වෙලද ඇමති කෙනෙක් විදියට අනිවාර්‍යෙන් භාන්ඩ හා සේවා මේ මොහොතෙ සීමා කරන්න ඕන. වෙන කරන්න දෙයක් නෑ. රූල් එකක් ගේන්න ඕන එක් අයකුට එක් වරකදී ලබා ගත හැකි භාන්ඩ ප්‍රමානය අඩු කරලා. උදාහරන - පෙට්‍රල් වරකට ගන්න පුලුවන් 5000 යි. අල පරිප්පු සීනි වරකට කිලෝ එකයි වගේ. දෙතුන් පාරක් හරි මිනිස්සු ගන්නවා එහෙම කලාම ඒක හරි. ඒත් මේක දැන්මම නොකලොත් අනිවාර්‍යෙන්ම සප්ලයි චේන් එක බිද වැටෙනවා. ඒ කියන්නෙ නැවත වෙලදපොලට භාන්ඩ එනතුරු භාන්ඩ අතුරුදහන් වෙනවා වෙලද පොලෙන්. අන්න ඒ තත්වය මගහරවා ගැණීම තමා රටක් විදියට ගන්න පුලුවන් තාවකාලික විසදුම. එක තැනක එක පොන්නයෙක් කියලා තිබ්බා ( ඔව් ඌ තමා ) පෙට්‍රල් 500 කරන්න ඕන පිනට දෙන්න බෑ වැඩිමිලට දෙන්න ඕන කියලා. ඌටත් මොලේ තියෙනව නම් ඌ රාජපක්ශලාට කඩේ යන්නෙ නෑ නෙ. මිල වැඩි කිරීම නෙවෙයි විසදුම. අර්බුදය තේරුම් අරන් වැඩ කිරීම. මිනිස්සුන්ගෙ අතෙ ලෝකල් කරන්සි තියෙනවා. නැත්නම් කණ කර හරි උගස් කරලා සල්ලි හදාගන්නවා. භාන්ඩය කීය වුනත් මිනිස්සු ගන්නවා. ඔන්න ඕක තමා අර සිම්බාබ්වෙ උනේ. පාන්ගෙඩිය ගේන්න විල්බැරෝ එකක සල්ලි අරන් යනවා.
බැසිල්ගෙ ඉතින් මොලේ තරම කියන්නෙ මිනිස්සුන්ට රුපියල් 5000 ගෙවන්නත් ප්ලෑන් කලා නෙ අවුරුදු කාලෙ. ගෙව්වද මම දන්නෙ නෑ.. හරි මිනිස්සුන්ට සල්ලි දුන්නම මොකද කරන්නෙ. උන් ගිහින් ඒ 5000 න් ආයෙ ගන්නවා පරිප්පු හාල් සීනි අල ලූනු එහෙම නැත්නම් වෙන මොකක් හරි. එතකොට මොකද වෙන්නෙ වෙනද මාසෙට පරිප්පු 500 ගත්ත එකා දැන් කිලෝ එකක් ගන්නවා. එතකොට අර භාන්ඩ වල අදි උද්දමනයක් ඇති වෙනවා. මාස දෙකක ස්ටොක් එකක් තිබ්බ නම් පරිප්පු මාසෙන් ස්ටොක් එක ඉවර වෙනවා. ඒත් පරිප්පු රටින් ගේන්න සල්ලි නෑ.. මේ වගේ නැට්ටට එරිලා ඉන්න වෙලාවක වත් ඔලුව පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. මිනිස්සු අතට සල්ලි දුන්නම හෝ සල්ලි අච්චු ගහලා මුදා හැරියම අදි උද්දමනයක් ඇති වෙන්නෙ එහෙම. මේ සරල කාරනාව මුන්ට තේරෙන්නෙ නෑ.
රට ගොඩ දාගන්නෙ කොහොමද - රට ගොඩ දාන්න බෑ මේ යන විදියට. මොකද මේ මෝඩයො මේ නූගත්තු ඇති කල අර්බුදය නූගත්තු ලවාම හදව ගන්නවා කියන්නෙ වෙන්න බැරි වැඩක් නෙවෙයි වෙන්නෙ නැති වැඩක්. ඒක කවදාවත් උන්ට කරන්න බෑ. දැනට ඉන්න කිසිම පාලකයෙක් මේ ගිනි ගොඩට පනින්න සූදානම් නෑ. පොන්න ඉරෝශානයා මම දැක්ක එක එක තැන් වල කියනවා ලපයට අරන් කරන්න කියන්න අපි භාර දෙනවා කරලා පෙන්නන්න කියල. මෙච්චර රටට විනාශයක් කරලා වෙන කෙනෙක්ගෙ කරේ ගහලා දැණ් කරාද දැන් සැපද අල කෑවද ලූනු කෑවද කියලා අහන්න තරම් තිරිසන් එකෙක් තමා මහින්ද කියන්නෙ. උන් ඒකත් කරනවා
රට ගොඩ දාගන්න බැ ආයෝජකයො නැතුව. ආයෝජකයො ලංකාව දිහා හැරිලාවත් බලන්නෙ නෑ ඉකොනොමි එක හොද නැති නිසා. එහෙනම් ආයෝජකයො ගෙන්න ගන්න එකත් නිශ්පල ක්‍රියාවක් මේ මොහොතෙ. ඉස්සරවෙලාම කරන්න ඕන මේ රට ඇතුලෙ ප්‍රශ්නය වන ආර්තිකය ආයෙ හදාගන්න එක. ඒක කරන්න නම් රාජපක්ශලා ඉල්ලා අස් විය යුතුමයි. ඉල්ලා අස් නොවෙන තාක් කල් මේ රට මේ අර්තික අවපාතයෙන් ගොඩ එන්නෙ නෑ නෑ නෑ... ඒක ඉරහද වගේ විශ්වාසයි.. හරි ඉල්ලා අස් වෙලා වෙන කෙනෙක් පත් වුනා කියමු. මෙන්න මේ පත් වෙන කෙනා මත ආයෙ අර්තිකය ගොඩ යනවද නැද්ද කියන එක තීරනය වෙනවා. මේ මොහොතෙ වත් නිවැරදිම තීන්දුව තීරණය ගත්තොත් මේ රට ගොඩ යයි. මම යල්ලෑ හාන්දුරුවනේ ගගා හිටියොත් කෙලවෙන්නෙ ජනතාවට සහ දරු පරපුරට..
හරි අපි නිකන් හිතමු වෙන අලුත් උගත් නායකයෙක් පත්වුනා. අයින්ස්ටයින් කියලා හිතමු, අයින්ස්ටයින් පත්වුන සැනින් කරන්න ඕන රට ඇතුලෙ ප්‍රශ්නෙ විසද ගන්න එක. විදෙස් ශ්‍රමිකයින්ට කතා කරලා කියන්න ඕන ඩොලර් එවන්න. එවන ඩොලර් වලට 15% ක විතර පොලියක් හො කමිශන් එකක් දෙනවා කියලා, ඉට පස්සෙ රට ඇතුලෙ තියෙන ජන අරගලය නිමා කරලා විදෙස් සංචාරකයින්ට මේ රට විවුර්ත කරන්න ඕන. ආකර්ශනීය පැකේජ් හදුන්වා දෙන්න ඕන. වීසා ඔන් ඇරයිවල් හරි දාන්න ඕන. රට ඇතුලෙ සාංචාරක වියදම් වගේ ටිකට් ගාස්තු වගේ ඒවා අඩු කරන්න ඕන. ඊට අමතරව සංචාරකයොන්ට අවශ්‍ය උපරිම නිදහස ලබා දෙන්න ඕන. ප්‍රෞඩ ඉතිහාසය ආගම සංස්ක්ෘතිය වගේ දේවල් ගැන අමතක කරන්නම වෙනවා. රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ. අනෙක ඔය ප්‍රෞඩ ඉතිහාසය ආගම ජාතිය අල්ලගෙන උලුප්පලා පෙන්නලා තමා රාජපක්ශලා කෙලියෙ. ඒවට උඩගෙඩි දෙන්න ඩෑන් ප්‍රියසාඩ් ලා සිවුරු දාන් ඉන්න තට්ටයො එහෙම මාර සපෝට් එකක් දුන්නා උන්ට.
