අපේ ගණන් ඇන්ටි
ඕලෙවල් පාස් වෙලා ගියත් ඒලෙවල්වලට
මතකයි නුඹ අපට කියා දුන් ගණන් හැම
වැඩි ගණන් ගන් නැතුව උගන්නපු හැටියට
හිතෙනවා නුඹව අපි ගණන් ගත්තාද කියා අද
ඔබෙ මුවගේ රුඳුණු වචන ටික අද ඇහෙනවා
ඒත් ඒවා දැන් අහිමි බව මට දැනෙනවා
ආයෙමත් ඕලෙවල් කරන්නට හිතෙනවා
ඒත් ඒ බංකු මට වේදනා ගේනවා
ඕලෙවල් පන්තියේ ගණන්කාරයා මමයි
පන්තියේ වැඩිම ලකුණුත් ගත්තේ මමයි
ඒලෙවල් පන්තියට ගණන් තේරැවෙත් මමයි
කණු තුනක් එක්ක ජීවිතේත් පැරදුණේ මමයි
පැරදුණත් ජිවිතේ මම මුල්ම වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන මාරැ වී කලාවට
පැරදුණා ජීවිතේ යළි දෙවැනි වතාවට
පැරදුණත් ජිවිතේ මම දෙවැනි වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන හිතට සවිබල රුගෙන
දිනුවා ජීවිතේ තෙවැනි වර සරසවියෙ අගුලු හැර
ඉතින් අවුරැද්දකට
පසුව ඇය හමුවන්න
ගියා මගෙ පන්තියට
කණ්ණාඩි ඇස් සොයාගෙනම
හැඳින්නා දුරදීම මාව ඇය සැනෙකිණ
දිව ආවා සතුටින ඇය
සිනාසෙමින උද්යෝගයෙන
මගේ මල්ලිත් අද භාර ගනිමින
ඕලෙවල් ජිවිතයකම අදත් ජීවත් වන බව හඟිමින
සංකල්පනාව - මාලන් විදානපතිරණ
ඕලෙවල් පාස් වෙලා ගියත් ඒලෙවල්වලට
මතකයි නුඹ අපට කියා දුන් ගණන් හැම
වැඩි ගණන් ගන් නැතුව උගන්නපු හැටියට
හිතෙනවා නුඹව අපි ගණන් ගත්තාද කියා අද
ඔබෙ මුවගේ රුඳුණු වචන ටික අද ඇහෙනවා
ඒත් ඒවා දැන් අහිමි බව මට දැනෙනවා
ආයෙමත් ඕලෙවල් කරන්නට හිතෙනවා
ඒත් ඒ බංකු මට වේදනා ගේනවා
ඕලෙවල් පන්තියේ ගණන්කාරයා මමයි
පන්තියේ වැඩිම ලකුණුත් ගත්තේ මමයි
ඒලෙවල් පන්තියට ගණන් තේරැවෙත් මමයි
කණු තුනක් එක්ක ජීවිතේත් පැරදුණේ මමයි
පැරදුණත් ජිවිතේ මම මුල්ම වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන මාරැ වී කලාවට
පැරදුණා ජීවිතේ යළි දෙවැනි වතාවට
පැරදුණත් ජිවිතේ මම දෙවැනි වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන් පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන හිතට සවිබල රුගෙන
දිනුවා ජීවිතේ තෙවැනි වර සරසවියෙ අගුලු හැර
ඉතින් අවුරැද්දකට
පසුව ඇය හමුවන්න
ගියා මගෙ පන්තියට
කණ්ණාඩි ඇස් සොයාගෙනම
හැඳින්නා දුරදීම මාව ඇය සැනෙකිණ
දිව ආවා සතුටින ඇය
සිනාසෙමින උද්යෝගයෙන
මගේ මල්ලිත් අද භාර ගනිමින
ඕලෙවල් ජිවිතයකම අදත් ජීවත් වන බව හඟිමින
සංකල්පනාව - මාලන් විදානපතිරණ
thnkx