උඹටත් නට් ලූස් කියලා මම අදනේ බං දන්නේ? ඊයේ වෙඩින් එකට ගිහින් කාපු මොනා හරි වත් අප්සෙට් උනාද එක පාරට?

මෙහෙමයි මචන් මේ ලෝකය එහෙම නැත්නම් අපි අත්විදින දේවල් ඇත්තක්ද කියන ප්‍රශ්නය කවදාවත් ඇවිත් නැද්ද? ඇත්තටම අපි ලෝකය කියලා දකින්නේ අපේ සන්වේදී ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සන්වේදන තේරුම් ගැනීමෙන්.වෙන විදියකින් කියන්ව නම් අපේ ලෝකය හැදෙන්නේ අපේ මනස ඇතුලේ.
මුලින් බලන්න ඕනේ අපිට ලැබෙන සන්වේදන ඇත්තද කියන එක.ඒ ඇබෙන සන්වේදන රදාපවතින්නේ අපේ සන්වේදි ඉන්ද්‍රියයන් මත. දැන් අඩෝරක්ත කිරණවලින් බලන්වනම් අපිට පේන විදිය වෙනස් දැන් පේන විදියට වඩා. ඒ වගේම අපි එක් එක්කෙනාට පේන විදිය වෙනස් වෙන්න බැරිද?මට රතුපාට පේන විදියටමද ඔයාටත් පෙන්නේ? ඒක කවදාවත් සසදන්න බෑ ඒක සබ්ජෙක්ටිව් දෙයක් නිසා. ඒ විදියට මම දකින දේ හැලුසිනේෂන් එකක් වෙන්න බැරිද?
එහේම නැත්නම් මෙ සන්වේදනවත් ඇත්තටම තියෙනවද? නැත්නම් ඒවාත් මොලේ ඇතිවන් කෙමිකල් රිඇක්ෂන් එකක් විතරද? උදාහරණයක් විදියට ඔයාට රතුපාට පෙන්න ඕනේ නෑ රතුපාට දකින්න නම් රතුපාට දැක්කම මොලේ වෙන රිඇක්ෂන් එක වුනාම ඇති.
ඇත්තටම මේ ලෝකය වගෙ දෙයක් නැත්නම් වෙන්න්න පුලුවන් දේවල් මොනවද? එකක් මේක ලොකු හීනයක් වෙන්න පුලුවන්. අපිට හීනයක් දකිද්දි හිතෙන්නේ නෑනේ හීනයක් කියලා. ඇහැරින්නම ඕනේ හීනයක් කියලා තේරුම් ගන්න.
එහේම නැත්නම් මේක සිමියුලේෂන් එකක් වෙන්න පුලුවන්. අපි ගහන ගේම් එකක චරිතේකට හිතන්න පුලුවන් නම් කොහොම් හිතෙනවා ඇද්ද?ඒ කියන්නේ එයාට ඒ ලොකේ ඇත්ත.ඒ වගේම අතීතය පිලිබද රෝපණය කරපු මතකයක් තියෙන්වා. ඒක මතකයක් විතරයි කියන එක එයාට තෙරෙන්නේ නෑ. අපිට පොඩිකාලේ ගැන තියෙන මතකය ඇත්තටම අපි අත්විදපු එකක්ද නැත්නම් රෝපනය කරපු මතකයක්ද? ඒ කියන්නෙ අපිත් මේ ඉන්නේ කම්පියුටර් ගේම් එකක වෙන්න බැරිද? ගේම් ඔවර් වුනාට පස්සෙ ආපහු මුල ඉදන් පටන් ගන්න.
නැත්නම් ටෘමන් ශෝ එකේ වගේ අපෙ ලොක්ය අපිට වඩා බුද්ධිමත් ජිවීන් පාලනය කල තත්ත්ව යටතේ තියාගන්න පර්යේෂ්නණා ගාරයක් නැත්නම් ටිවි ප්‍රොග්‍රැම් එකක් වෙන්න බැරිද?
අපි අත්විදින දේ මායාවක් විතරයි නම් අපි අපේ ජිවිතේ එක එක දේවල් ලබාගන්න මහන්සි වෙන්න ඕනෙද? ඇත්තටම බැලුවොත් අපි ජිවිතේ පුරා කරන හැම දෙයක්ම කරන්නෙ අපේ මොලේ සතුට ඇතිකරන කෙමිකල් රිඇක්ෂන් එක ඇතිකරන්න.අපිට පුලුවන් නම් ඒ කෙමිකල් රිඇක්ෂන් එක වෙන මොනවත් නැතිව ඇතිකරන්න.
(මේ මම් හැම දෙයක්ම ලිව්වේ ප්‍රශ්නාර්ථයකුත් එක්ක ඒක හින්දා භින්නොන්මාදය තියෙන්වා කියලා හිතන්න එපා හරිය.අනික මගේ එක නට් එකයි ලූස් අනිත් ඔක්කොම හොදට තදයි.මට කොහොමත් සබ්ක්ලිනික් OCD)