අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි. අප මිනිසුන් මේ මේ ආකාරය යැයි සිතින් මවා ගෙන, සිතින් උපකල්පනය කරමින්, ඔවුන් හා වරෙක ඇලෙයි වරෙක ගැටෙයි.
    අපේ සිතේ මවා ගත් ස්වරූපයට අනුකූලවම බාහිර පුද්ගලයා ක්‍රියා කරයි නම්, අප ඔහු හා ඇලෙයි. අප සිතින් මවා ගත් ආකාරයට වඩා වෙනස් විදියකට ක්‍රියා කරද්දී ගැටෙයි. එනම්.අපේ පංචස්කන්ධයේ, නාම ධර්මයන්ට අනුකූලව, සංඥාවෙන් මවා ගන්නා රූපයන් පමණි. කෙනකුගේ සිත පිරිසිද දැකීමට පෘථග්ජන, සාමාන්‍ය කෙනකුට නොහැක. එකම අයකු පිළිබදව විවිධ අයගේ සිත් තුළ පවතින හැඟීම වෙනස් වන්නේ, තම තමන්, තමාගේ සිතේ ස්වභාවයට අනුවම බාහිර ලෝකය දකින බැවිනි. ඇත්ත ස්වරූපය මෙයට හාත්පසින්ම වෙනස් විය හැක.

    සියළු ලෝකය පිරිසිඳ දත් ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේට එක් ක්ෂණයක් තුළදී සත්වයන්ගේ අතීත, අනාගත, වර්තමාන සිතිවිලි පරම්පරාවන් දැක ගත හැකි විය.
    එසේ සියළු ලෝක ධාතුන් සිසාරා විමස විමසා බැලිය හැකි සර්වඥතා ඤාණයකින් යුත් උන්වහන්සේ සත්වයන් යළි යළිත් ඉපදමින්, මැරෙමින් විවිධ වූ භවයන්හි සැරිසරමින් නොනවතින සසර ගමනක යෙදී සිටින බව දත් සේක.

    සිතෙහි ඇතිවන සිතිවිල්ල හේතුවෙන් ඉදිරි භවයන් සැකසෙන අයුරු පිරිසිඳ දත් සේක. එම භව ගමන යළි යළිත් සකසාලන අවිද්‍යව නැමැති මූලය පවතින තාක් කල්, තෘෂ්ණාවෙන් සත්වයා සසරටම බැඳ තබන බව දත් සේක. යමක් සියුම්ව හෝ ග්‍රාහණය කරගෙන සිටිනා උපාදානය නැමැති ක්ලේශය සිතින් මුළිනුපුටා දමන තෙක්, එකක් පසුපස එකක් සේ නොනැවති සිතිවිලි ගලමින්, භවයම නිර්මාණය කරන බව දත් සේක. "මම" යන මිථ්‍යාවෙන් , මුලාවෙන් සත්වයා වැසී සිටිනා තෙක් එම උපාදානයන් බිඳිය නොහැකි බව උන් වහන්සේ අවබෝධ කරගත් සේක.
    හේතු අනුවම ඉපිද, හේතු නිරුද්ධ වූ කල්හි නිරුද්ධ වී යන චිත්තයන්හි ,"මම", "මගේ" බවක් නොමැති බව උන්වහන්සේ පසක් කොට දත් සේක.

    එසේ වූ තීක්ෂණ සර්වඥතා ඤාණයකින් ලොව පිරිසිද දත් බුදු රජාණන් වහන්සේ මේ නොනවතින භවය සිඳීමට අවශ්‍ය මාර්ගය කුමක්ද යන්න ප්‍රත්‍යක්ෂ කොට දැන සත්වයාට , චතුරාර්‍ය සත්‍ය ලෙසින් දේශනා කොට වඳාළ සේක.

    දුකක් මේ ලොව තුළ පවතින බවත්, එම දුක ඇතිවීමට හේතුවක් ඇති බවත්, එම හේතුව නිරුද්ධ කළ කල්හි දුක නැතිවන බවත්, එයින්ම සියළු සසර ගමන, සිඳළිය හැකි බවද, ඒ සඳහා කළයුතු කාර්යයද කරුණාවෙන්ම වඳාළ සේක.

    අප කුඩා කළ සිට දත් මැද පිරිසිදුව තබා ගනිමින් එය ආරක්ෂා කරගන්නට වෙහෙසෙයි. ඒ අපට වැඩිහිටියන් උගන්වා ඇති හෙයිනි. දත් කැක්කුමේ වේදනාව අප දන්නා බැවිනි. යම් දුකක් විඳීමට අකැමැති වීමද, සැපක් විඳීමට කැමති වීමද සිතේ ස්වභාවයයි. එම නිසා දුකින් මිදීමට අප කල්තියා අවශ්‍ය පිළියම් යොදමින් පරෙස්සම් වන්නෙමු. ඒ නුවණැතියන්ගේ ලක්ෂණයයි. මෙපරිදිම කර්ම විපාක ශක්තිය දන්නා, සසර දුක දන්නා පණ්ඩිතයා එම දුකින් මිදීමට අවශ්‍ය ප්‍රතිකර්මය කල් තියා යොදා ගනු ඇත.
    සසර පිළිබඳ බිය කෙසේ වූවද, මේ නිෂ්ඵල වූ, අසාර වූ සසර, ජීවීතය පිළිබඳව හරසුන් බව දක්නා නුවණැත්තා එයින් ගැළවීමේ මාර්ගයට එළබෙන්නේය.

    සියළු සත්වයෝ කර්මය දායාද කොටගෙන ඇත්තෝය. ඔබ තිදොරින් කර ගන්නා කර්මයට විපාකය ඔබ බාර ගත යුතුය. අපට තව කෙනෙකුගේ කර්මයක් කෙරෙහි කොතෙක් දුක් වූවද , තාවකාලික පිළිසරණක් ලබාදිය හැකි වූවද, සදාකාලික වූ පිහිටක් ලබා දීමට කිසිදා නොහැකි වනු ඇත. සදාකාලික පිළිසරණට මාර්ගය බුදු රජාණන් වහන්සේ විසින් විවෘත කොට හමාරය.
    එම මඟ ගමන් ගන්නා විසින්, සංඥවෙන් දකිනා ලෝකය තුළ ඇලෙමින්, ගැටෙමින් වාසය කිරීමේ මෝහය අත්දකිනු ඇත.

    අපට අවශ්‍ය පරිදි අපේ සිතවත් නොපවතින කල්හි, අපේ රූපයවත් නොපවතින කල්හි, බාහිර ලෝකයේ පුද්ගලයන්ගෙන් කිසිඳා එය බලාපොරොත්තු විය නොහැක. අනාත්මය යනු එයයි..
    යමෙක් අනාත්මය හදවතින් පසක් කොට දකීද, ඔහු සිත තුළින් ලෝකය නැමැති සංඥාවන් ක්‍රමයෙන් ගිලිහී යයි. ඔබට යුද්ධයක් දිනිය හැකි වනු ඇත. නමුත් තම සිත දිනීම අසීරුතම වනු ඇත.
    බාහිර ලෝකයක්, බාහිර රූප යනු තම සිතේම සිතිවිල්ලක් පමණක් බව පසක් වන දිනයක් එවැනි කෙනකුට එළැබෙණු ඇත. එදිනට ඔහු සිත තුළින් සියළු දෘෂ්ටීන් බිඳ වැටී, කිසිම සංස්කාරයක යළි නො ඇලෙන, නො ගැටෙන , සාමකාමි, නිදහස්, සුවදායි, විමුක්ත සුවයෙන් පිරි මනසක් උදා වනු ඇත.
    සදාකාලික දුකේ නිමාව එයයි.
    එතනින් මෙහා යමෙක් දුකක නිමාවක් සේ යම් දෙයක් දකී නම්, එය කෙටි කාලීන සුවයකි. එම සදාකාලික සුවය ලබන තැනට කෙනකු පියවර තබන්නේ නම්, ඔහුට කවදා හෝ දිනක එම සුවය ලැබෙනු ඇත.

