අපූර්ව යුද ටැංකි - 2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපූර්ව යුද ටැංකි - 2

    0iHiNx7.jpg

    අපූර්ව යුද ටැංකි එකතුවේ දෙවන කොටස ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ.පළමු කොටසේදී මඟ හැරුණු පළමුවන සහ දෙවන ලෝක යුද සමයන් හි සැලසුම් කල සහ නිපදවූ සාම්ප්‍රදායික යුද ටැංකියක ආකෘතියෙන් බැහැර යුද ටැංකි කිහිපයක්ද මෙම ලිපියට එක් කලෙමි.

    යුද ටැංකි ගැන කතා කරද්දී වැඩි දෙනෙකුට මතක් නොවන චරිතයක් වන්නේ ලියනාඩෝ ඩාවින්චිය.ඔහු විසින් සැලසුම් කල යුද ටැංකිය ප්‍රබල හමුදා අවියක් ලෙස නොව සතුරා විශ්මයට සහ තැතිගැන්වීමට ලක් කල හැකි අවියක් ලෙස හැඳින්විය හැකිය.මිනිසුන් සතර දෙනෙකුගේ ශ්‍රමයෙන් මෙම යන්ත්‍රය ගමන් කිරීමට සැලසුම් කර තිබිනි.

    7EcbDrZ.jpg




    කිසිදා නිර්මාණය නොකල පළමු ලෝක යුද්ධයට පෙර නිර්මාණය වූ සමහරක් යුද ටැංකි සංකල්ප


    9h3heSB.jpg

    ප්‍රංශයේ සංකල්පිත යුද ටැංකියක් 1855


    2vZk9FM.jpg

    බ්‍රිතාන්‍යයේ සංකල්පිත යුද ටැංකියක් 1885​




    සන්නද්ධ සිව් රෝද සයිකලය 1899​

    පෙට්‍රල් එන්ජිමකින් පණ ගැන්වූ මෙය සැබවින්ම යුද ටැංකියක් නොවේ.මෙය බ්‍රිතාන්‍ය ජාතික නිර්මාණකරුවෙක් වූ එෆ්.ආර්.සිම්ස් 1898 වසරේ නිපදවා තිබෙන්නේ පාබල සහ අශ්වාරෝහක හමුදාවලට ප්‍රහාරක සහාය ලබා දීමටය.මෙහි මාර්ක් 4 මැක්සිම් මැෂින් තුවක්කුවක් සවිකොට තිබිණි.

    UPkH25L.jpg




    දෙවන ලෝක යුද සමයේ අපුර්ව යුද ටැංකි



    tjmAvgN.jpg

    Italian Four Wheeled Tank​




    Mark IV - බ්‍රිතාන්‍ය මාර්ක් 4 යුද ටැංකිය​

    මෙය බ්‍රිතාන්‍යයේ පළමු යුද ටැංකිය වූ මාර්ක් 1 හි දියුණු කල සංස්කරණයකි.1917 වසරේදී හඳුන්වා දුන් මෙහි සන්නාහය එහි පුර්වජයාට වඩා ශක්තිමත් විය.බර ටොන් 29ක් වූ මේ ටැංකිය තුල 8දෙනෙකුට ගමන් කල හැකිවිය .උපරිම වේගය පැයට සැතපුම් 4කි.පළමු ලෝක යුද්ධය අවසන් වනතුරුම මෙම යුද ටැංකියේ සේවය ලබාගන්නා ලදි.

