අපේ දළදා වහන්සේ..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අපේ දළදා වහන්සේ..

◄◄◄◄ සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක්‌ ►►►►

540077_443961142294194_1538117971_n.jpg

මේ කතාන්තරය 1921.05.12 වනිදා සිදු වූ සත්‍ය සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.

ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.

සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.

අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.

එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.

“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.

වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.

ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කි¹ බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.

අමාරුවෙන් තතන තතනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.

ලිපිය ලියන්නේ - එප්පාවල රත්න බී. ඒකනායක
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    REPOST

    http://www.elakiri.lk/forum/showthread.php?t=1435533

    මෙකත් බලන්න සහෝ


    මම නම් ඔය කතාව අහලා නැ සහෝ,වැඩේ තියෙන්නෙ ඔය කියන කාල වකවානුවේ ලංකාවේ ඉඳලා තියන ආණ්ඩුකාරයා චාම්ස් නෙමෙයි...විලියම් මැනින්ග් කියන පුද්ගලයා...


    2007-10-06-two.jpg


    Sir William Manning
    1918–1925


    රොබර්ට් චාම්ස් (1913–1915) ඔහොම දෙයක් කරා කියලා හිතන්න අමාරුයි

    http://www.sundayobserver.lk/2007/09/23/imp10.asp

    REP 4++++:):):)

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    රොබර්ට් චාම්ස් මේක කොහොමවත් කරා කියලා හිතන්නෙ අමාරුයි,එ මොකද ඔහු බුදු දහම හා පාලි පිලිබඳව විශාරදයෙක්...එයා විතරයි චාම්ස් කෙනෙකුට හිටියේ...



    http://en.wikipedia.org/wiki/Robert_Chalmers,_1st_Baron_Chalmers