මම කලින් දාපු එකට මේකත් එකතු කරන්න ඕන.
මොනව වුණත් අපි ජීවත් වෙන්නෙ ගෝලීයකරණය වෙන ලෝකයක. ඉස්සර කොල්ලයි කෙල්ලයි කෙලින් මූණ දිහා බලලවත් කතා කරන්නෙ නෑ. ඒත් දැන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන ගියා කියල කවුරුවත් මොනවත් කිය්නෙ නෑනෙ. වරද තියෙන්නෙ එයිනුත් එහා යාමයි. මම කියන්නෙ නෑ පාසල් ළමුන් අතින් අල්ලගෙන යාම හරි කියල.
මොනව වුණත් හැම දේටම ස්ථානයක් තියනවා. මහපාර හා ප්‍රසිද්ධ ස්ථාන කියන්නෙ ලංකාව වගේ රටක සිපගැනීමට කිසි සේත්ම සුදුස් තැන් නෙමේ. දැන් විහාරමහා දේවි උද්‍යානයේ පෙම්වතුන්ට වෙන්වුණු පැත්තක් තියනව නේද? ජීවන් කුමාරතුංග තරුණ කටයුතු ඇමති වෙලා ඉන්න කාලෙ ඔහුට සැලැස්මක් තිබුණා පෙම්වතුන්ටම වෙන් වුණු උද්‍යාන පිහිටුවන්න. ඒත් ඒක සැලැස්මකට පමණක් සීමා වුණා.
මට හිතෙන්නෙ රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි.