අපිරිසිදු කෑම කඩවල කොත්තු රයිස් පට්ට රහ ඇයි බං?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,460
    27,016
    113
    පට්ටම අපිරිසිදු කෑම කඩවල කොත්තු රයිස් පට්ට රහ ඇයි බං? ඊයෙ වාහනේ සර්විස් කරන්න දාල බඩගින්නක් ආව හින්දා ඒ සර්විස් සෙන්ටර් එක ලග තිබ්බ කඩේකින් රයිස් එකක් කෑවා පට්ටම රහයි. චිකනුත් හොදට දාල තිබ්බා. අද ඒ ලග ගෙවල් තියන යාලුවෙක් හම්බෙලා උට කිව්වා ඊයෙ රයිස් එකක් ගැහුවා අර කඩෙන් පට්ට කියලා. ඌ කියනවා යකෝ දන්න එකෙක් නං ඔය කඩේන් වතුර එකක්වත් බොන්නෑ පට්ටම අපිරිසිදු කඩයක් ඕක කියලා. කෑම වල පණුවො ඉදලා මාට්ටුවෙලා එහෙම කේස් ගිහින් තියනවලු. අනික ටොයිලට් එක තියෙන්නෙ කුස්සියෙම කෑල්ලකලු. ගොඩක් වෙලාවට ටොයිලට් එක උතුරනවලු වැස්සක් වැස්සම. PHI ලට අත යටින් ගානක් දීලලු කඩේ කරගෙන යන්නෙ ශේප් එකේ කියලා. හැබැයි ඒකෙන් කාපු රයිස් එක නං මාර රහයි.

    ඌ ඒක කියනකොට මට මතක් උනේ අපි ඒලෙවල් කරන කාලෙ අපේ ගෙවල් ලග හන්දියෙ තිබ්බ කොත්තු කඩේ. ඒකෙත් කොත්තු මාරම රහයි. හවසට කොත්තු දානකොට පලාතම සුවදයි. බිත්තර කඩලා දාලා එලවලු විසිකරලා නන්ස්ටොප් සිංදුවක තාලෙට කොත්තු බාස් කොත්තු ගහන රියල් ශ්‍රීලංකන් ටයිප් කොත්තු කඩයක්. අපි ඉතිං ක්ලාස් ඉවරවෙලා එනගමන්, කොල්ලො සෙට් එක පාඩම් කරන්න සෙට් උනාම වගේ අතේ සල්ලි ටිකක් කලෙක්ට් වෙන හැම වෙලේම ඕකෙන් කොත්තු කනවා. කඩේ උනුත් ෆිට් උනා අපිත් එක්ක කොත්තු කන්න ගිහින්ම. පස්සෙ පස්සෙ ෆුල් කොත්තුවක් ගන්නකොට අපිට චිකන් එහෙම ටිකක් වැඩිපුර දාල ගහලා දෙනවා උන් 😎 දවසක් යාලුවෙක් එක්ක හවස 3ට විතර වැඩකට ටවුන් එකට යන ගමන් ඔය කඩේට ගියා. එතකොට කොත්තු දාන්න අරගෙන නැති හින්දා පරාටා කෑවා අපි. කාල මට චූ බරක් සෙට් උන හින්දා කඩේ ටොයිලට් එකට යන්න ඇහුවා. කඩේ එකත් කිසි අවුලක් නැතුව යන්න පාර පෙන්නුවා. කුස්සිය මැදින් යන්න තියෙන්නෙ. මට සංසාරෙ එපා උනා බං ගියාම. කුස්සිය අපායක් වගේ පට්ටම ජරාව. කොත්තු වලට ගන්න පත පිටි ගුලිය නිකංම බිම දාලා. කොත්තු හදන එකා ශර්ට් එක්කුත් නැතුව දාඩිය පෙරාගෙන එලවලු කපනවා ජරා මේසෙක තියාගෙන. කපන ගමන් එලවලු කපන පිහියෙන්ම ඌ පිටත් කහනවා 🤮 උන්ට ඒවා අපි දැක්කා කියලත් ගානක් නෑ වගේ. කොත්තු ගහන එකත් මල්ලි ටොයිලට් එක අතන තියෙන්නෙ කියලා පෙන්නුවා. ටොයිලට් එකත් මෙලෝ රහක් නෑ ගදේ බෑ 🤮 කොහොම හරි චූත් කරලා එනකොට තමා හොදම සීන් එක දැක්කෙ. කොත්තු හදන එකා තාම එලවලු කපනවා. හැබැයි ගිහින් එනකොට මට පේන්නෙ උගෙ පිටිපස්සෙ වීව් එක. උගෙ පිටේ පත රෑශ් එකක් දාඩියට රතු වෙලා. එතකොටම ඌ ආයෙත් එලවලු කපන පිහියෙන්ම ඒ රෑශ් එක කැසුවා 🤮 මට කාපු පරටා එකත් වමනෙට වගේ ආව 🤢 උන්ට ගානක්වත් නෑ ඒවා අපි දැක්කා කියලා. ආහ් හරිද මල්ලි ඇහුවා මමත් ඔව් අයියෙ හරි කියලා එහෙම්ම ආවා. එදයින් පස්සෙ අපේ එකෙක්වත් ඒ කඩේ පැත්ත පලාතෙ ගියෙ නෑ. පස්සෙ ටික කාලෙකින් උන් වෙන සෙට් එක්කට කඩේ විකුණලා ගියා. අපේ එකෙක්ට හන්දියෙ ත්‍රීවිල් බුවෙක් පස්සෙ කියලා තිබ්බා ඔය කඩේ අයිති එකා එලවලු ගන්නෙ මාකට් එකේ රෑවෙද්දි විකිනුනේ නැති එලවලුයි බාගෙට නරක් වෙච්ච එලවලුයි කුණුකොල්ලෙට ලු. මසුත් පරණ වෙච්ච ඒවලු අඩුවට ගන්නෙ. සෝස් පවා අර ඒකාලෙ අඩුවට තිබ්බ කෑන් සෝස් අරං ඇවිල්ලා ඒකටත් වතුරත් මික්ස් කරලලු බෝතල් වලට දාල තියෙන්නෙ. හැබැයි පුදුමෙ කියන්නෙ ඒ කොච්චර ජරා එලවලු මස් දාල හැදුවත් ඒ කොත්තුව පට්ටම රහයි. මම ඕනතරං හොද clean restaurant වලින් star hotels වලිනුත් කොත්තු කාල තියනවා. හැබැයි අද වෙනකන් අර කඩේ කොත්තුවලට ගහන්න කොත්තුවක් හම්බෙලා නෑ.

    මට තියන ප්‍රශ්නෙ කොහොමද බං එහෙම එච්චර අපිරිසිදු ජරා කඩවල ජරා එලවලු මස් දාලා ගංකබර කොත්තු බාස්ලා හදන කොත්තු රයිස් හොදම quality දේවල් දාල qualified chefලා හදන restaurant, star hotels වල කොත්තු රයිස් වලටත් වඩා රහ වෙන්නෙ?
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,959
    113
    Kandy
    මට තියන ප්‍රශ්නෙ කොහොමද බං එහෙම එච්චර අපිරිසිදු ජරා කඩවල ජරා එලවලු මස් දාලා ගංකබර කොත්තු බාස්ලා හදන කොත්තු රයිස් හොදම quality දේවල් දාල qualified chefලා හදන restaurant, star hotels වල කොත්තු රයිස් වලටත් වඩා රහ වෙන්නෙ?
    5-star hotels haven't the sweaty-urine tasty special sauce
    that's why
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,015
    3
    116,618
    113
    Gampaha
    ගම්පහ මොන්ටාන එක කිට්ටුව සයිවර් කඩයක් තිබුණ.... ඉස්සර ක්ලාස් යනකොට ලාබෙට තෝසෙ ගිලින්න ඕකට රිංගනව.... කෑමත් හොඳ රසයි.

    ඒකෙ කාපු සෙට් එකකට සාම්බාරුවෙ ඉඳල පණුවො හම්බවෙලා.... උන්ට හම්බවුනාට අපිට හම්බවුනේ නෑනෙ.. ඒ නිසා අපිනං එතනින් දිගටම කෑව....😂😂




    ක්‍රයිසිස් සීන් එකත් එක්ක මිනිස්සු අන්තිම සවුත්තු විදිහට කෑමත් දීල ගාණත් කපන්න දඟලන නිසා දැන්නං පොඩි කඩ කියන ඒවයින් අඩු තරමෙ වඩයක්වත් කන්නෙ නෑ......
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,552
    16,609
    113
    Miami
    Ajino Moto (MSG)
    exactly. ගොඩක් වෙලාවට හොඳ කඩවල එවෙලෙ ගහපු කොත්තු රයිස් නෙමෙයි දෙන්නෙ. කලින් හදල තියෙන ඒව. සෙට් මෙනු අනම් මනම් එවෙලෙ තාච්චියෙ දාල දෙන රයිස් ලඟින්වත් තියන්න බෑ. කට පිච්චෙන රස්නෙට තමා අජිනමොටෝ හොඳට අල්ලල යන්නෙ. ඒ ජාතියෙ රයිස් එකක් සීතල උනොත් මෙලෝ රහක් නෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,460
    27,016
    113
    උබට සයිවර් කඩ වල අපිරිසිදු කෑම කලාම පුරුදු වෙලා වාගේ
    අඩෝ නෑ බං. ඔය සයිවර් කඩවලින් කෑවෙ ඒලෙවල් කාලෙ කැම්පස් කාලෙ තමා. දැන් ඕවගෙන් කෑම ගන්නෙම නැති තරං. කනාවට තමා ඔය සෑහෙන කාලෙකින් අර පොඩි කඩෙන් රයිස් එකක් කන්න සෙට් උනේ කාර් එක සර්විස් කරන්න ගිහිං එතන තව වාහන ටිකක් වැඩියෙන් ඇවිල්ලා තිබ්ලා වෙලා ගිය නිසා 🥲
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,830
    113
    අඩෝ ඒකද මංදා සීන් එක 🥲
    අනේ මන්ද බන්.. මටත් ඔය කියන seen ඒක තේරිලා තියෙනවා.. හන්දියේ කඩේ එකාගේ කොත්තුව පට්ට රහයි.. පස්සෙ දවසක උගේ කඩෙන් rice එකක් ගෙනල්ල chicken කෑල්ල කැඩුවම ඇතුළේ පණු කැදලි 🤮එ chicken මනේ මු කොත්තු වලට දානවා ඇත්තේ.. එ නිසා ආයේ එතනින් ගත්තෙ නෑ..

    ඊටපස්සේ ගෙදර හදපු කොත්තු කියල විකුණන තැනකින් කෑවා..4 star 5 star ඒවායින් කොත්තු කෑවා.. හැබැයි අර රසට ගහන්න බෑ බන් ඒවාට 😂මන් හිතන්නේ අපි කුණු කාල කුණු රහට දිව හුරු වෙච්ච seen එකක් තියෙන්නෙ :(