අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ


    ෆීලික්ස් බවුම්ගර්ට්නර් නම් වූ 43 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික සුපර්සොනික් මිනිසා ඊයේ පැයට සැතපුම් 834ක ක වේගයෙන් ශබ්ධයේ වේගය පරදා නිදහසේ පහලට වැටුනේ පොළව මට්ටමේ සිට අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩ සිටයි.

    මේ සඳහා ඔහු අවුරුදු පහක පමණ පෙර සිට සලසුම් කර තිබූ අතර මෙම පැනීමට පෙර පසුගිය ජූලි මාසයේ පුරුදු වීම සඳහා ඔහු පැන තිබුනේ කිලෝමීටර් 28ක උසක සිටයි.

    ශබ්දයේ වේගය මෙන් 1.24 ගුණයක වේගයෙන් පහතට වැටීමේදී ඔහුගේ හිස්වැසුමේ සවිකර තිබූ කැමරාව මඟින් සියල්ල පටිගතවී තිබුණා.


    පහතට වැටීමේදී ඔහු ඇඳ සිටි ගුවන් ඇඳුම සෙල්සියස් අංශක සෘණ 70 දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් වූ අතර විනාඩි 20ක් සඳහා ඔක්සිජන් ද එහි අඩංගුව තිබුණා.

    වේගයෙන් වැටීමේදී රුධිර පීඩනය ඉහල යෑමෙන් හිසේ අමාරුව, පෙනීම අඩුවීයාම ආදිය බලපාන බැවින් අදාල උසේදී පැරෂුටය දිග හැරීමට හොඳ සිහිබුද්ධියක් තබාගැනීම අත්‍යාවශ්‍යම කාරණයක් නිසා සැබැවින්ම මෙය මාරක පිම්මකි.

    තට්ටු 55ක ගොඩනැඟිල්ලක් තරම් උස්වූ, ඝන අඩි මිලියන 30ක හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලූ කැප්සූල් එකක් මඟින් නව මෙක්සිකෝ කාන්තාරයට ඉහලින් මෙම අඩි 128,177උසට යාමට ඔහුට පැය දෙකහමාරක් පමණ ගතවී ඇති අතර පහතට වැටීමේදී ගතවී ඇත්තේ විනාඩි 10ක පමණ කාලයකි.

    නිදහසේ පහලට වැටෙනා පලමු තත්පර 50ක කාලය තුළදී ඔහු පැයට සැතපුම් 700ක් වේගයක් ලබාගන්නා බවට ඔහුගේ කණ්ඩායම විශ්වාසය පල කලත් සැබැවින්ම ඔහු නිදහසේ ඇද වැටුණු විනාඩි 4යි තත්පර 22ක කාලයේ මුල් තත්පර 50ක කාලයේදී පැ.සැ 834ක වේගයක් ලබා තිබුණා.

    එය පැයට කිලෝමීටර් 1,342ක වේගයකි. ඔහුගේ මෙම මාරක පිම්ම මිලියනයක් පමණ ජනතාව නරඹා තිබුණා.

    මෙම පිම්මේ සම්පූර්ණ වීඩියෝව පහතින්.





    එම අවස්ථාවේ ගත් ජායාරූප පහතින්.



























     
    Last edited:
    • Like
    Reactions: LC1989

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මම අහලා තියෙන්නේ පොලවේ ඉඳන් කිලෝමීටර් 500ක් විතර දුරින් අභය්වකාශය තියෙනවා කියලයි.අඩුම ගානේ හැතප්ම 220ක්වත් උඩට යන්න ඕන.කිලෝමීටර් 35කට උඩින් කොහෙද අභ්යවකාස්යක් තියෙන්නේ.රෙඩ් බුල් ජිල්මාට්.:lol::lol:
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මම අහලා තියෙන්නේ පොලවේ ඉඳන් කිලෝමීටර් 500ක් විතර දුරින් අභය්වකාශය තියෙනවා කියලයි.අඩුම ගානේ හැතප්ම 220ක්වත් උඩට යන්න ඕන.කිලෝමීටර් 35කට උඩින් කොහෙද අභ්යවකාස්යක් තියෙන්නේ.රෙඩ් බුල් ජිල්මාට්.:lol::lol:

    http://www.malkakulu.com/2012/10/blog-post_15.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::frown:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම අහලා තියෙන්නේ පොලවේ ඉඳන් කිලෝමීටර් 500ක් විතර දුරින් අභය්වකාශය තියෙනවා කියලයි.අඩුම ගානේ හැතප්ම 220ක්වත් උඩට යන්න ඕන.කිලෝමීටර් 35කට උඩින් කොහෙද අභ්යවකාස්යක් තියෙන්නේ.රෙඩ් බුල් ජිල්මාට්.:lol::lol:
    කව්ද කියන්නේ අභ්‍යවකාශේ ඉඳලා පැන්නා කියලා. ගොන් කතා කියන්න එපා. අභ්‍යවකාශ ඉදන් පැන්නොත් බිමට වැටෙනවද බන්:lol::lol::lol: පාවී පාවී ඉඳියි එහෙනම්. මිනිහා පැන්නේ Stratosphere layer එකෙ ඉඳලා

    atmosphere.gif


    Code:
    http://www.redbullstratos.com/science/the-atmosphere/
     
    Last edited: