අපූර්ව සබ්මැරීන සංකල්ප
සබ්මැරීන සංග්රාම,ගවේෂණ ආදිය සඳහා මෙන්ම රටවල අභිමානය (විශාලම සබ්මැරීන මගින්)පෙන්වන සලකුණක් ලෙසද භාවිතා කරයි.සමහරක් සබ්මැරීන සතුව තිබෙන න්‍යෂ්ඨික අවිවලින් පෘථිවිය කිහිපවරක් විනාශ කිරීමේ හැකියාව තිබේ.ඉතිහාසය තුල නිපදවූ සහ සැලසුම් කල සබ්මැරීන සංකල්ප කිහිපයක් විමසා බලමු.
දෙවන ලෝක යුද්ධයේ සබ්මැරීන
දුර්ලභ ගනයේ ජර්මන් යූ බෝට් සබ්මැරීනයක්.මෙය VS-5 නමින් හඳුන්වයි.එය අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස නිපදවා තිබේ.
ජපානය විසින් භාවිතා කල ගුවන් යානා දියත් කල හැකි විශේෂිත සබ්මැරීනයක්.I-400-class වර්ගයේ එකකි.මෙම I-400-class වර්ගයේ සබ්මැරීන ඩීසල් එන්ජින් සහ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන නිසා දිගු දුර මෙහෙයුම්වලට යොදාගැනීමේ හැකියාව තිබිණි(ලොව වටා 1 1/2 වාරයක් ඊට ගමන් කල හැකිවිය ).ජපානය විසින් 1944-1945 සමයේ නිපදවූ මෙම සබ්මැරීන ,1960 දශකයේදී න්‍යෂ්ඨික බල සබ්මැරීන නිපදවන්නට පෙර තිබූ විශාලතම ඒවා විය.
ස්ටාලින්ගේ සමයේ රුසියාවේ සබ්මැරීන සැලසුම්කරුවන් නිර්මාණය කල සංකල්පිත සබ්මැරීන
K-19 යනු සෝවියට් දේශයේ පළමු න්‍යෂ්ඨික සබ්මැරීනය අතර මෙය 1960 දශකයේ මුල් සමයේ දියත් කරන ලදි.තවද උත්තර ධ්‍රැවයට ළඟාවූ පළමු සෝවියට් සබ්මැරීනය වන්නේද ය.මෙම සබ්මැරීනය "හිරෝෂිමා" යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වයි.ඊට හේතුව සබ්මැරීනය තුල අවස්ථා කිහිපයකදීම අනතුරු සිදුවීම සහ විකිරණ කාන්දුවීම ,ගිනිගැනීම් නිසා එහි සේවය කල පිරිස් මියයෑමයි.
පහත දැක්වෙන්නේ පළමු ලෝක යුද සමයේ(1915) නිපදවූ "Bars"-class පන්තියේ සබ්මැරීනවල පටන් න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා සෝවියට්/රුසියානු සබ්මැරීනවල විකාශනයයි
"Bars"-class පන්තියේ සබ්මැරීනයක්
සෝවියට් දේශය නිපදවූ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන බැලස්ටික් මිසයිල ගෙන යාහැකි මුල්ම සබ්මැරීන Hotel-class පන්තියට අයත් වේ.
සීතල යුද්ධය උත්සන්න වෙද්දී සෝවියට් දේශය ක්‍රමයෙන් අතිවිශාල සබ්මැරීන නිපදවන්නට විය.
රුසියාව දියත් කල නවතම සබ්මැරීනයක් වන්නේ Borei-class පන්තියේ Yury Dolgoruki නම් සබ්මැරීනයයි.මෙය මීටර් 158ක් දිගින් යුක්තය.එහි උපරිම වේගය පැයට කි.මී.56කි.මෙම සබ්මැරීනයට බුලාවා වර්ගයේ බැලස්ටික් මිසයිල 16ක් ගෙන යා හැකිය.
සෝවියට් දේශය ගුවන් ගත විය හැකි සබ්මැරීනයක් නිපදවීමට උත්සාහ කරන්නේ දෙවන ලෝක යුද සමයේය.නමුත් එය සැලසුමට පමණක් සීමා වේ.මෙම සැලැස්ම ඉදිරිපත් කරන්නේ බොරිස් උශාකොව් නැමැති නාවික ඉන්ජිනේරුවාය.ඒ 1937 දී පමණය.මෙම යානයට කි.මී.800ක් දුර පැයට කි.මී.200ක වේගයෙන් පියාසර කල හැකිය.එසේම ජලය යට මීටර් 50ක් දුරට කිමිදිය හැකිය.ජලය යට දී එහි වේගය නාවික සැතපුම් 3කි.
ඩොන් රෙයිඩ් නම් විදුලි ඉංජිනේරුවා විසින් Commander-1 නමින් මූලාකෘතියක් නිපදවයි.එහි දෙවන මොඩලය වූ Commander-2 යානය භාවිතා කල හැකි මට්ටමට දියුණුකල අතර ඊට ගුවන්ගතවීමට සහ කිමිදීමට හැකියාව තිබී ඇත,පළමු අත්හදා බැලීම 1964දී සිදුකර තිබේ.ඊට ජලය තුල නාවික සැතපුම් 4ක් වේගයෙන් ගමන් කල හැකිවිය.
අනාගතය
ලොක්හීඩ් මාර්ටීන් සමාගම විසින් සැලසුම් කර තිබෙන මෙම ගුවන් යානයට දියයට(අඩි 150ක්) පවා මෙහෙයුම් සිදුකල හැකිය.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

පැරණි කිමිඳුම් ඇඳුම් කට්ටල
පහත දැක්වෙන්නේ වික්ටෝරියානු යුගයේ තාක්ෂණයෙන් නිපදවූ කි.ග්රෑ.380ක් බරැති පිහිණුම් ඇඳුම් කට්ටලයකි(1882)
මෙම ඇඳුම හමුවන්නේ මොනැකෝ හි සමූද්රවිද්යා කෞතුකාගාරයෙනි.
රොබෝවෙක්ගේ පෙනුම සහිත දැවැන්ත කිමිඳුම් ඇඳුමක්
මුල් කාලීන කිමිඳුම් බෝට්ටුවක් - 1852 විල්හෙල්ම් බවර් විසින් නිපදවා තිබේ.
කැස්බෑවෙකුට සමාන කිමිදීමට හැකි යාත්‍රාවක් - 1752 එසර් බුෂ්නෙල් විසින් නිපදවා තිබේ.

මෙම යාත්‍රාව 2007 වසරේදී යළි නිර්මාණය කර දියත් කරන්නට පිලිප් රිලෙයි නැමැත්තා උත්සාහ දරා තිබේ.එහිදී මෙම යාත්‍රාව මීටර් 200ක් පමණ ගැඹුරට ගමන් කර තිබේ.
දෙවන ලෝක යුද්ධයේ සබ්මැරීන
දුර්ලභ ගනයේ ජර්මන් යූ බෝට් සබ්මැරීනයක්.මෙය VS-5 නමින් හඳුන්වයි.එය අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස නිපදවා තිබේ.
ජපානය විසින් භාවිතා කල ගුවන් යානා දියත් කල හැකි විශේෂිත සබ්මැරීනයක්.I-400-class වර්ගයේ එකකි.මෙම I-400-class වර්ගයේ සබ්මැරීන ඩීසල් එන්ජින් සහ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන නිසා දිගු දුර මෙහෙයුම්වලට යොදාගැනීමේ හැකියාව තිබිණි(ලොව වටා 1 1/2 වාරයක් ඊට ගමන් කල හැකිවිය ).ජපානය විසින් 1944-1945 සමයේ නිපදවූ මෙම සබ්මැරීන ,1960 දශකයේදී න්‍යෂ්ඨික බල සබ්මැරීන නිපදවන්නට පෙර තිබූ විශාලතම ඒවා විය.
ස්ටාලින්ගේ සමයේ රුසියාවේ සබ්මැරීන සැලසුම්කරුවන් නිර්මාණය කල සංකල්පිත සබ්මැරීන
K-19 යනු සෝවියට් දේශයේ පළමු න්‍යෂ්ඨික සබ්මැරීනය අතර මෙය 1960 දශකයේ මුල් සමයේ දියත් කරන ලදි.තවද උත්තර ධ්‍රැවයට ළඟාවූ පළමු සෝවියට් සබ්මැරීනය වන්නේද ය.මෙම සබ්මැරීනය "හිරෝෂිමා" යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වයි.ඊට හේතුව සබ්මැරීනය තුල අවස්ථා කිහිපයකදීම අනතුරු සිදුවීම සහ විකිරණ කාන්දුවීම ,ගිනිගැනීම් නිසා එහි සේවය කල පිරිස් මියයෑමයි.
K-19
2007 වසරේදී රුසියානු සබ්මැරීනයක් විසින් උත්තර ධ්‍රැවයේ ගැඹුරු මුහුදේ රුසියානු ධඡයක් සිටුවන ලදි.
