අමතක නැති ඇය ;

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මේ ත්‍රෙඩ් එකේ අපි දාමු ඉස්සර කාලෙ මුණගැහුණ/ආදරේ කරපු තාමත් අමතක කරන්න බැරි අයගේ මතකයන්.

    මම පටං ගන්නං...

    ඕ ලෙවල් ඉවරවෙලා Negombo IDM එකට යන කාලේ හිටියා වරුණි කියලා අක්කා කෙනෙක් අපේ ක්ලාස් එකේ..එතකොට මට 15යි. එයාට 23යි. ඇහුවේ නෑ කවදාවත්..:no:.. හිතින් කරපු ආදරයක් විතරයි. ;)

    තාමත් ඒ ආදරේට ආදරෙයි බං :love::love::love:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    8 වසරෙදි අපිට ගණන් උගන්නන්න ආවා ශෂිකා කියලා මිස් කෙනෙක්..එතකොට මට 13යි. එයාට 30යි. ඇහුවේ නෑ කවදාවත්..:no:
    අපි කොල්ලො සෙට් එකම හිතින් සහ ගතින් තනි තනිව කරපු ආදරයක් විතරයි. ;)
    තාමත් අපි ඒ ආදරේට ආදරෙයි බං :love::love::love:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක වල් කතාවක් නෙවේ, අත්දැකීමක් විතරයි. ටීන් කාලේ බස් එකේ යද්දී එක සැරයක් සෙනග තෙරපෙන වෙලාවක, මගේ පිටේ කියන්න අමාරු කලින් දැනිල නැති විදිහේ ස්පර්ශයක් ලැබුන, හෙමින් හැරිලා බලනකොට මාත් එක්ක ක්ලාස් එකට යන කෙල්ලක්, එකිත් බය වෙලා මාරු වුනා, මේක ජැක් ගැහිල්ලක් නෙවේ, අහම්බයක්. කලින් ඒකිව සත පහකට ගණන් ගත්තේ නැතත්, එදා ඉඳල හිතාගන්න බැරි විදිහේ හැගීමක් ඒකි ගැන ඇති වුනා, ලව් එකක් ද මන්දා? අදටත් ඒකි ගේ ටයිප් එකේ පාට, කොණ්ඩය එහෙම තියෙන එකියක් දැක්කත් හාට් බීට් එකත් වෙනස් වෙනවා. අමතක කරන්න අමාරු දෙයක්. :confused2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    එයා හිටියේ මම ගිය මොන්ටිසෝරියේ මට 5යි එයාට 55යි. අපිව බලාගත්ත මොන්ටිසෝරියේ ඇන්ටි. හැමදාම වතුර බෝතලෙයි කෑම පෙට්ටියෙයි පියන ඇරලා දෙන්නේ එයා .... :love: :love: 🤗 🤗 🤗
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඒ ලෙවල් ටියුශන් ආපූ කෙලි පොඩිත්ත.. මට වඩා දවසක් වැඩිමල්.. මගේ ලව් එක පැලෙන්න්.. ටීවී එකේ ඇඩ් එකක් ගියත් ඒකී ගැන හිතුවේ... සිරසේ සින්දුවක් ඇහුවත් ඒකිමයි... අයියෝ සන්සාරේ.. ඒත්... වචනයක්වත් කතා කරල නෑ කියහන්කෝ... 🤦🏻‍♂️🤷‍♂️
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    9 වසරේ ඉද්දී 8 වසරේ නංගි කෙනෙක් එක්ක ඇයි හොදයිකමක් පටන්ගත්තා. මං ඒ ලෙවල් ලියනකන්ම ඒ යාලුකම තිබ්බා. ඉස්කෝලේ ඉවර වෙලා එක බස් එකේ ගෙදර යන්නේ. ඒ කාලෙ ෆෝන් අනන්මනන් නෑනෙ ලියුම් වලින් තමයි හැමදෙයක්ම කියාගන්නෙ. එයා ඒ ලෙවල් ලියන කාලේ පන්තියෙ කොල්ලෙක් එක්කම යාලුවෙලා තිබ්බා. පලවෙනි සහ අන්තිම විරහ වේදනාව දැනුනේ ඒකෙන් පස්සෙ. දැන් එයත් බැදලා මාත් බැදලා. ඒ කාලෙට තාම ආදරෙයි. පලවෙනි ආදරේ අමතක කරන්න අමාරුයි.
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඕ ලෙවල් ඉවරවෙලා ඒලෙවෙල් ටියුශන් පටන්ගත්තු කාලෙම වගේ මැත්ස් ක්ලාස් එකේ හිටියා උරහිස තරමට කොන්ඩෙ තිබුණු ලස්සන කෙල්ලො දෙන්නෙක්(they were twins) මම හෙනම පිස්සුවෙන් හිටියෙ ..එතකොට මට 16යි. එයාලටත් 16යි. ඇහුවේ නෑ කවදාවත්..:no:..(එයා පන්ති ආවෙ මාස දෙකක් විතරයි. එන එක නැවැත්තුවා:() හිතින් කරපු ආදරයක් විතරයි. ;)
    තාමත් ඒ ආදරේට ආදරෙයි බං :love: :love: :love:
     
    Last edited: