දෙවෙනි කාචෙ දැම්මට පස්සෙ දවස් 10 කින් ආයෙ එන්න කිව්වනෙ
අද තමා ගියෙ
ඩොක්ටර් ඇස් බලල ඇස් දෙකම හොදට තියෙනව කිව්ව
අම්ම දියවැඩියාවට ප්‍රෙශර් එකට අවුරුදු 30 ක් විතර තිස්සෙ බේත් බොනව
ඇස් දෙක හොදට තියෙනව කිව්වම සතුටුයි ඉතිං මට.
එකම අවුල සුද බැදුණ එක විතරයි
අම්මට වයස 61 යි
දියවැඩියාවට ප්‍රෙශර් එකට බේත් ගන්න ඩොක්ටර්ට තමා ඉතිං ක්‍රෙඩිට් එක යන්න ඕනෙ
එයා අනවශ්‍ය විදියට බේත් ලියන්නෙ නෑ. පුලුවන් තරම් බේත් අඩුවෙන් දෙන්න බලන්නෙ
අම්ම වෙලාවට බේත් ටික බොනව ඉස්සර ඉදං...
වෙන අය පණ්ඩිත කමට එක වේලක් බොනව තව වේලක් බොන්නෙ නෑනෙ