:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මෙහෙම thread වලින් කෙනෙක්ව යහමගට ගන්න කරන උත්සාහයත් ඔබට ලොකු කුසලයක් මචං. තව දුරටත් මේ දේවල් කරන්න. තෙරුවන් සරණයි!!
     
    • Like
    Reactions: dcdweerawardhana

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව බලල අැඩුවට වැඩක් නෑ බන්, එයාල කරන පින් පව් එයාලට තියෙයි,
    දැන් ඔය උෟර මරන මිනිහ පස්සෙ භවයක ඉපදිල උෟර මැරුව වගේ දුක් විදල මරිල යයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    දැන් ඔය බෙලිකැපුම් කන සත්තු කලින් ජීවිතයක ඔය විදියටම සත්තුන්ව මරපු අය. ඒකනේ කර්ම විපාකය ඒ විදියටම වෙන්නේ. බියකරුය මේ සසර. මේ සසරින් එතෙරවීටමයි මහන්සි ගත යුත්තේ.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මම පොඩි කාලෙ ඉඳල හැම කෑම ජාතිම හරියට තෝරනවා. මස් කෑම ගැන මුල ඉඳලම ඇතිවුණේ අප්පිරියාවක්. අපේ ගෙදරටත් ගෙනාවෙ නැති තරම් (ඒකත් උදව්වක් වුණා). ඒ නිසා ජීවිතේට මස් කාල නැහැ.

    හැබැයි ඉඳල හිටල මාළු කෑවා.. ඊටත් වඩා හාල් මැස්සො සහ කරවල -විශේෂයෙන්ම බැදලා- මගේ කැමතිම කෑම ජාතියක් වෙලා තිබුණා ලොකු වෙනකම්ම. පස්සෙ පස්සෙ උන්ගෙ හමේ පොතු සහ කටු එහෙම දකිද්දී මේ ඉන්නෙත් මැරිච්ච සතෙක් නේද කියල ඒ ගැනත් අප්පිරියාවක් එන්න ගත්ත. එහෙම වුනාම පිඟානෙ දාගෙන තියෙන ඒවත් විසි කරනවා. හැබැයි ඒ ගැන අමතක කරල තව දවසක කනවා. ටික කාලෙකට පස්සෙ බෙදා ගන්න කොටම අප්පිරිය හිතෙන්න ගත්ත. ඊට පස්සෙ නැවැත්තුව. හැබැයි මෙහෙම දෙයක් තියෙනව; උයල තියෙන හොදි වලින් එකම දියර ගතිය තියෙන හොද්ද හාල් මැස්සො හරි කරවල හරි හොද්දක් වුනොත් නම් කෑලි නැතුව හොදි දා ගන්නවා.. :rofl: ඒ රසට තියෙන කෑදර කමට නෙමෙයි, දියර හොදි එකක්වත් නැතුව කා ගන්න බැරි නිසා.

    දිගටම බිත්තර නම් කනවා. ඉස්සර නම් ඉතාම කලාතුරකින් තමයි කැවෙන්නෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ
    කෑම තෝරන ගතිය නිසා රහ සහ ගුණ කියන කාරණා දෙකටම දැන් බිත්තර වැදගත් වෙලා (දවස ගානෙ නොකෑවත්). තව ආදේශක කෑම හොයා ගන්න පුළුවන් වුනොත් බිත්තරත් නතර කරන්න පුළුවන් වෙයි. ඒ නම් අප්පිරියාව හින්ද නොවේවි.

    මගේ මස් මාළු නොකෑමට මූලික හේතුව අප්පිරියාව, එහෙම නැත්නම් මගේ කෑම තෝරන ස්වභාවය. සත්තු ගැන අනුකම්පා කරලා ඒ කෑම නවත්තන්න තැනට එන්න සිද්ද වුණේ නැහැ (එහෙම හිතලම කරන අයට මම ගරු කරනවා).
     
    Last edited: