අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy)

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මේක ගොතපු කතාවක් නේද?

    වෙන ලෝක වලත් බුදුවරු පහල වෙනව මචන්.බුදුන් දේශනා කලේ ඉර හද තියෙන හැම සක්වලකම සතර අපාය, දිව්ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනව කියලා.ඒ කියන්නේ අනිවාර්යෙන් බුදුවරුත් පහල වෙන්න ඔනේ.මේ මොහොතෙත් වෙන සක්වලක බුදු කෙනෙක් පහල වෙලා ඉන්න පුලුවන්..හැබැයි මම අහල තියෙන විදිහට බුදුන්ගේ ආඥා චක්‍රය තියෙන ත්‍රි සහස්සි ලෝක ධාතුවේ එකවර බුදුවරු දෙනමක් පහල වෙන්නෙ නෑ.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18

    Mchn ත්‍රි සහස්සි ලෝක ධාතු kiyanne 3000 world systems neda.e kiyanne ape galaxy eka athulema neda?
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Mata meka kiyawaddi parshnayak awa ban buduhamduruwo kohomada ban ohoma future eka gena kiyanne?karma wala pala wipaka pena hinda e widiyata kiyanawada natttan future eka mae mohothe decide wela ivarada?:baffled.future eke mehema namakin pase budu kenek wenawa kiyala kiyanne kohomada machan :dull:.:

    මචන් සමහරවිට කාලය කියන්නේ තවත් මානයක් වෙන්න පුලුවන්.ඒක scientists ලා අතරේ තියෙන මතයක්.මෙන්න මේ video එකෙන් ඒක තෙරුම් ගන්න පුලුවන්. https://www.youtube.com/watch?v=Uk2154uzUtw
    මේක ඇත්ත නම් බුදුන් වහන්සේට ඒ මානය දකින්න පුලුවන් නුවණක් තියෙන්න ඇති.ඔය සමහර අනාගතය පේන නක්ශත්ත්‍ර කරුවන්ටත් ඔය මානය පොඩියට හරි පේනවා ඇති.(කේන්දර හොරුන්ට නෙමේ). ඒ කොහොම උනත් බුදුකෙනෙක් බුද්ධත්වයට පත් උන වෙලේ ඉදන් පිරිනිවන් පානකල් උන් වහන්සේ වදාරන සියලුම වචන ඒ විදිහටම සිද්ද වෙනව.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Mchn ත්‍රි සහස්සි ලෝක ධාතු kiyanne 3000 world systems neda.e kiyanne ape galaxy eka athulema neda?

    මචන් උබ අහන ප්‍රශ්නෙට උත්තරේ නම් මම දන්නේ නෑ.ඔය බුද්ධ ධර්මයේ එන ලෝක ධාතු සහ science වල කියන galaxy compare කරලා ගොඩක් හොද ලිපි ඉස්සර ඔනේ තරම් ගියා.ඒත් දැන් මට ඒකක් හොයාගන්න බෑ.හම්බ උන වෙලාවක දාන්නම්.මට මතක ව්දිහට නම් බුදුන්ගේ ආඥා චක්‍රය අපේ galaxy එකෙන් එහාට යන එකක්.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බොහොම ස්තූතියි මචන් අපිත් එක්ක බෙදාගත්තට. හිතට වැදුන.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වෙන ලෝක වලත් බුදුවරු පහල වෙනව මචන්.බුදුන් දේශනා කලේ ඉර හද තියෙන හැම සක්වලකම සතර අපාය, දිව්ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනව කියලා.ඒ කියන්නේ අනිවාර්යෙන් බුදුවරුත් පහල වෙන්න ඔනේ.මේ මොහොතෙත් වෙන සක්වලක බුදු කෙනෙක් පහල වෙලා ඉන්න පුලුවන්..හැබැයි මම අහල තියෙන විදිහට බුදුන්ගේ ආඥා චක්‍රය තියෙන ත්‍රි සහස්සි ලෝක ධාතුවේ එකවර බුදුවරු දෙනමක් පහල වෙන්නෙ නෑ.

    ඔවු එහෙම වෙන්න ඇති. හැබැයි ඒනිසා නෙවෙයි මං ඇහුවේ ගොතපු කතාවක්ද කියලා. මොකද බුදුවරයෙක් සහ රහතන් වහන්සේ නමක් අතර ඇතිවුන දෙබසක් ප්රුතග්ජනයෙකුට ප්‍රබන්ධ කරලා කියන්න නුවණක් නැති නිසා.
    මේ කතාවෙන් කෙනෙක් මොකක් හරි ආදර්ශයක් ගන්න හිතනවානම් ඒක ලොකු මුලාවක්.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඔවු එහෙම වෙන්න ඇති. හැබැයි ඒනිසා නෙවෙයි මං ඇහුවේ ගොතපු කතාවක්ද කියලා. මොකද බුදුවරයෙක් සහ රහතන් වහන්සේ නමක් අතර ඇතිවුන දෙබසක් ප්රුතග්ජනයෙකුට ප්‍රබන්ධ කරලා කියන්න නුවණක් නැති නිසා.
    මේ කතාවෙන් කෙනෙක් මොකක් හරි ආදර්ශයක් ගන්න හිතනවානම් ඒක ලොකු මුලාවක්.

    උබ කියන කතාව ඇත්ත.බුදුන් හා රහතන් වහන්සේලා අතර ඇතිවෙන සංවාද සාමාන්ය පුද්ගලයෙකුට ප්‍රබන්ධ කරන්න බෑ. ඒත් මේ හා සමානම කතාවක් අපේ බුදුන් වහන්සේ සුමන මල් කරු ගේ දානය ගැන ආනන්ද හාමුදුරුවො එක්ක දේශනා කරල තියෙනව. මේ කතාව ගොතපු එකක් නම් ඒ මනුස්සයා සුමන මල් කරුගේ කතාවෙන් වෙන්න ඔනේ මේක ලියන්න ඇත්තෙ.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    kathawa wishwaasa ne, kohen gatha ekakda kiyala, banath ahala thiyenwa me wage ekak ahala ne
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උබ කියන කතාව ඇත්ත.බුදුන් හා රහතන් වහන්සේලා අතර ඇතිවෙන සංවාද සාමාන්ය පුද්ගලයෙකුට ප්‍රබන්ධ කරන්න බෑ. ඒත් මේ හා සමානම කතාවක් අපේ බුදුන් වහන්සේ සුමන මල් කරු ගේ දානය ගැන ආනන්ද හාමුදුරුවො එක්ක දේශනා කරල තියෙනව. මේ කතාව ගොතපු එකක් නම් ඒ මනුස්සයා සුමන මල් කරුගේ කතාවෙන් වෙන්න ඔනේ මේක ලියන්න ඇත්තෙ.

    මේ කතාවට කිසිම මූලාශ්‍රයක් හොයාගන්න බැරි වුනා මට නම්, මේක අනිවාර්යයෙන්ම ප්‍රබන්ධ කතාවක් වෙන්න ඕනේ. මේ කතාවෙන් කිසිම ආදර්ශයක් ගන්න බැරි බව දැනගෙනම මේ කතාව ප්‍රබන්ධයක් බව දැනගෙනම කියෙව්වනම් කමක් නෑ.

    සුමන මල්කරු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ නුවණින් දැකලා පවසපු දෙයක් මිසක් ප්‍රබන්ධයක් නෙවෙයි. සුමන මල්කරුගේ කතාව ඇසුරෙන් තවත් පසේ බුදුවරයෙක්ගේ අතීත/අනාගත කතාවක් ව්‍යුත්පන්න කරන්න/ප්‍රබන්ධ කරන්න පෘථග්ජන පුද්ගලයෙකුට බැහැ, දානයක ආනිශංස මෙහෙම වෙනවා කියන්නත් පෘථග්ජන පුද්ගලයෙකුට බැහැ. කලිනුත් කිව්වා වගේ මේ කතාවෙන් කෙනෙක් ආදර්ශයක් ගන්න හිතනවානම්, සාධු කියන්න සුදුසු බණ කතාවක් කියල හිතනවානම් ඒක ලොකු මුලාවක්

    සුමන මල්කරුගේ කතාවත් පහලින් දාන්නම්

    අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක. රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය.
    ඒ නිසා වන්නක් වේවා. මේ මල් මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය.
    ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය.
    බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ.
    මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය.
    ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල්වලට කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිද”යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියි” කියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය.
    ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ”යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි”යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන් කෙළේය.
    ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.
    රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැ”යි ඇසීය. “එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි”යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැයි”යි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය.
    ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි”යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද”යි ඇසූහ. “ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
    (මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)

    4) තංච කම්මං කතං සාධු
    යං කත්වා නානුතප්පති
    යස්ස පතීතො සුමමෝ
    විපාකං පටිසේවති - (බාල වග්ගය)

    තේරුම – යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිවේද එබඳු ක්‍රියාවල නිරත විය යුතුය.

    https://rightmindfulness.wordpress.com/2014/07/04/%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%83%E0%B7%8A/
    http://www.lakehouse.lk/budusarana/2016/10/30/tmp.asp?ID=vision06

    • Like
    Reactions: Sataninhell

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔවු එහෙම වෙන්න ඇති. හැබැයි ඒනිසා නෙවෙයි මං ඇහුවේ ගොතපු කතාවක්ද කියලා. මොකද බුදුවරයෙක් සහ රහතන් වහන්සේ නමක් අතර ඇතිවුන දෙබසක් ප්රුතග්ජනයෙකුට ප්‍රබන්ධ කරලා කියන්න නුවණක් නැති නිසා.
    මේ කතාවෙන් කෙනෙක් මොකක් හරි ආදර්ශයක් ගන්න හිතනවානම් ඒක ලොකු මුලාවක්.

    Mehema boru wlatath sadu sadu kiyana minissu innawane. Ara kalaniye budu wechcha ekata wandapu eka pudumayak nemei. Dan bauddayonge Pragnawa=0:dull:
     
    • Like
    Reactions: Superuser

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ කතාවට කිසිම මූලාශ්‍රයක් හොයාගන්න බැරි වුනා මට නම්, මේක අනිවාර්යයෙන්ම ප්‍රබන්ධ කතාවක් වෙන්න ඕනේ. මේ කතාවෙන් කිසිම ආදර්ශයක් ගන්න බැරි බව දැනගෙනම මේ කතාව ප්‍රබන්ධයක් බව දැනගෙනම කියෙව්වනම් කමක් නෑ.

    සුමන මල්කරු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ නුවණින් දැකලා පවසපු දෙයක් මිසක් ප්‍රබන්ධයක් නෙවෙයි. සුමන මල්කරුගේ කතාව ඇසුරෙන් තවත් පසේ බුදුවරයෙක්ගේ අතීත/අනාගත කතාවක් ව්‍යුත්පන්න කරන්න/ප්‍රබන්ධ කරන්න පෘථග්ජන පුද්ගලයෙකුට බැහැ, දානයක ආනිශංස මෙහෙම වෙනවා කියන්නත් පෘථග්ජන පුද්ගලයෙකුට බැහැ. කලිනුත් කිව්වා වගේ මේ කතාවෙන් කෙනෙක් ආදර්ශයක් ගන්න හිතනවානම්, සාධු කියන්න සුදුසු බණ කතාවක් කියල හිතනවානම් ඒක ලොකු මුලාවක්

    සුමන මල්කරුගේ කතාවත් පහලින් දාන්නම්

    tfs
     
    • Like
    Reactions: Superuser

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Mehema boru wlatath sadu sadu kiyana minissu innawane. Ara kalaniye budu wechcha ekata wandapu eka pudumayak nemei. Dan bauddayonge Pragnawa=0:dull:

    ඇත්ත, විචාර බුද්ධිය බිංදුවටම බැහැලා, හැබැයි හොඳට දෙයක් කිව්වොත් නම් ඒක උපරිමෙටම විචාරය කරලා හිතනවා.

    reputation_neg.gif

    අභය... 05-11-2017 01:47 PM mariya wesita god kiyala pakayek awilla hukapu scene eka tharam gothapu ekak newei :lol:

    wow! I guess this isn't from a Buddhist or a Christian.
     
    Last edited:
    • Like
    Reactions: justinshady