Sheet වහළක්ද තියෙන්නේ? එහෙම තියෙනවා නම් සිවිලිමක් ගහන්න ලී වලින්, ඊට පස්සේ ගෙවල් අහල පහළ ටිකක් ගස් වවන්න හුළං එන විදියට , ජනේල ඇරලා තියන්න, Fan එක දාන කොට හුළං එන පැත්තට විරුද්ධ පැත්තට තියන්න, පුලුවන් තරම් ජනේල ඇරලා තියන්න දවල්ට, ඇතුල පේන එක වළක්වන්න තිර රෙදි දාන්න මැද අර හිල් තියන මෝස්තරයේ. එතකොට ඇතුලට කෙලින්ම පේන්නේ නෑ නමුත් හුළං එනවා, ගෙදර බඩු තියලා තියෙන කොට ටිකක් එක ළග අහුරලා තියන්න එපා. සිවිලිම් ෆෑන් දාන්න එපා ඒක වැඩක් නෑ, table fan එකක් තමයි හොද. මේවා කරලා හොදට නාන්න, තැඹිලි බොන්න, කොළ ජාති, සවු කන්න, කිරට කෑම කන්න,මිරිසට කන කොට තමයි ගොඩක් ඇගට අමාරු වෙන්නේ මොකද රස්නේයි මිරිස් සැරයි එකට එකතු වුනාට අපහසු වෙනවා වැඩියි , හවසට තේ බොන්නේ නැතුව තැඹිලි හරි cool drinks එකක් හරි බොන්න, හැම තිස්සෙම වතුර බොන්න, ඇදුම් අදින කොට ඕන වට වඩා ඇග වැහෙන්න හිර වෙන අදින්න එපා, decent විදියට දාඩිය වාෂ්ප වෙන විදියට අදින්න, ටිකක් ලා පැහැති ඇදුම් අදින්න මොකද ඒවා තාපය උරාගන්නේ නෑ කළු වර්ණය වගේ. කළු පැහැය හැම ආලෝක තරංගයක්ම ඇදලා ගන්න නිසා රත් වෙනවා වැඩියි ඉතින් ලා පැහැයට ඇදුම් අදින්න. පරිසරයේ ආර්ද්‍රව තාම අඩු කරලා තියාගන්න බලන්න එතකොට දාඩිය වාෂ්ප වෙලා රස්නේ අඩු කරන්න උදව් වෙයි ඒක. මේකට fan එකක් දාන එක හොදයි.