කාලකන්නි . ඒ කාලේ පිරිවර වටේ තියාගෙන හිටියා. බය කියලා දෙයක් දැනුනේ නැහැ. දැන් තනි වෙලා .හරියට නරි රංචුවෙන් තනි වෙච්ච නරියෙක් වගේ. ගූ ගිහින් ඉන්නේ අවලන් අවාජතකයට. පුදුම සතුටක්.
ගසලා අමතක වෙලා තිබුන කතාවක් උඹ නරිය කිව්වම මතක්වුනේ
ගිය සෙනසුරාදා අල්ලපු පාරේ ගෙදරකට ගිහින් දෙකක් දාලා පොඩි කැළෑ පාරකින් රෑ තුනට විතර පයින්ම ගෙදර එනකොට වංගුවකින් හැරෙද්දිම ජෙට් එක වගේ නරියෙක් ආවා කියහංකෝ ඉස්සරහට.
නරියට මාව දැකලා කෑගැහුනා, මටත් අඩ අඳුරේ මොකාද කියල හොයාගන්න බැරිව නරියා ගානටම කෑගැහුනා

දෙන්නම කොම්පියුස්. නරියා පැන්නා වැට අස්සට. මාත් ආයේ නරියා වගේ කෑගහගෙන වැනි වැනී ඉස්සරහට ගියා.වෙලාවට මොකෙක්වත් පාරෙ හිටියේ නෑ. ගෙවල් දෙක තුනකින් ලයිට් දානව නං දැක්කා.
