අනූ_හැවිරිදි_සිඟිත්තිය
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි
දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...
විය පත්ව යද්දී ලෝකයම
එක දැරිවියක් එතනම හිඳී
ජනේලය ළඟ වාඩිවී
අරුණළු නැගෙන විට
හාත්පස
රන් පාට පිනි මුතු අතුරලා
ඇය පින්සලේ හිරු කිරණ තවරා
උදෑසන සිතුවම් කළා
ජනේලය ළඟ නලා පිඹිනා
කොවුලෙකුගෙ හඬ ඇහිඳලා
දුක හිතෙන හීනෙක
සිඟිති දෙතොලක හිනාවක්
සිතුවම් කළා
විය පත්ව යන විට ලෝකයම
එක දැරිවියක් එතනම හිඳී
ජනේලෙන් ලොව දෙස බලා
හැන්දෑව එන විට
අහස් වියනට
දම් පාට බෝඩරයක් දමා
සිඟිත්තියකගෙ ගවුම් පොඩියක්
රුවට එම්බ්‍රොයිඩර් කළා
කිසිම දවසක හිනා නොවෙනා
මාළුවෙක් ගැන දුක හිතී
මාළු මූණට හරිම පුදුමයි
හිනාවක් පැලඳුව හැටී
කවරදාවත් මූණ අත හැර
රවුළ ගමනක් ගියෙ නැතී
ඒත් රවුළක් ඇවිද ගිය හැටි
සිඟිත්තන් දන්නා හැටී
කැලේ ඉන්නා රිලා හාමිලා
කුඩ ඉහල ගෙන ගියෙ නැති
ඒත් රිලවුන් කුඩ හොරුන් බව
නොදත් ළමයෙක් නැති හැටී
වියපත්ව යන විට ලෝකයම
දැරිවියක් වියපත් නොවී
අනූ හැවිරිදි සිඟිත්තෙකු ලෙස
ලෝකයක් දකිනා හැටී
අපි හැමෝම අපේ සිඟිති වියට පෙම් බඳින්නෙමු. එහෙත් කෙතෙක් ආදරය කළ ද අපිට අපේ සිඟිති වියෙහි නතර වන්නට නොහැක. කාලය පැමිණ අපේ අතින් අල්ලාගෙන අපිව යොවුන් වියට ද, අනතුරුව මැදිවිය දිගේ මහළු වියට ද රැගෙන යන්නේය. අපට සිදුවන්නේ කාලයට කීකරුව ඔහේ බලාසිටීමටයි.
මේ කාලයට අභියෝග කළ එක් කාන්තාවක පිළිබඳව මා දනිමි. කාලය ඇය හමුවේ පරාජය බාර ගෙන මුළු ගැන්වී කරබා ගත්තේ මුළු ලොවටම පෙනෙන්නටය. අනූවියැතිමුත් ඇයව මහළුවියට තබා මැදිවියටවත් කැඳවා ගැනීමට කාලය අසමත්ව සිටී. ඇය තවමත් සමනලුන්, තුන්ඉරි අප්පුලා, කුකුල් හාමිලා, සමඟ පමණක් නොව ඉර, හඳ, තරු පිරිවරා ගත් සොබා දහම සමඟ නොනවතින සංවදයක යෙදෙමින් ඒ අපූර්වත්වය පින්සලෙන් පෑනෙන් ප්රතිනිර්මානය කර ළමුන් වෙත පිරි නමන්නේය.
අද අපේ රටේ සිරිත නම් හැකි ඉක්මනින් ළමාවියට සමුදෙන ලෙස ළමයින්ට බලකිරීමයි. මන්ද යත් ඔවුන්ට අතිශයින්ම තරඟකාරී ලොකු ලොකු විභාග සමත්වීමට සිදුවී ඇති බැවිනි. මේ නිසා ලාංකීය දරු දැරියන්ගේ ළමා කාලය අතිශයින්ම කෙටි වී කප්පාදුවට ලක්වී ඇත. අනාගතයට මුහුණ දීම සඳහා මනස සැකසෙන පදනම වැටෙන හොඳම කාලය නිරෝගී ළමාවියක් හිමි වීමයි. අප බොහෝ පැති වලින් අසමත් ජාතියක් වී ඇත්තේ මේ පදනම හරිහැටි වැටී නැති නිසා බව මනාව පැහැදිලිය. බොහෝවිට ළමා කාලය අහිමි කර ඔවුන් අධ්‍යාපන ඉලක්ක කරා මෙහෙයවා ඒවා සපුරාගත් වෘත්තිකයන් දෙස බැලූ විට මේ ශෝචනීය තත්ත්වය මනාව පැහැදිලි වේ. ඔවුන් දෙලොවටම නැති කිසිම සෞන්දර්යාත්මක වින්දනයක් නැති මුදල් පසු පස හඹායන යන්ත්‍ර බවට ලඝු වී ඇත.
ජාතියක් විදියට මේ කෙරුවාව ගැන හොඳම උදාහරණය වන්නේ සිබිල් වෙත්තසිංහ මැතිණිය පිළිබඳ කතාවයි. ලෝකයේ හොඳම රටවල් ඒ රටවල දරුවන් සඳහා ඇගෙන් වැඩ ගනිද්දී අප කර ඇත්තේ කුමක්ද? එවන් අතිශය ජාත්‍යන්තර කීර්තියට පත් ළමා කතා නිර්මාණකාරියක් නොතකා හැරීමය. මේ පිළිබඳව ඇයට දොස් නැගීමට කිසිවෙකුට හෝ නොහැක. මක්නිසාද යත් ඇය ලෝකයේ කිසිදු ළමා සාහිත්‍යවේදියෙකුට නොදෙවෙනුව ඇගේ ජාතික වගකීම ඉටු කර ඇති බැවිනි. වරෙක ඇයගේ 'කුඩ හොරා' නම් ළමා චිත්‍ර කතාව ජපානයේ ජනප්‍රියම ළමා කතාව ලෙස ජපන් දරුවන්ගේ ඡන්දයෙන් තේරී පත්විය. ඔවුන් ඊට සමගාමීව ජපානයේ 1986 වසර "Year of Umbrella Thief" ලෙස නම් කළහ. එරට මේ වන විට එහි හතළිස් වැනි මුද්‍රණයද නිකුත් වී හමාරය. කිජෝ ළමා චිත්‍ර කතන්දර පොත් ගම්මානය (Kijo Picture book village) ඇගේ එම කතාවේ මුල් පිටපත ජපානයට ගෙන ගිය අතර එය මිලියන ගණන් ළමුන්ගේ සම්භාවනාවට පත්වී ඇත. ලංකාවේ ළමුන් සඳහා කටයුතු කරන විවිධ අමාත්‍යාංශ දෙපාර්මේන්තු තිබේ. පූර්ව ළමා සංවර්ධනය පිළිබඳව විවිධ වැඩමුළු පැවැත්වේ. එවා තුල විවිධ කතිකයන් විදේශීය විද්වතුන්ගේ ළමුන් පිළිබඳව අර්ථ දැක්වීම්, අධ්‍යයන වාර්තා පිළිබඳ ගිරවුන් මෙන් කියවනු දක්නට ලැබේ. ඔවුහු සිබිල් වෙත්තසිංහ නම් ගැමි කාන්තාව ළමුන් උදෙසා දැල්වූ නොනිමෙන පහන දෙස හැරී නොබලති.
සිබිල් වෙත්තසිංහ උපදින්නේ 1928 දී දකුණු ලංකාවේ ගාල්ලට නුදුරු ගිංතොට ප්‍රදේශයෙය. ගිංතොට ගැමි පරිසරයේ ගෙවූ ඇගේ ළමා කාලය හා පාසල් විය පිළිබඳව මිහිරි මතකය කවදාකවත් ඇය හැර ගියේ නැත. ඇය දුටුවේ ඒ පරිසරයේ ඇති සෑම දෙයකම වූ සජීවී භාවයයි. සතුන්ගේ ගහකොළ වල හා ළමුන්ගේ සිතුවිලි වල තිබූ සමාන කමයි.
වැලිගම උපන් ඇගේ මව මැහුම් ගෙතුම් අපූරුවට කල කලාකාමී කාන්තාවක වූවාය.
"අපේ ළමාවියේදී ලෝකය අදට වඩා වෙනස්. ඒක ලස්සන, හරිම කදිම නැවුම් ලෝකයක්. ඒ කාලෙ අපේ ගමේ මිනිස්සුන්ගෙ සාමූහික හැඟීම, එකිනෙකා කෙරෙහි දැක්වූ ආදර සැලකිල්ල අදටත් මගෙ හිතේ පිරිලා තියෙනවා. ඒ ළමා කාලය සම්පූර්ණයෙන්ම ළමයටයි අයිති වුණේ. කවුරුවත් ඒක ළමයාගෙන් උදුරා ගත්තෙ නෑ."
ඇගේ ප්‍රීතියෙන් දිලිසෙන දෑස ඇගේ ළමා සාහිත්‍ය පිටුපස වූ නොසිඳෙන උල්පත පිළිබඳව සහතිකයයි.
"මගෙ හොඳම යෙහෙළිය වුණේ මගෙ ආච්චි අම්මා තමයි. ඇය නාන්න මාව ගඟට එක්ක ගියා. ගමේ ඇවිදින්න එක්ක ගියා. ඒත් ඒ සුන්දර කාළෙ ඉක්මනට ගෙවිලා ගියා. අවුරුදු හතේදි අම්ම මාව කොළඹ බම්බලපිටියෙ කොන්වන්ට් එකට බාර දුන්නා. කොන්වන්ට් එකේදි සිංහල කතා බෑ. මට ඉංග්‍රීසි කතාවත් බෑ. ඉතිං මම නිශ්ශබ්දව පොත් කියවන්න පටන් ගත්තා."
ඇගේ සීයා දක්ෂ මූර්ති ශිල්පීයෙකු වූ අතර ඇය එම මූර්ති සිතුවමට නැගීමට පුරුදු වී සිටියාය. මේ අපූරු චිත්‍ර දුටු සීයා ඒවා ඇගේ ගුරුතුමියට පෙන්වන ලෙස එවකට දොලොස් වියැති සිබිල්ව දිරි ගැන්වූවේය. වඳින්න ගිය දේවාලය සිබිල්ගේ හිස මත කඩා වැටුණේය. උඩුකය නිරුවත් මූර්තියක සිතුවම දුටු කොන්වන්ට් එකේ ප්‍රධාන මව් තුමිය ඇයට චිත්‍ර ඇඳීම තහනම් කළාය.
"ඒත් මම පරාජය බාර ගත්තෙ නැහැ. චිත්‍ර ඇඳීම නැවැත්තුවෙ නැහැ. මම සුගතපාල මහත්තයගෙ ළමා පොතකට චිත්‍ර ඇන්දෙ ඔය කාලෙදි. මේ පොත දුටු මාටින් වික්‍රමසිංහ මහත්තයා සිබිල්ට චිත්‍ර අංශෙන් හොඳ අනාගතයක් ඇත කියා අම්මා එක්ක පැවසුවා. මාටින් වික්‍රමසිංහ ට විශාල ගරුත්වයක් තිබුණු අම්මා එදා තමයි මම චිත්‍ර අඳිනවට කැමති වුණේ. ඊට පස්සෙ මම පත්තර ගණනාවකට සම්බන්ධ වෙලා විත්ර සහ කතා නිර්මාණය කළ. චීනය ඩෙන්මාර්කය, කොරියාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ වැනි රටවල් ගනනාවක මගෙ පොත් කියවන සිඟිත්තන් සිටිනවා."
නුගේගොඩ, ඩලස් මාවතේ ජනාකීර්ණ පෙදෙසක දිවි ගෙවූවත් ඇගේ නිවස අවට තුරු වදුලින් සමන්විතය. ඇගේ චිත්‍ර කාමරය අල්පේච්ඡ ගුනයෙන් යුතුය. එහි ඇත්තේ ගෘහ භාණ්ඩ ස්වල්පයක් පමණි. ජනේලය අසල පුටුවේ වාඩිවී ඇය තවමත් දවල් කාලය පුරා ළමා කතා ලියන්නීය. ඒවාට ගැලපෙන සිතුවම් නිමවන්නීය. විවිධ පළතුරු හා ධාන්‍ය වර්ග වලින් සංග්‍රහ ලබන ලෙහෙනුන් ද කුරුල්ලන් ද ඇගේ පාළු මැකීමට විවිධ හඬින් කතා කරති. ඒ හඬ ඔස්සේ ඇය කාලය දිගේ ඇගේ ළමාවියට පා තබයි. එහි ආශ්චර්යය ලෝකය පුරා සිටින සුවහසක් ළමුන්ගේ දෝතට පිරිනමයි.
Jayantha Kahatapitiya | ජයන්ත කහටපිටිය boondi.lk