අභිධර්ම සංගමය.

waruna_

Member
Apr 4, 2007
57
7
0
ERTH
අභිධර්ම දේශනා

අභිධර්මයේ මූලික කරුනු ඉගෙනගන්න දේශනා වගයක් හම්බුනා. ඕනෙ කෙනෙක්ට තේරෙන විදිහට, සරලව, හොදට පැහැදිලි කරනවා. Elakiri යාලුවො දන්නවත් ඇති තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි දේශනා කරන්නේ. කොටස් 32ක් තියෙනවා. මම තාම බාගයයි බැලුවෙ. සෑහෙන වටිනවා.. මෙන්න ලින්ක් එක,

https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq

 
  • Like
Reactions: dwpsg

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අභිධර්මයේ මූලික කරුනු ඉගෙනගන්න දේශනා වගයක් හම්බුනා. ඕනෙ කෙනෙක්ට තේරෙන විදිහට, සරලව, හොදට පැහැදිලි කරනවා. Elakiri යාලුවො දන්නවත් ඇති තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි දේශනා කරන්නේ. කොටස් 32ක් තියෙනවා. මම තාම බාගයයි බැලුවෙ. සෑහෙන වටිනවා.. මෙන්න ලින්ක් එක,

    https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq


    :)
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    okkoma mula idan kiyewwa.. godak pin mewwa kiyala denawata..

    sasara gamana keti wewa.. thawa thawath buddiya labewa..

    Thawa thawath mema darmayan awaboda karaganimata shakthiya athi wewa..
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මනස කියා දෙයක් නැත...තියෙන්නේ මොලය පමණි... ඒක තමයි සත්‍ය:yes:

    මොලය කියා දෙයක් නැත...තියෙන්නේ මනස පමණි... ඒක තමයි සත්‍ය :D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොඳ වැඩක් කළොත් යහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?
    ඒ වගේම තමා අනික් පැත්තත්, නරක වැඩ කළොත් අයහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?

    වෙන්නෙ කොහොමද ?
    කතෝලික ආගමේ නං කියන්නෙ මේක දෙවියො තීරණය කරල, ඒ ඒ අයට සුදුසු දේ දෙනව කියල (මේක මම හරියි කියනව නෙමේ)

    බුද්ධාගමේ ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නෙ ?
    මට මේක ලොකු ප්‍රශ්නයක්

    බොඩි නිවැරදි කිරිමක් කල යුතුයි කතොලික අගමේ හො ක්‍රිස්තුස්වහන්සෙගෙ ධර්මයේ දෙවියන් දෞවම් දෙනවා කියන්නේ එලව එලව පහරදිමක් නෙමෙයි මේ යහපතට යහපත් ප්‍රතිඵලත් අයහපතට අයහපත් එලයත් දෙනවා කියලා ක්‍රිස්තුස් වහස්නෙත් දෙශනා කරලා තියෙනවා

    "උබ වපුරන දේ ඔබ නෙලා ගමු ලැබේ"

    මම හිතන්නේ කිතුදහමේ සතාන් කියන්නේ නපුරට දෙවියන් කියන්නේ යහපතට
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නිවන් අවබොදයට අභිධර්මය දැනගැනිම අනිවාර්යද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ.


    අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත් ඔය මේ එලකිරියේත් ඉන්නෙ.(hint ගැසීමක් නොවේ:P). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව.

    සද්දෙ ඇහිලා අම්ම ඇවිත් බලන කොට, මිනිහ අතේ circuit කෑලි. අම්ම අහනවා "ඔය මොකද්ද ඔය අතේ," කියල. දැන් අර circuit කෑල්ලට iphone කියන්න බෑනෙ. ඇඳ යට තියන ඉරි තලපු screen එකටත් iphone එක කියන්න බෑනෙ. කෑලි ඔක්කොම එකට ගත්තත් iphone කියන්න බෑනෙ.

    එතකොට අර පණ වගේ ආදරේ කරපු iphone එකට මොකද උනේ? කෑලි වලට කැඩුනම iphone කියල එකක් නැති උනානම්. ඇත්තටම iphone කියල එකක් ඒක කුඩු වෙන්න කලිනුත් තිබ්බද?

    මේක තමයි, අපි ඇලුම් කරන, වෛර කරන හැමදේකම වගේ සත්‍ය ස්වභාව. ඒවා කොටස් වලට වෙන් කලාම, කලින් නමක් දීල සම්මුතියක් කරගෙන තිබ්බ ස්වභාවය නැති වෙනව. මිනිහෙක් උනත්, ඇට, මස් නහර වෙන කරලා ඒක ගොඩක් ගැහුවොත්, ඒකට මිනිහෙක් කියන්නෙ නෑනෙ.

    එතකොට හිතෙනවනෙ, එහෙනම් ඇත්තටම මේ විශ්වයේ තියන දෙයක් නැද්ද? තව දුරටත් බෙදා වෙන් කල නොහැකි දේවල් නැද්ද?

    තියෙනවා. ඒවාට කියන්නෙ පරමාර්ථ ධර්ම.

    බුදු හාමුදුරුවො, මේ විශ්වයේ තියන, තවත් වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථ ධර්ම 82ක් ගැන දේශනා කරලා තියනව. අන්න ඒ 82 ගැන හැදෑරීම තමයි අභිධර්මය කියල කියන්නෙ.
    (ශුද්ධෂ්ටකයේ තියන 8ත්, ඔය 82ට අයිතියි.)

    ඔබ කිව්ව දෙය පැහැදිලියි ඔය වගේම උදාහරනයක් මම හිතන්නේ බුදුහමුදුරුවොත් යොදාගන්නවා කරත්තයක උදාහරනයක්.

    එකතාරාවිදිහකට ඔය උදාහරනයම අපිටන මනුස්සයෙකුටත් යොදාගන්න පුලුවන් නමුත් අපි දන්නවා මෙ සියල්ලම එකතුවක් තමයි මනුස්ස වන්නේ. නමුත් ඔබ හිතන විදිහට අනෙකුත් වසිතුන් හා මනුස්ශයන් අතර වෙනසක් ඔබ ඩ්නොදකින්නේද? සමහර විට iPhone එක නැවත කැඩුන කැලි දමා නැවත් වැඩකරන තත්වයට ගන්න පුලුවන් නමුත් මනුස්සයෙකු කපා කොටා දැමුකැල ඔහුට පන දෙන්නට නොහැකි කොතරම්කැලි එකතුකරත් මින් කියවෙන්නේ අභුතික යමක් ඇතිවෙනවා කියලා නොවෙයිද අර පන්චන්ස්කන්දය එකතු වු කල?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට පැහැදිලිව පේන දෙයක් තමා නූතන විද්‍යාව ටිකෙන් ටික යන්නෙ බුදු දහම ගාවට කියල. තව අවුරුදු 100 ක් විතර ගත වෙනකොට බුදු දහම=විද්‍යාව වෙයි. අනිත් ආගම් නැතිවෙයි.
    ඒ වගේම quantum physics ඉක්මනට දියුනු උනොත් බුදු දහම තියෙන පිලි ගැනීම වැඩි වෙයි.

    හරියට හරි විදාව කියන්නේ ලදරු අවස්තාවකදි තියෙන තියක් වුනත් එය දිනෙන් දින බුදුදහමට ලං වෙනවා අඩුම තරමින් සමන්තරව ගමන් කරනවා

    Quantum Physics මම හිතන්නේ අභිධර්මය වගේ ඉතා අපහසු දෙයක් තෙරුම් ගන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අන්න හරි මචන්. මමත් කාලයක් තිස්සෙ ඕක හිතුවා. විද්‍යාවෙදි එක එක ශක්ති ගැන කියනවනෙ.(තාපය,අලෝකය,චාලක ශක්තිය,විද්‍යුත් ශක්තිය) ඒත් තවමත් විද්‍යාවෙදි හොයාගත්ත නැති ශක්තියක් තමා චිත්ත ශක්තිය. ඇත්තටම ශක්තිය කියන්නෙ මොකක්ද කියන එකට තාම විද්‍යාවෙවත් හරියට විග්‍රහයක් නෑ.ඉතින් චිත්ත ශක්තිය,ශක්තියක් නෙමේ කියන්න කිසිම තර්කයක් නෑ. ඒකනෙ චිත්ත ශක්තියෙන් යම් දේවල් චලනය කරන්න පුලුවන්,හැදි නවන්න පුලුවන්,ගින්දර ඇති කරන්න පුලුවන් ,චිත්ත ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන්න පුලුවන් අය කරන ඉන්නෙ. මම හිතන්නෙ හැමෝටම මේ ශක්තිය තියෙනවා. ඒත් භාවනාව මගින් විතරයි මේ ශක්තිය කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ. මොකද අපේ හිත එක එක තැන්වලට යනව. so අපේ චිත්ත ශක්තිය එක දේකට යොමු කරන්න අමාරුයි. ඉතින් භාවනාව මගින් ඒ දේ පුරුදු කරාම අපේ චිත්ත ශක්තිය එක අරමුණක යොදවන්න පුලුවන්. එතකොට ඒ දේ මත විශාල චිත්ත ශක්තියක් ඇති වෙනවා.මේ චිත්ත ශක්තියත් සාමාන්‍ය ශක්තීන් වගේම වෙනත් ශක්තියකට convert කරන්න පුලුවන්. ඉතින් මම හිතන්නෙ බුදුන් වහන්සේගෙ චිත්ත ශක්තිය බොහොම වැඩි නිසා තමයි උන් වහන්සේගේ අධිෂ්ඨානයන් ඒ විදිහටම සිද්ද වෙන්නෙ.(මම හිතනවා යමා මහ පෙලහැර පෑමත් මේ වගේ කියල. මම ඒ ගැන ඉගෙන ගෙන නම් නෑ. :nerd:). මම මේ කිවුවෙ මට හිතෙන දේ. සමහර විට වැරදි ඇති.

    අනිවර්යෙන් සිතුවිලි කියන්නෙත් ශක්තියක් තමයි මැත කාලයෙදි මිනිසුන් මෙ ගෑන කතා කරන්න පටන් අරගෙන තියෙනවා එවගෙම තමයි පුරාණ පඩිවරුත් මේ ගැන දැන නොසිටියාම නෙමෙයි නමුත් තියෙන එකක් ප්‍රොයොජනයට ගැනිමත් එය ඇතිවෙන්නේ කොහොමද ක්‍රියාකරන්නේ කොහොමද කියන එක තවත් එකක් බුදුවරයෙකුට පමණක් එය කරන්න පුලුවන් මොකද එය බුද්ධියට පමනක් ගොචර වන දෙයක් නිසා.

    "Power of Mind", "Power of Thoughts" "Thoughts are things" වැනි දෙවලින් කතා කරන්නේ මේ ගැන තමයි. මම් හිතන්නේ අනෙකුත් සියලුම ශක්තින්/forces වලට වඩා ඉතා බලවත්ම එක වනෙනෙ චිත්ත ශක්තියයි. වඩා වැදගත් වන්නෙත් තෙරුම් ගැනිමට අපහසු වන්නෙත් චිත්ත ශක්තියයි
     
    Last edited: