අභිධර්ම සංගමය.

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ධනය වියදම් කළ යුතු ආකාරය පහත පරිදි වේ:

උපයන ධනයෙන්
1/4 ක් පරිභෝජනයට
1/2 ක් තමාගේ මතු දියුණුව පිණිස
1/4 ක් විපතකදී ගැනීම සඳහා තැන්පත් කර තැබීමට

මේවායේ තේරුම නම්:

පරිභෝජනයට: එදිනෙදා වියදම්, කෑම බීම, ඇඳුම්, බිල් ගෙවීම, බදු ගෙවීම, ගෙදරට අවශ්‍ය බඩු ගැනීම, ගෙවල් සෑදීම.

මතු දියුණුවට: ආයෝජනයට, ව්‍යාපාර වලට, වගාවන්ට, අධ්‍යාපන කටයුතු වලට. (එනම් නැවත ප්‍රතිලාභයක් ලැබෙන කටයුතු වලට යෙදවීම හෝ එසේ යෙදවීම සඳහා තැන්පත් කර තැබීමයි)

විපතකදී ගැනීමට: ලෙඩක් දුකක් මරණයක් ස්වාභාවික ආපදාවක් වැනි හදිසියක් පැමිණි විටක පමණක් ගැනීම සඳහා සඳහා නිදන් කර (බැංකුවක දමා) තැබීම.
 
isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    බොහොම හොඳ වැඩක්. අන් අයට සසරෙන් එතෙර වීමට උදව් දීම තරම් පිනක් තවත් කොහිද ..:yes:

    Rep 7+

    කුඩ්ඩා;18337391 said:
    bump machan

    මෙන්න කුඩ්ඩොත් හරි මගට ඇවිල්ලා.. :shocked:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මාත් දැන් ඒකට addict වෙලා... තාම සේරම බලල ඉවර නෑ... තිත්තගල්ලේ හාමුදුරුවන් කියල දෙන දේ නියමෙට තේරෙනවා.....

    You must spread some Reputation around before giving it to mmaxx again.

    Koheda ooka thiyenne banz ahanna
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තොත්ත බබා;18337745 said:
    Koheda ooka thiyenne banz ahanna

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නෑදැයින් තරම් අපේ පවුලට වින කරන තවත් අය නෑ, උන්ට කොච්චර උදව් කරත් වැඩක් නෑ. මම පුද්ගලිකව නෑදෑයින් නිසා ගොඩාක් මානසිකව විදවනවා.
    නමුත් බුදුරජාණන් වහන්සේ නෑදෑයින්ට සැලකීම උතුම් මංගල කරුණක් ලෙස දක්වා ඇත.

    කව්රු හරි පිංවතෙක් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුල ඉදලම කියවගෙන ආව .. ප්‍රශ්න වලට උත්තර දෙනව වගෙම උබ පටන් ගත්ත විස්තර කිරිමත් කරගෙන එන්ඩ යාලු ,ඔයගෙ විස්තර කිරිමට අදල නොවන අතුරු ප්‍රශ්න වලට උත්තරත් දිල තියන නිසා මුල ඉදන් කියවගෙන එන කෙනෙක් එක එක පැති වලට ගිහින් පැටලෙන්ඩ ඉඩ තියනව

    දිගටම විස්තර කිරිම කරගෙන යමු යාලු . රෙප් දුන්නා
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    dear ප්‍රශ්න අසන යලුවො

    මස් කන එක පවක්ද ? මහයානද තෙරවාදද ? එහෙමත් නැත්තම් බුද්දධර්මය ගැන තියන වෙන ප්‍රශ්න පුලුවන්නම් වෙන තැනක අහපල්ලා

    අභිධර්මය මොකක්ද කියල අහගනින් .වටිනව

    :yes::yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෑදැයින් තරම් අපේ පවුලට වින කරන තවත් අය නෑ, උන්ට කොච්චර උදව් කරත් වැඩක් නෑ. මම පුද්ගලිකව නෑදෑයින් නිසා ගොඩාක් මානසිකව විදවනවා.
    නමුත් බුදුරජාණන් වහන්සේ නෑදෑයින්ට සැලකීම උතුම් මංගල කරුණක් ලෙස දක්වා ඇත.

    කව්රු හරි පිංවතෙක් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද...

    ඕක මෙහෙම දෙයක් අපේ රටේ පවුල් වාදයත් එක්ක බැඳිච්ච දෙයක්, , මම අහලතියන විදියට සමහර රටවල නෑයො කියල නිතරම ආස්‍රේ කරන්නෙ නැතුව ඉඳල හිටල තමයි සම්බන්ධ වෙන්නෙ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, කිඅයන කාරණා දෙකටම අයිති වෙනව ඤාති වාදය, නෑයො නැති තරමට සමාජ වාදියෙක් වෙන එක ලේසියි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම කලින් කිව්වනෙ හැමදෙයක්ම හැදිල තියෙන්නේ, අඩුම තරමින්, ශුද්ධාෂ්ටක හැදිල තියල අටෙන් කියල. ඒ කියන්නේ සමහර තැන්වල ඒ අටට වඩා තියනව. ඒ තමයි සත්වයින්ගේ ශරීර වල. අපේ ශරීරයේ සමහර තැන්වල මේ ශුද්ධාෂ්ටක වල 8ට අමතරව, තව දෙකක් තියනව. ඒ තමයි

    ජිවිත ඉන්ද්‍රිය/රූපය හා ප්‍රසාද.

    ඒ දෙකත් එක්ක, මේවට දසක කලාප කියල කියනවා. ප්‍රසාද වල වනස් වීම් මත, මේ දසක කලාප ජාති 6ක් අපේ ශරීරයේ තියනව.

    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ චක්ඛු පසාද = චක්ඛු දසක(ඇසේ ස්නායු සම්භන්ධ වන තැන මුන් ඇටයක් දෙකට කපපු හැඩයට)
    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ සෝත පසාද = සෝත දසක (කනේ සංඛය ඇතුලෙ රත්‍රන් පාට කෙඳි වල)
    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ඝාණ පසාද = ඝාණ දසක (නාසය ඇතුලත එළුකුර හැඩයක් ලෙස.)
    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ජිව්හා පසාද =ජිව්හා දසක (දිව මත ළූණු ගෙඩි හැඩයේ අග්‍ර ලෙස)
    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+කාය පසාද = කාය දසක (කෙස්, නිය හැර, මුළු ශරීරයේම පැතිරිලා තියනව.)
    ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+මනෝ පසාද = වස්තු දසක(ලේ ධාතුව මුල් කරගෙන හදවතේ.)

    ජිවිත ඉන්ද්‍රිය මටත් තාම පැහැදිලි කරන්න තරම් අවබෝධ වෙලා නෑ. සරවම කියනවනම්, අපේ රූපයේ කර්ම කොටස පාලන කරන්නේ මේකෙන්. (මේක සරලව පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න; පිං.)

    ප්‍රසාද හරියට කන්නාඩියක් වගේ අපේ වික්ඤාණයට අරමුණු ගන්න සංඥා ලබා දෙනව.

    මේ දසක කලාප වල වැදගත් කම තමයි, අපේ සිත හැමවෙලේම මේ දසක කලාප වල සැරිසරමින් ඉන්නෙ.

    උදා- අපේ ඇස දෙයක් දකිනකොට, අපේ සිත චක්ඛු ප්‍රසාදයට ගමන් කරනවා.
    අපිට කනෙන් යමක් ඇහෙනකොට, සිත සෝත ප්‍රසාදයට ගමන් කරනව.
    අපේ ඇඟේ යම් වේදනාවක් ඇති වෙනකොට, සිත කාය ප්‍රසාදයට ගමන් කරනව.
    හැබැයි, අපිට පිටින් සංඥා නොලැබෙන කොට හා කල්පනාවක ඉන්න වෙලාවක, සිත පිහිටන්නේ වස්තු ප්‍රසාදයේ.

