අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Digatama apith ekka inna machan. Mamath labana awurudde ge hadanna patan gannawa. Man hadanneth cubic type geyak.

    මම නම් හිතාගෙන ඉන්නේ ඔක්තෝබර් වලට කලින් වත් පටන් ගන්න..
    ඒකට දැන්ම ඉදන් ලෑස්ති වෙන්න ඕන..
    ඒකයි මුල ඉදලම විස්තර ඇහුවේ..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා

    ලගදි ස්ලැබ් දාපු අය කියන්නකෝ ස්ලැබ් එකක් දාද්දි යන වියදම් වර්ග මොනද කියලා? (උදා: 10මිමි කම්බි, සිමෙන්ති, වැලි, මෙටල්, කන්ඩියුඩ් බට.... )

    මේ දවස් වල යන ගන්නුත් දන්නව නම් කියන්න. වර්ග අඩි 1300 ක ස්ලැබ් එකක් තියෙන්නෙ දාන්න.

    විශේශ උපදෙස් එහෙමත් කියන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පළවෙනි කෑල්ල

    මචෝ.. ලක්ෂ 95ක් තමයි ගෙට වෙන් කරලා තියෙන්නේ..
    ඒකෙන් තමයි හැමදේම කරන්න බලාපොරොත්තු වෙන්නේ..
    එහෙනම් උපදෙස් දෙන්න පටන් ගමුද?
    ගෙවල් සම්බන්ධයෙන් අල්ට්‍රා බිගිනින් ලෙවල් එකේ ඉන්නේ
    ප්ලෑනින්ග් තමා වැදගත්ම.

    1.කාලය පිළිබඳව
    2. මුදල් පිළිබඳව
    මේ කාරණා දෙක එකිනෙකට සම්බන්ධයි

    මුදල් ලැබෙන්නෙ ලෝන් එකකින්නම් බෑන්ක් ඩිපොසිට් එකකින් කරනවාට ගොඩක් හොඳ මැනේජ්මන්ට් එකකින් ටාගට් ඩේට්ස් හදාගන්න වෙනවා. මොකද කිව්වොත් අනවශ්‍ය ලෙස පරක්කු වෙන්න ගියොත් වැඩිවෙන වියදම් එක්ක ආයේ ලෝන් එකක්වත් දාගන්න බැරිව හිරවෙන්න පුලුවන් නිසා.

    කාලය
    1. ආකිටෙක් කෙනෙක් හරහා ගොඩනැගිලි අනුමැතිය සඳහා සැලසුම් අඳින්න යන කාලය
    2. ගොඩනැගිලි අනුමැතිය සඳහා යන කාලය
    3.ආකිටෙක් විසින් සියලු විස්තරාත්මක සැලසුම් ඇඳීමට යන කාලය
    4.ව්‍යූහාත්මක ඉංජිනේරු විසින් සියලු ව්‍යූහාත්මක සැලසුම් පිළියෙලකර භාරදීමට යන කාලය
    5.ඉලෙක්ට්‍රිකල් සහතිකපත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමාධාරියෙකු විසින් සැලසුම් කටයුතු කිරීමට ගතවන කාලය
    6. BOQ එක කරවාගැනීමට යන කාලය

    ඔය උඩින් ලියපු ඒ ඒ කාර්යයන් අවම කාලයකදි (කඩිමුඩියේ නෙවෙයි )නිවැරදිව කරගත්තොත් ඉදිකිරීම් ආරම්භය ෆුල් ස්ට්‍රෙන්ග්ත් එකෙන් පටන් ගැත්තැකි.

    එන එන විදියට වැඩකරන එක නම් අනුමත කරන්නේ නෑ

    ෆීල්ඩ් එකේ ඉන්නවා නොයෙකුත් සුදුසුකම් සහිත වෘත්තියවේදීන් සැලසුම් නිර්මාණයට..
    1. ආකිටෙක් ඉංජිනියර්ස් ඔක්කොමලා ඉන්න කන්සල්ටන්සි ෆර්ම්ස්
    2. ආකිටෙක් හෝ ඉංජිනියර්ස්ලා තනි තනිව කරගෙන යනු ලබන කන්සල්ටන්සි ෆර්ම්ස්
    3. එක්ස්පීරියන්ස් මත හෝ සැලසුම් නිර්මාණ ශිල්පී (ඩ්‍රාෆ්මන්) ලෙස ඉගෙනගත් දේ ඇසුරින් සැලසුම් නිර්මාණය කරන අය
    4.එන්ඩීටී, ටීටීඅයි ආදී වූ පාඨමාලා හැදෑරූ අය සිදු කරන සැලසුම්

    මම යෝජනා කරනව කෝටියකට ආසන්න ඔයාගෙ ගෙදර ඉහත ලිස්ට් එකේ පළමු වර්ග දෙකේ ආයතන/පුද්ගලයින් හරහා කරගන්න කියලා.
    එයාලා කරපු වැඩයි එයාලගේ අයකිරීමයි බලලා එයාලා එක්ක කතා කරලා විස්තර ගෙදර අරන් ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය හඳුනාගත් හොඳම කෙනා තෝරාගෙන එයාත් එක්ක ප්ලෑනින්ග් කරගන්න.

    මේ වෙනකොට ඔයගේ ඉඩමේ ඔප්පු,බ්ලොක් ප්ලෑන්,වැට මායිම් සම්පූර්ණ කරගෙන කැලෑ කැපීම් එහෙම කරගෙන තියෙන්න ඕනේ.

    මහන්සි බන්.. පස්සෙ ලියන්නම් ඉතුරුවා. සින්හල කොටන එක අමාරුයි
     
    පට්ටම ස්තුතියි මචං..
    කියන්න වචන නැහැ..
    රෙකමන්ඩ් කරන්න පුළුවන් කවුරුහරි කම්පනි එකක් තියෙද?
    ලයිට් වතුර එහෙම ගන්න ඕන කොයි කාලෙද?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    පට්ටම ස්තුතියි මචං..
    කියන්න වචන නැහැ..
    රෙකමන්ඩ් කරන්න පුළුවන් කවුරුහරි කම්පනි එකක් තියෙද?
    ලයිට් වතුර එහෙම ගන්න ඕන කොයි කාලෙද?

    ලයිට් වතුර ගෙදර හදන්න පටන් ගන්න කොට ඔන වෙනව මොකද බාස් ල ඉන්නෙ Site 1k නෙ.

    Hut 1k Gahala
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කපරාරුව කරගන්න ඉලෙක්ට්‍රිෂන් අල්ලගන්න බැහැ කියපන්කො ඉතින් මටත්. උට බාලගිරි දෝසෙ . පිට බිත්ති ටිකවත් පටන් ගන්න ඕන.
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ඉලෙක්ට්‍රිෂන් lage chargers kohomada
    plug point ekakata ganak da getama ganak da kiyanne
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    methana me kitchen top ekata dala thiyenne simenthida? nathnam ara titanium karanawa kiyna ekada? simenthi walata aggrigate ekak dala me wage finish ekak ganna puluwanda? Tile hari wena monahari danawata wada laba da? clean karanna ehema amaru nadda danna kenek inawanan poddak pahadili karapanko karana krame?
    18527981_1684046234958318_168601446990038240_n.jpg
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    eco bricks walin gewal hadapu aya nadda me thread eke?
    අපේ ගෙයක් හෙදුවා බන් දැන් අවු12කට කලින්. ඒ දවස් වල අලුත් නිසා වැඩේ නෑවා බාස්. බාසෙක් ගන්නකොට අඩුම ගානේ ඒ බාස් කලින් කරපු ගෙවල් 6-7ක් වත් බලල ඉන්න. නිකන් උන්ට නම් දෙන්න එපා. අපි කපරාරුව ඉතිරි කරගන්න කියලා ඔය ගලෙන් බැඳා අන්තිමට කැත මකන්න කපරාරුවටත් වඩා ගියා.

    මම නම් කැමති නෑ මචන් ඔය සිස්ටම් එකට. මම දකින අවාසි කියන්නම්
    1. බට එලන්න ගියාම හෙන කට්ටක් කන්න ඕනේ. වෙනම ගල් තියෙනව බට එලන්න පුලුවන්.
    2. ලස්සනට ගල් ටික බැඳෙ නැත්නම් හෙන කැතට පේනවා
    3. ටික කාලයක් ගියාම දූවිලි ගැලවිලා යනවා. උඩින් වානිශ් එකක් ගෑවම බිත්ති දිලිසෙන්න ගන්නවා
    4. වියදමේ මහ අඩුවක් නෑ (අපි ගලක් ගත්තෙ රු.45, 2005දි )9x4.5x9
    5. බිත්ති මහ ලස්සනක් නෑ මටනම්. මම කැමති ක්ලීන්, බිත්ති වලට. සමහරු නම් කැමති ගල් පේනවට.