අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඉස්සෙල්ලම මම අනුසුරතාව දිනා ගත් අපේ කණ්ඩායමට සුභ පතනවා.
ඊයේ අපේ මුළු ලංකාවම බලාපොරොත්තු උනේ ලෝක කුසලානය දිනා ගැනීම එත් කවුරුත් නොහිතපු විදියට අපිට ඒක කරන්න බැරි උනා :(
අපිට මොකද උනේ
ලංකාවේ ජය පතල අපේ ක්‍රීඩකයන්ට සවියක් දෙන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ ඉන්දියාවට ගියා. එතුමන් ගියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතලා ඊට වඩා මව් බිමේ ජය වටිනා නිසා.ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් ගොඩක් සල්ලි වියදම් කරගෙන අපේ ක්‍රීඩකයින්ට දිරියක් දෙන්න ගිහින් හිටියා. ඒත් අපේම සමහරක් අය නිසා අපට ගන්න තිබුන ජය නැති උනා.
ලංකාවේ නියත ජය අපිට අහිමි කරපු අය ගැන අපි කතා වෙන්න ඕන කියල මගේ අදහස. මොකද මේ අත් දැකීම් අපිට ඉදිරියේ වැරදි හදාගන්න ප්‍රයෝජනවත් නිසා
අපි මේ ත්‍රෙඩ් එකේ අපේ වැරදි ගැන කතා කරමු

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඉස්සෙල්ලම මම කතා කරන්නම් මැච් එකට කලින්ම අපේ කොල්ලොන්ගේ මානසික තත්වය පහත දාපු එකෙක් ගැන.
"අර්ජුන රණතුංග"
මෙයා ඉස්සර අපි ආදරය කරපු චරිතයක්. ඒත් විවිධ කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා ඉතාමත් පහත් වැඩ කරන කෙනෙක් වෙලා
දැන් මුළු ලංකාවම පිළිකුල් කරන චරිතයක්
මෙයා තරගය පටන් ගන්නත් කලින් අපේ ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය නැති වෙන විදියේ ඉතාම පහත් ප්‍රකාශයක් කරා
ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට ලොකු හානියක් උනා
ඒක නිසා අපි මේවගේ පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මිට වඩා අනාගතයේදී සැලකිලිමත් වෙන්න ඕනා
 
yoshita

Member
Feb 24, 2011
145
26
0
මමත් උඹ කියන එකට එකඟයි.ඒ වුනාට මට හිතෙන්නේ සහෝ මහින්ද මහත්තයා ක්‍රිකට් පිටියේ මැච් එක බලමින් හිටපු එක අපිට අසුභයි කියලා.ගියපාරත් අපි ඔක්කොම මැච් දිනලා ෆයිනල් ගියා. නමුත් මහින්ද මහත්තයා ජැමෙයිකා ගියා මැච් එක බලන්න. අපි පැරදුනා. මේ පාරත් ඒකම වුනා. මොකක් හරි අසුභ නිමිත්තක් තියෙනවා නේද?
නායකයන්ගේ අපල, උපද්‍රව සමහර විට අපේ ටීම් වලට බලපෑව වෙන්නත් පුලුවන්.අපේ ටීම් එක ගේම් එක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන්යෙන්.මේ ක්‍රීඩාංගනයත් සුභ නෑ නේද?

:angry::angry::angry::angry:
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
අපේ අන්තිම කණ්ඩායමට තෝරා ගත්ත ක්‍රීඩකයින් ගැනත් අපිට සතුටු වෙන්න බැහැ. අපේ ආරම්භය ගැන කතාකරොත්
අපිට හොද පලපුරුදු ආරම්භක පිතිකරුවකුගේ අඩුව පෙනුනා. උපුල් තරංග ඉතාමත් තීරණාත්මක තරගෙදි අසාර්ථක උනා.
දිල්ශානුත් වැඩි යමක් කරේ නැහැ. අපේ තේරීම් කමිටුව ජයසුරිය වැනි පළපුරුදු, පීඩනය දරා ගත හැකි ක්‍රීඩකයින් හලපු එකේ වැරැද්ද තමා ඒක
පන්දු යවන අංශය ගැන ගත්තත් වාස් ව ඉන්දියාවට අන්තිම මොහොතේ ගෙනිහින් කණ්ඩායමට නොගත්ත එකෙන් වැරද්දක් කරා
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ලංකාව වගේ රට වල ක්‍රීඩකයින් ගැන කතා කරනකොට බුකි කාරයෝ ඔට්ටු අල්ලන අය වැඩි අවධානයෙන් ඉන්නවා
අවසාන තරගයට මහා පරිමාන ඔට්ටු ඇල්ලීම් තිබිලා තියෙනවා. ඒක නිසා අපි හැම ක්‍රීඩකයන් ගැනම අවධානයෙන් බලන්න ඕනා
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
නුවන් කුලසේකර ගැන කතා කරොත් පන්දු යවනකොට ඉතාමත් දුර්වල විදියට ක්‍රීඩා කරේ කිසිම ඉලක්කයක් තිබ්බේ නැහැ
ඒවගේම අවශ්‍යම ඉතාමත් තීරණාත්මක උඩපන්දුවක් දුර්වල පන්දු රැකීමෙන් අත හැරියා
 
Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
අපේ අන්තිම කණ්ඩායමට තෝරා ගත්ත ක්‍රීඩකයින් ගැනත් අපිට සතුටු වෙන්න බැහැ. අපේ ආරම්භය ගැන කතාකරොත්
අපිට හොද පලපුරුදු ආරම්භක පිතිකරුවකුගේ අඩුව පෙනුනා. උපුල් තරංග ඉතාමත් තීරණාත්මක තරගෙදි අසාර්ථක උනා.
දිල්ශානුත් වැඩි යමක් කරේ නැහැ. අපේ තේරීම් කමිටුව ජයසුරිය වැනි පළපුරුදු, පීඩනය දරා ගත හැකි ක්‍රීඩකයින් හලපු එකේ වැරැද්ද තමා ඒක
පන්දු යවන අංශය ගැන ගත්තත් වාස් ව ඉන්දියාවට අන්තිම මොහොතේ ගෙනිහින් කණ්ඩායමට නොගත්ත එකෙන් වැරද්දක් කරා

halo , sanath gahuwa num api first round eken ma kapenawa yako. thmuse p*ka nodi palayan
 
  • Like
Reactions: dragonlord

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    maara manussaya match 1k visthare denne. ohoma yana gaman gihin oke kohen hari SF wa wath gaawenna bari naa. :P aparade uba sellan karapu nathi 1 thama man nan hithanne lokuma aula. ubala wage maanasika ledduth innawane :P windows 8 .hikaaaas
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මුරලිදරන් ගැනත් කතා කරන්නම ඕනා. ඔහු ලංකාවේ බිහි වෙච්ච හොද ක්‍රීඩකයෙක් ඒත් ගොඩක් අය කතා කරන විදියට ඊයේ ඔහුත් ඔහුගෙන් ඉටු විය යුතු දේ කණ්ඩායමට කරේ නැහැ
    හැමෝම දන්නවා මුරලි කසාද බැන්දේ ඉන්දියාවේ ධනවත් පවුලක කෙනෙක්.
    ඊයේ ලසිත් මාලිංග මුලින් තීරණාත්මක කඩුලු දෙකක් දවාලුවා. ඒත් ඊට පස්සේ අපේ දග පන්දු යවන්නන්ගෙන් කඩුල්ලක් දෙකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු උනා.
    ඒත් එක කරන්න මුරලිදරන් සමත් උනේ නැහැ. වෙනද තියන රිද්මයෙන් මුරලිදරන් පන්දු යැව්වේ නැහැ. පන්දු යවන්නෙක් නොවුනට දිල්ෂානුත් අපිට කඩුල්ලක් අරන් දුන්නා
    ඒත් මුරලිදරන් තමන්ගේ යුතුකම ඉටු කරේ නැහැ. ඒවගේම පන්දු රැකීමත් දුර්වල ලෙස තිබ්බේ.
    අබාධයක් තිබ්බනම් රට ගැන හිතලා ඔහුට තිබ්බේ කණ්ඩායමෙන් ඉවත් වෙලා චමින්ද වාස් ට අවස්ථාව දෙන්න. ඒත් එහෙම කරේ නැහැ.
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space

    ane gono.. tho vage harakek... ubala vage gonnuth internet use karanavane.. buruva.. yako deyak kiyanna kalin 2parak hithapan..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    සුරාජ් රන්දිව් තමන් කණ්ඩායමට කැදවුවේ මොකද කියන එක තේරුම් අරන් තිබ්බේ නැහැ.ඔහුගේ පන්දු වලින් කිසිම පීඩනයක් ඉන්දීය පිතිකරුවන්ට එල්ල උනේ නැහැ
    අඩුම ගානේ කඩුලු වැටී තිබුණු අවස්ථාවලත් ඔහු පිතිකරුවන්ට පිඩනයක් එල්ල වෙන විදියේ පන්දු යැවුවේ නැහැ. ඒක නිසා ඉන්දීය පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ වේගය සෑම විටම 5 ට ඉහලින් තියා ගත්තා
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    තිසර පෙරේරාගේත් පන්දු යැවීම නුවන් කුලසේකර වගේම දුර්වල මට්ටමක තිබ්බේ. ලසිත් මාලිංගට ඔවුන් කිසිම සහයක් දුන්නේ නැහැ
    චමින්ද වාස් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් ඉන්දියාවට ගෙනහිනුත් මේවගේ අය නිසා අපි පැරදුන ඒක කනගාටුයි
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    සංගක්කාරගේ කඩුලු රැකීමත් ඊයේ විශ්වාස කරන්න බැරි තරම් දුර්වල විදියක තිබ්බේ හරියට ඔහු වටා අපිට නොපෙනෙන බලවේගයක් තිබ්බ වගේ. ඔහු පන්දු 67 කදී ගත්ත ලකුණු 48 ත් අවසාන මහා තරගයකදී නායකයෙක්ගෙන් ඉටු විය යුතු මට්ටමට නැහැ
    දෝනි දිහා බලනකොට ඔහු නායකත්වයේ ක්‍රීඩා විලාශයක් අනුගමනය කරා.