අභිධර්ම සංගමය.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඉතුරු කොටස..
    මැක්ස් මිතුර..
    ඔන්න දවල් දානය පිලියෙල කලාම ගිහි පින්වතුන් පන්සලේ හාමුදුරුවන්ට දැනුම් දෙනවා, එතකොට උන්වහන්සේලා කන්ද උඩ කුටිවල වෙසෙන හාමුදුරුවන්ට දැනුම් දෙනවා.ඒක කරන්නේ පන්සලේ පිටුපස එල්ල තිබෙන මැද ඉවත් කරපු ලී කොටයකට ගැසීමෙන්. එය ගෙඩිය කියා හදුන්වනවා.එතකොට ඒකේ හඩ කන්දේ වැදිලා නැවත පරාවර්තනය වෙනව. එවිට හාමුදුරුවෝ කන්දේ සිට පේලියට පහලට පැමින වහලය ගහපු අඩි පාරක්දිගේ(ඉස්පිරිතාලවල තියෙන්නේ අර ) දාන ශාලාවට වැඩම කරනවා.උබලටත් මැවිලා පේනවාඇතැයි සිතමි.

    මම දැන් කියන්න යන්නේ , එක්තරාදිනක මෙහි පුදුම සිදුවීමක් උනාලු.උඩින් කිව්ව විදියට ,පාරදිගේ විත් දානශාලාවට හාමුදුරුවෝ වඩිනවලු කෙලවරක් පේන්නේනැතිලු.දාන ශාලවේ හිටපු ගිහි පින්වතුන් කලබල උනාලු කොහොමද උන්වහන්සේලාට දානය සපයන්නේ කියල. මොකද සීමිත ප්‍රමානයක්නේ දානය හදලතියෙන්නේ. ඒත් ටිකවෙලාවක් ඔහොම කාලය ගතවෙද්දී නැවතත් අර බලාපොරොත්තුවු ස්වාමීන්වහන්සේලා පිරිස පමනක් දාන ශාලවතුලට වැඩම කොට අසුන්ගෙන හිටියාලු.

    ඒනිසා මිනිසුන් තුල විශ්වාසයක් තියනවා, සේනාසනයේ අභිඥ්ඥා දිවුනුකල රහතන් වහන්සේලා වැඩසිටිනවා කියල. තවත් කතාවක් තිබුනා ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන ඈත ප්‍රදේශයකට වැඩම කලබව.මඩකලපුව පැත්තේ බෞද්ධයන් නැති ප්‍රදේශයකට.උන්වහන්සේලා ලොකු හාමුදුරුවන්ට පවසාතිබුනා කියන්නේ, තමන් සේනාසනයේ හිටියොත් මිනිසුන් පවු කරගන්න බවයි.ඉන්පසු උන්වහන්සේට , අර ස්වාමීන් වහන්සේල දෙනම තමුන්ගේ තත්වය පවසා ,හැකියාවත් පෙන්වා, වන්දනාකොට අවසරගෙන වැඩමකල බවයි දැනගන්න ලැබුනේ.

    මට කියන්න ඔන උනේ මේවගේ සිද්දීන් ගොඩක් අප්‍රසිද්දියේ තියෙන්නේ. ස්වාමීන්වහන්සේල සාමන්‍ය සමාජයට හෙලි නොකරන්නේද , පෘතක්ජන මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්. හේතුව ඒවා(මග ඵල ) සැකකර මිනිසුන් පවු පුරවාගන්න නිසායි.

    තුන්වන ඵලයට පැමින එතනින් එහාටත් ගොස් අරහත් මාර්ගයේ සිටි ස්වාමීන් වහන්සේ නමක් කිසිදින තමන් ඒ තත්වයට පැමිනි බව ප්‍රකාශ නොකලේය.අන් කවරෙක් නොව පසුගියදිනවල කතාබහට ලක්වු ආරන්‍යසේනාසන 180ක් බාරව සිටි ,මා විස්වාස්ස්කරන මෙතෙක් බිහිවු සිල්වත් හා ධර්මධරම ස්වාමීන් වහන්සේයි.

    අනාගාමීන් නිහඩවම යලි මෙහි කිසිදා නොවඩින්නටම සුද්දාවාසයට යද්දී, සෝවාන් උනායැයි කියා ලොකයට කීම විහිලුවක් කියා මට සිතේ.
    එක අතකට , මගඵල විස්වාස නොකරන්නන් අතර ඒව අවිස්වාස කිරීමද සාධනීය දෙයකි..

    මේ ලොකයේ හැටිය.

    (මෙය හුදෙක් ශ්‍රද්ධාව උපදවාගැනීමේ අරමුනින්ම ලීවෙමි )

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඔවු මාත් ඔය වගේ සිද්ධි ගොඩක් අහල තියනව. හැබැයි දැන් රහත් නෙමෙයි, බුදු උනා කියල තමන්ම කියාගන්න අයත් ඉන්න නිසා ඔය ගැන හොයන එක අත ඇරිය. දැනුත් මේ ලෝකෙ මාර්ගඵල ලබපු අය ගොඩක් ඉන්න ඕන. පරණ පිනක් තියනවනම් ඇත්තට මාර්ගඵල ලබපු උතුමෙක් මුණගැසෙයි, එතකන් ඕවත් එක්ක ගැටෙන්නේ නැතුව මගේ ගමන යනව කියල හිතාගෙන ඉන්නෙ.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කෙලෙස් නැසූ පුද්ගලයව හඳුන්වන්න අද භාවිතා කරන රහත් කියන වචනෙම වැරදියි.නිවැරදි වචනෙ අරිහත් නැත්නම් අරහත් කියන එක.රහත් කියන්නෙ අරහත් කියන එකේ විරුද්ධ වචනෙ. ඒ කියන්නෙ කෙලෙස් සහිත බව කියන එක.

    ධ්‍යාන අභිඥ්ඥා ලැබූ පමණින්ම යමෙක් මගඵල ලැබුව කියල කියන්න අමාරුයි.මොකද බුද්ධ සාසනෙන් බාහිර කෙනෙකුට උනත් අනාර්‍ය භාවනා කරල මේ දේවල් ලබාගන්න පුලුවන් නිසා.බුද්ධ සාසනේ පැවිදි වෙලා ඉන්න අයගෙන් අති බහුතරයක් අද කරන්නෙත් බුදුන් දේශනා නොකළ අනරිය භාවනාම තමයි.අනරිය භාවනා වලින් කවදාවත් මගඵල ලබන්න නම් බෑ.
     
    ඔව්නෙ. පාළියේ මුලට 'අ' එන්නෙ ගොඩක් වෙලාවට විරුද්ධ අර්ථය දෙන්නනේ. මීට කලින් ඔය ගැන හිතිලා තිබ්බේ නෑ මට. එළ.

    බහුතරය කරන අනරිය භාවනා මොනවද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔව්නෙ. පාළියේ මුලට 'අ' එන්නෙ ගොඩක් වෙලාවට විරුද්ධ අර්ථය දෙන්නනේ. මීට කලින් ඔය ගැන හිතිලා තිබ්බේ නෑ මට. එළ.

    බහුතරය කරන අනරිය භාවනා මොනවද?

    ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි :)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි :)

    එතකොට ආනාපානසතිය?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි :)

    එතකොට ආනාපානසතිය?

    "අස්සාස" සහ "අස්සසාස" කියන වචන ගැනද ඔය කියන්නේ??

    අස්සාස
    පස්සාස

    අස්සසාස
    පස්සසාස
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    "අස්සාස" සහ "අස්සසාස" කියන වචන ගැනද ඔය කියන්නේ??

    අස්සාස
    පස්සාස

    අස්සසාස
    පස්සසාස

    ඔය වචනය ගැන මතභේදයක් තියනව කියල මාත් අහල තියනව.

    මෙන්න මෙතන http://hiddenbuddhism.blogspot.com/2010/08/107-108.html

    මෙහෙම කතාවක් තියනව.

    "සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ ගණන් නොගෙන ඒ අත්දැකීම්වත් නොලත් ආචාර්ය වාදයක් මුදුන් මල් කඩක් සේ දරමින් ප්‍රතිඵලයක් ද හේතු සහිතව විද්‍යාමාන කළ නොහැකිව සිටියදී තවමත් ඒ පසු පසම යාම සිතා බැලිය යුත්තකි. මග හරි නැති නම් ඵලය ලබන්ටද බැරිය. උපරිම හත් වසරකින් අනාගාමී වීම හෝ අරිහත් ඵලය ලැබෙන බව පෙන්වා තිබිදයදී හැත්තෑ වර්ෂයක් තරම් කාලයක් වැඩුවත් ධ්‍යානයකට සම වදින්නට බැරි නම් මේ පිළිබදව විමර්ශනය කල යුතුමය. මේ භාවනාව විග්‍රහ වන පෙළ දහම් පොත්වල “සතෝව අස්ස සති, සතෝ පස්ස සති” යනුවෙන් මුල අරඹයි. එය පෙළ දහම් වාක්‍යයයි. එයට දුන් සිංහල තේරුම “සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න” යනුයි. එය පෙළ දහම් වාක්‍ය නොවේ. ඒ ඊට පසු කලෙක දුන් සිංහල අර්ථ කථාවයි. වාක්‍යය නිවැරදි වුවත් ඊට දුන් අර්ථ කථාව වැරදි නම් මුලදිම වැරදී හමාරය. කෙසේ නම් ප්‍රතිඵල ලැබේද? තර්ක වාද කෙතෙක් ගෙන හැර පෑවත් ප්‍රතිඵල නැත්නම් ඇයි කියා විමසිය යුතුය.
    “අස්සසාස” යන වචනය ත්‍රිපිඨක ධර්මයේ තව කිහිප ‍තැනකම සදහන්ව ඇත. ඒ කිසි තැනක නාසින් අදින හෝ හෙළන හුස්මක් ගැන අර්ථ විවරණයක් නොමැත. කාලාම සූත්‍රයේ වෛර පහක්, භය පහක් දුරු කල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේදීම ආස්වාස හතරක් ලබන බව “චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති” යනුවෙන් පෙන්වා ඇත. ඉදින් පාපයක් ඇත්නම්, කරන පව් වලට විපාකත් ඇත්නම් එය මට ප්‍රශ්ණයක් නොවේ යන පළමු වැනි ආස්සාසය ලබයි. ඉදින් පරලොවක් නැත කීවත්, කරන පව් වලට විපාක නැත කීවත් එය මට ප්‍රශ්ණයක් නොවේ. කරන්නාට පව් සිදු නොවේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, කරන්නාට පව් සිදු වේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, යන මේ ආස්සාස හතර ලබන බව පෙන්වා ඇත. වරද දැක, වරද දැන පාප වැඩ අත්හල කෙනෙක් එය අත්හැරියේ කරුණු දැන සත්‍ය ‍දැනම බැවින් ලෝකයාගේ තර්ක ඒ ශාන්තිය වනසන්නට සමත් නැත. සත්‍යය දැන ලැබූ සංසිදීමේ සුව දෙන නිසයි ඒවාට ආස්සාස කීවේ."

    ටිකක් හොයල බලන්න ඕන දෙයක්.:dull:

    P.S- ඔය රතු කරල තියන ටික මගේ දැනුමට අනුව වැරදියි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට ආනාපානසතිය?

    ඒ ගැන කෙටියෙන් පහදන්න අමාරුයි.මම කලින් දාල තිබ්බ මේ ටිකෙන් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.( මේ පැහැදිලි කිරීමෙත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් )

    අභිධර්මය ඉගෙනගන්න එක වැදගත්.නමුත් බුදු දහමට අනුව නිවන් මාර්ගය විවෘත කර ගන්න නම් ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගය වන ආනපාන සති සමාධිය වඩන්න ඕනෙ.(බුදුන් දේශනා කල ආනපාන සති සමාධිය ආස්වාස ප්‍රශ්වාස හෙවත් හුස්ම ඉහල පහල ගැනීම හා කිසිම සම්බන්ධයක් නැති ඕනෑම අයෙකුට පහසුවෙන් අනුගමනය කල හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකි. ).බුදුරජානන් වහ්න්සේ විසින් අස්ස පස්ස, සේවිතබ්බා අසේවිතබ්බා , කරණීය අකරණීය ආදී වශයෙන් විග්‍රහ කලේත් මෙම ආනපාන සති සමාධියමයි.ආන යනු ඇතුලට ගැනීමයි.පාන යනු ප්‍රහාණය කිරීම හෙවත් ඉවත් කිරීමයි.ආනපාන යනු එක් දෙයක් ඉවත්කර ඒ හිස් වන තැනට අනෙක් දේ ගැනීමයි.

    උදාහරනයකට අපිට තරහක් ඇති වෙන්න යන අවස්තාවක ඒ මොහොතේම ඒ බව දැනගෙන එම තරහ සිතෙන් ඉවත්කර ( පාන කර ) ඒ හිස් වන තැනට මෛත්‍රිය ගැනීම ( ආන කිරීම ) කල යුතු වේ.රාගයක් ඇති වන විටම ඒ බව දැන එම රාග සිතුවිල්ල වෙනුවට අසුබය ආන කල යුතුවේ.මෙසේ හැමවිටම අකුසල ධර්මය සිතෙන් ඉවත්කර ඒ වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ වන කුසල ධර්මය ඇතුලට ගත යුතුය.මේ ක්‍රියාමාර්ගය ටික කලක් වඩන විට ඔබ තුල ඇති වන වෙනස ඔබටම අත්දැක ගත හැකි වනු ඇත.බුදුරජානන් වහන්සේ දේශනා කල කුමන සූත්‍රයක් ගත්තද ඒ සෑම එකක් තුලම පාහේ ගැබ්වී ඇති පටිපදාව නම් ආනපානයයි.
    :)

    :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ ගැන කෙටියෙන් පහදන්න අමාරුයි.මම කලින් දාල තිබ්බ මේ ටිකෙන් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.( මේ පැහැදිලි කිරීමෙත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් )

    :yes:

    හ්ම්ම්..එල එල. හොයල බලන්න වටින දෙයක්..:cool:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි :)

    දීගන්වා අස්සසන්තො දීගන්වා අස්සසාමීති පජානතී
    දීගන්වා පස්ස සසන්තො දීගන්වා පසාස සාමීති පජානතී

    රස්සන්වා අස්සසන්තෝ රස්සන්වා අස්ස සාමීති පජානාතී
    රස්සන්වා පස්සසන්තෝ රස්සන්වා පස්ස සාමීති පජානාතී

    (සතිපට්ටාන සුත්‍රය/කායානුපස්සනාව/ අනපනසතිය )

    එතකොට ඉහත ඒවාගේ තෙරුම මොකක්ද, ඒවා හුස්ම ගැන නෙවේද කියන්නේ?
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උබ කියන විදියට මේවා මෙහෙම නෙවේද ?
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    ඔය වචනය ගැන මතභේදයක් තියනව කියල මාත් අහල තියනව.

    මෙන්න මෙතන http://hiddenbuddhism.blogspot.com/2010/08/107-108.html

    මෙහෙම කතාවක් තියනව.

    "සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ .......

    මග හරි නැති නම් ඵලය ලබන්ටද බැරිය. උපරිම හත් වසරකින් අනාගාමී වීම හෝ අරිහත් ඵලය ලැබෙන බව පෙන්වා තිබිදයදී හැත්තෑ වර්ෂයක් තරම් කාලයක් වැඩුවත් ධ්‍යානයකට සම වදින්නට බැරි නම් මේ පිළිබදව විමර්ශනය කල යුතුමය. මේ භාවනාව විග්‍රහ වන පෙළ දහම් පොත්වල “සතෝව අස්ස සති, සතෝ පස්ස සති” යනුවෙන් මුල අරඹයි.
    ටිකක් හොයල බලන්න ඕන දෙයක්.:dull:

    මෙතන අමුත්තක් පේන්නේ නැද්ද මචන්?
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙතන අමුත්තක් පේන්නේ නැද්ද මචන්?

    :yes:ඔයා underline කරල තියන කෑල්ල කොහොමත් වැරදියි. ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ site වල කොහොමත් ඔය වගේ වැරදි කරුණු තියනව. ඉතුරු ටිකේ හරි ඇත්තක් තියනවද කියල ටිකක් හොයල බලන්න ඕන.
     
    Last edited: