අපි මොනවද මේ කරන්නෙ .?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    වැදගත් අදහසක්. ලොකේ අනික් රට වලත් මේ ප්‍රශ්නෙ තියනවා. එක විසදුමක් තමයි SEED BANK & SEED EXCHANGE COMMUNITY හදාගන්න එක. අපිටත් මේ කිරියෙන්ම ඒ වැඩේ පටන් ගන්න පුලුවන්. වැඩේට ක්මති අය සෙට් වෙලා පාරම්පරික බොග වල සීඩ්ස් එකතු කරන ගමන් එව්වා හුවමාරු කරගෙන තව තවත් බො කරගන්න පුලුවන්.

    මම අහලා තියන විදියට ලන්කවේ පාරම්පරික වී වර්ග මේ විදියට එකතු කරන අය ඉන්නවා, අනිත් එලවලු සහ පලතුරු තියන අයත් ඇති. ඉතින් අපි අපිම එකතු වෙලා පොඩියට වැඩේ පටන් ගමු.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    වැදගත් අදහසක්. ලොකේ අනික් රට වලත් මේ ප්‍රශ්නෙ තියනවා. එක විසදුමක් තමයි SEED BANK & SEED EXCHANGE COMMUNITY හදාගන්න එක. අපිටත් මේ කිරියෙන්ම ඒ වැඩේ පටන් ගන්න පුලුවන්. වැඩේට ක්මති අය සෙට් වෙලා පාරම්පරික බොග වල සීඩ්ස් එකතු කරන ගමන් එව්වා හුවමාරු කරගෙන තව තවත් බො කරගන්න පුලුවන්.

    මම අහලා තියන විදියට ලන්කවේ පාරම්පරික වී වර්ග මේ විදියට එකතු කරන අය ඉන්නවා, අනිත් එලවලු සහ පලතුරු තියන අයත් ඇති. ඉතින් අපි අපිම එකතු වෙලා පොඩියට වැඩේ පටන් ගමු.

    nice idea :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වැදගත් අදහසක්. ලොකේ අනික් රට වලත් මේ ප්‍රශ්නෙ තියනවා. එක විසදුමක් තමයි SEED BANK & SEED EXCHANGE COMMUNITY හදාගන්න එක. අපිටත් මේ කිරියෙන්ම ඒ වැඩේ පටන් ගන්න පුලුවන්. වැඩේට ක්මති අය සෙට් වෙලා පාරම්පරික බොග වල සීඩ්ස් එකතු කරන ගමන් එව්වා හුවමාරු කරගෙන තව තවත් බො කරගන්න පුලුවන්.

    මම අහලා තියන විදියට ලන්කවේ පාරම්පරික වී වර්ග මේ විදියට එකතු කරන අය ඉන්නවා, අනිත් එලවලු සහ පලතුරු තියන අයත් ඇති. ඉතින් අපි අපිම එකතු වෙලා පොඩියට වැඩේ පටන් ගමු.

    එළ අයිඩියා එක උගත් මිත්‍රයා මාත් සබ්ස්ක්‍රයිබ් වෙනවා
     

    waligamaya

    Well-known member
  • ලෝකේ කෘෂිකර්ම සම්බන්ද නිෂ්පාදන වලින් 80% කම ඇමෙරිකන් සමාගම් 5-6 කට තමයි අයිති උන් මුළු ලෝකෙම වගාවන් පාලනය කරනවා. ඇමෙරිකන් ගොවියටත් කෙලවෙලා තියෙන්නේ, උන්ට බිජයක්වත් හදන්න බැ පේටන් නිසා. ඕක ගැන හොද වාර්තා වැඩසටහනක් knowledge TV එකේ ගියා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මීටම සමානයි, ලන්කවේ ඉන්න ගව වර්ග වලට වෙන දේ. දැන් හදුන්වාදෙන අලුත් හරක් වර්ග නිස ටිකෙන් ටික අපේ native breeds නැතිවෙල යනවා. පහු ගිය දවස් වල ඉන්දියවේ තිබ්බ ගොන් පොර තරගයක් අවලන්ගු කරපු වෙලේ මේ topic එක එලියට ආවා.

    http://postcard.news/important-protect-native-breed-cows-bulls/

    http://www.bbc.com/news/world-asia-india-36798500
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අපේ පැත්තේ තියෙනවා තද කොලපාට ෆුට් බොලේ සයිස් කොමඩු. ඒත් කතරගම/හම්බන්තොට පැත්තේ යනකොට තියෙන්නේ ලෙල්ල යවපු පොඩි පොල් ගෙඩි සයිස් කොමඩු තියෙන්නේ. පිබුරාගේ හැම වගේ පොත්ත තියෙන එක. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එතරමට පොඩි. කතරගම කඩේ කොල්ලගෙන් ඇහුවම මීට වඩා ලොකු ඒවා නැද්ද කියලා ඌ අපිට හිනා වෙනවා. :rolleyes: ඌ ජීවිතේට ලොකු ඒවා දැකලා නැද්ද කොහෙද :P

    අපේ ගෙදර නං අබ ගස් දෙකක් තියෙනවා. එකක් විලාඩ්. විලාඩ් එකේ පනුවෝ. රබුටන් ගහේ අවාරෙටත් ගෙඩි. ගහා උසත් නෑ. ගහේම ඉදන් ඇතිවෙන්න කාලා බහින්න තියෙන්නේ. තව අබ ගහටම යවපු පැෂන්ෆ්රුට් වැලක් තියෙයි. අවුරුදු ගානක් තිබුනා මැරෙන්නේ නැතුව. වැල පට්ට මහතයි. පයිය තරන් මහතයි :D ගෙඩිත් තියෙනවා. එකේ කොළ මල්ලුන් හදලා කනවා
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ලෝකේ කෘෂිකර්ම සම්බන්ද නිෂ්පාදන වලින් 80% කම ඇමෙරිකන් සමාගම් 5-6 කට තමයි අයිති උන් මුළු ලෝකෙම වගාවන් පාලනය කරනවා. ඕක ගැන හොද වාර්තා වැඩසටහනක් knowledge TV එකේ ගියා

    කව්ද බන් ඔයවගේ වැඩසටහන් බලන්නේ, දැන් ට්‍රෙන්ඩ් එක ඉන්දියන් කසී කබල් නාට්ටි. ඒවා බලල සැපේ ඉන්නේ. :lol::lol:

    මීටම සමානයි, ලන්කවේ ඉන්න ගව වර්ග වලට වෙන දේ. දැන් හදුන්වාදෙන අලුත් හරක් වර්ග නිස ටිකෙන් ටික අපේ native breeds නැතිවෙල යනවා.

    native breed කකුල් දෙකේ හරක් ගහනය නම් වැඩි වෙනවා. සෝ අව්ලක් නෑ.
    :lol::lol:
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    අවධානය යොමුවිය යුතු වැදගත් කාරනයක්
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඇත්ත කතාව මචන්.... අපේ රටේ තියන අර ලොකුවට ගහ හැදෙන පැපොල් වලට ලෙඩත් අඩුයි. අර පිටි මකුණෝ එන්නෙත් නැ ඒවාට. රසත් වැඩි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජාතික මට්ටමෙන් කතා කරන්න ඕන දෙයක් මචන්. ගොඩක් පැතිවල මේ වගේ තමයි. ඒ කාලෙ වවපු බීජ දැන් හොයාගන්න නෑ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කාලෙක ඉදන් කියන්න හිටපු කතාවක් ......

    කුකුලනි උබලට මතකද කතාවක් තියනව බිබිලෙ දොඩම් නැති කරේ ඊශ්‍රායලයෙන් ඇවිත් දිලීරයක් බෝ කරපු නිසා කියල .ඇත්තටම දැන් අපට ලන්කාවෙ දොඩම් කන්න තැනක් නෑනෙ .මන් මෙහෙම කියන්නෙ අපේ තාත්ත අමාරුවෙන් අපේ ගෙදර වත්තෙ දොඩම් පැලයක් පැල කරා .ගහ ගොඩක් පරිස්සමෙන් ලොකු කරා ,ඒත් ඒ ගහට දැන් මාස කීපයකට කලින් අර දිලීර රෝගෙ ආව .ගහේ හැමතැනම පුස් .එක ගෙඩියක් හැදෙන්නෙ නෑ .පේනවද පතුරවපු විශබීජෙ තරම .අපේ පැත්තෙ දොඩම් ගහක් වත් නැතුව බිබිලෙනුත් කිලෝමීටර් හෙන ගානක් දුර ඉදලත් ගහ ඉවරයි :dull::dull:

    ඒක නෙමෙයි ප්‍රදාන කතාව .උබලගෙ ගෙවල් වල ලන්කාවෙ ගස්ලබු තියද .පොඩි ගෙඩි තියන පට්ටම රස එක .මට නම් ඒව හොයාගන්නත් අමාරුයි .ඔක්කොම තියෙන්නෙ අර තඩි ලබ්බ .ඇටයක් වත් පැලවෙන්නෙ නෑ ඒවගෙ .ඊලගට ගෙවල් වල පේර තියද නැත්තම් අර පනුවො ගහන කිලෝ පේරද තියෙන්නෙ .ඊලගට කොමඩු .අර තද කොලපාට පොත්ත තියන එක ගන්න තියද ඇට පැලවෙන එක .නැත්තම් පිබුරගෙ වගේ වයිරන් තියන කොමඩු ගෙඩියද දැන් කඩවල් වලත් තියෙන්නෙ .ඒවගෙ ඇට තියද පැලවෙනවද .:confused::confused::confused:

    තේරෙනවද මන් මොනවද කියන්නෙ කියල .අපි අපේ රටේ බීජ නැති කරගෙන යන්නෙ .එක පාලකයෙකුටවත් මිනිහෙකුටවත් ගානක් වත් නෑ .දැන් ෆුඩ්සිටි වල තියනව කහපාට තඩි මැන්ගො .(සින්හලෙන් ටයිප් වෙන්නෙ නෑ බන්).බලපන් තව ටික කාලෙකින් අපේ මැන්ගො ටිකට මොකද වෙන්නෙ කියල . වෙන රටකින් ඇට ටික එනකන් බලා ඉන්න වෙයි ගස් හිටවන්නත් බොලව් තව කාලෙකින් .

    උබලට පුලුවන් නම් මේකෙම කොට කොට ඉන්න කැත කලු මෝඩ මිටි සින්හලයෙක් නොවී ගෙදර අපේ බීජ වර්ග පැල කරපන් එකක් දෙකක් හරි .ගස් ලබු අපට නැති වෙන්න ලගයි සින්හලයො පුලුවන් නම් බේර ගනින් .

    මන් දන්නව මේකට බම්ප් එකෙක් වත් දාන්න උනන්දු වෙන උන් අඩුයි කියල .කමක් නෑ මේක කියවල කොන්දක් තියන යාලුවෙක්ට තේරුම් කරල දියන් ඌ හරි රට වෙනුවෙන් පැලයක් හිටවයි


    ජය වේවා ....!
    (හම්බයො නෙමෙයි අරාබිකාරයො කියපම් ඈ :yes::yes::yes:)





    සහතික ඇත්ත. අපේ පරණ බෝග වර්ග ටික ටික වඳ වෙනවා. උඹ දන්නවද ලංකාවෙ කාලෙකට කලින් පරිප්පු ජාතියක් තිබුනා. බදුල්ල දිහා. දැන් ඒවා හොයාගන්නවත් නෑ. මගෙ නෝනා විනෝදෙට වගා කරනවා. එයාට දේශීය බෝග වර්ග හොයාදෙන්න ට්‍රයි කරන නිසා හොයාගන්න තියන අමාරුව දන්නවා මං. දේශීය බීජ දැන් ඉස්සර වගේ හොයාගන්න නෑ. වැඩිය ඕන නෑ සිංහල වැටකොලු පවා දැන් අඩුයි. ඒවාගේ රස වැඩි මේ හයිබ්‍රිඩ් ඒවට වඩා.

    දැන් ලංකාවෙ තියන කොමඩු මෙලෝ රහක් නෑ. ඉස්සර තිබුන පතක්කා කියන පැණි කොමඩු විශේෂයට වෙච්චි දෙයක් නෑ.

    ගිය අවුරුද්දෙ හැදුවා කොමඩු. කිනාරි කියන හයිබ්‍රිඩ් එක. ඒකෙ සති දෙකෙන් දෙකට කෙමිකල් එකක් තියනවා ගහන්න. ඒක ගැහුවෙ නැත්තං ලෙඩ එනවා. ඔහොමයි බහුජාතික සමාගම් අපේ ගොවියන්ට නාස් ලණුව දාන්නේ. උන්ට පට්ට ප්‍රොෆිට්. අපේ උනුත් අස්වැන්න වැඩි හින්දා කරනවා. පරණ බීජ 100%ක්ම වඳවෙලා ගිය දවසට අර සමාගම් වලින් බීජ වල ගණන් සහ කෙමිකල් වල ගණන් වැඩි කරපුවාම මොනාද කාපු රිලව් වගේ බලාඉන්න තමයි වෙන්නේ.

    දකුණු ඇමරිකාවෙ චිලී වල ඒ දේ ඒ ආකාරයටම උනා. අන්තිමට සුලු පරිමාණ හා මද්‍යපරිමාණ ගොවියො නැතිවෙලා ගිහිං මහාපරිමාණ සමාගම් විතරක් ඉතුරු උනා.

    පරණ කෙසෙල් වර්ග කිතල, සුවඳැල් වගේ ඒවා හොයාගන්න මාරම අමාරුයි. ඒ විතරක් නෙවෙයි මොන්දං කෙසෙල් වර්ග හොයාගන්නත් දැන් නෑ.

    පරණ වී වර්ග යකඩමරං,සුවඳැල්,කුරුලු තුඩ, ගෝනබරු හොයාගන්න නැත්තටම නැති තරම්. අපේ අයියා කෙනෙක් වගාකරනවා. පුදුම රසක් ඒ හාල් වලින් උයන බත්. බාස්මතී මොනාද කියලා හිතෙනවා ඒවා කනකොට.

    කෘෂිකර්මෙ ඉන්න ගොං බූරුවො හයබ්‍රිඩ් වර්ග ප්‍රමෝට් කරන එක තමයි කරන්නේ. උන් කටපාඩං ගිරව් ඉන්නේ. මෙලෝ මලදානයක අවබෝධයක් නැතිව වැඩකරන්නේ ගොඩක් උං.රජය ගැන කතානොකර ඉමු. මෙලෝ වැඩකට ඇති උන් ඉන්න තැනක්යැයි

    උබ නිකමට තායිලන්ඩ් ගියොත් බලපන් උන්ගේ රටේ තියෙන එළවලු,පළතුරු දිහා..ඒවා තායිලන්තෙටම ආවේනික ඒවා.ඒ මිනිස්සු ඒවා තාමත් ආරක්ෂා කරගෙන ඉන්නේ.ලංකාවේ සක්කිලි වගේ ලාභෙ ගැන හිතලා වෙන රටවල් වල දේවල් බදාගෙන නැහැ.අපේ රට වගේ තමන්ගේ දේට කෙලවලා අනුන්ගේ දේ බදා ගන්න ඉන්න මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වෙන නැතුව ඇති.ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ.රටක් දියුණු වෙන්න ඒ රටේ මිනිස්සු ඉස්සෙල්ලා තමන්ගේ රටේ දේවල් වලට ආදරේ කරන්න ඕන.

    ඔක්කොම රට පේර රට ජම්බු රට අම්බ ,රට ලබ්බ කිය කිය කනව මෝඩ සින්හලු

    From FB ;


    මේ කියන්ට යන්නේ මා අසා ඇති දෙයකි.

