ඉතුරු කොටස..
මැක්ස් මිතුර..
ඔන්න දවල් දානය පිලියෙල කලාම ගිහි පින්වතුන් පන්සලේ හාමුදුරුවන්ට දැනුම් දෙනවා, එතකොට උන්වහන්සේලා කන්ද උඩ කුටිවල වෙසෙන හාමුදුරුවන්ට දැනුම් දෙනවා.ඒක කරන්නේ පන්සලේ පිටුපස එල්ල තිබෙන මැද ඉවත් කරපු ලී කොටයකට ගැසීමෙන්. එය ගෙඩිය කියා හදුන්වනවා.එතකොට ඒකේ හඩ කන්දේ වැදිලා නැවත පරාවර්තනය වෙනව. එවිට හාමුදුරුවෝ කන්දේ සිට පේලියට පහලට පැමින වහලය ගහපු අඩි පාරක්දිගේ(ඉස්පිරිතාලවල තියෙන්නේ අර ) දාන ශාලාවට වැඩම කරනවා.උබලටත් මැවිලා පේනවාඇතැයි සිතමි.
මම දැන් කියන්න යන්නේ , එක්තරාදිනක මෙහි පුදුම සිදුවීමක් උනාලු.උඩින් කිව්ව විදියට ,පාරදිගේ විත් දානශාලාවට හාමුදුරුවෝ වඩිනවලු කෙලවරක් පේන්නේනැතිලු.දාන ශාලවේ හිටපු ගිහි පින්වතුන් කලබල උනාලු කොහොමද උන්වහන්සේලාට දානය සපයන්නේ කියල. මොකද සීමිත ප්‍රමානයක්නේ දානය හදලතියෙන්නේ. ඒත් ටිකවෙලාවක් ඔහොම කාලය ගතවෙද්දී නැවතත් අර බලාපොරොත්තුවු ස්වාමීන්වහන්සේලා පිරිස පමනක් දාන ශාලවතුලට වැඩම කොට අසුන්ගෙන හිටියාලු.
ඒනිසා මිනිසුන් තුල විශ්වාසයක් තියනවා, සේනාසනයේ අභිඥ්ඥා දිවුනුකල රහතන් වහන්සේලා වැඩසිටිනවා කියල. තවත් කතාවක් තිබුනා ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන ඈත ප්‍රදේශයකට වැඩම කලබව.මඩකලපුව පැත්තේ බෞද්ධයන් නැති ප්‍රදේශයකට.උන්වහන්සේලා ලොකු හාමුදුරුවන්ට පවසාතිබුනා කියන්නේ, තමන් සේනාසනයේ හිටියොත් මිනිසුන් පවු කරගන්න බවයි.ඉන්පසු උන්වහන්සේට , අර ස්වාමීන් වහන්සේල දෙනම තමුන්ගේ තත්වය පවසා ,හැකියාවත් පෙන්වා, වන්දනාකොට අවසරගෙන වැඩමකල බවයි දැනගන්න ලැබුනේ.
මට කියන්න ඔන උනේ මේවගේ සිද්දීන් ගොඩක් අප්‍රසිද්දියේ තියෙන්නේ. ස්වාමීන්වහන්සේල සාමන්‍ය සමාජයට හෙලි නොකරන්නේද , පෘතක්ජන මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්. හේතුව ඒවා(මග ඵල ) සැකකර මිනිසුන් පවු පුරවාගන්න නිසායි.
තුන්වන ඵලයට පැමින එතනින් එහාටත් ගොස් අරහත් මාර්ගයේ සිටි ස්වාමීන් වහන්සේ නමක් කිසිදින තමන් ඒ තත්වයට පැමිනි බව ප්‍රකාශ නොකලේය.අන් කවරෙක් නොව පසුගියදිනවල කතාබහට ලක්වු ආරන්යසේනාසන 180ක් බාරව සිටි ,මා විස්වාස්ස්කරන මෙතෙක් බිහිවු සිල්වත් හා ධර්මධරම ස්වාමීන් වහන්සේයි.
අනාගාමීන් නිහඩවම යලි මෙහි කිසිදා නොවඩින්නටම සුද්දාවාසයට යද්දී, සෝවාන් උනායැයි කියා ලොකයට කීම විහිලුවක් කියා මට සිතේ.
එක අතකට , මගඵල විස්වාස නොකරන්නන් අතර ඒව අවිස්වාස කිරීමද සාධනීය දෙයකි..
මේ ලොකයේ හැටිය.
(මෙය හුදෙක් ශ්‍රද්ධාව උපදවාගැනීමේ අරමුනින්ම ලීවෙමි )
කෙලෙස් නැසූ පුද්ගලයව හඳුන්වන්න අද භාවිතා කරන රහත් කියන වචනෙම වැරදියි.නිවැරදි වචනෙ අරිහත් නැත්නම් අරහත් කියන එක.රහත් කියන්නෙ අරහත් කියන එකේ විරුද්ධ වචනෙ. ඒ කියන්නෙ කෙලෙස් සහිත බව කියන එක.
ධ්‍යාන අභිඥ්ඥා ලැබූ පමණින්ම යමෙක් මගඵල ලැබුව කියල කියන්න අමාරුයි.මොකද බුද්ධ සාසනෙන් බාහිර කෙනෙකුට උනත් අනාර්ය භාවනා කරල මේ දේවල් ලබාගන්න පුලුවන් නිසා.බුද්ධ සාසනේ පැවිදි වෙලා ඉන්න අයගෙන් අති බහුතරයක් අද කරන්නෙත් බුදුන් දේශනා නොකළ අනරිය භාවනාම තමයි.අනරිය භාවනා වලින් කවදාවත් මගඵල ලබන්න නම් බෑ.
ඔව්නෙ. පාළියේ මුලට 'අ' එන්නෙ ගොඩක් වෙලාවට විරුද්ධ අර්ථය දෙන්නනේ. මීට කලින් ඔය ගැන හිතිලා තිබ්බේ නෑ මට. එළ.
බහුතරය කරන අනරිය භාවනා මොනවද?

ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි![]()
ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි![]()
එතකොට ආනාපානසතිය?
"අස්සාස" සහ "අස්සසාස" කියන වචන ගැනද ඔය කියන්නේ??
අස්සාස
පස්සාස
අස්සසාස
පස්සසාස

එතකොට ආනාපානසතිය?
අභිධර්මය ඉගෙනගන්න එක වැදගත්.නමුත් බුදු දහමට අනුව නිවන් මාර්ගය විවෘත කර ගන්න නම් ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගය වන ආනපාන සති සමාධිය වඩන්න ඕනෙ.(බුදුන් දේශනා කල ආනපාන සති සමාධිය ආස්වාස ප්‍රශ්වාස හෙවත් හුස්ම ඉහල පහල ගැනීම හා කිසිම සම්බන්ධයක් නැති ඕනෑම අයෙකුට පහසුවෙන් අනුගමනය කල හැකි ප්‍රායෝගික ක්රියාමාර්ගයකි. ).බුදුරජානන් වහ්න්සේ විසින් අස්ස පස්ස, සේවිතබ්බා අසේවිතබ්බා , කරණීය අකරණීය ආදී වශයෙන් විග්රහ කලේත් මෙම ආනපාන සති සමාධියමයි.ආන යනු ඇතුලට ගැනීමයි.පාන යනු ප්රහාණය කිරීම හෙවත් ඉවත් කිරීමයි.ආනපාන යනු එක් දෙයක් ඉවත්කර ඒ හිස් වන තැනට අනෙක් දේ ගැනීමයි.
උදාහරනයකට අපිට තරහක් ඇති වෙන්න යන අවස්තාවක ඒ මොහොතේම ඒ බව දැනගෙන එම තරහ සිතෙන් ඉවත්කර ( පාන කර ) ඒ හිස් වන තැනට මෛත්‍රිය ගැනීම ( ආන කිරීම ) කල යුතු වේ.රාගයක් ඇති වන විටම ඒ බව දැන එම රාග සිතුවිල්ල වෙනුවට අසුබය ආන කල යුතුවේ.මෙසේ හැමවිටම අකුසල ධර්මය සිතෙන් ඉවත්කර ඒ වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ වන කුසල ධර්මය ඇතුලට ගත යුතුය.මේ ක්‍රියාමාර්ගය ටික කලක් වඩන විට ඔබ තුල ඇති වන වෙනස ඔබටම අත්දැක ගත හැකි වනු ඇත.බුදුරජානන් වහන්සේ දේශනා කල කුමන සූත්‍රයක් ගත්තද ඒ සෑම එකක් තුලම පාහේ ගැබ්වී ඇති පටිපදාව නම් ආනපානයයි.![]()

ඒ ගැන කෙටියෙන් පහදන්න අමාරුයි.මම කලින් දාල තිබ්බ මේ ටිකෙන් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.( මේ පැහැදිලි කිරීමෙත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් )
![]()

ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි![]()
ඔය වචනය ගැන මතභේදයක් තියනව කියල මාත් අහල තියනව.
මෙන්න මෙතන http://hiddenbuddhism.blogspot.com/2010/08/107-108.html
මෙහෙම කතාවක් තියනව.
"සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ .......
මග හරි නැති නම් ඵලය ලබන්ටද බැරිය. උපරිම හත් වසරකින් අනාගාමී වීම හෝ අරිහත් ඵලය ලැබෙන බව පෙන්වා තිබිදයදී හැත්තෑ වර්ෂයක් තරම් කාලයක් වැඩුවත් ධ්‍යානයකට සම වදින්නට බැරි නම් මේ පිළිබදව විමර්ශනය කල යුතුමය. මේ භාවනාව විග්රහ වන පෙළ දහම් පොත්වල “සතෝව අස්ස සති, සතෝ පස්ස සති” යනුවෙන් මුල අරඹයි.
ටිකක් හොයල බලන්න ඕන දෙයක්.![]()
මෙතන අමුත්තක් පේන්නේ නැද්ද මචන්?
ඔයා underline කරල තියන කෑල්ල කොහොමත් වැරදියි. ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ site වල කොහොමත් ඔය වගේ වැරදි කරුණු තියනව. ඉතුරු ටිකේ හරි ඇත්තක් තියනවද කියල ටිකක් හොයල බලන්න ඕන.