අපූරු ලිප - අපෙම නිපවුමක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපූරු ලිප - අපෙම නිපවුමක්

    මැල්සිරිපුර තරුණයාගේ අපූරු ලිප

    cooker_2015101.jpg



    වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ආර්.එම්. ඉසුරු විජේරත්න සමත් වී සිටියි.

    ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනීසිටි ඉසුරු මෙයට පෙරද අතින් කි‍්‍රයාත්මක කළ හැකි ඇඹරුම් යන්ත‍්‍රයක් නිර්මාණය කර පේටන් බලපත‍්‍රයද හිමි අයෙකි. ඔහුගේ නව නිර්මාණය වන බහු කාර්ය උඳුන පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

    ‘‘ලිප කි‍්‍රයාත්මක කිරීමේදී දර, පොල් කටු, පොල් කටු අඟුරු වැනි ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කළ හැකි අතර සාමාන්‍ය දර ලිපකට වඩා දර පරිභෝජන ය ඉතා අඩුයි. සාමාන්‍ය දර ලිපක ගින්දර පාලනය අපහසු වන අතර
    මෙම ලිපෙහි ගෑස් ලිපක මෙන් පහසුවෙන් ගින්දර අඩුවැඩි කරගත හැකි පරිදි සාදා ඇත. මෙම උඳුනේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය දර ලිපක 85% පමණ අපතේ යන තාප ශක්තිය ප‍්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවීමයි.

    cooker_2015101-2.jpg


    එනම් අපතේ යන ශක්තියෙන් ජලය උණුකර දීමයි. මෙහිදී ප‍්‍රභවයෙන් ජලය රත්වීමට පෙර සකි‍්‍රයන කාබන් මගින් ජලය පිරිසුදු කර එම පිරිසුදු කළ ජලය 100% දක්වා රත්කරයි. මෙහිදී මිනිත්තු 10ක පමණ කාලයකදී ජලය ලීටර් 2 ක් පමණ උතුරා ගත හැකියි. මෙලෙස උතුරවා ගත් ජලය ලිපෙහි පහළ කොටසෙහි ඇති ගබඩා කර ගැනීමේ ටැංකි දෙකට ගබඩා වෙනවා.

    මෙම උඳුනෙන් පිටතට එන ජලය සම්පුර්ණයෙන්ම පිරිසුදු කර ලබා දෙන නිසා ගෙදරකට ෆිල්ටරයක් මගින් සිදුකරන කාර්යයද වතුර උණුකර දෙන නිසා හීටරයක කාර්යයද සිදු කෙරෙයි. ඒ වගේම පොල් කටු දෙකකින් වගේ බත් හැලියක් පිස ගැනීමට හැකියාව පවතිනවා.

    මෙම නිර්මාණයේ වාසිලෙස පොල් කටු දෙකකින් මිනිත්තු 20 ක් පමණ පිසීමට ඇති හැකියාව, දර පූර්ණ දහනයක් සිදුවීම, සාමාන්‍ය ලිපයකට වඩා ඉතාමත් අඩුවීම, පොල් කටු අගුරු පමණක් භාවිතා කරන්නේ නම් දුම් පිට නොවීම, භාජනවල දැලි නොබැඳීම හා කාර්යක්ෂම ලෙස ඉවීමට ඇති හැකියාව සඳහන් කළ හැකිය‘‘

    DSC_0020151001cooker14.jpg


    මෙම නිර්මාණය සඳහා 2014 දී පේටන් බලපත‍්‍රයද ඉසුරු විජේරත්නට හිමිව ඇති අතර 2014 දී පැවැත්වූ සමස්ත ලංකා සහසක් නිමැවුම් තරගාවලියේදී දෙවැනි ස්ථානයද හිමිවී ඇත. මෙම නිර්මාණය ඉතාම කෙටි කලකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු සිදුකරන බවත් නිර්මාණය පිළිබඳ වැඩි විස්තර 0724762341 අංකයෙන් ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසයි.


    hotandfastnews

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ..මේවගේ උන්ගෙන් සිංහලු ප්‍රයෝජන ගන්නේ නැහැනේ ..එකයි දුක .පුලුවන්නම් උව නැති බ්න්ගස්තාන් කරනවා මිසක් ....:(

    රේප් +8
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මරු වැඩක් මේක නම්.. තව වතුර ලීටර් 3ක් දැම්මා නම් එකෙක්ට දවසට බොන ලීටර් 5ම ඕකෙන් ගන්න තිබ්බා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේවා TV එකේ පෙන්නන්නේ නෑ. ප්‍රචණ්ඩකාරී නෑ නේ. අනේ මන්ද ලංකාවේ media
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මරුසිරා;19048561 said:
    පට්ට ..මේවගේ උන්ගෙන් සිංහලු ප්‍රයෝජන ගන්නේ නැහැනේ ..එකයි දුක .පුලුවන්නම් උව නැති බ්න්ගස්තාන් කරනවා මිසක් ....:(

    රේප් +8

    Sirawata. Dan kiyak kiyala nam haduwada.