    එයට අවශ්‍ය වීර්‍ය්ය, ශක්තිය, තමා තුළින්ම වඩවාගත යුතුමය.
    කෙනකුට ඔබට නිවන් මාර්ගය පෙන්වා දිය හැක. නමුත් එහි ගමන් කොට, නිවන අත්දැකිය හැක්කේ ඔබටම පමණි.

    සුවපත් වේවා...!!!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,975
    1
    58,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි.
    මේක ලෝක ස්වභාවය. ඒක ප්‍රශ්නයක් නෙවෙයි
     
    • Like
    Reactions: Rontmir

    AnuradhaRa

    Well-known member
  • බාහිර ලෝකයට කිසිම අර්ථයක් නෑ

    අපි දකින විදිය අනුව තමා ඒකට අර්ථයක් ලැබෙන්න

    උදා - පාට සුවද

    ගලක් මලක් අහස පොළව ඉර හද තරු මේ හැම දේම

    quantum physics superposition
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,190
    113
    ඉතින් මොකද්ද අවුල??

    කන්නාඩියෙ එහා පැත්තේ නැති බල්ලෙක් දිහා බල බල, මෝඩ කමින් ඌත් එක්ක යාලු වෙන්න හරි, තරහ වෙන්න හරි බුර බුරා දවසෙම දගලන එක අවුලක් නෙවේද?
    මේක ලෝක ස්වභාවය. ඒක ප්‍රශ්නයක් නෙවෙයි

    මෝඩ කමේ ඉන්න බල්ලට නම් ප්‍රශ්නයක් වහේ පේන්නෙ නැ. ප්‍රජ්නාවන්ත්යෙකුට නම් පෙනේ මූ කරන මෝඩ වැඩේ..
     
    • Like
    Reactions: dandmad

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කන්නාඩියෙ එහා පැත්තේ නැති බල්ලෙක් දිහා බල බල, මෝඩ කමින් ඌත් එක්ක යාලු වෙන්න හරි, තරහ වෙන්න හරි බුර බුරා දවසෙම දගලන එක අවුලක් නෙවේද?
    තමන්ට වත් නොපෙනෙන තමන් මවාගත්තු ඊනියා " යථාර්ථයක්" හොයා හොයා කාලේ කානවට වඩා පහසු විදිහට ජීවත් වීම නරකද?


    බළලා මැටියෙන් මොකද මීයෝ අල්ලනවනම්?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,502
    113
    Mother Earth
    බාහිර ලෝකයට කිසිම අර්ථයක් නෑ

    අපි දකින විදිය අනුව තමා ඒකට අර්ථයක් ලැබෙන්න

    උදා - පාට සුවද

    ගලක් මලක් අහස පොළව ඉර හද තරු මේ හැම දේම

    quantum physics superposition
    බාහිර ලෝකෙ කිසිම අර්ථයක් නැති වුණත් උබ මාත් එක්ක තරහයිද තාම ?:sorry:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,190
    113
    තමන්ට වත් නොපෙනෙන තමන් මවාගත්තු ඊනියා " යථාර්ථයක්" හොයා හොයා කාලේ කානවට වඩා පහසු විදිහට ජීවත් වීම නරකද?


    බළලා මැටියෙන් මොකද මීයෝ අල්ලනවනම්?

    බල්ලත් කරන්නෙ, නොපෙනන සත්ය නොදැන කන්නාඩිය එහාපත්තෙ පේන බල්ලා යතාර්තය කියල හිතල..ඒක වෙනුවන් ඇලිල ගැටිල දුක් වෙන එකනෙ...බොරු වැඩක් නෙවේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,502
    113
    Mother Earth
    කන්නාඩියෙ එහා පැත්තේ නැති බල්ලෙක් දිහා බල බල, මෝඩ කමින් ඌත් එක්ක යාලු වෙන්න හරි, තරහ වෙන්න හරි බුර බුරා දවසෙම දගලන එක අවුලක් නෙවේද?


