අපූර්ව සබ්මැරීන සංකල්ප

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපූර්ව සබ්මැරීන සංකල්ප

    D3AGOTH.jpg

    සබ්මැරීන සංග්‍රාම,ගවේෂණ ආදිය සඳහා මෙන්ම රටවල අභිමානය (විශාලම සබ්මැරීන මගින්)පෙන්වන සලකුණක් ලෙසද භාවිතා කරයි.සමහරක් සබ්මැරීන සතුව තිබෙන න්‍යෂ්ඨික අවිවලින් පෘථිවිය කිහිපවරක් විනාශ කිරීමේ හැකියාව තිබේ.ඉතිහාසය තුල නිපදවූ සහ සැලසුම් කල සබ්මැරීන සංකල්ප කිහිපයක් විමසා බලමු.



    පැරණි කිමිඳුම් ඇඳුම් කට්ටල

    පහත දැක්වෙන්නේ වික්ටෝරියානු යුගයේ තාක්ෂණයෙන් නිපදවූ කි.ග්‍රෑ.380ක් බරැති පිහිණුම් ඇඳුම් කට්ටලයකි(1882)

    Q1zPdmu.jpg





    මෙම ඇඳුම හමුවන්නේ මොනැකෝ හි සමූද්‍රවිද්‍යා කෞතුකාගාරයෙනි.

    0cXYsKT.jpg





    රොබෝවෙක්ගේ පෙනුම සහිත දැවැන්ත කිමිඳුම් ඇඳුමක්

    FmFl0Za.jpg





    මුල් කාලීන කිමිඳුම් බෝට්ටුවක් - 1852 විල්හෙල්ම් බවර් විසින් නිපදවා තිබේ.

    IF37J2t.jpg





    කැස්බෑවෙකුට සමාන කිමිදීමට හැකි යාත්‍රාවක් - 1752 එසර් බුෂ්නෙල් විසින් නිපදවා තිබේ.

    oq0GGhB.jpg


    මෙම යාත්‍රාව 2007 වසරේදී යළි නිර්මාණය කර දියත් කරන්නට පිලිප් රිලෙයි නැමැත්තා උත්සාහ දරා තිබේ.එහිදී මෙම යාත්‍රාව මීටර් 200ක් පමණ ගැඹුරට ගමන් කර තිබේ.​

    M0rTq88.jpg






    දෙවන ලෝක යුද්ධයේ සබ්මැරීන

    දුර්ලභ ගනයේ ජර්මන් යූ බෝට් සබ්මැරීනයක්.මෙය VS-5 නමින් හඳුන්වයි.එය අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස නිපදවා තිබේ.

    K4oAt4B.jpg


    6WszIJj.jpg




    ජපානය විසින් භාවිතා කල ගුවන් යානා දියත් කල හැකි විශේෂිත සබ්මැරීනයක්.I-400-class වර්ගයේ එකකි.මෙම I-400-class වර්ගයේ සබ්මැරීන ඩීසල් එන්ජින් සහ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන නිසා දිගු දුර මෙහෙයුම්වලට යොදාගැනීමේ හැකියාව තිබිණි(ලොව වටා 1 1/2 වාරයක් ඊට ගමන් කල හැකිවිය ).ජපානය විසින් 1944-1945 සමයේ නිපදවූ මෙම සබ්මැරීන ,1960 දශකයේදී න්‍යෂ්ඨික බල සබ්මැරීන නිපදවන්නට පෙර තිබූ විශාලතම ඒවා විය.

    XhEVUmG.jpg





    ස්ටාලින්ගේ සමයේ රුසියාවේ සබ්මැරීන සැලසුම්කරුවන් නිර්මාණය කල සංකල්පිත සබ්මැරීන

    UQWB5JB.jpg




    K-19 යනු සෝවියට් දේශයේ පළමු න්‍යෂ්ඨික සබ්මැරීනය අතර මෙය 1960 දශකයේ මුල් සමයේ දියත් කරන ලදි.තවද උත්තර ධ්‍රැවයට ළඟාවූ පළමු සෝවියට් සබ්මැරීනය වන්නේද ය.මෙම සබ්මැරීනය "හිරෝෂිමා" යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වයි.ඊට හේතුව සබ්මැරීනය තුල අවස්ථා කිහිපයකදීම අනතුරු සිදුවීම සහ විකිරණ කාන්දුවීම ,ගිනිගැනීම් නිසා එහි සේවය කල පිරිස් මියයෑමයි.

    KoQMP9Q.jpg


    jfKsOBG.jpg
    K-19​




    2007 වසරේදී රුසියානු සබ්මැරීනයක් විසින් උත්තර ධ්‍රැවයේ ගැඹුරු මුහුදේ රුසියානු ධඡයක් සිටුවන ලදි.

    EF43mY0.jpg




    පහත දැක්වෙන්නේ පළමු ලෝක යුද සමයේ(1915) නිපදවූ "Bars"-class පන්තියේ සබ්මැරීනවල පටන් න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා සෝවියට්/රුසියානු සබ්මැරීනවල විකාශනයයි

    Do3mCXH.jpg


    XkOlRI4.jpg

    "Bars"-class පන්තියේ සබ්මැරීනයක්




    සෝවියට් දේශය නිපදවූ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන බැලස්ටික් මිසයිල ගෙන යාහැකි මුල්ම සබ්මැරීන Hotel-class පන්තියට අයත් වේ.

    4QTHZ5M.jpg


    khI9RsJ.png





    සීතල යුද්ධය උත්සන්න වෙද්දී සෝවියට් දේශය ක්‍රමයෙන් අතිවිශාල සබ්මැරීන නිපදවන්නට විය.

    oU0QBqE.jpg




    රුසියාව දියත් කල නවතම සබ්මැරීනයක් වන්නේ Borei-class පන්තියේ Yury Dolgoruki නම් සබ්මැරීනයයි.මෙය මීටර් 158ක් දිගින් යුක්තය.එහි උපරිම වේගය පැයට කි.මී.56කි.මෙම සබ්මැරීනයට බුලාවා වර්ගයේ බැලස්ටික් මිසයිල 16ක් ගෙන යා හැකිය.

    4LIrUW2.png


    FNMmJTU.jpg


    Rw0TNOz.jpg


    3FtQara.jpg


    wzCxXRS.jpg





    සංකල්පිත සබ්මැරීන

    ෆ්‍රෑන්ක් හර්බර්ට්ගේ සබ්මැරීනය

    hyQ5Cis.jpg





    බොන් ඇලුමිනියම් සහ බ්‍රාස් සමාගමේ සංකල්පිත සබ්මැරීනයක්(1940)

    qckPBEd.jpg





    ද අයන් වේල්(1933) - ජර්මන් ඉන්ජිනේරුවෙක් වූ හර්ස්චිෆ්ගේ සබ්මැරීන සංකල්පය

    HRN0DM9.jpg





    ජලය යට තිබෙන හෝටලයක් ලෙස භාවිතා කල හැකි සබ්මැරීනයක්(1950 දශකයේ රුසියානු සංකල්පයක්)

    eVM1OP3.jpg





    ජර්මන් සබ්මැරීන සංකල්පයක්

    IyYbMCO.jpg


    wPnR1kr.jpg





    නුතන සබ්මැරීන අතිවිශාලය.මෙහි දැක්වෙන්නේ න්‍යෂ්ඨික සබ්මැරීනයක කොටසක් මහා මාර්ගයක ගෙන යන අයුරුය.

    MlWK49z.jpg





    Dinotopia: The World Beneath නම් පොතේ එන සබ්මැරීනය

    TWkXRLo.jpg





    රුසියානු සඟරාවක 1960 දශකයේ පළවූ පෞද්ගලික සබ්මැරීන සංකල්පයක්

    8Dh57c1.jpg





    ඩොල්පින්ගේ හැඩය ගත් පෞද්ගලික පාවිච්චියට තැනූ සබ්මැරීන

    V4NzQQE.jpg


    k0awLr7.jpg





    කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් .මෙය 1988දී රුසියානු ගංගාවල යාත්‍රා කර තිබේ.

    PP12Mxv.jpg





    ජර්මනියේ මයිකල් හෙන්රික් විසින් නිපදවූ දෙදෙනෙකුට ගමන් කල හැකි සබ්මැරීනය.එයට මීටර් 100ක් පමණ ගැඹුරට ගමන් කල හැකිය.

    0BSpgGl.jpg


    Jb0t10U.jpg





    පියාඹන සබ්මැරීන

    මාතෘකාව නම් ටිකක් අමුතුයි වගේ නේද? පියාඹන සබ්මැරීන තියෙන්න පුලුවන් විද්‍යා ප්‍රබන්ධවල විතරද? නෑ කලකට පෙර එක්සත් ජනපද නාවික හමුදාව මීට බොහෝ සමාන ව්‍යාපෘතියක් සැලසුම් කලා.​



    1964 වසරේදී සාර්ථක අත්හදා බැලුවා යැයි කියන එක්සත් ජනපදයේ පියාඹන සබ්මැරීනය- Commander-2​

    Pr34L0c.jpg




    සෝවියට් පියාඹන සබ්මැරීනය

    සෝවියට් දේශය ගුවන් ගත විය හැකි සබ්මැරීනයක් නිපදවීමට උත්සාහ කරන්නේ දෙවන ලෝක යුද සමයේය.නමුත් එය සැලසුමට පමණක් සීමා වේ.මෙම සැලැස්ම ඉදිරිපත් කරන්නේ බොරිස් උශාකොව් නැමැති නාවික ඉන්ජිනේරුවාය.ඒ 1937 දී පමණය.මෙම යානයට කි.මී.800ක් දුර පැයට කි.මී.200ක වේගයෙන් පියාසර කල හැකිය.එසේම ජලය යට මීටර් 50ක් දුරට කිමිදිය හැකිය.ජලය යට දී එහි වේගය නාවික සැතපුම් 3කි.

    8Gm0rnW.jpg


    aEtmE9T.jpg




    පහත දැක්වෙන්නේ ඇමෙරිකානු නිර්මාණකරුවෙක් වූ හූස්ටන් හරින්ටන් විසින් සැලසුම් කල පියාඹන සබ්මැරීනයකි.​

    mM469es.jpg



    එක්සත් ජනපදය මෙම සංකල්පය යථාර්තයක් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ 50 සහ 60 දශකයන්හිදීය.​

    1aflvwC.jpg


    Do4wsof.jpg




    එක්සත් ජනපදයේ පියාඹන සබ්මැරීනය

    ඩොන් රෙයිඩ් නම් විදුලි ඉංජිනේරුවා විසින් Commander-1 නමින් මූලාකෘතියක් නිපදවයි.එහි දෙවන මොඩලය වූ Commander-2 යානය භාවිතා කල හැකි මට්ටමට දියුණුකල අතර ඊට ගුවන්ගතවීමට සහ කිමිදීමට හැකියාව තිබී ඇත,පළමු අත්හදා බැලීම 1964දී සිදුකර තිබේ.ඊට ජලය තුල නාවික සැතපුම් 4ක් වේගයෙන් ගමන් කල හැකිවිය.

    I1ajahR.jpg


    RC1MH9U.jpg





    අනාගතය

    ලොක්හීඩ් මාර්ටීන් සමාගම විසින් සැලසුම් කර තිබෙන මෙම ගුවන් යානයට දියයට(අඩි 150ක්) පවා මෙහෙයුම් සිදුකල හැකිය.

    pyk9csO.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සබ්මැරීන් සංකල්ප නම් මරු.. මේවයෙන් බලන්ද කොහෙද අලුත් ෆීල්ම් වලට ගැජට් හදන්නෙ..:dull:

    අර කිමිදුම් කට්ටල දාගෙන කිමිදිච්ච එවුන්ට ගාණක් දෙන්න වටිනවා..:lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සබ්මැරීන් සංකල්ප නම් මරු.. මේවයෙන් බලන්ද කොහෙද අලුත් ෆීල්ම් වලට ගැජට් හදන්නෙ..:dull:





    modernmechanix ,Popular Science ,මේ සඟරාවල ඔය වගේ සංකල්ප හුඟක් තියෙනවාලු.මම නම් බලලා නෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම පොස්ට් එකක්,:)
    ltte කාරයොත් සබ්මැරින හදල තිබ්බ නේද,:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නියම පොස්ට් එකක්,:)
    ltte කාරයොත් සබ්මැරින හදල තිබ්බ නේද,:lol:

    ඔව් කොටින්ගේ එකක් අහු උනේ
    සිංහලුන්ට සබ්මරිනයක්වත් හදාගන්න බැරි උනා තාම :(