    සිතට එක වෙලාවක ඉන්න පුළුවන් එක තැනක විතරයි. නමුත් මේ සිතේ සැරිසැරීම ඉතා වේගයෙන් සිදුවෙන නිසා, අපිට හැඟීමක් ඇති වෙනව, අපි TV බලනකොට, රුපය පේන්නෙයි, ශබ්දය ඇසෙන්නෙයි එකම වෙලාවෙ කියල.
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    ජිවිත ඉන්ද්‍රය කියන්නේ සිත චිත්තක්ෂණ 1 පෙර භංගයට පත් නොවිමට උපකාරි වන දේ එකත් චෛතසිකයක් සබ්බ චිත්ත සධාරන වෙන්නේ එකයි.

    මචන් මම දැනට බිත්තර විතරයි කන්නෙ. :baffled: ඉතින් අභිධර්මය ගැන හොදින් දන්න අය කියනවද ඒක පවක්ද නැද්ද කියල? ෆාම් බිත්තර වලින් නම් කොහොමටත් පැටව් එන්නෙ නෑ. හොද බිත්තරේක උනත් මම හිතන විදිහට ඔය වෙනකොට විඥානයක් පහළ වෙලා නෑ.
    චේතනන් බික්කවේ කම්මන් වදමි

    ටිකක් දරුනුයි එනිසෙ සරලව කිව්වේ වැඩි විස්තර ඔනේනම් පි.එම් එකක් දන්න

    චිත්ත ශක්තියෙන් සෘධි ප්‍රාතිහාර පෑම.

    ශුද්ධාෂ්ටකයක් චිත්තක්ෂණ 17 කාලයක් ජරාවට පත්වීමෙන් පස්සෙ, තවත් ශුද්ධෂ්ටකයක් ඇති වීමට අවශ්‍ය ශක්තිය මුදාහැරලා, නැති වෙනවනෙ. කිසිම කෙනෙක්ට ශුද්ධාෂ්ටකයක් ඇති උනාට පස්සේ ඒකට කිසි බලපෑමක් කරන්න බැරි උනත්, මේ ඊළඟට ඉපදෙන ශුද්ධාෂ්ටකයේ ස්වභාවට වෙනස් කරන්න පුළුවන්. මොකද අර කලින් විනාශ උන ශුද්ධාෂ්ටකය, ඊළඟ එක උපදින්න අවශ්‍ය ස්වභාවයේ විස්තරත් මුදාහැරලා නැති වෙන්නෙ. අපිට පුළුවන් උනොත් මේ ශුද්ධද්ටකය නිකුත් කරන signal එක අපිට ඕන විදිහට වෙනස් කරන්න, අපිට ඒ වස්තුව සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්.

    කලින් කිව්වනෙ, ශුද්ධාෂ්ටක ඇති කරන්න පුළුවන් ක්‍රම 3 ඕජා-සාරය, ත්ජෝ-තාපය, චිත්ත-මනස කියල

    භෞතික විද්‍යාවේදී හා රසායන විද්‍යාවේදී, ඕජා හා තේජෝ උපයෝගී කරගෙන අපි මේ දේ කරනවා.
    උදා- වතුර රත් කරලා හුමාලය ගැනීම.(තේජෝ)
    රසායන ප්‍රතික්‍රියා.(තේජෝ හා ඕජා)
    චිත්ත ක්‍රමය තමයි මම හිතන විදිහට ගොඩක් ප්‍රභල. අපිට පුළුවන් චිත්ත ශක්තියෙන් ශුද්ධාෂ්ටක වල ඊළඟ පරම්පරාව වෙනස් කරන්න. සෘධි ප්‍රතිහාර පානකොට කරන්නෙ ඕක.
    උදා - ප්‍රභල සෘධියක් තියන කෙනෙකුට, වාතයේ තියන වයෝ ස්වභාවය බහුල ශුද්ධාෂ්ටක වල ඊළඟ පරම්පරාව පඨවි හා අපෝ බහුල ඒවා බවට පත් කරල, මිනිස් රූප මවන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ ශුද්ධාෂටක වල වයෝ ධාතුව බහුල ශුද්ධාශ්ටක ඇති කරල, බර අඩු කරගෙන, අහසේ පාවෙන්න පුළුවන්.​
    ප්‍රභලව නැති උනත්, සාමාන්‍ය මිනිසුන් වෙන අපිත්, එදිනදා ජීවිතයේදී, මේ දේ කරනවා.
    උදා - අපිට කේන්ති යනකොට, ඇඟ රත් වෙනව, පිච්චෙනව වගේ දැනෙන්නෙ, අපේ හිතේ ඇතිවෙන ද්වේශයේ චිත්ත ශක්තියෙන්, අපේ ඇඟේ තේජෝ ස්වභාවය වැඩි ශුද්ධාෂ්ටක ඇති කරනව.

    අපි සතුටු වෙනකොට, ඇඟට සැහැල්ලුවක්, පිනාගිය ගතියක් දැනෙන්නෙ, අපේ සතුටු සිතෙන්, අපේ ඇඟේ වයෝ ධාතුව වැඩි ශුද්ධාෂ්ටක ඇති වෙනව.

    අපි තව කෙනෙක්ට මෛත්‍රී කරනකොට, ඇඟට සිසිලසක් දැනෙන්නෙ, අපේ මෛත්‍රී සිතෙන්, අපේ ඇඟේ ආපෝ ධාතුව වැඩි ශුද්ධාෂ්ටක ඇතිවෙනව.​
    ඒකාග්‍රතාවය වැඩිවෙනකොට, මේ චිත්ත ශක්ති අපේ ශරීරයේ සිමාවෙන් පිටට ගිහින්, අපේ වටේ තියන ඒවාටත් බලපෑම් කරනවා.
    උදා - තදින් කේන්ති ගිය කෙනෙක් ළඟ ගැවසෙන්න මිනිස්සු අකමැති.
    බොහොම සතුටින් ඉන්න කෙනෙක් ළඟ මිනිසුන් ගැවසෙන්න කැමතියි.
    සමහර මිනිසුන් ළඟ ගැවසුනම, ගසේ වල ඵල වැඩියෙන් ඇති වෙනව.
    දැන් හිතාගන්න පුලුවන්නෙ; මේ අපි වගේ අයටත්, අපේ පරිසරයට මෙච්චර බලපෑමක් කරන්න පුලුවන්නම්; බුදුන්ට, රහතුන්ට, පරිසරයට කොච්චර ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද කියල.:lol:

    මම ඔයා ඔය කියන ශුද්ධාෂ්ඨකයෙන් නිකුත් කරන සිග්නල් එකට එකග නෑ... මේක වාදයක් නෙමෙයි.
    මොකද මේ ශුද්ධාෂ්ඨක ඇතිවන ක්‍රම 4ක් තියෙනවා
    1.ඔජා 2.තේජෝ 3.විත්තය 4. කර්මය

    මොකක්ද අර ජවන සිත් 7ක් යන සීන් එක.

    1. භාවාංග සිත - කර්ම සිතක්
    2. භාවාංග චලනය - කර්ම සිතක්
    3. භාවාංග පරිච්ඡෙදය - කර්ම සිතක්
    4. පංචාද්වාරා වරජනය - ක්‍රීයා සිතක්
    5. (අදාල ස්ථානයේ සිත උදා- චක්කු විඤ්ඤානය) - විපාක සිතක්
    6. සංපටිච්චන්නය - විපාක සිතක්
    7. සංතීරන - විපාක සිතක්
    8. වොත්තපනය - ක්‍රියා සිතක්
    9. ජවන් --- කර්ම සිත්
    ..
    ..
    ..
    16. තදාරාම්මන
    17 ...
    18. තදාරාම්මන