවිච්චි කරන්න ගත්තට පස්සෙ තමයි