225 ම එපා kiyana eke waradda mokadda ban

kola bayyek wage oya nam
"225 ම එපා" යනු මේ වන විට රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් පාවිච්චි කරන අලුත් ම අරාජිකවාදී සටන් පාඨයයි.
කොටින් ම දැන් මහින්දානන්ද පවා කියන්නේ ඒ කතාව ය.
එහි අරමුණ මේ ප්‍රශ්නය පාර්ලිමේන්තු රාමුව තුළ විසඳාගත හැකි සියලු මාර්ග ඇහිරීමයි.
එවිට රාජපක්ෂලාට තවදුරටත් බලයේ එල්ලී සිටිය හැකිය.
චෙස් ක්‍රීඩාවේ නම් මෙයට කියන්නේ stalemate එකක් කියා ය.
ඒ කියන්නේ මෙතැනින් මෙහාට අඟලක්වත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් උදාකිරීමයි.
මේ වගේ ගේම්වලින් තවදුරටත් ලංකාවේ මිනිසුන් රවටන්න පුළුවන් යැයි ඔවුන් හිතනවා නම් එය විහිළුවකි.
ඒ නිසා "225 ම එපා" සටන් පාඨය මෝඩ විදියට කරේ තබාගෙන යන්න එපා!
225 සමග ඇති ප්‍රශ්නය පසුව විසඳාගනිමු. ඊට කලින් රාජපක්ෂ ආණ්ඩුවත් ඒ ආණ්ඩුව වටා සිටින හොර කල්ලියත් ගෙදර යවමු.
පැහැදිලි නිර්ණායක ටිකක්, පැහැදිලි න්‍යාය පත්‍රයක් සහිතව භාරකාර ආණ්ඩුවක් හදමු. පාර්ලිමේන්තුව තුළ සිටින වත්කම් බැරකම් ජනතාවට ප්‍රසිද්ධ කළ හැකි, වංචා දූෂණ හෝ අපරාධ චෝදනා නැති සීමිත පිරිසකට භාරකාර ආණ්ඩුවට පැමිණීමට ඉඩ ලබා දෙමු.
භාරකාර ආණ්ඩුවට පැමිණෙන්නන් ඒ වැඩපිලිවෙළ තුළ අවංකව සිටිමින් තම රාජකාරිය ඉටුකරනවාදැයි පුරවැසියන් ලෙස පරීක්ෂාවෙන් සිටිමු. බලපෑම් කරමු.
භාරකාර ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය යම් මට්ටමකින් ස්ථාවර කරගෙන මැතිවරණයකට යමු.
225 සමග ඇති ප්‍රශ්නය ඒ මැතිවරණයේ දී බේරා ගනිමු.
සාමය කඩකිරීම සහ අරාජිකත්වය සඳහා වන සියලු උසිගැන්වීම් පරාජය කරමු.