    මෝඩ කමේ ඉන්න බල්ලට නම් ප්‍රශ්නයක් වහේ පේන්නෙ නැ. ප්‍රජ්නාවන්ත්යෙකුට නම් පෙනේ මූ කරන මෝඩ වැඩේ..
    ඉතින් බල්ලා හිතන්නෙ උගෙ මොළේ අනුව. බල්ලට ඊට එහා තේරුම් ගන්න බෑ මේක කණ්නාඩියක් (වීදුරුවක් පිටිපස්සෙ ලෝහ ආලේපයක් ගාල නිසා ඒක ඉදිරියෙ තියෙන දේවල් පරාවර්ථනය වෙනවා) කියල. ඌට තේරුම් ගන්න බෑ දකින්නෙ ඌව මයි කියල. ඉතින් අපිත් හිතන් ඉන්නවා අපි හරි බුද්ධිමත් කියල. අපිට වඩා බුද්ධිමත් ජීවියෙක් හිටියොත් අපිත් මොන තරම් මෝඩයොද කියල ඌට‍ හිතෙයි. සමහර විට බල්ලට සාපේක්ෂව අපි බල්ලටත් වඩා මෝඩ ඇති. :)
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බල්ලත් කරන්නෙ, නොපෙනන සත්ය නොදැන කන්නාඩිය එහාපත්තෙ පේන බල්ලා යතාර්තය කියල හිතල..ඒක වෙනුවන් ඇලිල ගැටිල දුක් වෙන එකනෙ...බොරු වැඩක් නෙවේද?
    බල්ලාගේ උදාහරණය මට හිතෙන්නේ මෙතැනදී ටිකක් ප්‍රමාණවත් මදි. කෙලින්ම කියන්නම් ඒ නිසා.

    ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??
    අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.
    අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.
     
    • Like
    Reactions: ek_rosh

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි. අප මිනිසුන් මේ මේ ආකාරය යැයි සිතින් මවා ගෙන, සිතින් උපකල්පනය කරමින්, ඔවුන් හා වරෙක
    බයියන්ට උනෙත් මේක. මහළු බල්ලෙකුගෙ කෙදිරියකටත් ගූ ගිහින් දුවන තත්වෙක ඉන්න ඌරෙක්ව සිංහයෙක් විදිහට දැක්කා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,502
    113
    Mother Earth
    බාහිර ලෝකයට කිසිම අර්ථයක් නෑ

    අපි දකින විදිය අනුව තමා ඒකට අර්ථයක් ලැබෙන්න

    උදා - පාට සුවද

    ගලක් මලක් අහස පොළව ඉර හද තරු මේ හැම දේම

    quantum physics superposition
    Light it up, on the run
    Let's make love tonight
    Make it up, fall in love, try
    (Baby, I'm right here) :yes:

    But you'll never be alone
    I'll be with you from dusk till dawn
    I'll be with you from dusk till dawn
    Baby, I'm right here:yes:
    I'll hold you when things go wrong
    I'll be with you from dusk till dawn
    I'll be with you from dusk till dawn
    Baby, I'm right here:yes:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,190
    113
    බල්ලාගේ උදාහරණය මට හිතෙන්නේ මෙතැනදී ටිකක් ප්‍රමාණවත් මදි. කෙලින්ම කියන්නම් ඒ නිසා.

    ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??
    අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.
    අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.

    ඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..

    ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..

    හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..

    දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..


    1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??

    ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.

    2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.

    දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ

    3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.

    ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...

    උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..

    ඉතින් බල්ලා හිතන්නෙ උගෙ මොළේ අනුව. බල්ලට ඊට එහා තේරුම් ගන්න බෑ මේක කණ්නාඩියක් (වීදුරුවක් පිටිපස්සෙ ලෝහ ආලේපයක් ගාල නිසා ඒක ඉදිරියෙ තියෙන දේවල් පරාවර්ථනය වෙනවා) කියල. ඌට තේරුම් ගන්න බෑ දකින්නෙ ඌව මයි කියල. ඉතින් අපිත් හිතන් ඉන්නවා අපි හරි බුද්ධිමත් කියල. අපිට වඩා බුද්ධිමත් ජීවියෙක් හිටියොත් අපිත් මොන තරම් මෝඩයොද කියල ඌට‍ හිතෙයි. සමහර විට බල්ලට සාපේක්ෂව අපි බල්ලටත් වඩා මෝඩ ඇති. :)

    ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
    ------ Post added on Nov 21, 2023 at 10:40 PM