ජාතික හැඟීමක් නැති ජාතියකට කවදාවත් දියුණුවක් නැහැ. ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒක තමා.
ඉන්දියාවේ මිනිස්සු කැරලි කරලා සුද්දගෙන් තමන්ගෙ රට බේරගත්තට පස්සෙ ලංකාව වගේ පොඩි රටක් තමන්ගෙ යටතේ තියාගන්න එක උන්ට පාඩුයි. ඒ නිසා උන් මේ රටෙන් අකුලන් යන්න ගියාට උන්ගෙ ග්‍රහණය දිගටම තියාගන්න ඕනේ නිසා උන්ගේ කකුල් ලේව කකා හිටිය පිරිසකට මේ රට භාරදීලා තමයි උන් යන්න ගියේ. මෙච්චර කාලයක් අවුරුදු 70ක් තිස්සෙ තාමත් මේ රට පාලනය කරන්නෙ සුද්දෝ ලංකාවේ බෝ කරලා ගිය පර සුද්දෝ ටික තමා. පොඩි මිනිහා රවට්ටන්න එක එක කාලෙට පාට මාරු කලාට හැමදාම එකට විස්කි බ්‍රැන්ඩි සව්දිය පුරන එකම පිරිසක් තමා මේ රටේ හැමදාමත් වැදගත් තීරණ ගත්තෙ.
කොටි යුද්දේ පටන් ගත්තෙ තමන් උඩින් පාලනය කරපු පරගැති දෙමළුන් නැතිකරන්නයි. ප්රභාකරන් ඉස්සෙල්ලම මැරුවෙ සිංහලයෙක් නෙවෙයි. දෙමළ නගරාධිපති වෙච්ච ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා. පස්සෙ මිනිහට එකතු වෙච්ච අවස්ථාවාදී දේශපාළුවෝ තමා මිනිහගෙ ව්‍යාපාරය ඒ අයට ඕනේ විදිහට මෙහෙයෙව්වේ.
ඒ නිසා තමන් සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් ජාතික හැඟීම තියෙන්නෙ ඕනේ. වැඩිදුර යන්න ඕනේ නැහැ, බලන්න ඉන්දියාව දිහා. ඒ රටේ ජාති කොච්චර ඉන්නවද? හැබැයි ඒ හැම ජාතියටම මේ තමන්ගෙ රට කියන හැඟීම තියෙනවා. ඉන්දියාව රටක් හැටියට කොච්චර ඉස්සරහට ගිහිල්ලද.. සිංගප්පූරුව, චීනය, මැලේසියාව, ඉන්දුනිසීයාව තවත් මේ වගේම උදාහරණ...
කවදාවත් අපේ නායකයෝ මේ තැනට එයි කියලා හිතන්න අමාරුයි. උන් හිතන්නෙ අවුරුදු පහේ පුළුවන් තරම් හම්බ කරගන්න විතරයි. ඒ නිසා ඒ වෙනස පටන් ගන්න ඕනේ අපිමයි.
මට මේකේ සමහර රිප්ලයි කියවනකොට තේරෙනවා අපේ අලුත් පරම්පරාවෙ මොළ කොච්චර හේදිලද කියලා. ඒ අයට යුද්ධය ටික ටික අමතක වෙනවා වගේ. හමුදාවෙ අය යුද්දෙට ගියේ පඬියට කියලා හිතන අය චුට්ටක් ගිහින් බල්න්න අභිමංසලකට.. කොළඹ ඉස්කෝලවලට ගිය අය ඉන්නවානම් අම්මලගෙන් අහලා බලන්න ඒ අය ඔයාලා උදේට ගියාම ආයෙමත් ගෙදරට එනකන් කොච්චර බයෙන්ද ගෙදර හිටියේ කියලා. ඒ මොනවත් පිළිගන්න ලෑස්ති නැත්නම් SAVING PRIVATE RYAN, HACKSAW RIDGE වගේ ෆිල්ම් එකක් බලන්න. එතකොටවත් තේරෙයි යුද්ධය කියන්නේ කොච්චර කාලකණ්නී දෙයක් ද කියලා. ඉතිං ඒ වගේ දෙයක් නැති කරපු යුද්දෙදී දිවි පුදපු හැම විරුවෙක්ම සදා අමරණියයි.