මේ තව ඔය වගේ එකක්.. මෙලෝ දෙයක් හරියට තේරෙන්නෙ නැති කාලේ. ක්‍රිකට් බලන්න පිස්සුව නම් තිබ්බ..
මතක මේ අන්තිම ටික විතරයි.පරදින්න ගිහින් ඉන්දියාවේ උන් ගහපු එකක්. ඕක බලද්දි අපේ ආච්චිත් නිකන් ඔතන හිටිය ගමේ ඉදන් ඇවිත්. තව මාමා කෙනෙක් හිටිය. ඌ හෙන ජෝකරය.ආච්චි අහන දේවල් වලට විහිලු කර කර ඉන්නවා. ඔතන ගෑනු දෙන්නෙක් ඉන්නව පැවිලියන් එකේ. මූ කිව්ව ඒ ඉන්නේ බැට් කරන එකාගේ අම්ම..අනිත් එකාගේ ආච්චි වගේ කතාවක්. මම හිතුව මූ පච කියන්නේ කියල. දැන් බලද්දි ඇත්ත..
ඌ කොහොමද ඒක හරියට කිව්වේ?
එක්කෝ commentary එකේ කියන්න ඇති



