අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ

    අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් කතා කරමු .

    මහින්ද රාජපක්ෂ යනු නියම නායකයෙකි .කපටි නායකයෙකි .ඔහු යුද්ධය දිනවන්න ක්‍රියා කළා ,කෙනෙක් කියන්න පුළුවන් සරත් ෆොන්සේකා තමයි යුද්ධෙ දිනුවේ කියල ..එත් සරත් ෆොන්සේකා යනු නියම යුධ නායකයෙකි ..ඔහු කලේ කරන්න කියපු වැඩේ හරියට කරපු එකයි ..අතීතයේ වුවද එවැනි යුධ නායකන් සිටියා .එත් ඔවුනට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කරන්න දේශපාලන නායකත්ව ඉඩ දුන්නා නම් මහින්දට ඉවර කරන්න යුද්ධයක් නොතිබෙන්න ඉඩ තිබිය හැක ..

    චන්ද්‍රිකා ආණ්ඩුව ,රනිල් ආණ්ඩුව කලේ කුමක්ද ,,?

    මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසදුමක් දෙන්න උත්සහ කළා ..වෙනවම රටක් නොවුනත් වෙනම පරිපාලන ප්‍රදේශයක් ලබා දීම තුලින් මෙම ප්‍රශ්නය විසදීමට උත්සහ කරා..එක්සත් රටක් සංකල්පය ඉදිරියට දමාගෙන ව්‍යංගාර්ථයෙන් රට තුල වෙනම ප්‍රදේශයක් ඇති කිරීම‍ට උත්සහ කළා ..එය රට බෙදීමක් නොවුනත් දෙමල ජාතීන් වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් නොවේද .? රට තුල දෙමළ ,සිංහල ,මුස්ලිම් ,ක්‍රිස්තියන් අය එකට ජීවත් වෙන විට ,උතුරේ දෙමළ ජාතියට වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් ලබා දීම කොයි තරම් අවදානම් සහගත දෙයක්ද.?

    උතුරේ මෙම ප්‍රශ්නය නිසාම දකුණේ දෙමළ ජාතීන්ට ද අඩු සැලකිලි ලැබීමට සිද්ධ උනා.. දකුණේ දෙමළ ජාතිය උසස් කුළ බවත් ,උතුරේ දෙමළ ජතීන් එසේ නොවන බවත් මගේ දෙමළ යහළුවකු මා හට පවසා සිටියා .එය අපට වැදගත් නැත ..මන්දයත් අපි හැමෝම ශ්‍රී ලාංකිය ජාතිය නිසාය..

    අපගේ දේශපාලන නායකත්වය සැම විටම කලේ මෙම ප්‍රශ්නය තමන්ගේ වාසියට තබා ගැනීමයි..විදේශ රටවල බලපෑමට යටත්ව රට අස්ථාවර කර තමන්ගේ බලය පවත්වා ගැනීමයි ...එහෙත් මහින්ද රාජපක්ෂ කලේ අවු 30ක යුද්ධය බටහිර රටවල බලපෑම් වලට යටත් නොවී රුසියාව ,චීනය වැනි රටවල සහයෙන් මෙම යුද්ධය අවසානයක් දැකීමයි ..මෙම රටවල සහය අපිට ලැබුන නිසා බටහිර රටවලට යටත් නොවී අපගේ රට අපිට අවශ්‍ය විදිහට පාලනය කරනවා.මෙහිදී ඉන්දියාවේ ස්ථාවරය බලන්න ...අපේ රටේ යුද්ධය අවසන් කිරීමට ඔවුනට අවශ්‍යය නැත ,මන්දයත් යුද්ධය තිබෙනතාක් අපේ රට අස්ථාවරයි ..එහි වාසිය ඉන්දියාවටයි ..

    කෙසේ හෝ අද වනවිට යුද්ධය අවසානයි ...සාමය ,සතුට රජකරනවා ...යුද්ධය ජයග්‍රහණයත් සමග මහින්දගේ පිළිගැනීම අනෙක් සියලුම නායකයන් ඉක්මවා ගොස් ඇත ..බලය තණ්හාවෙන් සිටින විපක්ෂය සහ අනෙත් බලවේග විවිධ උත්සහ දරනවා මෙම බලය බිද දමන්න ..රටේ දුෂණය , රාජපක්ෂ පවුලේ පාලනය වගේ දේවල් තුලින් ජනතාවගේ මනස වෙනස් කරන්න උත්සහ කරනවා...එහෙත් එය කල හැකිද .?

    යුද්ධය වෙනුවෙන් තමන්ගේ දරුවා ,ස්වාමියා ,තාත්තා,සහෝදරයා මිය ගිය පවුලක චන්දය හැමදාමත් මහින්ද රාජපක්ෂ හට ලැබීම නැවත්වීමට හැකිද.?

    රට තුල ඇත්තටම දුෂණය , අල්ලස් ,කොමිස් සිද්ධ වෙනවා ..එකට වගකියන ඇමතිවරු පාර්ලිමේන්තුවට`පත්කර යවන අපි නේද සැබෑම දේශද්‍රෝහියෝ .

    කුඩු දුමින්ද ,මර්වින් ,ලන්සා වගේ එවුන් ...මොලයක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන අපි නෙවේද නියම විදිහට මේ දුෂණ වංචා වලට සහය දෙන්නේ ..?

    මදක් හිතන්න ...මහින්ද රාජපක්ෂ සහ පවුලේ දරුවන්ට ඉරිසියා නොකර මොලයෙන් පාව්ච්චි කරන්න..මහින්දගේ බේබිලා තුන්දෙනා ට වඩා නාස්තිකාරයෝ අපි අතර ඕනි තරම් ඉන්නවා ..මන්ත්‍රී,ඇමතිවරු දුෂිතයි නම් ඒ වගේ එවුන් ට චන්දය නොදී ඉදපල්ලා..රටේ තියෙන දුෂණ වලට වගකියන්න ඕනි අපි ...

    ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා .දැන් නම් සිංහලෙන් ලියලම ඇත රිදෙනවා .....අන්තිමේදී මගේ අදහස කියල ඔබේ අදහස වෙනුවෙන් ඉඩ දෙන්නම් ...

    චන්ද්‍රිකාට ,මැඩම් කියලා පුටුවෙන් නැගිටින , තමන්ගේ හිතේ තියෙන තරහ වෙනත් පාර්ශවයන්ට ප්‍රයෝජනයට ගන්න ඉඩදෙන අයෙකුට රටේ නායකයා විය හැකිද..?

    මා ද හොද එක්සත් ජාතික පාක්ෂිකයෙකි ..මගේ මාමා චන්දය පවා ඉල්ලා සිටින්නේ එම පක්ෂයෙනි..එහෙත් අපිට මොලයක් තිබෙන්නේ පාවිච්චි කරන්නටය..රටේ දුෂණය ,නැති කිරීමට නම් එසේ කරන පාහර ඇමතිවරුන්ට චන්දය නොදී ඉන්න...එහෙත් කොන්ද කෙලින් තියාගෙන , කපටිකම උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න,රටතුල දැනෙන සංවර්ධනයක් කරන, බටහිර රටවල පදයට නටන්නේ නෙති මහින්ද රාජපක්ෂ හැර වෙනත් නායකයෙකු පෙනෙනතෙක් මානයක නැත ....සත්‍යය එයයි ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සැබවින්ම සිරිසේන මහත්මයාට ,මහින්ද රාජපක්ෂ පැරදවිය හැකිද.?
    ...නොහැක ...ලිදේ ඉන්න ගෙම්බට පෙන්නේ නැ ලිං කටෙන් එළියේ තියෙන තත්වය ...අයියෝ සිරිසේන ..ඔබතුමා බොහොම වැදගත් ,අවංක පුද්ගලයෙක් බව සැබැව ...එහෙත් ඔබට උන අසාධාරණකම් වලින් ප්‍රයෝජන ගන්න බංකොලොත් දේශපාලුවන්ට ඉඩ දුන්නේ ඇයි ?

    ..ඔබට සහ සරත් ෆොන්සේකා හට දෙදෙනාම ඇයි වෙනත් බලවේග වල අතකොළුවක් උනේ ..?
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    උබ තමයි පාට කන්නඩියෙන් බලන්නෙ.. කෙටියෙන්ම කිව්වොත්, මහ එකා පිස්සු කෙලිනකොට පොඩි එවුන් බය නැතුව පිස්සු කෙලිනවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාට කන්නාඩිවලින් බලන්න තාම සිරිසේන මහත්තයා පාටක් ලකුනක් කියලත් නැ. කලබලේනේ... :lol::lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සහෝදරයා ...මහින්ද (රට ) ණය වෙලා හදපු පාරවල් වල යනගමන් ඒවා හොද නෑ කියනවා ...දියත පාර්ක් ,වැලි පාරේ යනගමන් එක හොද නැ කියනවා....අධිවෙගී මාර්ග වල යනගමන් ඒවා හොද නැ කියනවා......මේ හැම එකකින්ම කොමිස් ගන්නවා අනිවාර්යෙන්ම ..එත් එක කරන්නේ මහින්ද රාජපක්ෂ ද නැත්තන් පහල ඉන්න මැති ,ඇමතිවරු සහ රජයේ නිලධාරින්ද ..?

    මහින්ද රාජපක්ෂ 100% හොදම නැ ..එත් 75% හොදයි ....මහින්ද උනත් හැමදාම බලයේ ඉන්නේ නෑ ...ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න සැලසුමක් ඕනි ....ඒ නිසා තමයි හොද හොද ගේම් ගහල රජයක් පවත්වාගෙන ඉන්නේ ...බලය තියෙන්නේ කොතනද එතනට කොහොමත් හැමෝම එකතු වෙනවා ...කවදාහරි මහින්දගෙන් චන්ද්‍රිකාට මේ වගේ බලය ලැබුන දවසට ඔය ඉන්න එවුන් ලස්සනට එතනට යනවා .....එතකොට නාමල් බේබිට අල්ලාගෙන ඉන්නේ නැ මේ කස්ටිය .....

    මෙතන ,මගේ තර්කය නම් , බටහිර රටවල පදයට නටන මිනිසුන් ද අපිට ඕනි නැත්තම් අපේ විදිහට අපේ පාලනයක් කරන්නද ඕනි.....මහින්ද නෙවෙයි වෙන නායකයෙක් උනත් කමක් නැ එහෙම තමන්ගේ රට වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩකරන කෙනෙක් නම් ....කිසිම රටක් තවත් රටකට උදව් කරන්නේ නෑ තමන්ගේ රටට වඩා දියුණු වෙන්න ....කවද්ද අපි එක තේරුම් අරගෙන අපේම කියල රටක් හදාගන්නේ ...වෙනත් රටවලට නැමෙන්නේ නැතිව එත් අවශය කරන උදව් ද ලබාගෙන අපි දියුණු වෙන්නේ කවද්ද ...?

    අපේ රටේ බොරු ප්‍රශ්න මවලා ,දේශපාලනිකව රට අස්ථාවර කරලා හැමදාමත් මෙහෙම ඉන්නද ඕනි ...?

    එක නිසා මහින්දගේ ( ජනාධිපතිවරයෙකුට) තියෙන විධායක බලය අහෝසි කරන්න වැඩිම අවශ්‍යතාව කාටද...?

    විධායක බලය අවශයි ...එත් ඇමෙරිකාවේ වගේ එක පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍ය ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ රේප් කපල මොකද්ද යාළුවා බලාපොරොත්තු වෙන්නේ ....ඕනි නම් මගේ අනිත් පොස්ට් ලින්ක් දෙන්නම් ඒවගෙනුත් ගිහිල්ල රේප් කපන්න ....රේප් නම් මොනවද යාලු .......
     
    • Like
    Reactions: gayankuwait

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    mahinda-in-sunglasses-e1357746638874.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    "මහින්ද රාජපක්ෂ යනු නියම නායකයෙකි"
    මෙතනින් පසු ටික මම නොකියවෙම්මෙමි...
    මක් නිසාද යත් මෙය ලියා ඇත්තේ පාට කන්නාඩියක් දමාගෙන යැයි හැඟුණු බැවිනි..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එය එසේ නොවන බව පෙන්වන්න...100% නොවුනත් 75% වත් අනෙත් වර්ථමාන නායකයන්ට වඩා කෙලින් තිරණ ගන්න පුළුවන් නායකයෙක් ..මහින්ද උනත් බලයේ ඉන්න නොකරන දෙයක් නෑ ....එක බල තණ්හාවෙන් ඉන්න ඕනිම කෙනෙක් කරනවා ...විපක්ෂය අද කරන්නෙත් ඒ වගේ දෙයක් .......රනිල් යනු බුද්ධිමත් නායකයෙකි ...එහෙත් මහින්ද නම් පුද්ගලයා අප රට තුල ගොඩනගාගත් පෞර්ශථ්වය බිද හෙලන්න තරම් එය ප්‍රමාණවත් නැත ...තවමත් රට ගැන කැක්කුම තිබෙන ජනතාවක් සිටිනවා ...කන්න නැතත් රට ගැන හිතන එවැනි අය නිසා මහින්ද බලයට ඒම වැළක්විය නොහැක.....මිනිසුන්ට එපා වී තිබෙන්නේ රාජපක්ෂවරු නොව බොරුවට දගලග ,කෑගහන ,පම්පෝරි ගහන මැති ,ඇමතිවරු ය .....
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    මෙතනින් පසු ටික මම නොකියවෙම්මෙමි...
    මක් නිසාද යත් මෙය ලියා ඇත්තේ පාට කන්නාඩියක් දමාගෙන යැයි හැඟුණු බැවිනි..
    :lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ මිනිසුන්ගේ දේශප්‍රේමී බව තමයි හැමෝගෙම ආයුධය උනේ ...කොලොම්පුරේ ජනතාව දකින විධිහට නවෙයි ගමේ ජනතාව මේ දේවල් දකින්නේ ...ගමේ ජනතාවට හැමදාමත් මහින්ද හොද නායකයෙකි ....මා මේ දේවල් කියන්නේ මහින්දට කත් අදින්න නොව ,ගමේ ජනයාගේ සැබෑ හඩ මම දැක්ක නිසයි ...මගේ මාමගේ චන්ද ව්‍යපාරේ සදහා ගෙයින් ගෙට මම එක්සත් පක්ෂය වෙනුවෙන් මගේ රැකියාවේ නිවාඩු දමා වැඩ කලෙමි ...ඒ මිනිස්සු කිව්වේ රනිල් ඉන්නකන් චන්දෙ දීලා වැඩක් නෑ කියල ...සජිත් අවොත් නම් චන්දෙ දෙනවා කිව්වා .......මිනිස්සු මෙහෙම හිතන්නේ` ඇයි ?

    මගේ අදහස නම් මහින්ද නම් පුද්ගලයා ලබාගත් ජනතා ආකර්ෂණය ලබා ගැනීමට තවම කිසිම නායකයෙකුට හැකිවි නැත .....අපට අවශ්‍ය වන්නේ රුසියාවේ පුටින් වගේ නායකයෙක් .....එත් මහින්ද හෝ වෙනත් නායකයෙක් හෝ අප රට තුල එලෙස බිහිවන්න` නම්` අප රට තුල වෙනස්කම් ගොඩක් සිදුවිය යුතුයි ....විධායක බලය අහෝසි කර ,සුළු ජාතීන් හට සමාන අයිතිවාසිකම් දෙනවා යැයි කියමින් බටහිර රටවල පදයට නටන තෙක් අප රටට වෙන සෙතක් නැත.........මා හීන දකින්නේ අප රට දියුණුවට ගෙන යන්න පුළුවන් නායකයෙක් ගැනයි ....මහින්ද හෝ රනිල් හෝ වෙනත් නායකයෙක් වුවද කම් නැත ....එහෙත් ..අප රට` තුල පවතින` දේශපාලනය තුල එලෙස කටයුතු කරන` ,කරපු නායකයෙක් අදටත් නොමැත ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෛත්‍රීපාල සිරිසේන යනු හොද අවංක දේශපලඥයෙකි ...එහි වෙනසක් නැත ...එහෙත් සත්‍ය නම් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා සමග තරග කිරීමට තරම් ජනතා ආකර්ශනයක් තිබේද ..?

    රනිල් ඉදිරිපත් වුවා නම් මීට වඩා හොදය ...සත්‍ය එයයි ..චන්ද්‍රිකාගේ , රාජිතගේ හිතේ තියෙන වෛරය ඔබ කවුරුත් දකින්න ඇති ...එලෙස වෛරී දේශපාලනයක් කරන පුද්ගල පිරිසක් රට පාලණය කරන්නට සිදුවුවහොත් වියහැක්කේ කුමක්ද.?
    ඔවුන්ගේ එකම ප්‍රතිඥාව විධායකය අහෝසි කරනවා යන්නයි ....එත් එයින් පසු රට පාලනය කරන්න අවශ්‍ය බලය ලබන්නේ කෙසේද ..පාර්ලිමේන්තුව තුල ඕනිම පනතක් බහුතර මතයෙන් සම්මත කරගත හැක.....උතුරු පළාත් සභාව වාගේ රටට අහිතකර පනත් බටහිර රටවල බලපෑමට යටත්ව සම්මත කරගතහොත් අපගේ අනාගතය කෙබදු වේද .?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මදක් සිතන්න ....මහින්ද ආදර්ශමත් නායකයෙක් නොවේ ...එහෙත් ශක්තිමත් නායකයෙකි .......විධායක බලය යනු හොද නරක දෙකටම යොදා ගත`හැකි` ආයුධයකි ...එවනි බලයක් අවශ්‍යයි ...මේ රටට මෙලෝ වැඩක් නැති මැති,ඇමතිවරු පත් නොකර මොලයක් තිබෙන ,වැඩක් කරන්නට හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යැවුවා නම් හොද නැද්ද ..?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දේශපාලණය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඉන්ටෙර්නෙට් වීරයෝ ඇවිල්ල මගේ රේප් කපල ....මට කියන්න තියෙන්නේ මෙපමණයි ...

    මහින්ද රාජපක්ෂ මෙවරත් ජනාධිපති වෙනවා ...එය වැළක්විය නොහැක .....මාගේ රේප් කපපු සමාජයේ බිම් මට්ටමට බැහැල මිනිස්සුන්ගේ දුක නොදැකපු ගොන් හරක් ගැන මට ඇතිවෙන්නේ දුකකි ..කොලන්පුරේ ඉන්න කාර් වල යන අවු 15 - 20 කොල්ලෝ මොනවද දන්නේ මිනිස්සු විදින දුක ගැන....උබලට AC නැතිව විනාඩි 5k ඉන්න බෑ ...එහෙම එවුන් එනවද මිනිස්සුන්ගේ දුක ගැන මට කියන්න ..?