මේක සම්පූර්නම අර්තකතනය කරන්නේ දෙගොල්ලොම වැරදියට. මේ මැරුනේ එල්ටීටීඊ වේවා සින්හල වෙවා එක රටේ මිනිස්සු. ඔය යුද්දේ නොතිබ්බානම් රටේ මානව සම්පතට උදව් කරන මිනිස්සු.. තරුන පරම්පරාව. මට තෙරුම් ගන්න බැරි එක රටක මිනිස්සු මෙහෙම වයිරයකින් ඉන්නේ ඇයි කියලා. විජේවීර මේ වගේම කොල්ලො එකතු කරගෙන ගේමක් ගැහුවහම අද සින්හල මිනිස්සු උන්ටත්‍රස්තවාදී කියන්නේ නැනේ.. උන්ව ඉල්මහා විරු සමරුව කියලා සමරනවා. විජේවීරගේ සෙල්ලම් සින්හල මිනිහා අනුමත කරනවා ඌ අපේ එකෙක් නිසා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් ත්‍රස්තවාදී කියනවා ඌ පිට එකෙක් නිසා. හැබැයි දෙන්නම කලේ එකම වැඩේ. ප්‍රබාකරන් දෙමලුන්ට වීරයෙක්. විජේවීර සින්හලුන්ට වීරයෙක්. එකම රටේ දෙගොල්ලොක් කෙලගන්නවා මේක අපේ කියාගෙන. අන්තිමට උන්ටත් නැ මුන්ටත් නැ.
එකඟයි. මේ සිද්ධි දෙකම රටේ ඇතිවුන සිවිල් යුද්ධ දෙකක්. දෙකම හමුදාව දාලා මර්ධනය කළා. දකුණේ යුද්ධය හමුදාව දරුණු විදියට මර්ධනය කළා. එහෙම කළා කියලා හමුදාව යුධ විරුවෝ උනේ නෑ. පදක්කම් දුන්නෙත් නෑ. මිනිස්සුන්ගේ ගරුබුහුමනට ලක් උනෙත් නෑ. හිටපු ජනාධිපතිලා රට බේරා ගත් යුග පුරුෂයන් උනෙත් නෑ. හමුදාව බංකර් ගහගෙන කැරැල්ල තිබ්බ ප්‍රදේශ වල පදිංචි වෙලා හිටියෙත් නෑ.
හැබැයි මේ සේරම උනා උතුරේ යුද්ධෙදි. පදක්කම්, යුධ විරුවෝ, මහා රජා ඔක්කොම බිහි උනා. මට හිතෙන්නේ අපි මේක දකින විදිය වැරදි.
හැබැයි යුද්ධ දෙකේදීම මැරුණ බහුතරයක් පීඩිත පන්තියේ අසරණ අය.
මම දන්න විදියට මුල් කාලේ ඉල් මහ විරු සැමරුම තිබුනේ ප්‍රසිද්ධියේ නෙමෙයි. ප්‍රබාකරන් සැමරුමත් ඒ විදියටම වෙයි.




