අමරදේව ගාන්ධර්වාභිධානය

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    70_amaradewa.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
     

    waligamaya

    Well-known member
  • මොනවා කියන්නද, පුදුමාකාර පාලු මුසල බවක් දැනෙන්නේ, අහසත් කළු වෙලා, හුලගක් නැ, ගස් ඉද්ද ගැහුවා වගේ.

    එතුමාට නිවන්සුව පාර්ථනා කරනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ රටට අහිමි උනේ හෙළ සංගීතයේ කොදු නාරටිය.. :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    පණ්ඩිත් අමරදේව කලාකරැවාණනි..ඔබට නිවන් සුව..
    " සසර වසන තුරු...
    නිවන් දකින තුරු..
    පින්කෙත හෙල රන් දෙරණේ
    යළි උපදින්නට ..
    හේතු වාසනා වේවා ..හේතු වාසනා...."
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතුමා ගැයූ පළමු ගීතයේ සහ අවසන් ගීතය ඇතුළුව ගීත සෑහෙන සංඛ්‍යාවක් මා සතුය.........
    මුල් පටිගත කිරීම් බහුලව ම............
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පණ්ඩිත් අමරදේව මහත්මයාගේ ගීත වල බොහෝ දුරට දේශාභිමානය රැදිලා තියෙනවා. දේශාභිමාන ගීතත් තහනම් කරන්න ඕන කියලා කතාවක් ඉස්සර ගියා නේද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහල සංගීතයට උණු අඩුව කවදාවත් මකන්න බෑ
    මේ මාස්ටර්ගේ විතරක් නෙමෙයි
    හෙළ සන්ගිතයේම මළගම වෙයි

    මෙතුවක් කල් සිංහල සංගීතය වෙනුවෙන් කල අමරණිය සේවයට ඔබට පින්

    අජරාමර නිවන් සුව ඔබට සර්

    අපි සංගීතේ විශාරදයන් නෙමේ හාත්පසින්ම වෙනස් වෘර්තියයන් නියැලෙන අය.. එත් එතුමාගේ ගීත ගායනය අපි අහන හිටියේ සංගීතයේ නිපුන් අය වගේ :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි

    මා මළපසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාදුන නා ඔබ ගේ
    නන්නාදුන නා ඔබ ගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක
    අඬ සඳ බැසගෙන යන සඳ රෑහි හඩන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී
    එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී

    :(:(:(:(:(
     
    • Like
    Reactions: BonziBUDDY

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එතුමා ගැයූ පළමු ගීතයේ සහ අවසන් ගීතය ඇතුළුව ගීත සෑහෙන සංඛ්‍යාවක් මා සතුය.........
    මුල් පටිගත කිරීම් බහුලව ම............

    බොහොම පින්
    මේවා ආයේ කවදාවත් එතුමාගේ කටහඬින් අහන්න ලැබෙන්නේ නෑනේ :sorry:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ”මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව
    එනකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි”



    අමරදේවයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. “නන්නාදුනනා ඔබ” යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.



    ’නන්නාඳුන නා ඔබගේ
    අත් අකුරින් ලියණු මැනවි’



    මේ මහා ගාන්ධර්වයා ගේ හදවත රසිකයන් ගේ ආදරය බලාපොරොත්තු වූ බව මේ තුළින් සංකේතවත් වේ. දුකෙන්ම පෝෂිත වූ ඔහුගේ කවිත්වය පෙරළා බලාපොරොත්තු වන්නේ ද දුකයි. මරණයෙන් පසුද තම ආදරණීය රසික රසිකාවියන්ගේ දුක වැලඳ ගැනීම මඟින් අමරදේවයන්ගේ හඩ තුල පැවති දයාබරත්වය දැනුවත් වේ.




    අඩ සද බැස ගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඩ සඳ බැසගෙන යන සඳ
    රූහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි



    අමරදේවයන් විසින් මවනු ලබන්නේ පාළු ශෝකී පරිසරයකි. මේ මහා විශ්වයේම පවතින්නේ පාළු ශෝකී බව ඔහු වචන කීපයකින් මවාලනු ලබයි. කටුක යථාර්ථය ඉක්මවා යන මෝහනීය සෞන්දර්යයක් සේකරයන්ගේ ආත්මය පුරා ගැබ් වී තිබූ බව මෙහිදී පැහැදිලි වෙයි. අවසන් හුස්ම හෙළීමෙන් පසුද ඒ මෝහනීය සෞන්දර්යයේ ජීවත්වීමට ඔහු ඇලුම් කළ බව මෙහිදී පසක් වෙයි. තවදුරටත් ජීවත්වන උන්ගේ ශෝකය වුවද බෙදා හදා ගැනීමට තම මියගිය ආත්මය සූදානම් බව මේ මඟින් දැනුවත් වෙයි.


    ආදරණීය අමරදේව ගාන්ධර්වයාණෙනි ... අපි ඔබේ සොහොන් කොතේ දුක් ගී නොලියන්නෙමු. මන්ද ඔබ මිය නොඟිය බැවිනි. ජීවිතයේ ඔබ ගැයූ ඔබේ සෑම ගීයක්ම අප අපේ හදවතේ ගැඹුරුම තැන සඟවා ගන්නේ අන් කිසිවක් නිසා නොව, අප මිය ගිය පසු යළි යළිත් අපට ඇසෙනු පිණිසය.



    ඔබට නිවන් සුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි !!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එතුමා ගැයූ පළමු ගීතයේ සහ අවසන් ගීතය ඇතුළුව ගීත සෑහෙන සංඛ්‍යාවක් මා සතුය.........
    මුල් පටිගත කිරීම් බහුලව ම............
    මා අතිශයින් ඇලුම් කරන "සන්නාලියනේ" ගීතය (මුල්ම පටිගත කිරීම) 24/12/2012 දින මා හට ලබාදුන් ඔබට පිං! :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිදි වැරූ නෙතු අගට - කල් මැරූ හිත් අහසට
    අපරිමිත දායාර්දයෙන් සමීප වූ
    ගාන්ධර්වරයාණෙනි ඔබට නිවන් සුව....

    z_p-25-Voice-01.jpg


    Z


    :( :( :(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සින්දුව චාමර වීරසිංහ කීවා මා නොවන මම එකේ ලස්සනට

    (සම කිරීමක් නොවෙයි)
    ඕක චාමර කියනකං අහල තිබ්බෙ නැති උන් ඉන්නව කියහං කෝ ඉතිං......:eek: