ඉතින් කියන්න බලන්න ඊලග ආත්මේ ත්‍රීකෝටික පරතිසන්දියක් ලබන්න වැඩකරන්නේ කොහොමද කියලා.
ත්‍රීකෝටික ප්‍රතිසන්දියක් කියන්නේ
ඇස් කන් නසා මනාව ඇති එකියුවෙ අන්ගවිකල නොවිම.
මනා රූපයකින් හෙබි
මනා ප්‍රඥවෙන් යුතු වීම
කෙනෙක්ට ද්‍යානයක් හෝ මර්ග පලයක් ලබීමට නම් ඔහු/ ඇය ත්‍රීකෝටික ප්‍රතිසන්දියක් ලබපු කෙනෙක් විය යුතුය.
ඒ සදහා සුදුසු දැනුම අවබෝද කරගත හැකි ප්‍රඥවක් තිබිය යුතුය.
ජීවිතය කියන්නෙ අනත්ම දෙයක්
ඒ කියන්නෙ මම කියන කෙනෙක් නැහැ අපි කොච්චර දුරටම් මේ ශරීරය මගේයි මාගේයි කියලා දරන් හිටියත්
මේක ස්කධ පන්චකයක් පමණයි.
රූප, වේදනා, සංඥ සංඛාර, විඤ්ඥණ යන පඤ්චස්කන්ධයක් පමනයි.
ඒ කියුවේ පටිච්ච සමුප්පදයක්
ප්‍රතිසන්දිය කුයුවට ගොඩාක් අය මෙකට කියන්නෙ ආත්මය බුද්ධාගම අනුව ආත්මය කියල දෙයක් නැහැ. එක කවුරුත් දන්න දෙයක් නේද?
දැන් අපි බලමු අපි බලමු අපේ ඊලග ප්‍රතිසන්දියට බලපාන කර්ම මොනවාද කියලා.
එකට කර්ම 4 ක් බලපානවා. එ කියන්නෙ මෙ කියන කර්ම 4 ක් හො සම්පුර්න නම් ඊලග ප්‍රතිසන්දිය හට ගන්නවා.
1. ගරුක කර්මය
ගරුක කර්මය කියන්නේ අපි මේ ජිවිතයේ කරපු විශාල පින් සහා
පව්.
උදා පින්: ධ්‍යාන ලාබීන්, මර්ග පල ලාබීන්.(සෝතාපන්න, ස්කෘදාගාමි)
පව් :ආනන්තරිය පාප කර්ම, (මව පියා මරීම, බුදුන්ගේ ලේ සෙලවීම)
ඉතින් කෙනෙක් මේ ඉහත කියපු කර්මයකට අයත් දෙයක් කරලානම් අන්න එක තමයි ඉස්සෙලම මරනාසන්න මොහොතේ බලපාන කර්මය වෙන්නෙ. ඒ අනුව අපේ ප්‍රතිසන්දිය තීරනය වෙනවා.
එත් මේ එකට අයත් නැත්නම් ඊලගට බලපාන කර්මය තමයි
2. ආසන්න කර්මය
එ කියන්නෙ අපි මරනාසන්න මොහොතට කලින් කරපු කර්මය. අපි ඒ මොහොතෙ ඇතිවෙන චේතනව.
මෙයත් සම්පුර්න නැත්නම් ඊලගට යන්නේ
3. ආචින්න කර්මය
ආචින්න කර්මය කියුවේ කෙනෙක් කලක් සිට හුරු පුරුදු කරගත් කුසල හො අකුසල කර්මයන්.
ඒ කුවේ කෙනෙක් මල් පහන් පුජ කිරීම පන්සල් යන එක පුරුද්දක් වශයෙන් කරගෙන යන කෙනෙක්නම් එක ආචින්න කර්මයක් බවට මරසන්න මොහෙතේ සිහියට එනව
ඒවගෙම මෙක විරුද්ද පෑත්ත කෙනෙක් සතුන් මැරීම හො වෙනයම් අකුසල කරමයක් කීරිමට හුරු පුරුදු කරන් හිටියනම් ඒ මොහොතේ සිහියට නගෙන්න පුලුවන්.
මෙ කර්මය සම්පුර්න නෑතනම් ඊලගට යන්නෙ
4. කටත්තා කර්මය
කටත්තා කරමය කියන්නේ අපි පෙරබවයක කර කුසල හො අකුසල කර්මයක් සිහියට නගීම. ඒ අනුව අපෙ ප්‍රතිසන්ඩිය තීරනය වීමට හැකි වෙනවා.