Aye maru danna ba ban. Normal ewata wada branded ewa hondaine
Redimix neme bass la anala danne
Umba kiyapu widiyata condute dannan
ඔව් ඇයි දන්නවද මම එහෙම කිව්වේ, අපේ හෙඩ් බාසාගේ එලෙක්ට්රිශන්ව මම ගත්තේ නැති නිසා මිනිහා ටිකක් අමනාපෙන් හිටියේ මගෙත් එක්ක. ඔය බට එලද්දි මිනිහාත් උඩට ඇවිත් බැලුවා. මුල් ටිකේවත් කිව්වේ නෑ බට කම්බි දැලට යටින් දාන්න එපා, උඩින් දාන්න කියලා. මම එදා දවසේ වැඩ ඉවර උනහම නිකමට ෆොටෝ එකක් ශමින්දට ඇරියහම මිනිහා තමා මට බැනලා කිව්වේ බට ඔහොම දාන්න එපා එතකොට ෂටරින් එක සහ බටේ අතරේ පරතරය බොහොම පොඩ්ඩයි සිමෙන්ති එහෙම ගිහින් සෙට් වෙන්න. එහෙම මදි උනහම 50% චාන්ස් එකක් තියෙනවා කිව්වා පසු කාලීනව කොන්ක්‍රීට් එක පුපුරන්න හීට් එක නිසා. ඒ නිසා කම්බි දැලට උඩින් බට තියලා බදින එක තමා සිරිත, ඇයි මූ එහෙම කලේ නැත්තේ කියලා. එතකොට ඉතින් දවසේ කුලියත් බේරලා වැඩ ඉවර වෙලා තිබ්බේ. ගොඩක් ඉලෙක්ට්‍රිශන්ලා එයාලාගේ පහසුවට තමා කිව්වා ඔය යටින් දාන්නේ. නමුත් 90%ක්ම ඉන්ඩස්ට්‍රි එකේ කරන්නේ බට ටික කම්බි දැලට උඩින් දාන එකයි.
උබ වැඩේ හරියට කරගනින් උඩින් බට දාලා. මතක ඇතුව රෙජිෆෝම් කෑලි ගහලා හොදට සෙලෝටේප් වලින් බදින්න රෙජිෆෝම් එක ජන්ක්ශන් බොක්ස් එකට. නැත්නම් ස්ලැබ් කඩන්න වෙයි ඒවා හොයන්න. ඔක්කොම බට එලලා ඉවර උනහම ෆොටෝ ගහලා තියාගන්න බට මැප් එක. ඔයාටම පසු කාලීනව ගෙදර වැඩ වලට උවමනා වෙයි.
අනික වයරින් එක සෙක්ශන් වයිස් කරගන්න. උදා: සාලේට ලයිට් පොයින්ට් 4යි නම් ඒකට එක MCB එකක්. වෝල් ලෑම්ප්ස් වලට තව MCB එකක්, ප්ලග් වලට වෙනම වගේ. එතකොට ඔයාට එලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එකක් ලස්සනට හදාගන්න පුලුවන් මොන ට්‍රිප් එක මොකට පාවිච්චි වෙන එකක්ද කියලා. මමත් අපේ එකාට කිව්වා එහෙම කරන්න කියලා. වයර් ඇදලා තියෙන්නේ ට්‍රිප් දැම්මේ නෑත්වම.
Last edited:

