අම්මා තාත්තා නැති උනාම 😢

Emios

Well-known member
  • Dec 10, 2009
    75,174
    67,520
    113
    Ubala parenslata marena kiyala adanawa.aye ube lamai adanawa.endless cycle.dana dana tawath attachment eliyata danawa
     
    • Sad
    Reactions: Mincha

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මම නම් හිත හදාගෙන තියෙන්නෙ ඒගොල්ලන්ට අපි මැරෙනව දකින එක ඊට වඩා වේදනාවක් දුකක්. ඒ නිසා ඒ දුක මම ම දරාගන්නව කියල. රට යන්න chances ඔනෙවටත් වඩා තිබුනත් ඉන්න ටිකේ හරි එගොල්ලො එක්ක ඉන්න හිතනව.
    මම පුද්ගලිකව දන්නා චරිතයක් ඉන්නවා මේ එළකිරියේ පට්ට ටැලන්ට් එකක් තියන. ඒ මනුස්සයා ෂුවර් එකටම ඊලග අවුරුදු කිහිපය ඇතුලත ලංකා නම ලෝකයට ගෙනගිය පුද්ගලයින් කිහිප දෙනා අතරට යන විද්වතෙක් වෙනවා. ඒ මනුස්සයාට එක එක රටවල් වලින් ලැබෙන ආරාධනා භාරගන්නේ නැතුව ලංකාවේම පුළුවන් කාලයක් ඉන්නවා තමන්ගේ අම්මා ගැන හිතල. මම ඇහුවම මට කිව්වේ "එයාගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න යෝධ ශක්තිය තමන්ගේ අම්මා බවත්, අම්මා නැති රටක එයාට රජකම ලැබුනත් වැඩක් නැති නිසා ලංකාවේ ඉදන් වැඩ පෙන්වන්න ඉතාම අමාරු වුනත් ඉවසන් හිමින් තමන්ගේ ගමන යනවා කියල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් අපි හැමෝම දන්නවා කවද හරි දවසක අපේ ලගින්ම ඉන්න අය දාල යනවා කියලා. අම්මා තාත්තා ගැන තමයි මම මේ කතා කරන්නේ.

    මට දැනට අවුරුදු 27ක් විතර උනත් මම අම්මා එක්ක මාර close relationship එකක් තියෙනවා. මට ගොඩක් වෙලාවට හිතෙනවා අම්මට මොනා හරි උනොත් මම කොහොමද ඉන්නේ කියල. එත් එක කවද හරි වෙනවා අකමතෙන් උනත්. උබලට හිතිලා තියෙනවා ද කවද හරි අම්මා හරි තාත්තා හරි දාල ගියොත් එක දරාගන්නේ කොහොමද කියලා? එහෙම උන අයත් ඇති නේ. ඒගොල්ලොන්ගේ experience එක පොඩ්ඩක් share කරන්න.

    oya seen eka tynwa bn eth itn aththatama kathwa api terum ganna one samahra wita kalin api marenna plwn hodama de thama bn awabodaya plwn uparima wdyt ammatai dadtai salakapn
     
    • Like
    Reactions: animation

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    inna tike hondata salakagena indapan, malata passe ganan petti wala daala, thoran gahala ,kodi daala, wadak naa
    Jiwath wela imna kaale umbata puluwan uparimen salakapan.
    Hamoma marenawa samahara vita api eyalata kalin marenna puluwan.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට නම් අවුලක්ම නෑ බන්.පොඩි කාලෙ ඉදලම අම්මා තාත්තා නෑ (මැරිලා නෑ) ඒක වෙනම සීන් කෝන් එකක්.අදටත් අම්මා තාත්තා නෑනෙ.මතක් වෙනවනෙ.බලන්න යන්න ඔනනෙ ඒ මන්ස්ගාත ඔලුවෙ නෑ.කොටින්ම ඔපාතික සීන් එකේ ඩයල් එකක්.බැඳීම් වැඩිවෙන තරමට දුක වැඩියි බන්..මට උනු දේ නොවෙන්න මම මගෙ ලමයින්ට ලගින් ඉන්නවා.හැම මගුලම කරලා දෙන්න උපරිම ට්‍රයි කරනවා..ඒත් වෙලාවකට හිතෙනවා බන් බඳින්න කලින් අර බැඳීම් නැතුව ගෙවුනු ජීවිතේ මොන තරම් නිදහසක්ද කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මගෙ පියා විදේශ රැකියාවක් කරෙ.
    මන් ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් තාත්තා රට.
    අවුරුද්දකට සැරයක් (සමහරක් විට මාස 6 කට සැරයක්) එහෙම ආවා ගියා.
    සල්ලි විතරයි ආවෙ.
    ෆිසිකලි තාත්තා දුර.
    කොල්ලෙක්ගෙ ලයිෆ් එකෙ ඔනිම කාලෙ තාත්තා ලඟ නෙමෙ හිටියෙ.
    ටෙලිෆොන් එකෙන් (පස්සෙ නම් ස්කයිප් එකෙන් 2010 දි විතර විඩියො කෝල් වලින් දැක්කා )
    හැබයි දුරාචාර ,සමාජ විරොධි දේවල් කිසි දෙයක් කරන්න පෙලඹුනෙ නම් නැහැ .

    ඉතිං පියා ලඟ නැතුව හැදෙන්න ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් පුරුදු උනා.

    මගෙ අම්මා නැති උනා ගිය අවුරුද්දෙ අගොස්තුවෙ .
    ලෙඩ වෙලා තමා නැති උනේ.
    මන් රට හිටිය කාලෙ අම්මත් නැතුව ජීවත් වෙන්න පුරුදු උනා.
    අම්මා ලඟ හිටියා උනත් මන් පොඩි කාලෙ ඉඳන් තනියම පුරුදු උනා දේවල් කරගන්න .

    තනියම බස් එකෙ හෝමාගම ඉඳන් ලුම්බිණියට ඉස්කොලෙ යන්න පුරුදු උනා ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් .
    අඳින රෙදි ටික අයර්න් කරගන්න පුරුදු උනා ඉස්කොලෙ 5 වසරෙ ඉඳන් .
    එතකොට ගේ අතුගාන්න ,වත්ත සුද්ද කරගන්න පුරුදු උනෙත් ඒ කාලෙමයි .
    ඉස්කොලෙ 7 ,8,9 වසර කාලවල් වල අපි අපෙ ඥාතීන්ගෙ ළමයි එක්ක එක්කහු වෙලා ගේ හදන්න සිමෙන්ති අනන්න ,බ්ලොක් ගල් හදන්නත් පුරුදු උනා.

    අම්මා කරපු දේවල් වලින් දැනගෙන හිටියෙ නැත්තෙ රෙදි ටික හෝදන්නයි ,කැම උයන්නයි විතරයි .
    ඒත් ඒ දේවලුත් දැනගත්තා.
    වොශින් මැශින් එකක් තියෙන නිසා රෙදි හෝදන එක ගාණක් උනෙ නැහැ.
    කෑම උයන්න පුරුදු උනෙ දැන් අවුරුදු 2 ක වෙලෙ ඉඳන් .

    අම්ම නැති උන එක ගාණක් නැහැ කියනවා නෙමෙයි මෙ.
    කවදා හරි මෙ යථාර්ථයට මුහුණ දෙන්න කාටත් සිද්ධ වෙනවා.

    හැමදාම අම්ම්ම තාත්තා ලඟ නැහැ .
    තමන් පුරුදු වෙන්න වෙනවා තමන්ගෙ දේවල් තනියම කරගන්න .

    තමන්ටත් තමන්ගෙ ජීවිතයක් තියෙනවා.
    වෙලාවකට දෙමාපියො නැති අඩුව දැනෙනවා. වෙලාවකට ඒ ගොල්ලො ඇණයක් වෙනවා.
    සමහර තැන් තියෙනවා විවාහ උනහම අම්මා තාත්ත ඇඟිලි ගහන්න ගිහින් විවාහ කඩාකප්පල් කරගන්න .
    සමහරක් වෙලාවට ඒ ගොල්ලන්ගෙ කාලෙ නොතිබ්බ දේවල් අපි දකිනකොට ඒ දෙවල් කරනකොට ඒ ගොල්ලොන්ට පොඩි ඉරිසියාවකුත් එනවා.

    ඒ වගෙම සමහරක් කාරණා වලදි ඒ ගොල්ලන්ගෙ උපදෙස් අවවාද සැහෙන්න උවමනාත් වෙනවා.

    ඇතුවත් බැරි නැතුවත් බැරි චරිත තමා දෙමාපියො කියන්නෙ ජිවිතෙ සමහරක් අවස්ථා වලදි .
    එත් තමන් පුරුදු වෙන්න ඔනි දෙමාපියො නැතුව කවදා හරි ජීවත් වෙන්න.

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    තාත්තා ගිය අවුරුද්දේ නැතිවුනා, heart attack එකක්. හොදට කාලා හිනාවෙලා හිටියෙ. විනාඩි 5කින් ඔක්කොව කනපිට හැරවුනා. තාත්තා නැතිවෙලාද කියලා දැනුනා හොස්පිටල් එකේදී මාව ලග තියාගෙන තාත්තට electric shock දුන්නා. තාත්තගෙ අත් උඩ යකවා දැක්කා ඒ electric shock වලට ඒ වෙනතොටත් තාත්තා නැතිවෙලා හිටියෙ. උදේ 8 ගෙදර හිනාවෙලා හිටිය කෙනා රැ 9 වෙනකොට පෙට්ටියෙන් ගෙදර...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මට නම් අවුලක්ම නෑ බන්.පොඩි කාලෙ ඉදලම අම්මා තාත්තා නෑ (මැරිලා නෑ) ඒක වෙනම සීන් කෝන් එකක්.අදටත් අම්මා තාත්තා නෑනෙ.මතක් වෙනවනෙ.බලන්න යන්න ඔනනෙ ඒ මන්ස්ගාත ඔලුවෙ නෑ.කොටින්ම ඔපාතික සීන් එකේ ඩයල් එකක්.බැඳීම් වැඩිවෙන තරමට දුක වැඩියි බන්..මට උනු දේ නොවෙන්න මම මගෙ ලමයින්ට ලගින් ඉන්නවා.හැම මගුලම කරලා දෙන්න උපරිම ට්‍රයි කරනවා..ඒත් වෙලාවකට හිතෙනවා බන් බඳින්න කලින් අර බැඳීම් නැතුව ගෙවුනු ජීවිතේ මොන තරම් නිදහසක්ද කියලා.
    එහෙම උනානම් පාලුවකුත් දැනෙයි මචන්. හැමදාම තනියම ඉද්දි
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    තාත්තා ගිය අවුරුද්දේ නැතිවුනා, heart attack එකක්. හොදට කාලා හිනාවෙලා හිටියෙ. විනාඩි 5කින් ඔක්කොව කනපිට හැරවුනා. තාත්තා නැතිවෙලාද කියලා දැනුනා හොස්පිටල් එකේදී මාව ලග තියාගෙන තාත්තට electric shock දුන්නා. තාත්තගෙ අත් උඩ යකවා දැක්කා ඒ electric shock වලට ඒ වෙනතොටත් තාත්තා නැතිවෙලා හිටියෙ. උදේ 8 ගෙදර හිනාවෙලා හිටිය කෙනා රැ 9 වෙනකොට පෙට්ටියෙන් ගෙදර...

    මේ වගේ දේවල් තමයි මචන් experience කරන්න අමාරු.
     
    • Like
    Reactions: Aruna119

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මම පුද්ගලිකව දන්නා චරිතයක් ඉන්නවා මේ එළකිරියේ පට්ට ටැලන්ට් එකක් තියන. ඒ මනුස්සයා ෂුවර් එකටම ඊලග අවුරුදු කිහිපය ඇතුලත ලංකා නම ලෝකයට ගෙනගිය පුද්ගලයින් කිහිප දෙනා අතරට යන විද්වතෙක් වෙනවා. ඒ මනුස්සයාට එක එක රටවල් වලින් ලැබෙන ආරාධනා භාරගන්නේ නැතුව ලංකාවේම පුළුවන් කාලයක් ඉන්නවා තමන්ගේ අම්මා ගැන හිතල. මම ඇහුවම මට කිව්වේ "එයාගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න යෝධ ශක්තිය තමන්ගේ අම්මා බවත්, අම්මා නැති රටක එයාට රජකම ලැබුනත් වැඩක් නැති නිසා ලංකාවේ ඉදන් වැඩ පෙන්වන්න ඉතාම අමාරු වුනත් ඉවසන් හිමින් තමන්ගේ ගමන යනවා කියල.
    award ekakuth epaa kiwwa kenek gena neda oyaa kiyanne? Field eka Science neda?? mama hithana kenaa nam dan lankaawen gihin kiyala thamaa aranchiya.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මේ වගේ දේවල් තමයි මචන් experience කරන්න අමාරු.

    සමහර වචන, සිදුවිම් තාමත් දෝංකාර දෙනවා, ඩොක්ටර් මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා පුතා තාත්තට ටිකක් අමාරුයි කියලා. ඒ තට්ටුවෙන් මට තේරුනා තාත්තා නැතිවෙලා කියලා.
     
    • Sad
    Reactions: animation

    nidarsha91

    Well-known member
  • 20, 21, 22 ohoma ewa tikak thadatama hithei. eeta passe ooka hariyanawa machan. me mohothe jeevath wemu

    සමහර වචන, සිදුවිම් තාමත් දෝංකාර දෙනවා, ඩොක්ටර් මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා පුතා තාත්තට ටිකක් අමාරුයි කියලා. ඒ තට්ටුවෙන් මට තේරුනා තාත්තා නැතිවෙලා කියලා.
    deviyan athara ube thaththa innawa athi mithura !
     
    • Like
    Reactions: OpenSpace