    YgllGD7.jpg




    A7V ජර්මන් යුද ටැංකිය

    මෙය 1918 වසරේදී ජර්මනිය විසින් හඳුන්වාදෙන ලදි.බර ටොන් 33ක් වූ යුද ටැංකිය මීටර් 7ක් දිග මීටර් 3ක උසින් හා පළලින් යුක්ත විය.මි.මී. 57ක ප්‍රධාන අවියක් මෙම යුද ටැංකිය සතුවිය.උපරිම වේගය පැයට කි.මි. 15කි.

    uyTABWG.jpg


    5Un1zId.jpg


    JeDRVpJ.jpg


    YArIA54.jpg


    jSo9bIc.jpg





    Iai0Lgf.jpg

    පළමු ලෝක යුද්ධය සමයේ ඉතාලි යුද ටැංකියක්​




    සංකල්පවලට සීමා වූ පළමු ලෝකය යුද සමයේ යුද ටැංකි​


    d3PlfpD.jpg


    RI9WQd0.jpg




    පළමු ලෝක යුද්ධයෙන් පසු සහ දෙවන ලෝක යුද සමයේ යුද ටැංකි

    පුදුම සහගත යුද ටැංකි ගැන කතා කරද්දි නිතැනින්ම නාසි ජර්මනිය මතකයට නැගේ.මේ කියන්න යන්නේ ජර්මනිය සැලසුම් කල සහ නිපදවූ අපුර්ව යුද ටැංකි කිහිපයක් ගැනයි.



    Ball Tank - පෙරලෙන ගෝලාකාර වස්තුව

    මෙය ගැන වැඩි දෙයක් ඉතිහාසයේ සඳහන් නොවේ.දෙවන ලෝක යුද සමයේ(1945) නැගෙනහිර පෙරමුණ විසින් සොයාගත් මේ අපූර්ව වස්තුව දැනට රුසියාවේ Kubinkaහි හමුදා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.මෙය මි.මී. 5ක් සන්නාහයක්,රියදුරු මැදිරියක් සහ ද්විත්ව පහර තනි සිලින්ඩර් එන්ජිමක්ද සහිතය.සියල්ල සලකා බැලීමෙන් පසුව පෙනී යන්නේ මෙය පිරික්සුම් රථයක් ලෙස යොදාගන්නට ඇතැයි කියාය.මෙය ජර්මනියේ Krupp සමාගමේ තවත් සුවිශේෂ නිර්මාණයක් ලෙස සලකයි.Ball Tank හෝ Krupp Kugelpanzer නමින්ද මෙය හඳුන්වනු ලැබේ.

    yH0QmaC.jpg


    O61xgFS.jpg


    0MtiLJ9.jpg





    Ball Tank ට සමාන සංකල්පමය යන්ත්‍රයක්

    1936 දී ඉදිරිපත් කල මෙම සංකල්පමය රථය වේගයෙන් ගමන් කරන ගෝලාකාර එකක් වු අතර එහි රියදුරු අසුන සමග තුවක්කු සවිකර තිබිණි.මෙහි වටකුරු ස්වරූපයත් කුඩා වීමත් නිසා සතුරු ප්‍රහාරවලට ලක්වීම අවම බව නමුත් සෘජු ප්‍රහාරයක් හමුවේ විනාශ වීමේ හැකියාව වැඩිය.කිහිපදෙනෙකුට ගමන් කල හැකි සේ මෙය සැලසුම් කර තිබිණි.


    anmZYnD.jpg




    තවත් පෙරළෙන ගෝලාකාර රථයක්

    මෙය 1933 වසරේ ඉදිරිපත් කල සංකල්පයකි.ප්‍රධාන රෝදයට අමතරව මෙහි පිටුපස කුඩා රෝද 2ක් තිබේ.මෙය ජලයේ ගමන් කල හැකි සේ විකරණය කල හැකිය.

    bGuvAlN.jpg




    Mobile Fortification Unit - ටින් හැඩැති යුද ටැංකියක්

    මෙය පළමු ලෝක යුද සමයේ ජර්මනියේ නිපද වූ අමුතුම ආකාරයේ අවියකි.මෙහි සිට උපරිම කි.මී. 3ක් දුරට වෙඩි තැබිය හැකිය.මි,මී,50ක අවියක් භාවිතා විය.මෙහි එක් යන්ත්‍රයක් දැනට බ්‍රසල්ස් නුවර රාජකීය හමුදා කෞතුකාගාරයේ තබා ඇත.

    aQC9jIS.jpg


    khRpnn8.jpg


    EMpwykR.jpg




    Treffas-Wagen

    ටොන් 18 බරකින් යුක්ත මෙය 1917 වසරේ ජර්මනියේ Bremen Hansa-Lloyd කර්මාන්තශාලාවේ නිපද වූවකි.මීටර් තුනක විෂ්කම්භයක් සහිත විශාල රෝද 2ක් සහ කුඩා රෝදයකින් යුක්ත මෙය තුල 4 දෙනෙකුට ගමන් කල හැකිවිය.

    3VS7xxE.jpg


    pmvhfcL.jpg


    808DX1C.jpg




    MarienWagen Gepanzert​

    ජර්මනියේ පළමු යුද ටැංකිය ලෙස සැලකෙන මෙය සොමී සටනේදී බ්‍රිතාන්‍ය ප්‍රංශ හමුදා භාවිතා කරන විශාල යුද ටැංකි දැකීමෙන් පසු නිර්මාණය කර තිබේ.මැෂින් තුවක්කු 2ක් සහ මි.මී. 20 කාලවක්කුවක් මෙහි තිබිණි.

    Ro3sgM1.jpg


    fk1ue9r.jpg




    K-Wagen "Kolossal-Wagen"

    ජර්මන් සුපිරි බරැති යුද ටැංකියක් වන මෙහි ප්‍රතිරූපක 2ක් පළමු ලෝක යුද්ධය අවසානයේදී නිපදවන ලදි.දිගින් මිටර් 13ක් පළලින් මීටර් 6ක් සහ උසින් මීටර් 3ක් වූ මෙම දැවැන්තයා ටොන් 120ක් බරය.යුද ටැංකිය තුල 27 දෙනෙකුට ගමන් කල හැකිවිය.මි.මි. 30ක ප්‍රධාන අවියක්ද තවත් කුඩා අවිවලින් එය සන්නද්ධ විය.මෙහි උපරිම වේගය පැයට කි.මී.7.5ක් පමණ විය.

    89kgihv.jpg


    yKpwh3q.jpg





    55xq0X3.jpg

    Christie Amphibious Tank - උභයචර යුද ටැංකියක්​




    T -26(T-26C) රුසියන් ටැංකිය​

    මෙම යුද ටැංකිය 50කට අධික T-26 යුද ටැංකියේ සංස්කරණවලින් එකකි.බොහෝවිට රූපයේ ඇති මාදිලිය ඉන්ධන ප්‍රවාහනයට නිර්මාණය කල එකක් විය හැකිය.

    cCyiAcN.jpg





    රුසියානු යුද ටැංකි


    T-18 සැහැල්ලු යුද ටැංකිය

    MS-1 ලෙසද හඳුන්වන මෙය 1928-1931 සමයේ නිපදවා තිබේ.ටොන් 6 පමණ බර මීටර් 4ක් දිග ,මීටර් 1ක් පළල සහ මීටර් 2ක් උස් මෙම යුද ටැංකිය තුල දෙදෙනෙකුට ගමන් කල හැකිවිය.උපරිම වේගය පැ.කි.මි.17කි.

    bRU3CTG.jpg


    h03ZAFo.jpg



    j8SVvcQ.jpg


    7KkNKZK.jpg




    T-27 යුද ටැංකිය

    1930 නිපදවූ දෙවන ලෝක යුද සමයේත් පාවිච්චි කල මෙය tankette වර්ගයේ වාහනයක් ලෙස හඳුන්වයි.එනම් කාරයක් තරම් විශාල, ලුහුබැඳ ප්‍රහාර එල්ල කල හැකි යුද ටැංකියකි.උපරිම වේගය පැ.කි.මී.42කි.

    btocMpS.jpg




    T-28 යුද ටැංකිය

    මෙය multi-turreted වර්ගයේ යුද ටැංකියකි.1932 වසරේදී හඳුන්වා දුන් මෙය පැ.කි.මි. 37 වේගයෙන් ධාවනය කල හැකිය.