මේ වෙලාව ජනතාවට සහන දෙන්නම ඕන. මේක අනිවාර්‍යයි මේක තමා අරගලයට මුල. කිසිම දෙයක් මේ මොහොතෙ මිල අදික ලෙස වැඩි කිරීම කාලෝචිත දෙයක් නොවේ.
ඉන්දියාව චීනය ජපානය වගේ රටවල් වලට කතා කරලා ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න ඕන. ණය නෙවෙයි ක්‍රෙඩිට් ලයින්. ඒ කියන්නෙ ණයට බඩු ගෙන්න ගන්න ඕන. නැත්නම් අපේ උන් කරන්නෙ ණය මුදල් වලින් අරගෙන එක්කො ණය වාරික ගෙවනවා එහෙම නැත්නම් පෙට්‍රල් ගෙනැල්ලා පුච්චලා දානවා. මෙන්න මේක අපි හරියට කොන්ට්‍රෝල් කරගන්න ඕන පහුගිය දවස් ටිකේම කලේ ණය අරගෙන තෙල් ගෙනැල්ලා කිසිම දෙයක් නොකර පුච්චලා දාපු එක. අපරාදයක් !
අයි එම් එෆ් යන එක සහ දේශපාලන හිතවත් කම් අනිවාර්‍යෙන්ම මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න ඕන. හිතවත් කම් වලින් සෑහෙන දේවල් රාජ්‍ය තාන්තික මට්ටමින් කරගන්න ඕන.
රජයේ ආයතන වල වියදම් අඩු කරලා ලාබ ලබන තැනට පත් කරන්න ඕන / මේක හොදින් හෝ නරකින් කරන්න ඕන. නැත්නම් අපි ආයෙ ගොඩ යන්න බෑ. දිගටම පාඩු ලබනවා නම් විකුනලා දාන්න ඕන. පුද්ගලික අංශයකට පවරන්න ඕන හොදින් හෝ නරකින්. පව් පින් අරව මේව බල බල ඉදලා මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න බෑ. මේ පාඩුව අඩු වුනොත් මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන්.
මේ තත්වය සාමාන්‍ය අතට පත් වුනාම රජය සතු ඉඩම් ව්‍යාපාරිකයින්ට බදු දෙන්නම ඕන. විදේශ ආයෝජකයො හොයාගෙන ඔවුන්ට බදු දෙන්නම ඕන. මිනිස්සු කෑ ගහයි විකුනනවා ( මයිනත් කෑ ගහයි හාන්දුර්වනේ මෙන්න රජයෙ දේපල විකුනනවා අපි එකක් බිම් අගලක් විකුනන්නෙ නෑ කියලා ) මිනිස්සුන්ට ඇත්ත ඇති හැටියෙන්ම තේරුම් කරල දෙන එක තමා නව පාලකයගෙ වගකීම වෙන්න ඕන. ආයෝජකයො දිරිගන්වන්න ඕන.
මේ ටික තමා ඉක්මන් පියවරවල්. කොහොම කලත් හිතා ගන්න. අපිට ගොඩා යන්න අවුරුදු 15ක් වත් යනවා කියන එක.
අන්තිම වශයෙන් මෙන්න මේ ටික කියන්න හිතුනා
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්..
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්..
මේ රට විනාශ කලේ මහින්ද රාජපක්ශ ඇතුලු ඩී ඒ රාජපක්ශ සහ ඩෝන දන්දිනා ගෙ ලමයි සහ මුනපුරන්...
අරගලයට එක්ව සිටින සියල්ලන්ට රට වෙනුවෙන් ජාතියේ උත්තමාචාරය සහ හිස නමා ආචාරය...