    ලෝකේ ඉතා රසවත්ම දොඩම්, නැත්තම් රසවත්ම දොඩම් වලින් එකක් තමයි ලංකාවේ බිබිලේ දොඩම්. ඒ වගේම ලෝකේ ඇති තවත් රසවත්ම දොඩම් ජාතියක් තමයි ඊශ්‍රායලයේ ජෆ්ෆා දොඩම් කියන්නෙත්.

    ඔය ඊශ්‍රායල් කාරයෝ, ලංකාවේ සුභ සිද්ධියක් උදෙසා වූ කර්තවයකට පැමිණෙන ලෙසින්, යම් කිසි රෝගයක් හිතා මතාම (ජානමය විකෘතියක් බෝ කලාද දන්නෙත් නැහැ) ව්‍යාප්ත කරලා තියෙනවා, බිබිලේ දොඩම් වලට. ඉන් පසු මේ වටිනා, දේශීය දොඩම් වර්ගය වඳ වී ගියාය කියනවා.

    ඔය වගේ දෙයක් ලංකාවේ ඉතා සාර්ථකව ඇපල් වැවු(මතක හැටිය එතුමාගේ නම මාර්ටින්. ඔහුට කියන්නේ ඇපල් මාර්ටින් වගේ තමා නිච්චි.) පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියාවෙන් හොඳ තෑග්ගක් ලැබුනා. මොහු ඉතා සාර්ථකව ඇපල් වැවු සැටි දන ගෙන ඔවුන් නැවත වවන්ට වෙනත් ප්‍රබෙධයක් ලබා දුන්න නොමිලේම, ආධාරත් ඇතිව. එය වගා කලාට පසු අර පෙර වැවු සියල්ලක්ම වඳ වී ගොස් ඇත. නැවත ඇපල් ගසක් වගා කරන්ටවත් බැරි වී ඇත. මින් කම්පනයට පත් එතුමා, හිත තැවුලින් සියලු වගාවන් අත්හැර දැමුවා කියා කියනවා(මෙය මා බොහෝ කලට පෙර පුවත්පත් ලිපියකින්, මතක ඇති විදිහට බත් පාර්සලයක් බැඳ තිබ් කොළයකින් කියවපු දෙයක්.)

    බිබිලේ දොඩම් පමණක් නොව, අපට අහිමි කල භෝග වර්ග ගණන සිය ගණනකි. පිටි මකුණා, පොල් වෛරසය, කරාබු නැටි රෝගය, රඹුටන් වල පුස්, ඉතාම මෑතක සිට ව්‍යාප්තවන කොස් දිලීරය සහ එනසාල් වගාවට එන පිටි මකුණා සහ මෙතන නොකී රෝග ගණනාවක් ආවේ එකම හේතුවක් නිසාය. ඒ සමාගම් වල කෘෂි මාෆියාවයි.. අනුකාරක බටහිර උගතුන් පසේ පෝෂණ ද්‍රව්‍ය නැතිබව වැනි කුහක කතා කියමින් සමාගම් වල බඩගෝස්තරවාදයට කහින්නේ එකිනෙකාට ලැබෙන කුට්ටිය මත මිස ජාතිය ගැන නොසිතමිනි..

    From FB;

    මමත් බිබිලේ දඩම් වලට ගොඩාක් ආස කෙනෙක් ඒ වගේම '82 මොනරාගල ,බිබිල ආස්‍රිතව වෙළදාම් වලට ගිය නිසා
    බිබිලේ දොඩම් වල රසය වින්ඳා
    මට මතක හැටියට 2000 දි පමණ පත්තරයක පලවි තිබුනා
    බිබිල ප්‍රදේශයට පැමිණි මිසනාරි දේව ගැතිවරයෙකු බිබිලේ ජනතාවට උදවු කරන මුවාවෙන් එහි ටික කාළයක් පදි0චි වී සිට දොඩම් වගාව විනාශ කන්නට ඔහුගේ රටින් ( මොහු විදේශිකයෙකු ) කෘමි උවදුරක් මුදා හැර ස්වල්ප කාළයකින් රටින් පිට වුනැයි කියලා ,බිබිලේ ජනතාව මේ විස්තර හොඳින් දන්නව ඇතැයි සිතමි,
    අනික දැන් ල0කාවේ පිටරටින් ගෙන්වන කහ පැහැති දොඩම් වල අලවිය දකිද්දි මේ දේ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ ,අනික අපේ ජනතාවටත් පිට රටින් ගේන දේ හරි අගෙයි, දේශිය නිශ්පාදනයක් ගෙදර ගෙන යන්න ලැජ්ජයි ,විදෙශීය දෙයක් හරි ආඩම්බරයෙන් අනිත් අයටත් පේන්න උජාරුවෙන්
    ගෙනයන්නේ අපට කෙළවෙන්න හේතු බොහොයි, මේකත් එක හේතුවක්........

    බටහිර කරනය සුද්ද දැන් ලෝකෙ අල්ලන්නෙ යුද්ධ වලිං නෙමේ උන්ගෙ දැනුමෙනුයි සමාජ රටාවෙනුයි. ලෝකෙ ගෝලීය කරනය වෙනව කියල ඇත්තටම වුනේ ගෝලීය කරනයක් නෙමේ බටහිර කරනයක්. trend හදන්නෙත් සුද්ද නැති කරන්නෙත් සුද්ද. අපේ වී ටිකටත් වුනේ ඕක තමා. ඉස්සර අපේ රටේ මිනිස්සු ගස් කොලං වල හැදෙන දේවල් කාල අගේට ලෙඩ නැතුව 80ක් 90ක් ජීවත් වුනා. ඒත් දැන් 60ක් 70ක් ඉන්නෙත් බටහිර බෙහෙත් වල පිහිටෙන් ඒ නැත්තං උපරිම වයස 45ක් 50ක් වගේ තමා. අපේ සංස්කෘතියෙ තිබ්බෙ අපි සොබාදහමෙ කොටසක් අපි සොබාදහමට ඕනෙ විදිහට අනුගත වෙලා යන ගමනක්. බටහිරයන්ට සොබාදහම කියන්නෙ මිනිසාගේ අවශ්‍යතා වලට අනුව හිතේ හැටියට වෙනස් කරන්න තියෙන දෙයක්. ඉතිං ඕනෙ මොනාද ජාන වෙනස් කල්ල හරි ඕනෙ දේ ලබාගන්නව ඊට පස්සෙ ඒවගෙ ප්‍රතිවිපාක වලිං බේරෙන්න බෙහෙත් බොනව සොබාදහමත් ඉවරයි තමනුත් ඉවරයි. මේ ක්‍රමේට කොහොමත් වැඩි ආයුශ නෑ ලඟදීම වෙනස් වෙන්න සිද්ද වෙනව

    බිබිලේ පැණි දොඩම් වනසන වෛරස් රෝගයක්


    බිබිලේ පැණි දොඩම් වගාව දිලීරයක් නිසා විනාශවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව බිබිල ගොවි පුහුණු ආයතනයේ කළමනාකාර ටී. ඇම්. හරිස්චන්ද්‍ර මහතා පවසයි.
    1948 වර්ෂයවන විට බිබිලේ දොඩම් වගාව ඉතා සරුවට තිබූ අතර ‘වැලන්සියා ලේම්’ නැමැති දොඩම් ප්‍රභේදය මෙරටට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගෙන බිබිල ගොවිපළේ රෝපණය කිරීමෙන් අනතුරුව විවිධ රෝග දොඩම් වගාවට වැළදෙන්නට පටන් ගත් බව දොඩම් වගා කරුවෝ කියති.
    Orange.jpg
    1950 න් පසුව ‘ට්‍රිස්ටියා’ නම් වෛරස් රෝගයක් නිසා දොඩම් වගාව විනාශවී යාමට පටන්ගෙන තිබේ. ඊට අමතරව දිලීර බැක්ටීරියා , වැනි රෝග ද එම වගාව ආක්‍රමණය කරමින් දොඩම් ඵලදාවට හානි කරන්නට විය. ඒ වන විට අක්කර 4000ක පමණ ව්‍යාප්ත වී තිබූ පැණි දොඩම් වගාව වර්තමානයේ අක්කර 600 දක්වා පහත වැටී තිබේ.
    1956 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බිබිල ඊතණවත්ත ප්‍රදේශයෙන් දොඩම් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය බිබිල ස්වීට් නමින් අද හඳුන්වනු ලැබේ. 1970 න් පසුව නැවත දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබිණි.
    මේ පිළිබඳ අදහස් දැක් වූ ටී. ඇම්. හරිස්චන්ද්‍ර මහතා ‘බිබිලේ දොඩම් වගාවට විවිධ තර්ජන ආවා. විශේෂයෙන්ම වෛරස් රෝග වැළඳීම නිසා සමහර කාලවල දොඩම් වගාව විනාශ වෙලාම ගියා. 1950 ගණන්වල දොඩම් වගාවට වැළදුන ‘’ට්‍රිස්ංට්‍රිසා’’ නැමැති වෛරසය තවමත් අපේ දොඩම් වගාවට හානි පමුණුවනවා. ඒ නිසා බිබිලේ දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා අපි දැන් පියවර රැසක් අරන් තිබෙනවා.
    Orange_1.jpg
    දොඩම් වගාව සඳහා සහනාධාර රැසක් දැන් අපි ක්‍රියාත්මක කරනවා. නොමිලේ දොඩම් පැළ ගොවියන්ට ලබාදීම , උපදෙස් හා ගොවි පුහුණු පන්ති පැවැත්වීම මූල්‍යමය පහසුකම් ලබා දීම , දැන් අපි සිදුකරගෙන යනවා.
    නමුත් දොඩම් වගාවට වැළදෙන රෝග වළක්වා ගැනීම සඳහා නිවැරැදි ක්‍රමවේදයන් හඳුනා නොගැනීම නිසා මේ වන විට බිබිලේ පැණි දොඩම් වගාව විනාශවී යාමේ අවධානමකට ලක් වෙලා. දොඩම් වගාකරුවන්ගේ උනන්දුව හා කැපවීමේ ඌනතාවය නිසා හොඳ දොඩම් අස්වැන්නක් ඔවුන්ට ලබා ගැනීමට බැරි වෙලා තියෙනවා.
    මේ වන විට බිබිල ප්‍රදේශයේ දොඩම් අක්කර 3000ක් පමණ වගා කරල තියෙනවා. අපේ මේ ගොවිපළේ අක්කරයක ආදර්ශ වගාවක් තියෙනවා. දොඩම් වගාකරුවන්ට පුළුවන් මේ ගොවිපළට ඇවිල්ලා තමන්ට අවශ්‍ය උපදෙස් ලබා ගන්න. හරියට වගා කළොත් දොඩම් අක්කරයකින් රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. දැනට බිබිල ප්‍රදේශයේ දොඩම් ගෙඩියක් රුපියල් 15 - 20 ත් විතර වෙනවා. විධිමත් ලෙස පැණි දොඩම් වගා කරල හොඳ ආදායම් ලබා ගන්නා ගොවියන් මේ ප්‍රදේශයේ ඉන්නවා. හැබැයි වැළදෙන රෝග හඳුනාගෙන ඒවාට නියම ප්‍රතිකාර නොකළොත් දොඩම් වගාව සම්පූර්ණයෙන්ම විනාශවී යන්න ඉඩ තියෙනවා.
    මේ පිළිබඳ අදහස් දැක් වූ ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ඒ. පී. ජගත් පුෂ්ප කුමාර මෙසේ කීය.
    බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩසටහන් රාශීයක් ආරම්භ කරල තියෙනවා. කන්න පුරාවට , මැදගම , බුළුපිටිය , නිල්ගල වගේ ප්‍රදේශවල පැණි දොඩම් වගා කරල තියෙනවා. ඒ ගොවියන්ටත් අපි උසස් වර්ගයේ පැළ ලබා දුන්නා. උපදෙස් හා මූළ්‍ය පහසුකම් ලබා දුන්නා. දිලීර වගේ රෝග වැළදෙනවා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කළාම හොඳ දොඩම් අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. රජය මඟින් දොඩම් වගාව ව්‍යාප්ත කිරිම සඳහා පියවර රැසක් අරගෙන තියෙන නිසා බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව විනාශවී යාමේ තර්ජනයකට මුහුණ පාන්න විදියක් නෑ. ගොවියන්ගේ උනන්දුව නැති වුණොත් නම් දොඩම් විතරක් නොවෙයි වෙනත් වගාවක් වුණත් විනාශ වෙලා යන්න පුළුවන්.


    http://archives.dinamina.lk/2010/02/27/_art.asp?fn=f1002274

    මරුසිරා;21524464 said:
    පලතුරු එළවලු ගැන කවර කතාද බන් සින්හලුන්ටත් ෂොට් එක දෙමින් ඉන්නකොට ..
    තව අවුරුදු 10 දී සිංහලු වද වෙනවා .මේක සිරිලන්කස්තන් වෙනවා අපේම මුසල අවජාතක නායකයින්ගේ සන්වරෙටම සාප වෙන්න .:sorry:

    හම්බයෝ වැඩි කරන්නේ බල්ලෝ පැටව ගහනවා වගේ ළමයි හදල විතරක් නෙමේ .ඇෆ්ගනිස්තානෙන් පකිස්තානෙන මාලදිවයිනෙන් ඉන්දියාවෙන් මෙහෙ ඇවිත් වීසා නැතිවම හොරෙන් පදිංච වෙලා .මේ ගැන එකෙක් කට අරින්නේ නැහැ
    :dull::growl:

    මේ කියල තියෙන හැම දේකටම වග කියන්න ඕනේ මේ රටේම මිනිස්සු තමා (පාලකයෝද ඇතුළුව)

    1. රටේ මිනිස්සුන්ට රට ගැන හැගීමක් තියෙන්න ඕනේ ඉස්සරෝම
    (එහෙම එකක් එන්නේ රටේ මුල් පදිංචි කාරයන්ට බව හොදින් මතක තියාගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරණේ ජය ගන්නේ මෙන්න මේක නිසා)

    2. රටේ දේ අගයන්නේ නැතුව අපි වගේද වංශ කබල් ගාන්නේ නැතුව වෙන රටවල් ඉදිරියට යන හැටි බලපල්ලා කිව්වට රටේ දේත් රැකගෙන වෙන රටවලින් හොද දේත් ගත්තොත් රට ඉස්සරහට යයි රටේ වටිනාකම් වලට පයින් ගහල ඉස්සරහට ගියත් හෝ ඉස්සරහට යනවා වගේ පෙනුනත් අනාගතේ දවසක අපිට පසු තැවෙන්න වෙයි වෙන රටවලට ගැති කම් කරන්න වෙනකොට

    3. අද කාලේ හැම දේම වෙන්නේ මිල අනුව හොද දේවල් හැදුවට ඒවා ටිකක් හරි පොඩි වැඩි මිලක් දීලා ගන්නේ කියෙන් කීදෙනාද ? ඒකට එක අතකට වැරද්දක් මෙහෙ මිනිහට කියල වැඩක් නැහැ පිට රට ඕනේ කුණු ගොඩක් මෙහෙට එන්න ඉඩ දීල තියෙන නිසා

    4. මේ රටේ උගත් මිනිස්සුන්ට වගකීමක් තියෙනවා මොනවා හරි දිලිර වයිරස් වලට මර්දනයක් හොයා ගන්න පාලකයෝ ඒවාට පහසුකම් දෙන්නත් එහෙම ඒවා වෙන රටවලින් නොවෙන්නත් වැඩ සලස්වන්න

    මතක තියාගන්න අද උවදුර නැති කරත් හෙට තව එකක් එන්න පුළුවන් කොච්චර වට කඩොලු තිබ්බත් ඒවා මගහැරගෙන මොකෝ ලෝකේ හොදට වඩා ඉක්මනින් නරක පැතිරෙන නිසා