    GZJrr6S.jpg


    YxQw2fA.jpg


    G35kbut.jpg




    T-35 යුද ටැංකිය

    නාසි ජර්මනියේ සෙබලෙක් දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ ස්ටාලින්ගේ හමුදා සමග ඔවුන්ගේ තොරතුරු බෙදාගෙන තිබේ.ජර්මන් සහ රුසියානු සමකාලීන යුද ටැංකිවල සමානකම් තිබෙන්නේ ඒ නිසා යැයි කියවේ.

    D7WFVVF.jpg


    Qd813Ac.jpg




    KV-2 යුද ටැංකිය

    මෙය 1940 වසරේ නිපදවූ තවත් රුසියානු යුද ටැංකියකි.KV-2 යුද ටැංකි 334ක් නිපදවා තිබේ.1941 වසරේ සේවයේ යෙදවු ඒවායින් බොහොමයක් එම වසරේම විනාශ වී තිබේ.


    7pQk7sc.jpg





    T-100 යුද ටැංකිය

    ද්විත්ව කොත් සහිත මෙම යුද ටැංකිය 1938-1939 සමයේ නිපදවා තිබේ.මි.මී.76ක ප්‍රධාන අවියක් සහිත මෙය ටොන් 58ක් බරය,උපරිම වේගය පැ.කි.36කි.

    5kUCB6x.jpg




    KhTZ-16 යුද ටැංකිය

    මෙයද දෙවන ලෝක යුද සමයේ භාවිතා කල රුසියානු යුද ටැංකියකි.​

    jSvF9vT.jpg





    kF2jifN.jpg

    කොන්ක්‍රීට් වලින් ආවරණය කල T-34 යුද ටැංකියක්​




    T-39 යුද ටැංකිය​

    ආකෘතිවලට පමණක් සීමා වූ සෝවියට් යුද ටැංකියකි.කොත් 4ක් සහිතව සැලසුම් කර තිබු මෙය නිර්මාණය කිරීම අතහැර දමන ලද්දේ T-34 යුද ටැංකිය සාර්ථක වීම නිසා යැයි සැලකේ.

    zlE8Fcr.jpg




    WI3acBy.jpg

    BT-5 යුද ටැංකියකට සවිකල රොකට් සමග​




    Bolshevik Tank - සැලසුම් වලට සීමාවූ රුසියානු යුද ටැංකිය​

    මෙය නිපද වූයේ නම් අශ්ව බල 24000ක් ප්‍රබල බහු එන්ජින් සහිත ටොන් 1000 බර,කොත් 6ක් සහිත 60 දෙනෙකුට ගමන් කල හැකි දැවැන්ත යුද ටැංකියක් වනු ඇති.මෙය 1932 වසරේදී පමණ සැලසුම් කර තිබේ.

    3Gpy7bY.jpg




    KV-VI Behemoth - බලකොටුවක් බඳු රුසියානු යුද ටැංකිය​

    "ආපසු හැරෙන්නට අවශ්‍ය නැත.මේ ගමන කෙලින් බර්ලිනය වෙතයි" යැයි ස්ටාලින් ප්‍රකාශ කලේ මෙම පුදුමය දනවන ව්‍යාපෘතියට අවසරය දෙමින්ය. KV-VI යනු යුද ටැංකියකට වඩා ප්‍රබල යන්ත්‍රයකි.එය එසමයේ කොමියුනිස්ට්වරුන්ගේ සිහිනයක් වු බවට සැකයක් නැත.මෙහි පලමු මූලාකෘතිය 1941 වසරේ දෙසැම්බර් මස අවසන් කෙරුණු අතර එය මොස්කව් නගරයේ ආරක්ෂාවට පිටත් කර යවන ලදි.නමුත් එහි පසුපස කොතේ ගින්නක් ඇතිවිය.එය ප්‍රධාන කොතටත් ව්‍යාප්ත වී සම්පුර්ණ යුද ටැංකියම විනාශ වූ බව කියවේ.දෙවන යුද ටැංකිය 1942 ජනවාරි මස සම්පුර්ණ කර ලෙනින්ග්‍රෑඩ් පෙරමුණය යැව්වද එහිද ගින්නක් ඇති වි පසුව අක්‍රීය වි තිබේ.කාර්‍ය මණ්ඩලය 15කින්ද එය සමන්විතව තිබූ බව සඳහන් වේ.


    dRvMrcP.jpg





    සීතල යුද සමයේ අපුර්වතම යුද ටැංකි​


    Chrysler TV-8 යුද ටැංකිය​

    1950 දශකයේදී නිපද වු න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යුද ටැංකියකි.බර ටොන් 25ක් වූ මෙයට මි.මි.90ක ප්‍රධාන අවියක් තිබිණි.


    XdeRcyM.jpg


    8r0VbIi.jpg


    JJ7ws2V.jpg




    QxDbGj5.jpg

    Chrysler TV-1 යුද ටැංකිය - සංකල්පිත​




    Object 775​

    සීතල යුද්ධයේ උච්චතම සමය වුයේ 1960 දශකයයි. 1964 වසරේදි සෝවියට් හමුදාව Object 775 නමින් මිසයිල දියත් කල හැකි යුද ටැංකියක් හඳුන්වා දෙන ලදි.එය "Rubin" anti-tank guided missiles වලින් සහ "Bur" surface-to-surface missiles වලින් සන්නද්ධ කර තිබිණි.මෙහි බර ටොන් 36ක් වූ අතර දෙදෙනෙකුට ගමන් කල හැකි සේ නිපදවා තිබිණි.

    DGromn5.jpg


    DGromn5.jpg


    V2u7PvY.jpg




    Hover Tank - Object 760​

    ජලය සහ ගොඩබිමේ ගමන් කල හැකි ලෙස නිපදවා තිබූ මෙම යුද ටැංකිය Object 760 නමින් හැඳින්වේ.මෙය 1961 වසරේ නිපදවා 1961-1963 සමයේ සේවයේ යොදවා තිබේ.මෙහි උපරිම වේගය පැ.කි.මි.45කි.

    ZYi0b66.jpg


    orJixpf.jpg


    kHUmRmB.png




    2B1 Oka​

    මි.මී. 420ක ප්‍රධාන අවියක් සහිත 1957 වසරේ නිපදවූ මෙය න්‍යෂ්ඨික උණ්ඩ මුදා හැරිය හැකි යුද ටැංකියකි.මෙහි බර ටොන් 55කි.

    h6z4JPP.jpg




    Ontos Tank Destroyer​

    යුද ටැංකි නාශක ඇමෙරිකානු නිපැයුමකි.1955-57 සමයේ නිපදවා තිබෙන මෙය පැ.කි.මි. 48ක වේගයකින් ධාවනය කල හැකිය.වියට්නාම යුද්ධයේදී මෙම යුද ටැංකිය භාවිතා කර තිබේ.

    Cls34Md.jpg




    VT1-1 tank​

    VT1-1 යනු 1970 දශකයේ සිට බ්‍රිතාන්‍ය-ජර්මන් සහයෝගයෙන් සංවර්ධනය කල ව්‍යාපෘතියකි.කොතක් සහිත යුද ටැංකියක් අවශ්‍ය බව කියමින් පසුකාලයේදී බ්‍රිතාන්‍යය ඉන් ඉවත්විය.මෙහි මි.මී.105ක කාලතුවක්කු අවි 2කි.

    QiM7QBs.jpg




    VT1-2 tank​

    VT1 හි තවත් සංස්කරණයකි.මි.මී.120 අවි 2ක් සහිතය.​

    C6j9rTB.jpg




    තව ඉවර නෑ... යුද ටැංකි ගැන ලිපියකින් දෙකකින් ලියලා ඉවරයක් කරන්න බෑ.එහෙනම් ඔන්න කොටස් දෙකකින් යුක්ත අපූර්ව යුද ටැංකි ලිපිය මේ විදියට අවසන් වෙනවා.



    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-