පහත දැක්වෙන්නේ පළමු ලෝක යුද සමයේ(1915) නිපදවූ "Bars"-class පන්තියේ සබ්මැරීනවල පටන් න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා සෝවියට්/රුසියානු සබ්මැරීනවල විකාශනයයි
"Bars"-class පන්තියේ සබ්මැරීනයක්
සෝවියට් දේශය නිපදවූ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන බැලස්ටික් මිසයිල ගෙන යාහැකි මුල්ම සබ්මැරීන Hotel-class පන්තියට අයත් වේ.
සීතල යුද්ධය උත්සන්න වෙද්දී සෝවියට් දේශය ක්‍රමයෙන් අතිවිශාල සබ්මැරීන නිපදවන්නට විය.
රුසියාව දියත් කල නවතම සබ්මැරීනයක් වන්නේ Borei-class පන්තියේ Yury Dolgoruki නම් සබ්මැරීනයයි.මෙය මීටර් 158ක් දිගින් යුක්තය.එහි උපරිම වේගය පැයට කි.මී.56කි.මෙම සබ්මැරීනයට බුලාවා වර්ගයේ බැලස්ටික් මිසයිල 16ක් ගෙන යා හැකිය.
සංකල්පිත සබ්මැරීන
ෆ්රෑන්ක් හර්බර්ට්ගේ සබ්මැරීනය
බොන් ඇලුමිනියම් සහ බ්රාස් සමාගමේ සංකල්පිත සබ්මැරීනයක්(1940)
ද අයන් වේල්(1933) - ජර්මන් ඉන්ජිනේරුවෙක් වූ හර්ස්චිෆ්ගේ සබ්මැරීන සංකල්පය
ජලය යට තිබෙන හෝටලයක් ලෙස භාවිතා කල හැකි සබ්මැරීනයක්(1950 දශකයේ රුසියානු සංකල්පයක්)
ජර්මන් සබ්මැරීන සංකල්පයක්
නුතන සබ්මැරීන අතිවිශාලය.මෙහි දැක්වෙන්නේ න්‍යෂ්ඨික සබ්මැරීනයක කොටසක් මහා මාර්ගයක ගෙන යන අයුරුය.
Dinotopia: The World Beneath නම් පොතේ එන සබ්මැරීනය
රුසියානු සඟරාවක 1960 දශකයේ පළවූ පෞද්ගලික සබ්මැරීන සංකල්පයක්
ඩොල්පින්ගේ හැඩය ගත් පෞද්ගලික පාවිච්චියට තැනූ සබ්මැරීන
කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් .මෙය 1988දී රුසියානු ගංගාවල යාත්‍රා කර තිබේ.
ජර්මනියේ මයිකල් හෙන්රික් විසින් නිපදවූ දෙදෙනෙකුට ගමන් කල හැකි සබ්මැරීනය.එයට මීටර් 100ක් පමණ ගැඹුරට ගමන් කල හැකිය.
පියාඹන සබ්මැරීන

මාතෘකාව නම් ටිකක් අමුතුයි වගේ නේද? පියාඹන සබ්මැරීන තියෙන්න පුලුවන් විද්‍යා ප්‍රබන්ධවල විතරද? නෑ කලකට පෙර එක්සත් ජනපද නාවික හමුදාව මීට බොහෝ සමාන ව්‍යාපෘතියක් සැලසුම් කලා.
1964 වසරේදී සාර්ථක අත්හදා බැලුවා යැයි කියන එක්සත් ජනපදයේ පියාඹන සබ්මැරීනය- Commander-2
සෝවියට් පියාඹන සබ්මැරීනය
සෝවියට් දේශය ගුවන් ගත විය හැකි සබ්මැරීනයක් නිපදවීමට උත්සාහ කරන්නේ දෙවන ලෝක යුද සමයේය.නමුත් එය සැලසුමට පමණක් සීමා වේ.මෙම සැලැස්ම ඉදිරිපත් කරන්නේ බොරිස් උශාකොව් නැමැති නාවික ඉන්ජිනේරුවාය.ඒ 1937 දී පමණය.මෙම යානයට කි.මී.800ක් දුර පැයට කි.මී.200ක වේගයෙන් පියාසර කල හැකිය.එසේම ජලය යට මීටර් 50ක් දුරට කිමිදිය හැකිය.ජලය යට දී එහි වේගය නාවික සැතපුම් 3කි.
පහත දැක්වෙන්නේ ඇමෙරිකානු නිර්මාණකරුවෙක් වූ හූස්ටන් හරින්ටන් විසින් සැලසුම් කල පියාඹන සබ්මැරීනයකි.
එක්සත් ජනපදය මෙම සංකල්පය යථාර්තයක් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ 50 සහ 60 දශකයන්හිදීය.
එක්සත් ජනපදයේ පියාඹන සබ්මැරීනය